ශ්‍රියානි විජේසිංහ –
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වනු ලැබූ ඇසට දමන Prednisolone දියරය තත්ත්ව පරික්ෂාවන්ට ලක් කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදන හා නියාමන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේය.
මෙම දියරය සුදුසු නොවන බව ට පරික්ෂණයන්ගෙන් තහවුරු වුවහොත් භාවිතයෙන් මුළුමනින්ම ඉවත් කරන බවත් පරික්ෂණය නිමවන තෙක් මේ පිලිබද නිවැරදි ප්‍රකාශයක් කිරිමට නොහැකි බවත් හෙතෙම පැවසුවේය.
මෙම දියරය භාවිත කිරිම හේතුවෙන් අක්ෂි සැත්කම්වලට භාජනය කළ රෝගීන් කීපදෙනෙකුට ඇතිව තිබෙන සංකූලතාවන් හේතුවෙන් මෙම දියරය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළේය.
මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා ඇතැයි වාර්තා වේ.