අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

මා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙන්නෙ නෑ… ඉවත් කරන්නත් බෑ… කොල්ලුරේ කතා කරයි!

by editor
ඔක්තෝබර් 25, 2021
in දේශපාලන
raja-kollure
Share on FacebookShare on Twitter
  • කොමියුනිස්ට් පක්ෂයේ සභාපති මම… ආණ්ඩුකාරයා ලෙස මා ගත් තීන්දුවකට   කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බලපෑම් කරන්න කොහොම ද?

ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ   එම පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍ය කාරකසභාව තීරණය කළේය. ඊට හේතු වූයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදෙන    ගුරුවරුන්ගේ වැටුප් කැපීම, ඔවුන්ව මර්ධනය කිරීම, රාජ්‍ය බලය යොදා බිය ගැන්වීමට උත්සාහ කළ බව කී   ඔහුගේ  ප්‍රකාශයන්ය.

වර්ජිත ගුරුවරු පාසල් පැමිණ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලි සක්‍රීය කළ අද (25) ලංකසර කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කළ  වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ සමග කෙටි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය.

මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.

ප්‍රශ්නය  – රාජා කොල්ලුරේ කියන්නේ ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ සභාපතිවරයා  පමණක් නොවේ.  දේශපාලන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස කීර්තිමත් නමක් දරා සිටින පුද්ගලයෙක්. මොකද ඔබට සිදුවුණේ?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර – මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරමින් සිටියදී තමයි මාව  වයඹ ආණ්ඩුකාර දූරයට. පත් කළේ. මම මේ පක්ෂයෙන් ඉවත් වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබව පක්ෂයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට හැකියාවක් තියෙනවාද?

.

පිළිතුර – ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවට  මට විරුද්ධව විනයානුකූලව  ක්‍රියා කිරිමේ බලයක් නැහැ. මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය සම්බන්ධයෙන් කුමන පියවරක් ගත යුතුද යන්න පිලිබඳව මම සලකා බලමින් සිටිනවා

ප්‍රශ්නය – ඔබව පක්ෂයෙන් ඉවත් කිරිමට හේතු වූන කාරණය කුමක්ද?

පිළිතුර – වයඹ ආණ්ඩුකාරවරයා හැටියට මට ලැබී තිබෙන  බලතල පාවිච්චි කරලා මෙතෙක් වසා දමා තිබෙන පාසල් යළි  ඔක්තෝම්බර් 21 විවෘත කරන්න කියලා යෝජනාවක් ආවා. මම ඒ යෝජනාවට අනුව කටයුතු කළා.

පාසල් විවෘත කිරිමේදී මෙම  වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා යම් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් විනය විරෝධී ක්‍රියාවක් කළොත් ඔහුට විරුද්ධව විනායානුකූලව ක්‍රියා කරන බව මම ප්‍රකාශ කළා. ඒ එක්කම මම ප්‍රකාශ කළා පරීක්ෂණයකින් පසුව විනයානුකූලව කටයුතු කිරීමකින් පසුව යම් කෙනෙකු විනය විරෝධි කටයුත්තක් කර තිබෙනවා නම් ඔවුන්ගේ වැටුප් අත්හිටුවිම සඳහා ක්‍රියා කිරීමට අදහස් කරන බව.

මේ සම්බන්ධයෙන් යම් වෘත්තීය සමිති කිපුණා. මට කරන්න දෙයක් නැහැ. මම  ක්‍රියාත්මක කරන්න තීරණය කළේ රාජ්‍ය ප්‍රතිපත්තිය. මගේ ප්‍රකාශය නිසා තමයි මාව පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවත් කළේ.

 

ප්‍රශ්නය – ආණ්ඩුකාරවරයා වශයෙන් ඔබ ගත් තීන්දු තීරණයන්ට බලපෑමක් කිරීමට කොමියුනිස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හැකියාවක් තියෙනවාද?

පිළිතුර – කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයා වශයෙන් මා ගත් තීන්දු තීරණයන්ට විරුද්ධව කටයුතු කිරිමට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවට කිසිදු අයිතියක් නැහැ.

ප්‍රශ්නය  –  ඔබට ආණ්ඩුකාරවරයා ලෙස  පාසල් විවෘත කිරිම තිබෙන බලය පැහැදීලි කළොත්?

පිළිතුර – පළාතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභා නොමැති අවස්ථාවක බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාටයි. ඒ වගේම පළාත් සභාවලට තමයි අති බහුතරයක් පාසල් අයිති. මා කළේ ජනාධිපතිවරයාගේ සහ රේඛීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි    ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරිමයි..

ප්‍රශ්නය – පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයෙන් දොට්ට දාලා කොමියුනිස්ට් පක්ෂයෙ බලය අල්ල ගන්න කරන වැඩක්ද?

පිළිතුර – එහෙමත් වෙන්න පුලුවන්. මම  කොමියුනිස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ.  එතකොට මගේ වයස අවුරුදු 20යි. මේ වන විට මම කොමියුනිස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන අවුරුදු 63ක් පමණ වෙනවා‍.

මම කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස ක්‍රියා කර තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරයේ මම කටයුතු කර තිබෙනවා. දැන් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනවා.

මම මේ පත්වීම   ගැනීමට පෙර පක්ෂයට දැන්නුවා ජනාධිපතිවරයා මාව ආණ්ඩුකාරවරයා හැටියට පත්කරන්න තීරණය කරලා තියෙනවා කියලා. දැනුම් දුන්නාම  පක්ෂය එය අනුමත කළා.

ප්‍රශ්නය – ඔබ වගේ ජ්‍යෙෂ්ඨයො  පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පක්ෂයට  වාසියක් සිදුවෙනවාද?

පිළිතුර – කොහෙත්ම නැහැ. පක්ෂයට සිදුවුණේ අපකීර්තියක් මිසක් හොඳක් නෙවෙයි.  මෙහෙම ගියොත්  පක්ෂයට ඉදිරි ගමනක් නැති වෙයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊය වළ දැමූ රත්තරන් සොයන්නට පැමිණි පිරිසක් නිසා මුලතිව් කෝවිලකට හමුදා ආරක්ෂාව…

Next Post

යාපනයේ ගෙවත්තකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතු වේ…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.