බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

20ට ජනමත විචාරණයක් ඕනම  කියන්නේ ඇයි?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පැහැදිළි කරයි

by editor
සැප්තැම්බර් 25, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • මේ 19 වැනි සංශෝධනය ගෙනා ආකාරය  සම්පූර්ණනේ නීති විරෝධීයි. එය රැගෙන ආවේ 2002 පූර්ණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් නඩු තීන්දුව මුලුමනින් උල්ලංඝණය කරලා…

  • ඒ අනුව 19න් ගෙනා කිසිම දෙයක් නීත්‍යානුකූල නෑ….

  • නීත්‍යානුකූල නොවන  19 ඕන ද එපා ද කියලා ජනමත විචාරණයක් තියලා එය ඉවත් කරන්න පුලුවන්. එතකොට 20 ගේන්න අවශ්‍ය නෑ….

  • 20 ගේන්න යන්නෙත් ඒ නෛතික පදනම උල්ලංඝණය කරලා… එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් පමණක් නොවෙයි… ජනමත විචාරණයකිනුත් සම්මත විය යුතුයි..

 

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 20 වැනි සංශෝධන කෙටුම්පත මඟින් මහමැතිවරණයකින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි කාල සීමාව පිළිබඳව සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංශෝධන පවතින බැවින් අනිවාර්යයෙන්ම මෙම සංශෝධනය බලාත්මක වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව නීතීඥ අරුණ උණවටුන මහතා පෙන්වා දෙයි.ඔහු මේ සම්බන්ධයෙන් ලංකාසර සමඟ කළ සංවාදය සැකෙවින් මෙසේ පළ වෙයි.

ප්‍රශ්නය – විසි වැනි සංශෝධනය බලාත්මක වීමට නම් පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකේ බහුතරයට අමතර ව ජනමත විචාරණයක් අවශ්‍ය බව ඔබ කියන්නේ ඇයි?

පිළිතුර – මෙයට මූලික වශයෙන් පාදක වන්නේ 2002 වසරේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් සම්බන්ධ කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ගිය අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් සාමාජික පූර්ණ විනිශ්චය මණ්ඩලයකින් ලැබුණු තීරණයක්. ඒ තීරණයේ දී කියවුණු දෙයක් තමයි,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුවන සංශෝධනයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සමඟ ජනමත විචාරණයක් ද අවශ්‍ය බව  තීරණය කිරීම.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

ප්‍රශ්නය- මොනවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්තාවේ සඳහන් වෙන්නේ ?

පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 යටතේ සඳහන් වන්නේ ව්‍යවස්ථාදායකයේ එනම් පාර්ලිමේන්තුවේ සභා වාර සම්බන්ධයෙනුයි. එහි මූලිකව සඳහන් වන කරුණ තමයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මඟින් සභාව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම,සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති බලය සම්බන්ධයෙන් සඳහන් වනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට නොඅඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ඉල්ලීමක් කළොත් මිස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ලැබෙන කාලය මහමැතිවරණයකින් පසුව පළමු   පාර්ලිමේන්තුව පැවත්වීමට නියම කර ගත් දින සිට ගණනය වෙනවා.  මෙය 19 වැනි සංශෝධනයට පෙර තිබුණේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් දිනයේ සිට වසරක කාලයකින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හළ හැකි බවයි. 19 වැනි සංශෝධනයෙන් එය වසර හතර හමාරක් බවට පත් වූ  ව ඔබ කවුරුත් දන්නවා.

ප්‍රශ්නය –  2002 වසරේදී 70 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආ සංශෝධනය කුමක්ද?

පිළිතුර – ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ව්‍යවස්ථානුකූලව අවසරය ලැබෙන කාලය පිළිබඳව 2002 වසරේ සංශෝධන කෙටුම්පතක් ආවා.  2002 වසරේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ කාලයේ ගෙනාවා 19 වැනි සංශෝධනය කියල සශෝධනයක්. එයින් අරමුණු කළේ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව පළමු වරට රැස් වූ දිනයේ සිට  ආණ්ඩුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා බලය තිබූ වසරක කාලය වසර තුනක් දක්වා දීර්ඝ කර ගැනීමයි. එය ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව උනන්දු වුණේ හදිසියේවත් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ආණ්ඩුව අවුරුද්දකින් විසුරුවා හරියි කියන බියට. මේ සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියාට පස්සේ එහි විනිසුරුවන් සත් දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් එකමතිකව තීරණය කළේ මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන කාලය වෙනස් කිරීමේ සංශෝධනනය සිදු කිරීමට නම් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය සමඟ ජනමත විචාරණයකුත් අවශ්‍ය බවයි. කොහොම නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පස්සේ ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නෑ.

ප්‍රශ්නය  – නමුත් 19 වැනි සංශෝධනයේදීත් මේ කියන 70 ව්‍යවස්ථාවට අදාළ සංශෝධනයක් සිදුවුණා. එනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරුවා හැරීමට බලය ලැබෙන කාලය පළමු පාර්ලිමේන්තු රැස්විමේ සිට වසර හතර හමාරක කාලයකට වෙනස් වුණා. එහිදීත් ජනමත විචාරණයකට ගියේ නෑනේ?

පිළිතුර – ඔව්. ඒක තමයි මමත් කියන්නේ. මේ 19 වැනි සංශෝධනය හරි විදිහට බැලුවාම සම්පූර්ණනේ නීති විරෝධීයි. මෙයටත් 70 ව්‍යවස්ථාවට අදාළ කරුණු අඩංගු නිසා එය අනිවාර්යයෙන්ම 2002 ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මණ්ඩලයේ තීරණයට අනුව කටයුතු කළ යුතුයි. එනම් ජනමත විචාරණයකට යායුතුයි. එහෙම වුණත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරිපත් කළ කේ ශ්‍රීපවන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල   ශ්‍රෙෂ්ඨාධිකරණ  තීරණය නොසලකා හැර හෝ ඒ පිළිබඳව නොදැනුවත් බවකින් යුතුව කටයුතු කළා කියල හිතෙනවා.

මෙය මෙය නීති විද්‍යාවේදී හඳුන්වන්නේ පර් ඉන්කූරියම් (Per Incurium)  ලෙසයි. පෙර නඩු තීන්දු නොදැන ඒ පිළිබඳ අවධානය යොමු නොකර ලබා දෙන තීන්දු සහ තීරණ එනයින්ම අවලංගු වෙන නීති සිද්ධාන්තය තමයි මේ පර් ඉන්කුරියම් කියල හඳුන්වන්නේ. යම් විනිශ්චයකාරවරයෙක් පවතින නීතිය සහ පෙර විනිශ්චයකාරකවරුන්ගේ පෙර තීරණ පිළිබඳ අවධානය යොමු නොකර ලබා දෙන දෝෂ සහගත තීරණ එසේ අවලංගු වෙනවා. නමුත් 2002 දී සත් දෙනකුගේ විනිසුරු මණ්ඩලයකින් තීරණය කරනවා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලයකින් තීන්දු කරපු එකක්. මේ තීන්දුව 2015දීවත් 2020 දීවත් නොසලකා හරින්න බෑ.

ප්‍රශ්නය – මේ තත්ත්වය යටතේ 19 බලාත්මක නෑ, එයින් අලුතින් බිහිවූ කොමිෂන් සභා, ව්‍යවස්ථාදායක සභාව නීත්‍යනුකූල නෑ කියල යමකු තර්කයක් ගෙනාවොත්?

පිළිතුර –  ඇත්තටම  19 සංශෝධනයත් එයින් ගෙනා ව්‍යූහයනුත් අහෝසි විය යුතුයි. එය නීත්‍යානුකූල නෑ. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බාගෙට උපද්දපු දරුවකුගේ තත්ත්වයට වැටිල තියෙන්නේ. මෙය තුනෙන් දෙකෙන් සම්මතයි. නමුත් ජන මත විචාරණයක් නෑ. ජනමත විචාරණයකින් පුළුවන් 19 ඕනද එපාද කියල එපා නම් අයින් කරන්න. රටට වැඩ කරන්න 19 ප්‍රශ්නයක් නම් එ අනුව පුළුවන් 19 සංශෝධනය ඉවත් කරන්න. එහෙම නම් 20 වැනි සංශෝධනයක් ගේන්න අවශ්‍යත් නෑනේ. යමකුට මාව පේන්නෙත් මම 19 සංශෝධනයට විරුද්ධ පුද්ගලයෙක් කියලයි. ඇත්ත කතාව මම විරුද්ධ එය ගෙනා ආකාරයට මිසක් එහි තිබෙන අන්තර්ගතයට නෙවෙයි. ජනතාවගේ බලය කොල්ල කාගෙන ජනමත විචාරණයකින් තොරව 19 ගෙන ඒමටයි මම විරුද්ධ. ජනමත විචාරණයක් තිබුණොත් මම ඡන්දය දෙන්නේ 19 ඕන කියල. නමුත් මම අද කතා කරන්නේ 19 එපා කියන එපා කියල ඡන්දේ දෙන පිරිස වෙනුවෙන්. මම තරයේම කියන්නේ මෙයට ජනමත විචාරණයක් අවශ්‍යමයි කියල. 20ටත් අදාළ ඒ දේමයි.

19 වැනි සංශෝධනයේත් 20 වැනි සංශෝධනයෙත් හොඳ ලක්ෂණ කොතෙකුත් තිබුණද මැල්ලුමක හොඳ පළා අතරේ නියගලා තිබුණොත් මුලු මැල්ලුම ම ආහාරයට ගත නොහැකියි. මේකත් ඒ වගේ.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොරෝනා එක්ක රුසියානුවන් මාතර ආවේ මත්තල වැරැද්දකින්

Next Post

මහාචාර්ය සෞම්‍ය ලියනගේ සියලු වගකීම් වලින් සහ මහාචාර්ය කමෙන් ඉවතට ඇද දමයි

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.