අංගොඩ ලොක්කා මියගොස් ඇත්තේ විෂක් නිසා නොවේ

ඉන්දීය රහස් පොලීසිය කියයි

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලාගොස් සිටියදී මියගිය මෙරට පාතාල නායක මදුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා කොයිම්බතූර්හිදී මියයාමට හේතුව හෘදයාබාධයක් බවත් වෙනත් හේතුවක් නොවන බවත් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීබී-සීඅයිඩී) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය වාර්තා අනාවරණය කරයි.

අංගොඩ ලොක්කාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ රසායනික පරීක්ෂණය සහ පටක හා සෛල වාර්තා පදනම් කරගනිමින් හෙතෙම මේ බව පවසා ඇත.

සී.බී.අයි.ඩී පොලිස් ස්ථානාධිපති අවධාරණය කර ඇත්තේ “එම වාර්තාවල විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි විය” යනුවෙනි.


කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක අංගොඩ ලොක්කා ජීවත් වූ බව කියැවේ.

අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාව ඔහු සමග විසූ කාන්තාවයි.

මූලික ප්‍රකාශයට අනුව ජූලි 3 වන දින රාත්‍රියේ අංගොඩ ලොක්කාට පපුවේ වේදනාවක් ඇති වූ අතර අමානි විසින් ඔහු පෞද්ගලික රෝහලක අසල්වැසියන් දෙදෙනෙකුගේ උපකාරයෙන් රැගෙන ගොස් ඇත.

එහිදී වෛද්‍යවරුන් විසින් ඔහු මියගිය බව ප්‍රකාශ කර ඇත.

පසුව දේහය කොයිම්බතූර් ශික්ෂණ රෝහලට (සීඑම්එච්එච්) ගෙන යන ලදී.

අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි වසර දෙකක් පමණ ජීවත් වූයේ ප්‍රදීප් සිං යනුවෙන් හඳුන්වාගනිමිනි. ඔහු සතුව ප්‍රදීප් සිං නමින් ආධාර් කාඩ්පතක් තිබී ඇත.

ජුලි 5 වන දින සීඑම්එච්එච් හි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි වෙත ගෙන ගොස් එහි ආදාහනය කර ඇත.

කොයිම්බතූර් නගර පොලිසිය පසුව සොයාගත්තේ ආධාර් කාඩ් පත ව්‍යාජ ලියකියවිලි භාවිතයෙන් ලබා ගත් බවයි. අමානි තාන්ජි හා ව්‍යාජ ලියකියවිලි සකසා අංගොඩ ලොක්කා රෝහලට රැගෙන යාමට ද සහය දුන් දෙදෙනා අගෝස්තු 2 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සීබී-සීඅයිඩී පසුව මෙම විමර්ශනය භාරගෙන වෙනම නඩු කටයුතු දෙකක් ලියාපදිංචි කළේය.

එකක් අංගොඩ ලොක්කාගේ මරණය හා අනෙක් තිදෙනාට එරෙහිව ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම, වැරදිකරුට රැකවරණය සැපයීම, අපරාධ කුමන්ත්‍රණය කිරීම සහ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ආදිය පිළිබඳවයි.

අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත කරුණු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සීබී-සීඅයිඩී දෙවන නඩුව කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ශංකර් මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සීබී-සීඅයිඩී පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ අංගොඩ ලොක්කා සතුව පිස්තෝලයක් තිබී ඇති අතර ඔහුගේ මරණයෙන් පසු එය මදුරෙයිහි ශ්‍රී ලාංකික ජාතිකයෙකුට භාර දී තිබෙන බවයි. එම ශ්‍රී ලාංකිකයා සොයා ගැනීමට ඉන්දීය පොලීසිය කටයුතු කරමින් සිටි.

Exit mobile version