අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රාජපක්ෂ ජුන්ටාව රනිල් වික්‍රමසිංහ ජනපති කළේ  ජනතාවගෙන් පලිගන්න..! – ටිල්වින් සිල්වා…

by editor
අගෝස්තු 19, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථාව  ආරක්ෂා කරන බව කියමින් ව්‍යවස්ථාවේ වගන්තිවල පිහිටෙන් බලයට පැමිණි ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව පොදු ජනතාවට ලැබුණු විසම්මුතියේ අයිතිය    ම්ලේච්ඡ තිරිසන් ප්‍රහාර එල්ල කරමින් විනාශ කර දමන බවත් මේ පින් ජනාධිපතිවරයාට අවශ්‍ය සිය ජනාධිපතිකමෙන් රාජපක්‍ෂලා සන්තෝස කිරීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටි රාජපක්‍ෂවාදීන් විසින් පත්කරගත් ජනාධිපතිවරයාවන රනිල් වික්‍රමසිංහ     ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් ලෙස පෙනී සිටින්න උත්සාහ  කරමින් සීතල දඩයමක් දියත් කර ඇති බව ද ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  අද (19) ජනතා විමුක්ති පෙරමුණේ  බත්තරමුල්ල, පැලවත්ත  ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.

“18වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කිසියම් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ සාමකාමී පා ගමනට විශාල පොලිස් පිරිසක් යොදවලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන සාමකාමී අරගල කිරීමේ අයිතියට යුද්ධයකට යන පොලිස් බලඇණියක් වගේ විශාල පිරිසක් යොදවා පහර දුන්නා. රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නේ ජනතාව පාරට බහිනකොටම ගහන්න බලාගෙනයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ම්ලේච්ඡ තිරිසන් පහරදීීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෙළා දකිනවා. ඒ වගේම මෙවැනි මර්දනකාරීත්වයන් වහාම නතර කරන ලෙස අපි දැඩිව ආණ්ඩුවට අවධාරණය කරනවා. එසේ නොකළොත් මීට වඩා දැවැන්ත මහජන විරෝධතාවයන් පැන නැගී ගෝඨාභය රාජපක්‍ෂ ගිය පාරේම රනිල් වික්‍රමසිංහටත් යන්න සිදුවෙන බවට අනතුරු අඟවනවා.“

“පහර දීමෙන් පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිනවා. ඒ වගේම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන් පිළිබඳ සියලු විස්තර ලබාගෙන ඒ අරගලය නතර කළ අවස්ථාවේ සිට දිගටම මර්දනය ගෙන යනවා. මේ මර්දනකාරිත්වය වහාම නතර කර අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු සියලු දෙනාම වහාම නිදහස් කරන්න කියලා අපි බල කරනවා. “

“ශිෂ්‍යයෝ, ධීවරයෝ අරගලයේ හිටපු අයට අමතරව මාධ්‍යවේදීන් සහ මාධ්‍ය හිමිකරුවන්ටත් සීතල මර්දනය දියත් කර තිබෙනවා. අරගලය තිබුණු කාලයේ රනිල් වික්‍රමසිංහ යටතේ දිගින් දිගටම මාධ්‍යවේදීන්ට පහරදීම් කළා. මාධ්‍ය උපකරණවලට හානි සිදුකළා. රටේ සිදුවන දේවල් වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය. ඒ අය පොලිසිය යොදවලා පහරදීම දිගටම අරගෙන එනවා. ඔවුන්ගේ මර්දනය හොඳින්ම කරගත නොහැකි වී තිබෙන්නේ මාධ්‍යවල වාර්තා වෙන නිසා. මේ නිසා මාධ්‍යවේදීීන්ට තර්ජනය කිරීමට අමතරව සිරස මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගෙන් පැය ගාණක් ප්‍රශ්න කර තිබුණා. රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තැබීම පදනම් කරගෙන මේ වැනි ප්‍රශ්න කිරීම් සිදුකරනවා. කවුරුන් හෝ සත්‍යය වාර්තා කරන්න යනවා නම් මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතන පවා බය වද්දන බවයි මෙයින් කියවෙන්නේ. රාජපක්‍ෂ යුගයේ   මෙවැනි සිදුවීම් දියත් කර තිබුණා. දැන් රනිල් රාජපක්‍ෂ පාලනය පොදු ජනතාව බය වද්දමින් ජන වරමක් නැති අනීතික දුෂ්ට පාලනය කෙසේ හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා. “

“ රාජපක්‍ෂවාදීන්ගෙන් ඡන්දයෙන් බලය ගත් රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලා සන්තෝස කරන්න උද්ඝෝෂණවලට පහර දීම සරල කාරණයන් නෙවෙයි. වහාම පරාජයට පත් කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ගැන කතා කරමින් ඉන්නවා. එහෙම කතා කරන්න එයාට අයිතියක් නැහැ. තමන්ගේ අදහස් පළ කරන්න සහ සාමාකාමී උද්ඝෝෂණයේ යෙදෙන්න දී තිබෙන අයිතිය මර්දනය කරමින් රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහනවා. රනිල් වික්‍රමසිංහට පිනට ලැබුණු ජනාධිපතිකමෙන් රාජපක්‍ෂලා සන්තෝස කරන්න ඔහුට ඕනෑ වී තිබෙනවා. “

ජනතාව මේ මොහොතේ මුහුණපා තිබෙන ඉතාමත්ම අසීරු ආර්ථික ගැටලුවලට විසඳුම් දීමේ වැඩපිළිවෙළක්වත් රනිල් වික්‍රමසිංහ සකස් කර නැහැ. ඒ වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට ඔහු බලය තහවුරු කර ගන්න ක්‍රියා කරමින් ඉන්නවා.

රටට ඔරොත්තු  නොදෙන ඇමති මණ්ඩලයක් ඉදිරියේදී හදන්න යනවා. ගලවන්න පුළුවන් පක්‍ෂවලින් ගලවාගෙන ඇමති මණ්ඩලයයක් හදා පාලනය ගෙනයන්න උත්සාහ කරනවා. ජනතාවට පහර දෙමින් තමන්ව බලයට පත්කළ මන්ත්‍රීවරුන්ට වරදාන ලබා දෙනවා. තමන්ගේ යහළුවන්ට විශාල වරදාන ලබදීම එළිපිටම කරනවා. බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමට නැවත ස්කාගාර විවෘත කරන්න අවසර ලබා දුන්නා. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වුනු අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ ඉන්න අතර උද්ඝෝෂණය කරන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. රාජපක්‍ෂවරුන්ට වගේම රනිල් වික්‍රමසිංහටත් ජනතාව එක්ක කෝපයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ජනතා උද්ඝෝෂණ නිසා අගමැතිකම නැතිවී ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිකම නැතිවුණා. බැසිල් රාජපක්‍ෂට මන්ත්‍රීකමත් නැතිවුණා. රාජපක්‍ෂවරු වටේ හිටිය හොරාකන අයගේ අවස්ථා නැතිවුණා. “

“මේ සම්බන්ධයෙන් ඔවුනට ජනතාව එක්ක තිබෙන කෝපය රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම  දීලා පිරිමහ ගනිමින් ඉන්නවා. අදත් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති නෙවෙයි. රාජපක්‍ෂරුන්ගේ කොන්ත්‍රාත්කරුවෙක්. ජනතාව රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා නැහැ. ඔහුට ඡන්දය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකක්. මේ නිසා පවතින බරපතළ තත්වය හොඳින් තේරුම් ගෙන පරාද කරන්න ඕනෑ. “

“සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිෂන් සභාව රැස් වෙනවා. එහිදී මේ මර්දනය නිසා ලංකාව පරාජය කරන්න ඉඩ තිබෙනවා. එහෙත් එයින් පරාජය වෙන්නේ රනිල් නෙවෙයි; මේ රටේ ජනතාවයි. උද්ඝෝෂණ මැඩ පවත්වන්න විශාල පොලිස් කණ්ඩායම් යොදවලා පළිගැනීමේ ස්වභාවයකින් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහලා අතිශය දූෂිත පාලනයක් ස්ථාපිත කරගන්නයි. “

මේ තත්වය පරද්දන්න අපිට විශාල සටනක් තිබෙනවා. ජන වරම අහෝසි වී තිබෙන බව අපි විතරක් නෙවෙයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කර  තිබෙනවා. ජනවරම අහෝසි වුණු ආණ්ඩුවට රට පාලනය කරන්න සදාචාරමය අයිතියක් නැහැ. දේශපාලනමය අයිතියක් නැහැ. ව්‍යවස්ථාවේ තිබෙන නීතිරීතිවලින් රැකුණත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් කිසිම අයිතියක් නැහැ.“

“ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. මේ ආණ්ඩුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා කිසිම තේරුමක් නැහැ. සහන ඉල්ලන ජනතාවට මර්දනයෙන් උත්තර දෙන දුෂ්ට පාලනය පළවා හැරිය යුතුයි. ඔවුන් ඉල්ලා අස්වී ජනතාවට  කැමති පාලනයක් පිහිටුවා ගන්න මැතිවරණයක් වෙනුවෙන් හඬ නගන්න සිදුවී තිබෙනවා. ජනාධිපති පලවා හැරිය උද්ඝෝෂණවලින් පසුව කිසියම් නිහැඬියාවක් දැන් තිබෙනවා. “

“කිසියම් මොහොතක ජනතාව නැවත නැගී සිටිනවා. ජනතාව පීඩා විඳින සියලු ප්‍රශ්න එසේම තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිට මේ පාලනය  ඉවත් කරන්න අයිතියක් ජනතාවට තිබෙනවා. එය හරියටම  ඉලක්ක ගතව කරන්න ඕනෑ. ඒ සටනට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් සූදානම්. ජනතාව පීඩාවට පත්කරන, මර්දනය කරන පාර්ලිමේන්තුවට  ඉල්ලා අස්වන ලෙස  බල කරමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක ආරම්භය 20වැනිදා උද්ඝෝෂණ පෙළපාළියකින් සහ විරෝධතා රැලියකින් ලබා ගන්නවා. අරගලයේ ජන බලය පෙන්වන පා ගමන සහ රැලිය සාර්ථක කරගන්න අරගලයට පණ පොවමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මර්දනකාරිත්වය නැවැත්වීමටත් අත්අඩංගුවට ගෙන සිටින හැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි බලකර සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

QR ක්‍රමය නොතැකූ ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන  බෙදා හැරීම අත්හිටුවයි….

Next Post

ප්‍රචණ්ඩකාරීව හැසිරුණ පොලිසිය නීතිය අවභාවිතා කළා –

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.