ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් කිරීමෙන් පසු තිස් පස් හැවිරිදි දෙදරු මව මිය යෑමේ සිද්ධිය සැලවූ වහාම අක්ෂි සැත්කම් සිදුකර ගැනීම සඳහා රෝහල් වාට්ටුවට අතුළත් කර සිටි රෝගීන් බොහෝමයක් සිය කැමැත්තෙන්ම රෝහලෙන් පිට ගොස් ඇතැයි ද එය බරපතල පතල තත්ත්වයක් යැයිද රෝහල් ප්රකාශයෙක් පැවසුවේය .
සැත්කම සිදුකර ගැනීමට වසර කීපයක් පුරා පොරොත්තු ලේඛණයේ රැඳී සිට සැත්කම සිදුකර ගැනීමට වාට්ටුවට ඇතුළත් වූ රෝගීන් ඇති වූ බිය හේතුවෙන් සැත්කම නොකරම මෙසේ රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.
කෙසේ නමුත් මෙම රෝගීන් වෙනත් වෛද්‍ය ක්‍රම ඔස්සේ යාමට පටන් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එසේ වුවහොත් එය බරපතල තත්ත්වයක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර මෙම සැත්කම වෙනුවෙන් මුල සිටම සම්බන්ධ වූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සැලකිය යුතු පිරිසක්ද ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන් රාජකාරී සදහා වාර්තා කර නොමැති බවද පැවසේ . අක්ෂි රෝහලේ සැත්කම් අතර සිදුවන මරණ අතිශයින්ම විරලය.







