කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ප්‍රහාර විමර්ශනයේ බරපතල සැක සහිත තැන් පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්වහන්සේ ඇතුළු කතෝලික සභාවේ වගකිවයුතු ඉහළ නිලයන් ජනපතිවරයා වෙත යැවූ ලිපියට ගෞවණීය පිළිතුරක් ලබා නොදීමට එරෙහිවත්, කොවිඩ් වසංගතය සේම පරාජය කළ යුතු ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අසංවේදී රාජ්‍ය පාලන ක්‍රමයට එරෙහි විරෝධය දැක්වීම සඳහාත් අගරදගුරු පදවිය විසින් ප්‍රකාශ කළ කළු කොඩි දිනය අද ( 21 )ය.
මෙම කළුකොඩි දිනයට ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ටම එක් වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පසුගිය 13 දා මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
අද සියලුම කතෝලික නිවෙස්වල පාහේ කළු කොඩි ඔසවා තිබුණ අයුරුත් ඊයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පෙර සමහර ස්ථානවල කළු කොඩි නගා තිබූ අයුරුත් දක්නට හැකි විය. සෑම කතෝලික දේවස්ථානයක් ඉදිරිපිටම හා දේවස්ථාන භූමිවල කළු කොඩි ඔසවා තිබිණි.බෝම්බ ප්‍රහාරය එල්ල වුණු 8.45ට සියලුම දේවස්ථානවල මලවුන් සිහි කරමින් සීනු නාද කළ බවත් දෙවස්ථාන තුළ පියතුමන්ලා පමණක් මළවුන් සිහි කරමින් හා පාස්කු ප්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉටු කරන ඉල්ලා සිටිමින් යාඥා මෙහෙයන් පැවැත්වූ බවත් වාර්තා විය.
අද දින වතිකානුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත්වීමට නියමිත බවත් අගරදගුරු නිවසින් ලැබෙන ආරංචි මාර්ග සනාථ කළේය.