බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සුසිල් සනසා ලන්සා දුන් ශැන්ග්‍රිලා පාටිය…

by editor
ජනවාරි 8, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය

සුසිල් ප්‍රේමජයන්තට දෙල්කඳ පොලෙන් ගත් ස්වීප් ටිකට් එක ඇදුණේය. සුසිල් කීවේ එහෙමය. මේ සතිය පුරා කතා බහට ලක්වුනේ සුසිල්ගේ ඉවත් කිරීමය.

පසුගිය 02 දා  රාජ්‍ය ඇමති සුසිල් දෙල්කඳ පොළට ගියේය. බඩුමිල අහස උසට ගොස්ය. ඒ අසල සිටි මාධ්‍යවේදියෙක් සුසිල් ඇමති දෙසට කැමරාව හරවා බඩුමිල ගැනත් ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැනත් ප්‍රශ්න කීපයක් විමසුවේය.

සුසිල් ඇමති කීවේ කරන්න බැරි දේ කරන්නට ගොස් රටට කළ ව්‍යසනය නිවැරදි කිරීමට දැන් කල් පහුවී ඇති බැවින් නිවැරදි තීන්දු ගන්නට සිදුවන්නේ වෙනත් කණ්ඩායමකට බවය. දැන් කළ යුත්තේ පුලුවන් කෙනෙකුට වැඩේ භාර දී ඉවත් වී යෑම බව    ඔහු  කීවේය.

“කෘෂිකර්ම ඇමති ෆේල්.  මේ ව්‍යසනයට විෂය භාරව කටයුතු කරන සියලු  ඇමතිවරුන් හා ප්‍රතිපත්ති තීන්දු ගෙන ක්‍රියාත්මක කළ ආණ්ඩුවේ පිරිස් වගකිවයුතුයි.  අපේ ආණ්ඩුව උනාට අප ඉන්නෙ බංකුවේ. තීන්දු ගන්න තැන්වල නෑ. සුදුස්සන් සුදුසු තැන්වලට නොදැම්ම එකේ ආදිනව තමයි මේ විඳින්න වෙලා තියෙන්නේ.“

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එසේ කියා සිසිල් ගෙදර ගියේය. මාධ්‍යවල උණුවටම පල කළ පුවත වූයේ එයය.

පහුවෙනිදා, එනම් ජනවාරි 03 සඳුදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වුණේය.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කර තිබුණේ සුසිල්ගෙනි.

“ආණ්ඩුව විවේචනය කරන සුසිල් වැනි පුද්ගලයන් ඉවත්කරන්න මට ඕනම වෙලාවක බලය තියනවා. ආණ්ඩුව තුළ ඉන්නවා නම් ඉන්න පුලුවන්. යනවා නම් යන්න පුලුවන් . ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කරන්න බෑ. විවේචනය කරනවා නම් ඉවත් වී ගිහින් ඒ විවේචනය කළ හැකියි.“

මේ ප්‍රකාශයත් සමග මෙතෙක් වාසු විමල් සහ ගම්මන්පිල කසාය බිවූ ගොළුවන්ගේ තත්වයට පත් විය.  ඔවුහු කිසිම අදහසක් නොදක්වා ගල්බීතව බලාගෙන සිටියහ.

මේ අවස්ථාවේ මහින්දානන්ද සහ බන්දුල ගුණවර්ධන  කීවේ සුසිල් දෙල්කඳ පොලේ සිට තමන්ට කළ ව්‍යසනය නිසා මිනිස්සුන්ට මුහුණ දිය නොහැකි තත්වයකට තමන් පත් වී ඇති බවය.

අඟහරුවාදා (04) උදේම අහන්න ලැබුණ ප්‍රවෘත්තිය සුසිල් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තනතුරින් පහ කළ බව දන්වා තිබිණි.

සුසිල් ඉවත් කළා කිව්වත් අඟහරුවාදා දහවල් වනතුරු ඔහු ඒ බව නිල වශයෙන් දන්නෙ සිටියේ නැත. මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා පලවත්ම රාජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයට ගොස්  තම සියලුම ලිපිගොනු අස්කරගෙන වාහනත් භාර දුන්නේය.

දෙල්කඳ පොලෙන් ගත් ස්වීප් ටිකට් එක තමන්ට ඇදුණු බවත් මේ සිදුවීම තමන්ගේ ඉදිරි දේශපාලන ජීවිතයට යහපතක් කළ බවත් අමාත්‍යවරයා මාධ්‍යයට කීවේය.  හෙට සිට තමන්ගේ වෘත්තිය කිරීමට උසාවි යන බවත් උසාවි ගොස් වාහනයක් ගන්නා බවත් කියා සුසිල් ත්‍රී රෝද රථයක නැගී ගෙදර ආවේය.  කෙසේ වෙතත් ඒ වනවිටත් සුසිල්ගේ නිවසේ  සුඛොපභෝගී වාහන දෙකක් තිබිණි.

හතර අතෙන් ඇමතුම්

සුසිල්ගේ ඉවත් කිරීම දැනගත් වහාම ආණ්ඩුවේ ඇමතිවරු, විදෙස් තානාපතිවරු, ලෝකය වටේ සිටින මිත්‍ර සමූහ වැල නොකැඩී දුරකථන ඇමතුම් ලබා දෙන්නට වූහ. අගමැතිවරයාත් ආරංචිය දැනගත් වහාම කතා කළේය.

“ මට බොහොම කණගාටුයි සුසිල්. මමත් මේ සිද්ධිය දැනගත්තෙ ශිරන්ති කිව්වට පස්සේ. ඉවසන් ඉඳිමු. කලකිරෙන්න එපා. අපි බලමු.“ අගමැතිවරයා කීවේය.

ලන්සාගේ කෝල් එක

හවස දුරකථන ඇමතුමක් ආවේය. කතා කළේ  නිමල් ලන්සාය.

“සුසිල් කොහොද ඉන්නෙ ලඟකද?. අපි ශ්‍රැංගිලා එකේ ඉන්නේ. පුලුවන්නම් ඇවිත් යන්න. ටිකක් කතා කරන්න ඕන.“
සුසිල් ලන්සාගේ ආරධනාව පිළිගෙන හෝටලයට පැමිණියේය. එතැන ලන්සාට අමතරව   ලක්ෂ්මන් යාපා අබේවර්ධනත් සිටියේය. පලවාහළ මිතුරා වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය වී ඇත. මධුවිතක් සමග රාත්‍රී කෑමකි.

සුසිල්ගේ ඉදිරි දේශපාලන සැලසුම ගැනත් පිපිරීමට නියමිත ආණ්ඩුවෙන් ගැලවී එන කොටස ගොනුකරගන්නා ස්ථානය ගැනත් සාකච්ඡා කෙරිනි. සුසිල්ව ඉවත් කිරීම ජනාධිපතිවරයා ගත් අභීත විශිෂ්ට තීරණයක් බව ජොන්ස්ටන්, රෝහිත, මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරු කියනවිට ආණ්ඩුව පත් කිරීම සඳහා සෑහෙන මහන්සියක් ගෙන ප්‍රතිරූප ගොඩනැගූ බෙංගමුවේ නාලක හාමුදුරුවන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කීවේ දේශපාලන පරිචයක් නැති ජනාධිපතිවරයා තීන්දු තීරණ ගැනීමේ දී ඒ සම්බන්ධව දැනුමක් අවබෝධයක් සහිත අයගෙන් විමසා කටයුතු කළ යුතු බවය.

අලුත් අවුරුද්ද

ගිය සඳුදා අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපතිට සුබ පතන්නට පැමිනි මැති ඇමතිවරු අතර මුලින්ම සිටියේ විමල් සහ උදය ය. ඒ දේශපාලනයේ හැටිය. අනතුරුව හැමෝම අගමැතිවරයා හමුවීමට අරලියගහ මන්දිරයට ගියේය.

රාජ්‍ය ඇමතිවරුන් සහ මුදල් ඇමතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙන්නේත් එදිනය. රටේ ජනතාව මේ වනවිට පත් වී ඇති අන්ත දුක්ඛිත තත්වය සම්බන්ධව විවෘත සංවාදයක යෙදීමට මේ අවස්ථාව කරගෙන තිබිණි. බඩුමිල, ගෑස් හිඟය මෙන්ම පොහොර අර්බුදය සම්බන්ධවත් කතා බහක් ඇතිවිය.  පිරිස වඩාත් සංවේදී වූයේ කිරිපිටි මිල සහ හිඟය ගැනය.  දරුවන්ගේ බඩගින්න සම්බන්ධව තීරණාත්මකවූ කිරිපිටි  හිඟයට විසඳුමක් සොයා ගැනීම සඳහා ඉදිරිපත්වන යෝජනාවල දී මුදල් ඇමතිවරයා විෂයභාර ටී.බී.හේරත් දෙස බැලුවේය. “මං ඔයාට මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කියලා සෑහෙන කාලෙක ඉඳන් දිගින් දිගටම කිව්වා. එතකොට මේ රටේ මේ කිරිපිටි අර්බුදය නෑ. දැන්වත් කරුණාකරලා මේක ඉක්මන් කරන්න. “ . ටී.බී හේරත්ගේ මුහුණ අඳුරු වී තිබිණි.

ශ්‍රීලනිපයේ හමුව

ශ්‍රීලනිප නිලධාරී මණ්ඩලයේ ප්‍රධානීන් ඩාලි පාරේ ප්‍රධාන කාර්යාලයේ දී රැස් විය. අලුත් අවුරුද්දේ පක්ෂයේ ඉදිරි කටයුතු සංවිධානය කරගැනීමේ අභිලාෂය සහිතව රැස්වුණු පිරිසේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ සුසිල්ව ඇමති ධුරයෙන් ඉවත් කිරීමය.

මේ ගමන ආණ්ඩුව සමග එක්ව තවදුරටත් එකට යා නොහැකි බව සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරු කීහ.  පසුගිය අඟහරුවාදා මාතලේ දිස්ත්‍රික් සමුලුවය. සමුලුව ඇරඹුමට කලින් මෛත්‍රීට සුසිල් ඉවත් කිරීමේ තීන්දුව සැල වී තිබිණි. ඒ වනවිට මහින්ද අමරවීර ඒ බව දැනගෙන සිටියේය. ඔහු පෙර දින රාත්‍රියේ කැබිනට් මණ්ඩලයේ සිදුවූ සියල්ල මෛත්‍රීට කීවේය. මෛත්‍රී තමන්ට කතාවට අවස්ථාව ලැබෙන තුරු බලාගෙන සිටියේ නොඉවසිල්ලෙනි.

හොරුන් සියල්ල එක් පාර්ශවයක බවත් හොරු එකතු වී තමන්ට ආණ්ඩු කිරීමට නොදුන් ආකාරය පිළිබඳවත් මෛත්‍රී ඉතාම දීර්ඝ කතාවක් කළේය.  රනිල්ට බැන්නේය. අගමැති මහින්දට බැන්නේය. ජනාධිපතිටත් බැන්නේය. හතර අතේ බැන්නේය.

මේ බැනුම් සම්බන්ධව රනිල්ගෙන් හඩ්සන් සමරසිංහ ප්‍රශ්න කළේය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි වැඩසටහනකදීය.

රනිල් උත්තර දුන්නේ මෙසේය.

“ මම අගමැතිවරයා වෙලා ඉද්දි මේවට උත්තර දුන්නේ නෑ. දැනුත් මේවට උත්තර දෙන්න දෙන්න මට උවමනාවක් නෑ. ඇත්තවශයෙන්ම ටිප් ටොප්ගෙන් පස්සේ අව අමුතුම දේශපාලන චරිතයක් තමයි සිරිසේන මැතිතුමා.“

“ වර්ෂ 2015 දි අපට පින්සිද්ධවෙන්න ජනාධිපති වුනා. 2020දි පොහොට්ටුව තිබුණෙ නැතිනම් ඒ සැරේ තේරෙන්නෙත් නෑ. එදා අපට ගැහුවා. අද පොහොට්ටුවට ගහනවා. එයා තනියම ඉල්ලුවොත් එයාටම ගහගනී.“

“අලුත් අවුරුද්දේ සිරිකොත කිරිබත් මේසයේ දී එජාප ප්‍රධානීන් සමග රනිල් සාකච්ඡා කළේ සිය දේශපාලන පදනම ශක්තිමත් කරගන්නා ආකාරය ගැනය.

මේ අය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරගන්නවා.  සහන දීලා සල්ලි අච්චු ගහලා මේක කරන්න බෑ. ආර්ථිකය නන්වන්න නිශ්චිත වැඩපිළිවෙළක් නෑ. “ රනිල් කීවේය.

සමගි ජනබලවේගය මහ රෑ පන්දම් අරගෙන තවමත් විරෝධතාවයේය. ඔවුහු වෙනසක් කරන්නට බලය ඉල්ලති. ජාතික ජනබලවේගය කියන්නේ වෙනස කිරීමේ බලය කණ්ඩායමකට ලබාදී අත් පිසදා ගැනීමේ සංස්කෘතිය වෙනස් කර වෙනසේ කොටස්කාරයන් වීමට පැමිණෙන ලෙසය.

පුරන් වූ ගොවිතැන

මේ අතර අර්බුදය ඇත්තේ තීරණාත්මක තැනකය. දෙසැම්බර් මස පමණක් රටේ රන් සංචිතවලින් සියයට 54ක් විකුණා තිබිණි. ඩොලර් මිලියන පන්සියයක ණයක් සඳහා තෙල් ටැංකිත් ඒ අවට බිලියන ගණනක වටිනා භූමියත්, ජැටියත් ඉන්දියාවට පැවරූ ත්‍රීකුණාමලයේ ගිවිසුම ගැන දැන් රට තුළ විරෝධයක් මතුවෙමින් ඇත.

අසාර්ථක වූ කාබනික ගොවිතැනේ පූර්ණ වගකීම නිලධාරීන් පිට පැටවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. කෘෂිකර්ම නිලධාරීන් ඉවත් කර කාබනික ගොවිතැන යථාර්ථයක් කීරීමට  යුද හමුදාව වෙත බාරදීමට ජනපති සූදානම්ය. ක්‍රියාත්මවන්නේ යල කන්නයේ සිටය.

රටේ රන් සංචිතවලටත් අත තබා ඇති විට, කිරිපිටි, පිටි, ඉන්ධන, ඇතුළු සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟවී රට හාමත්ව අකරමණ්‍යව ඇති විට   ඊයේ (07) චීන කුණු පොහොර තොගයට මේ රට ඩොලර් හැට හත් ලක්ෂ අනූදාහක් වන්දි ගෙව්වේය. මේ ගනුදෙණුවල ස්වරූපය එළියට එන බව අනතුරු ඇඟවුනේ චීන පාර්ශවෙයනි. ඩොලර් වන්දියක් ගෙවූ පසු කාරණය යටපත් වී ඇත.  අත කණ කර උගස් කර බඩඉරිඟු වගාව සඳහා යූරියාවලට මුදල් බැන්ද අම්පාර ගොවීන්ගේ යූරියා මිටි හොරකම් කර රුපියල් 38000ට විකිණු ගොවිජන සේවා නිලධාරීන් ගැන වාර්තා විය.   මේ අර්බුදය තුළත් ඇසෙන්නේ ගසාකෑම් ගැන අඳෝනාවය.

කේඩෑරිවුණු ගොවිබිම්වල සිට ගොවීන් අලුත් අවුරුද්දේත් මහින්දානන්ට හෙණ ඉල්ලමින් සිටිති. චීන විදේශ ඇමති අද ලංකාවට පැමිණියේය. හෙට සිට දෙදිනක් ඔහු රටේ නිල සංචාරයකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාඳුනන බව කියූ ජාවාරම්කාර පෙම්වතා එක්ක ජැකලින් ගත් තවත් ඡායාරූප එළියට

Next Post

මෛත්‍රී අර්බුදයක… පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම්….

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.