බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

ජනපති සමාවෙන් නිදහස් වූ ඌවතැන්නේ සුමන හිමියෝ කියති....

by editor
ජනවාරි 18, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter
  • කරුණා සහ ප්‍රභාකරන් වෙන් කරන්න මුල් වුණේ මම… කරුණා එක්ක සම්බන්ධකම් හදාගන්නෙ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලෙදි…

  • ඒ කාලේ ඉන්දීය ඔත්තු සේවාත් මා සමග සම්බන්ධකම් පැවැත්තුවා…

  • ආණ්ඩු හදන්න හෝ පෙරළන්න බලයක් මට තියනවා… මම ඉන්නේ විශාල බලයක් එක්ක…

  • ඒ කාලේ බැසිල් රාජපක්ෂ අපේ පන්සලේ ඉඳන් බොහෝ වැඩ කළා.

  • මා ජීවිතාන්තයට හිරේ යැවීම පසුපස තිබෙන්නෙ කුමන්ත්‍රණයක්… කුමන්ත්‍රණකරුවන් කවුදැයි හෙළි කරනවා

  • පන්සලට ආයුධ ගෙනත් දැම්මේ මගේ ඔළුවට පිස්තෝලයක් තියලා….මට මඩ ගහන්නේ මහින්ද කහඳගම

  • හිරේට ගියෙ රජෙක් වගේ… හිරෙන් ආවෙත් රජෙක් වගේ… බන්ධනාගාරය ඇතුළෙත් හිටියෙ චීවරය දරාගෙන..

  • දුමින්ද සිල්වා මැතිතුමා වැනි අය නිදහස් කළ යුතුයි. එළියට ඇවිත් වරදක් නොකරන බවට මම වගවෙනවා

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් සිර දඬුවම් විඳිමින් සිටියදී ඌවතැන්නේ සුමන හිමියෝ ජනාධිපති සමාව ලබා පසුගියදා නිදහස් වූහ. වරද වූයේ නීති විරෝධී ගිනි අවි ලඟ තබා ගැනීමය. එහෙත් උන්වහන්සේ කියන්නේ  නීති විරෝධි ගිනි අවි ළඟ තබා ගැනීමක් ගැන තමන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන්නට සිදුවූයේ නොකළ වරදකට බවය.   මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ මේ සංවාදයට එක් වන්නේ  ප්‍රවීන මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම ගේ   ටෘත් විත් චමුදිත යූ ටියුබ් චැනලය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. උන්වහන්සේ  පැවසූයේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු පුද්ගලයන් ඉදිරියේදී හෙළි කරන බවය.

චමුදිත ඌවතැන්නේ සුමන හිමියන් සමඟ කළ සාකච්ඡාව මෙසේ සැකවින් පළ වෙයි.

“ජනාධිපතිතුමා මට ලබා දුන්නේ එතුමාට ඇති බලතල යටතේ නිදොස් කොට නිදහස් කිරීමේ උතුම් වූ සමාවක්. සියලුම අයිතිවාසිකම් නැවත මට ලැබුණා. මේ බන්ධනාගාර ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ වාර්තාවක්. ජීවිතාන්තය දක්වා සිර දඬුවම්  ලැබූ අයෙකු ලෙස මාස හයක් හතක් තුළ මේ වගේ පූර්ණ නිදහසක් ලබපු එකම භික්ෂූන් වහන්සේ මා පමණයි.

මේ දඬුවම නඩුකාර උන්නාන්සෙ මට දෙද්දී මට කිසිම භීතියක් ඇති වුණේ නෑ. මගේ අම්මා එතන හිටියා. මගේ ගෝලයෝ ටික එතන බලාගෙන ඉන්නවා. මට කිසිම බියක් ඇති වුණේ නෑ. මොකද මම නිර්දෝෂී භික්ෂුවක් නිසා. මම සීයට සීයක්ම විශ්වාස  කළේ මම නිදහස් කියලා. ඒ ශක්තිය මට දුන්නේ මගේ ගුරුවරු. මේ ධර්මය. මානසිකව කිසිසේත්ම වැටුණේ නෑ. මම අභිමානයෙන් යුතුව රජෙක් වගේ බන්ධනාගාරයට ආවේ. මම කවදාවත්  පොදු සමාවක් බලාපොරොත්තු වෙච්ච මනුස්සයෙක් නෙමෙයි. මම බලාපොරොත්තු වුනේ අභියාචනාධිකරණයට යන්න. එසේනම් නම් මම අනිවාර්යයෙන්ම දිනනවා. මට ඕන උනේ  නීත්‍යානුකූලව නිදහස් වීමේ  මාවතක් .

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

  • ඔබ වහන්සේගේ සිරගත ජීවිතය ගැන කතා කළොත්?

බන්ධනාගාරයේ  YO වාට්ටුව කියලා ඉතාම රෞද්‍ර, හදාගන්න බැරි මිනිස්සු  දමන වාට්ටුවකට තමයි මාව දැම්මෙ.

ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන විප්ලවකාරයෙක් නිසා මම හිතන්නේ මාව ඒ කරුවල කාමරයට දාලා වැහුවා. මේ තීන්දුව හරහා මුළු ලංකාවේම වැසියන් හිතුවේ මම වැරදිකාර පුද්ගලයෙක් කියලා.

  • ඔබවහන්සේ සිටියේ සිවුරෙන්මයි?

ඌවතැන්නේ සුමන හාමුරුවන්ට ජංගි අන්දන්න බොහෝ පිරිසක් උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ. අවුරුදු විසි පහක් තිහක් උපසම්පදා හාමුදුරු කෙනෙක් මම. පැවිදි වෙලා අවුරුදු 40 කට වැඩියි. මම එය ප්‍රතික්ෂේප කළා. මම භික්ෂුත්වය දරාගෙන හිටියා.

වධකාගාරයක් ලෙස මා වටහා ගෙන සිටිය බන්ධනාගාරය තුළදී මට හම්බවුණා විවිධ දඬුවම් ලැබූ  බොහෝදෙනා. බන්ධනාගාරයේ ඉන්න 80%ක්ම වැරදිකාරයෝ නෙවෙයි. ඉන් 20%ක් පමණයි බන්ධනාගාරයේ ඉන්න ඕන වැරදිකාරයෝ.

  • වැඩ සිටින මේ බෝධිරාජාරාම පන්සල ගැන කියන්න පුළුවන්ද?

මා විහාරාධිපතිත්වය දරන විහාරස්ථාන දෙකක් තිබෙනවා. කොළඹ මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයත් කළුතර වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයත්. මාලිගාවත්ත පන්සල ලංකාවේ ඓතිහාසික පන්සලක්. දේශපාලන කුහකයෝ ලංකාවේ කතා නොකරන පන්සලක්. මේ පන්සල තමයි පනහේ දශකයේ බණ්ඩාරනායක මහත්තයත් දිනේෂ්ගේ තාත්තා පිලිප් ගුණවර්ධන මහතාත් හදපු පන්සල. ඇයි මේ පන්සල හදන්නේ ?. කැලණිය පාලමට මුල්ගල් තියලා බණ්ඩාරනායක මහත්තයා බාරයක් වෙනවා මේ පාලම විවෘත කරන්නේ විභීෂණ දෙවි හාමුදුරුවො වෙනුවෙන් විහාරයක් හදලා  පූජා කරලා කියලා.   ඒ බාරයට හැදූ  පන්සල තමයි මේ. පළමුව මේ පන්සල විවෘත කරලා දෙවනුව  බණ්ඩාරනායක මැතිඳු මෙතන ඉඳන් පයින් ගිහිල්ලා කැලණි පාලම විවෘත කළා.

මේ පන්සලට බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, මෛත්‍රීපාල සේනානායක, ධර්මසිරි සේනානායක,  අමරසිරි දොඩංගොඩ, හලීම් ඉෂාක් වැනි අය ඉතා සමීපව කටයුතු කළා. අපි බොහෝම මිත්‍රව තමයි මුස්ලිම් ජනතාව එක්කත් හිටියේ.

මෙතනින් හැදුනු දේශපාලනඥයෝ විශාල පිරිසක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා බොහෝ කාලයක් මේ පන්සල ඇසුරු කළා. එතුමා ආවේ ගියේ සාකච්ඡා කළේ රැස්වීම් තිබ්බේ  මේ පන්සලේ. අපේ වාහනවල ගියේ. එතුමා මෙතන අපේ නායක හාමුදුරුවෝ එක්ක බොහොම ළඟින් වැඩකරලා තමයි ගාමිණි දිසානායක මැතිතුමන් සමග රැකියාවලට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ආව ගිය පන්සල මේක.

මම ප්‍රගතිශීලී දේශපාලන කඳවුරේ අනුශාසක හාමුදුරු නමක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ භික්ෂු සංවිධානයෙ ප්‍රධාන ලේකම් හාමුදුරු නමක්. බැසිල් රාජපක්ෂ කල්‍යාණ මිත්‍රයෙක්. අතිගරු  ජනාධිපතිතුමා මගේ කල්‍යාණ මිත්‍රයෙක්. ජනාධිපතිවරණයට අයදුම්පත්‍ර යොමු කරන්න එතුමාගේ නම යෝජනා කරන්න,  නම ගොඩනගන්න චන්ද්‍රිකා මැතිනියත් එක්ක ගහගෙන බැනගෙන මහා විප්ලවයක් කරලා තමයි එවකට හිටපු අගමැතිතුමාට අපි බලය අරගෙන දුන්නේ.

  • ඌවතැන්නේ සුමන හිමියන් සහ කරුණා අම්මාන් අතර සම්බන්ධයක් ගැන කියවුනා. මොකක්ද කරුණා අම්මාන් එක්ක තිබෙන සම්බන්ධය ?

මේ රටේ ආණ්ඩුවෙ ත්‍රිවිධ හමුදාව අවුරුදු 30ක් එල්.ටී.ටී.ඊ එකත් එක්ක වෙඩි තියාගත්තා. ඒත් කරුණාට ප්‍රභාකරන්ට වෙඩි තියන්න බැරිවුණා. මම මේ බුද්ධ චීවරයේ ආනුභාවයෙන් ප්‍රභාකරන් සහ කරුණා දෙපාර්ශ්වයට ගලවලා පූර්ණව මං අතට අරගෙන සියලුම තොරතුරු අරගෙන කරුණා නාවික  හමුදාවට භාර දුන්නෙ මම. කරුණාගේ කණ්ඩායම් මෙහෙයවලා තොප්පිගල කඳවුරට මම බඩගාලා කරුණගේ පාර්ශවයට මම උදව් කළා. භික්ෂුවක් හැටියට මා කළ කටයුතු   මාතෘ භූමියේ ඉන්න වීරවරුන් විශාල ප්‍රමාණයක් දන්නවා. කරුණා පාර්ශ්වය ප්‍රභාකරන්ගෙන් කඩල ගන්නට නියමුවෙක් වුනේ මම.

  • ඔබ වහන්සේ කියන්නේ කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් කඩල ගන්න මුල් වුණු අංක එකේ පුද්ගලයා ඔබවහන්සේ කියල ද?

ඔව්. ඊට මුල් වුණේ මම. නායකත්වය ගත්තේ මම.

  • ඒක කවුරු හරි දුන්නු කොන්ත්‍රාත් එකක්ද?

මාතෘ භූමිය වෙනුවෙන් කවුරුත් කොන්ත්‍රාත් බාර දෙන්න ඕනෙ නෑ මට.

  • කරුණාව දන්නේ කොහොමද එච්චර ?

බුද්ධ ශාසන අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍ය  රත්නසිරි වික්‍රමනායක මහතා හිටපු කාලයේ හිටිය අභයවික්‍රම කියලා ලේකම්වරයෙකු මට දිනක් කතා කළා. කතා කරලා කිව්වා ඔබවහන්සේ  අපිට සම්බන්ධ කරගන්න ඕන… ඒ කරුණා  අම්මාන් එක්ක කරන සාකච්ඡාවකට… අපට සම්බන්ධ වෙන්න කියලා.    කරුණ කියන පුද්ගලයා ඊට කලින් මම දැනගෙන හිටියෙ නෑ. මම ඒ සාකච්ඡාවට එක් වුණා. එතෙන්ට   කරුණාගේ දැවැන්තයින් 4 දෙනෙක් ආවා. එතනින් ආරම්භ කළ ව්‍යායාමය තමයි මෙච්චර දුර ගියේ.

ඒ සාකච්ඡාව දිගින් දිගටම ගියා. මම මේ කතාව එවකට හිටපු  ජනාධිපතිතුමියට, එවකට  ආරක්ෂක ලේකම්වරයාට ඒ කාලේ හිටපු සියලු දෙනාට කිව්වා. ඔවුන් සමග සාකච්ඡා කළා.    ඒ ගොල්ලෝ මට කිව්වා හාමුදුරුවෝ ඕවට වැඩිය අතගහන්න යන්න එපා කියලා. මට  හිතිලා  තිබ්බේ කරුණාව කැඩුවොත් හරි කියලා. ඒක තමයි ටර්නින් පොයින්ට් එක.

ඉන්දියානු ඔත්තු අංශ පවා මාත් එක්ක රහසිගත සම්බන්ධතා ඒ කාලේ තිබුණා. මට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැමෝගෙම  මහා සුවිශාල බලයක් තිබෙනවා. ඒ බලයට සමහරු බයයි.

  • ඒ කියන්නේ ඔබ වහන්සේට විශාල බලයක් තිබෙනවා?

මට ආණ්ඩු හදන්නත් පුළුවන්. ආණ්ඩු පෙරළන්නත් පුළුවන්. මට තියනවා ස්වාමීන් වහන්සේලා 5000ක සහයක්. මටත් විශාල විනාශයක්  රටට කරන්න තිබුණා. මහා සංඝයා පාරට බස්සන්න තිබුණා. පාර්ලිමේන්තුව ගැසට් එකකින් සම්මත කරගත්ත සංවිධාන තිහක් විතර මට තියෙනවා. මට ඒ සංවිධාන 30ම පාරට බස්සන්න තිබුණා.

  • ඔබ වහන්සේට සිර දඬුවම් විඳින්නට හේතු වුණු චෝදනාව වුණේ ටී 56 ගිනි අවි ළඟ තබා ගැනීම. මේවා කරුණාගේ ආයුධ කියල තමයි කතා වුණේ?

නැහැ. මේක කුමන්ත්‍රණයක්. මේ ආයුධ බෝම්බ එකවර මගේ පන්සලට ගෙනත් දැම්මා. මට බොරු සාක්ෂි හැදුවා. මගේ ඔළුවට පිස්තෝල තියලා පොහොර  බෑග් එකක් ගෙනල්ලා බෝම්බ  56 කුයි ටී 56 අවි දෙකකුයි උණ්ඩයි ගෙනත් දැම්මා. මේ මම ගැන දැනගත්තෙ   අධිකරණයේදී. චෝදනාව ගෙතුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරන්නයි මේ ආයුධ ගෙනාවේ කියලා.   එතුමා යන එන මාර්ග මගේ පන්සලට ළඟයි.   ලේක්හවුස් එක ළඟට ගිහින් තමයි මරන්න සැලසුම් කරලා තිබ්බේ කියල චෝදනා හැදුවා.

  • කවුද මේක කළේ ?

දේශපාලන කටු කන නිලධාරීන්ගේ සැලැස්මක් මේක. කුමන්ත්‍රණයක් විදියට ගොඩනගන්න හදපු උත්සාහයක් මේ. එතන සම්පූර්ණ කරුණාගේ ආයුධ නෑ. කරුණාගෙ ආයුධ පාවිච්චි කළා නම් පාවිච්චි කළේ  ත්‍රිවිධ හමුදාවේ අයගේ   නීත්‍යානුකූල භාවිතය   සඳහා පමණයි. එදා  මම බෝධීන්වහන්සේ වැඳලා වාඩි වෙලා වතුර එකක් බොනකොට තමයි මගේ ඔළුවට පිස්තෝලයක් එල්ල වෙන්නේ. එදා 2010 ජනවාරි 23 මැතිවරණයේ අවසාන දිනය.  එදා ආවේ එස්ටීඑෆ්  ඇඳුම් ඇඳගත්ත කට්ටියක්. කිසිම ලාංඡනයක් නෑ ඒ ඇඳුම්වල. රජයේ හමුදාවේ කවුරුහරි ආවේ.

මට තේරෙනවා ඇයි එයාලා එහෙම කළේ කියලා. එස්.ටී.එෆ් එකේ ඉහළ තනතුරු ගන්න එයාලා මේක පාවා දීලා මහා කුමන්ත්‍රණයක් දියත් කළා. ඒ අය ආපු ගමන් මේ පන්සලේ කොස් දොර දෙකට කැඩෙන්න පැලුවා. ඒ එක්කම ආයුධත් ගෙනල්ලා දැම්මා.

“ මචං අපේ වැඩ කොටස කළා… දැන් උඹලගේ වැඩ කොටස කියලා ඒ අය දෙවන කණ්ඩායමට කිව්වා. පළමු කණ්ඩායම ඇවිල්ලා ඒ ආයුධ ගෙනල්ලා දැම්මා… දෙවන කණ්ඩායම ආවේ මාව අත්අඩංගුවට ගන්න. ITN එකෙන් එනවා මේක රෙකෝඩ් කරන්න එවෙලෙම. මම ITN  කියලා දැක්කේ කැමරාවේ චූටියට සලකුණු කරලා තිබුණ නිසා. ඔක්කොටම ගියේ විනාඩි අටයි. කට්ටියක් ඇවිල්ලා මගේ ඔළුවට පිස්තෝලේ තියලා දොරත් කඩල ආයුධ ටික ඇඳටත් දාලා  මාව අත්අඩංගුවට  ගන්නත් කැමරාවකින් රෙකෝඩ්  කරන්නත් ගියේ විනාඩි අටයි. මං මෙතන ඉන්නකොටමයි රජයේ නාලිකාවල බ්‍රේකින් නිව්ස් එකත් ගියේ.“

  • ඔබවහන්සේ සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න උදව් කළේ කුමන හේතුවක් නිසාද?

අපි විධායක බලය අහෝසි කරන්න ආදී ඉල්ලීම් ගොඩක් චන්ද්‍රිකා මැතිනියගෙන් ඉල්ලුවාට ඇය කළේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ජනාධිපති වෙලා ඉන්නකොට ඉල්ලුවා. හාමුදුරුවනේ මම කරන්නම්  කිව්වත් පළමු පාරත් දෙවැනි පාරත් කළේ නැහැ. ඊට වඩා බලයකට ගියා. ඒ නිසයි මම සරත් ෆොන්සේකා දිනවන්න වැඩ කරගෙන ගියේ. සරත් ෆොන්සේකාව මම දන්නෙ නෑ. එතකොට සේනක ඩී. ආර්නෝල්ඩ් ද සිල්වා   සරත් ෆොන්සේකාට කතා කරලා කිව්වා මට හාමුදුරු කෙනෙක් ඉන්නවා ඒ හාමුදුරුවෝ ඔබතුමාගේ දේශපාලන  න්‍යාය ප්‍රායෝගික කරාවි කියලා.

  • ඔබවහන්සේ මේ කුමන්ත්‍රණයට පැටලූ නිලධාරීන් කවුදැයි කියන්න පුළුවන්ද?

ඒ නිලධාරීන් කවුද කියලා මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. නමුත් මම දැන්ම කියන්නෙ නෑ. මම නීත්‍යානුකූල හැම තැනටම මේ ගැන කිව්වා. මට හරි කණගාටුයි… මිනිස්සු අපිව පාවිච්චි කරලා අපෙන් වැඩ ගන්නවා. වැඩ අවසන් වුණාම අපිව බැහැර කරනවා. මම හිරේ ඉද්දි කවුරුවත් මාව බලන්න ආවෙ නෑ. මම ආශ්‍රය කළා ජනාධිපතිවරු මැති ඇමතිවරු අගමැතිවරු  මහා සුවිසල් මිනිස්සු. ඒ කවුරුවත් හිරේ ඉද්දී මාව බලන්න ආවේ නෑ.  මාව බලන්න ආවේ  මගේ අම්මා විතරයි.

නිදහස් වුණාම නම් සුවිසල් ජනතාවක් මට කතා කළා.

  • ඔබ වහන්සේගේ නිදහස සම්බන්ධයෙන් ගරුත්වයක් දෙනවා නම් කාටද දෙන්නේ ?

මගේ නිදහසට ගරුත්වය දෙනවා නම් මුලින්ම මම දෙන්නේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේට. දෙවනුවට අතිගරු ජනාධිපතිතුමාට. ඊළඟට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මැතිණියට.

මම රජෙක් වගේ ඇතුළට ගිහින් රජෙක් වගේ එළියට ආවා. බන්ධනාගාරය ඉන්න සියලු දෙනාම අපි බේරගන්න ඕන. බන්ධනාගාරයේ ඇතුළෙ දුමින්ද සිල්වා මැතිතුමා  වගේ සුවිසල් පිරිසක් ඉන්නවා. දුමින්ද සිල්වා මැතිතුමා ගැන කතා කරනකොට හිතයි විශාල වෛරයක් ඇතිවෙනවා කියලා. මම කියනවා දුමින්ද සිල්වා මැතිතුමා වගේ සුවිසල් පිරිසක් ඉන්නවා එලියට ගන්න ඕන. 80%ක් හොඳ කල් ක්‍රියාවෙන් වැඩ කරපු මිනිස්සු ඉන්නෙ. මේ මිනිස්සු අපි එළියට දාන්න ඕන. එහෙම කරලා වැරැද්දක් කළොත් මාත් එක බාර ගන්න සූදානම්. මම ඒ බලපෑම සමාජයට කරනවා. සිරකරුවන් එළියට දැම්මොත් ඇතිවෙනවා කියන භීතියක් සමහරු සමාජය තුළ ඇති කරනවා. මම ඒ භීතිය සමාජයෙන් නැති කරනවා. මාත් එක්ක හිටි පිරිස ජනාධිපතිතුමාට රහසක් කියන්න පෙළ ගැහිලා ඉන්නවා. ජනාධිපති තුමාගෙන් පස්සේ  ඔබලාට ඒ රහස දැනගන්න ලැබෙයි.

  • මහින්ද කහඳගම එක්ක තිබෙන ප්‍රශ්නය කුමක්ද?

මහින්ද කහඳගම කරලා තියෙන චෝදනා සියල්ල මම ප්‍රතික්ෂේප කරනවා. මහින්ද කහඳගම කියන්නේ ගණන් ගත යුතු පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ලංකාවේ පරණම වෘත්තීය කරපු කෙනෙක්. ඔහු පේමන්ට් එකේ ඉන්න දිළින්දන්ගෙන් කප්පම් ගත්ත කෙනෙක්. ඔහුට බියක් ඇති වෙලා තියෙනවා ඌවතැන්නේ සුමන කියන රජුගේ චරිතයේ ආවම  ඔහුගේ සූරාකෑම නැතිවෙනවා කියලා . ඔවුන් පට්ටපල් හොරු කණ්ඩායමක්.  මම බන්ධනාගාර ගත කරලා තියෙන්නේ මෙම ආයුධ සිද්ධියට පමණයි. පුද්ගල චරිත ඝාතනය නතර කළ යුතුයි… මම ඕනම කෙනෙකුට අභියෝගයක් කරනවා වැරැද්දක්  තියෙනවා නම් ඔප්පු කර පෙන්වන්න කියලා.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

Next Post

මුස්ලිම් වැසියන් 7727කගේ ඡන්ද අයිතිය වෙනුවෙන් රිෂාඩ් ගෙන් පෙත්සමක්…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.