සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති පුත්‍ර රත්නය සමඟ සියක් මහා සංඝරත්නය පළමු ජාත්‍යන්තර ගුවන් යානයෙන් කුසිනාරාවට

by Lanka Sara Editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුසිනාරාව වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය අද (20) අදට යෙදෙන පින්බර වප් පුන් පොහෝ දිනයේදී කොළඹින් පිටත් වීමට නියමිතය. ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අද දින කුසිනාරා නුවර (කුෂිනගර්) ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම වෙනුවෙනි.

බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ කුසිනාරා නුවරටඉතා සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

2020 සැප්තැම්බර් 26 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරන ලද්දේ කුසිනාරා නුවර ගුවන් තොටුපොළට ළඟාවන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගත් ගුවන් යානයක් වනු ඇති බවයි.

පළමු ගුවන් යානයෙන් කුසිනාරාව බලා පිටත් වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය හොබවන්නේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණික සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ විවිධ නිකායන්ට අයත් දිවයින පුරා ප්‍රධාන විහාරස්ථාන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් ද මෙම දූත පිරිසට අයත් වේ. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම දූත පිරිසට අයත් ය.

කුසිනාරාව ඉන්දියාවේ බෞද්ධ සංචාරක ස්ථානයන් අතර ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස සැ‍ලකෙන අතර නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට මාහැඟි දායකත්වයක් ලබා දෙනු ඇත.

කුසිනාරාව බලා පිටත් වන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ජනතාව අතර පවතින ගැඹුරු සබඳතා පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර පවතින සහශ්‍ර වර්ෂ ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය බැඳීම ද පිළිඹිබු කරයි.

මෙම ද්විපාර්ශවික සබඳතාවයේ සංස්කෘතික, ආධ්‍යාත්මික සහ භාෂාමය බැඳීම් හි කේන්ද්‍රය වන්නේ ද බුදු දහම යි.

ශ්‍රී ලංකා දුත පිරිස වරණාසි වෙත ද සංචාරය කරනු ඇත. අද (20) දින කාශි විශ්වනාත් කෝවිලේ දී දුත පිරිස වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වෙනු ඇත. හෙට (21)
වන දින පස්වරුවේ කොළඹ බලා පිටත් වීමට පෙර “ගංගා දර්ශනයක්” ද පවත්වනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව තවදුරටත් තීව්‍ර කරමින් වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ
කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ද වප් පුන් පොහෝ දින පිටත් වන පළමු ගුවන් යානයෙන් ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත. මෙම ධාතූන් වහන්සේලා එහි වර්තමාන භාරකරු වන රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමිපාණන් වහන්සේ විසින් මහත් හරසරින් යුතුව ඉන්දියාවට වැඩම කරනු ලබයි.

මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා කුසිනාරා නුවර නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී නිසි ගෞරවාදර පෙරදැරිව පිළිගෙන ඒ සඳහා ඉන්දීය රජයේ පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දෙනු ඇත.

කුෂිනගර් සහ සාරානාත් ඇතුළු ඉන්දීය නගර රැසක දී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනු ඇත.

19 වන සියවසේ අග භාගයේ දී ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීමක දී සොයා ගන්නා ලද පිප්‍රාහ්ව ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ වැඩ සිටින එවන් ලේඛනගත වාර්තාවක් සහිත එකම සර්වඥ ධාතූන් වහන්සේලා වේ. මෙම ධාතූන් වහන්සේලා කපිලවස්තු ධාතූන් වහන්සේලාගේ කොටසකි.

එම ධාතූන් වහන්සේලා අති පූජ්‍ය වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභුති නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කළ අතර මේ වන විට කළුතර වස්කඩුව විහාරයේ තැන්පත් කර ඇත. 2020 වෙසක් උත්සවය අන්තර්ජාලය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම විහාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් ක‍ළේය.

2015 ඔක්තෝබර් මාසයේ දී ද මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කරවන ලදී. සය වරක් පමණක් ඉන්දියාවෙන් පිටතට වැඩමවා තිබෙන අති පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේලා 1978 සහ 2012 යන වර්ෂයන්හිදි ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී.

කුසිනාරාව වෙත ළඟා වන පළමු ගුවන් යානය සහ පැවැත්වීමට නියමිත ධාතු ප්‍රදර්ශන
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා‍වේ ජනතාව විසින් බෙදා හදා ගන්නා සමානතා සඳහා මාහැඟි සාක්ෂ්‍යක් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆයිසර්වලින් තුන්වන මාත්‍රාවකට සූදානම්… මාත්‍රා මිලියන 14ක් බෙල්ජියමෙන් ඇනවුම් කරයි!

Next Post

පුංචි එකා ඉස්කෝලෙට යවන්නට පෙර මේ ටික කියවන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.