සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

75 වසරක් ඉතිහාසයට යන්න එපා… පහුගිය සති දෙකේ මේ කැත දේශපාලනය හැසිරුණ හැටි බලන්න… මව්බිම මුහුණ දී ඇති ඛේදවාචකය තේරුම් ගත හැකියි.. අනුර කුමාර දිසානායක!

by editor
අගෝස්තු 5, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

75 වසරක ඉතිහාසය පසෙක තබා පසුගිය දෙසතියක කාලසිමාව තුළ සිදුවූ සිදුවීම් පිළිකුල් සහගත සිදුවීම් විමසීමෙන් පමණක් මාතෘ භූමිය මුහුණ දී ඇති ඛේදවාචකයේ තරම තේරුම් ගැනීමට හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

කප්පම් සිද්ධියකට  වරදකරු කර මහාධිකරණයෙන් ප්‍රසන්න රණතුංගගේ  ඇඟ බඳිනවිටත්, මහින්දානන්ද අලුත්ගමගේට මූල්‍ය අපරාධ සම්බන්ධව චෝදනා එල්ලවන විටත්, ලොහාන් රත්වත්තේ බන්ධනාගාරවලට පැන නිරායුධ සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කරනවිටත් රනිල් වික්‍රමසිංහ අගමැති වරයා බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක කීවේ මහින්දානන්දලා ප්‍රසන්නලා ලොහාන්ලා      අද දූෂණයෙන් තොර පාලනයක් සහ  සංවර්ධිත රටක් රනිල් සමග හදන්නට ඔහුට එක් වී සිටින බවය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැති බව කී මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදියද්දී  මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය පොත් ලියා හෙළිදරව් කළ බව  කියන බන්දුල ගුණවර්ධනත් ඉන්නේ ඔහුම හෙළිදරව් කළ හොරා සමග බවත් අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.

ස.ජ.බ. ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එළියේ ඉද්දී පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ස.ජ.බ තුළ සිටින ආකාරය ඔහු පෙන්වා දුන්නේය. “එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චී කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ මොන තරම් කැත දේශපාලනයක් ද?  මේ දේශපාලනය ලැජ්ජා නැද්ද? “

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය අද (05) මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් මේ රටෙන් ඇසුවේය.

අනුර කුමාර දිසානායක පැවසුවේ  මෙවැන්නකි.


වේදිකාවේ ඉන්න සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක්.

සාමාන්‍යයෙන් හමුදා බැටෑලියන් එකක 600ක් 700ක් විතර පිරිසක් ඉන්නවා. එහෙම බැලුවොත් මෙතන බැටෑලියන් 30ක 40ක විතර පිරිසක් එකතු වී සිටිනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්‍රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා. මේක සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේදී වැඩිකරන සමුළුවක්.

මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.

පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු 75ක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්.

මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද? ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම, මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම, පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා.

අනික් පැත්තෙන් ස.ජ.බ. ගොඩනඟන විට සභාපති ලෙස තෝරා ගත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ, පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුලේ. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක්ද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මහින්ද රාජපක්ෂට අප්පච්චී කියූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියනවා. මේ දේශපාලනය ලැජ්ජා නැද්ද? රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධනත් ඒ කියූ හොරාගේ තැන ඉන්නේ.

මේක කැත නැද්ද? මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතුයි. පුරවැසියන් ගැන, මාතෘ භූමිය ගැන වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි. අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැපකරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී, දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා.

චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කළා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රයක් දියත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කර ඉල්ලා අස්කර ගත්තා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කළා.

මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා, පොලිස්පති ලෙස පත් කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර, රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්න කියලයි. චූදිතයෙකුත්, අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කර, නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේද? තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම්, පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා.

පොලීසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕනෑද? එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ. පොලීසියට ඕනෑ වැඩකරන්න නම්, ඊළඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කළ හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහට ඕනෑ වැඩකර ගන්න නම්, දේශබන්දු තෙන්නකෝන්ම ඕනෑ. මහ දවල් අධිකරණයත් එක්ක ජනාධිපති ගැටෙනවා නම්, මහ දවල් ජනාධිපති නීතිය කඩනවා නම්, ඔබගේ වෘත්තියෙන් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ ප්‍රතිඵලයක් තිබෙනවාද? එහෙම නම් නිීතියේ විධානය, ආධිපත්‍යය සුරක්ෂිත කරන රටක් නිර්මාණය කරන්න බාධා කරන පාලක කණ්ඩායම් පලවා හැරිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට අත්හැරිය නොහැකි අයිතියක් සහ යුතුකමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.

ඔබ අපේ මව්බිම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ආරක්ෂා කරන්න කොපමණ කැපකිරීම් කළත් ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක එය කළ නොහැකියි. අපේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අයවැය හදන්නේ ආණ්ඩු කියලා අපි හිතනවා. අපේ රටේ බදු තීරණය කරන්නේ, අයවැය ලේඛනය හදන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ආර්ථිකය කඩා වැටුණු රටක ස්වාධිපත්‍යය, ස්වෛරීභාවය යනු හුදු මිරිඟුවක් විතරයි. අදානි සමාගමට මන්නාරම් ද්‍රෝණියේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවස්ථාව දී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.22 බැගින් මෙගාවොට් 450ක උත්පාදනයට අවස්ථාව ලබාදී තිබෙනවා. ලංකාවේ දේශීය සමාගමක් මන්නාරම් ද්‍රෝණියේ විදුලි ඒකකයක් ලබාදෙන්නේ ඩොලර් ශත 4.8කට. අදානි සමාගම විසින්ම, ඉන්දියාවේ සුළං බල විදුලිය ලබාදෙන්නේ ඩොලර් ශත 3.5කටයි.

කොළඹ වරාය ආසන්නයෙන් වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝකයේ 24වන තැන කොළඹ වරායට හිමිවී තිබෙන අතර, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරායට හිමිවී තිබෙන්නේ 34වන තැනයි. ඒ වරායේ එක ජැටියක් චීනයට දුන්නාම ඊළඟ ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවා. නොරොච්චෝලයේ බලාගාරය, හම්බන්තොට වරාය, රේල් පාරවල් ඉදිකිරීම වගේ ව්‍යාපෘතිවලදී ඉන්දියාවත්, චීනයත් අතර තරගයකට ගොදුරු කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජාතික ආරක්ෂාවත් ස්වාධිපත්‍යයත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙළක් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මක කරනවා.
අපට වඩා කුඩා සිංගප්පූරුව රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගෙන තිබෙන්නේ ආර්ථික වශයෙන් බලවත් නිසයි. ඒ තත්වයට රට පරිවර්තනය කිරීමේ මූලික වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා.
දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට කරුණු කීවා. නමුත් ඔවුන් නිර්මාණය කළ ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්‍රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා. 1948 වතු ජනතාවගේ පුරවැසිභාවය අහිමි කළා. 1956 භාෂා ප්‍රශ්නයක් පටලවා ගැනීම, 1958 ‘ශ්‍රී’ අකුරේ කළු තෙල් ගෑම, 1965 ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාලි යාම, 1972 දෙමළ එක්සත් පෙරමුණ බිහිකරගෙන 1976 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්කරගෙන වඩුක්කොඩෙයි සම්මේලනයේදී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම දක්වා යෝජනා සම්මත කර ගත්තා. 1977 මැතිවරණයේදී ඒ යෝජනාවට ජන වරමක් ලබාගැනීම සඳහා සූර්යයා ලකුණට ඡන්දය ඉල්ලා සිටියා.

ජේ.ආර්. ජයවර්ධනගේ බල වියරුව තුළ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලයේදී යාපනය පුස්තකාලය ගිනි තබා ඒ ජනතාවගේ අයිතිය කොල්ලකෑවා. යාපනයේ ජනතාවගේ අධ්‍යාත්මික බැඳීමක් තිබුණු පුස්තකාලය ගිනි තැබීමෙන් ඒ හදවත් පුපුරා යන්නේ නැද්ද? 1983 කළු ජූලිය නිර්මාණය කළා. 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම්, උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ 5/6ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්‍රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට ඉඩකඩ නිර්මාණය කර 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සලසා දුන්නා.

1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා. 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය. 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීමයි. ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන් නිසයි. 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය නිසයි. ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කර, දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට, මහින්දලාට යුද්ධ නැතිව පාළුයි. නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා. ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!



යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම වෙනුවෙන් එතෙක් පැවැති බඳවා ගැනීමේ අවම සුදුසුකම, විශාල වශයෙන් පහත හෙලුවා. එතනින් නතර නොවී මහා බ්‍රිතාන්‍යයේ පාඨමාලා සඳහා මහජන ධනය රුපියල් එක්කෝටි 80 ලක්ෂයක් වැය කළා. ඊට පස්සේ යුක්රේනයේ පාඨමාලාවකට යවා රුපියල් 36 ලක්ෂයකට ආසන්න මුදලක් මහජන ධනයෙන් වැය කළා. ඊට පසුව ජනාධිපති ආරක්ෂක සේවාවට අනුයුක්ත කර, වාර 27ක් විදේශගත වීමට අවස්ථාව ලබාදී තිබුණා.

මේ රටේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දරුවන් යුද්ධයේ වින්දිතයන් වන විට ඔවුන්ගේ දරුවන් යුද්ධයේ ප්‍රතිලාභීන් බවට පත් වුණා. උතුරේත් අපේත් සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවන් සම්බන්ධයෙන් ඒ අම්මලා තාත්තලා තවමත් වේදනාවෙන් ඉකිබිඳිනවා. යළි යුද්ධයක් ඇතිකර නොගන්නා රටක් අපි ගොඩනැගිය යුතු වෙනවා. හමුදාවල සේවයට එක්වී විනය සහ දැනුම වර්ධනය කර ගෙන, වෙනත් රැකියාවලට වඩා කලින් විශ්‍රාම යාමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රම සම්පත අපතේ යැමට ඉඩ නොදී විශේෂයෙන්ම පෞද්ගලික ආරක්ෂක සේවා සඳහා ගෞරවාන්විතව යෙදවීමට සැලසුම් සකස් කරනවා. ආරක්ෂක හමුදාවල බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් නියමිත ස්වාධීන ක්‍රියාපටිපාටියකට අනුව සිදුකිරීමේ ප්‍රස්ථා අපි නිර්මාණය කර දෙනවා.
සතුරා මේ වන විට ඔවුන්ගේ ප්‍රචාරක සැලසුම් මුළුමනින්ම සකස් කර තිබෙන්නේ අප පිළිබඳව ජනතාව තුළ බියක් ඇති කරන්නයි. සමෘද්ධිලාභීන් හමුවීමට යන ඔවුන් ජාතික ජන බලවේගය යටතේ සහනාධාර කපා හරින බවට බියක් ඇති කරනවා. රැකබලා ගත යුතු ජනතාව රැකබලා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරයක්.

මේ වන විට විදේශ ආයෝජනයන්ට නිසි පරිදි ගලා ඒමට ඉඩ නොදෙන ජනතාවගේ සතුරන් පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් විවිධ අවලාද අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. සියල්ලන්ට ඉහළින් බව කියන මාධ්‍යය සජිත්ගේ පිටුපසින් සිට ගෙනයන ප්‍රචාරයන් ගැන අප දන්නවා. සියලු කළු ධනය අපට එරෙහිව මේ ඡන්දයට යොදවනවා. සියලුම අනීතික ක්‍රියාවන් ඉහළින්ම යොදා ගැනීමට උත්සාහ කරන ඡන්දය මේක. ඒ ඕනෑම දෙයකට ඉහළින්ම මුහුණ දිය හැකි මහා ජන බලකායක් අප වටා එකතු වී සිටිනවා.

සතුරා ඉදිරියේ පලා නොගිය, සතුරා ඉදිරියේ දණින් නොවැටුණු, දුෂ්කරතා නොතකා ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ගිය ඔබගේ ධෛර්යය හෝ විශ්වාසය කුඩා සෙප්පඩ විජ්ජාවලින් බිඳ වට්ටන්න බැහැ. රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා පොම්ප කරන්නේ කළු ධනය, මාධ්‍ය බලය නම්, ඒ සියල්ල අභිබවා යා හැකි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සාමූහිකය ජාතික ජන බලවේගය වටා පෙළගැසී සිටිනවා. තමන්ට ලැබෙන කුඩා සොච්චම් විශ්‍රාම වැටුප යොදවමින් ඈත ප්‍රදේශවල සිට මේ පැමිණ සිටින්නේ නිශ්චිත එක් අරමුණක් වෙනුවෙන්. කිසිදු කෝප ගැනීමකට හසු නොවී, උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන්, උපරිම සාමකාමිත්වයෙන්, කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට හසු නොවී, වගකීමකින් යුතුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට කැපවීම අවශ්‍යයි.

මෙතනට පැමිණ සිටින හැමදෙනාම ගමට ගොස් නඟන හඬ, පච රූපවාහිනී නාලිකාවලට යට කරන්න බැහැ. මේ එකතු වී ඉන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම විශ්වාසයෙන් කැපවීමෙන් ක්‍රියාකරන කණ්ඩායමයි. ආහාර වේලක් නැති, වහල වහගන්න තහඩුවක් නැති, සිමෙන්ති කොට්ටයක් නැති ගමේ ඉන්න අහිංසකම ජනතාව සතුරාගේ කුමන්ත්‍රණ මගින් යළි යළිත් රැවටීමට භාජනය කළ හැකියි. ඔවුන් ඒ රැවටීමෙන් මුදා ගැනීමේ කාර්යභාරය අධිෂ්ඨානශීලීව, ශක්තිමත්ව ඔබ ඉටුකරන්න.

ඔබ හමුදාවලදී ඉටුකළේ යුද්ධයේ කාර්යභාරයක්. දැන් ඉතිරිව තිබෙන්නේ ඡන්දයේ කාර්යභාරය ඉටුකරන්නයි. එය ඉතා හොඳින් ඉටුකළ හැකි බව ඒකාන්තයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොරකමකට කියා අහිංසකයෙක් අත් අඩංගුවට අරන් කෙලින් ඉන්න බැරිවෙනකම් ගහලා… පස්සේ සොරි වැරදිමක් කියලා ගෙදර එවලා… ගුටි කෑ තරුණයා හම්බන්තොට රෝහලේ… තිස්සමහාරාම පොලිසියේ පොලිස් වික්‍රමයක්!

Next Post

පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීම 07 වැනිදා නෙළුම් මාවත කාර්යාලයේ දී!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.