fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

භාණ්ඩාගාර ගිණුම දුවන්නෙත් ඕ.ඩී. එකකින්… මාස 16ට ට්‍රිලියනක මුදල් අච්චු ගහලා… රටේ ආර්ථික ව්‍යසනය අනුර පාර්ලිමේන්තුවේ දී කියයි….

මෙහෙම ජාතික දේපල විකුණන්න ආණ්ඩු මොකට ද? මේ ආණ්ඩුවක් නොවෙයි බ්‍රෝකර් සමාගමක්....

1 වසරක් ago
in දේශපාලන
473 4
0
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුවට මල් පූජා කර වන්දනා කරන්නට ඇති පූජනීය ස්ථානය බියගම මුදල් අච්චුගහන ෆැක්රිය බවත් ආණ්ඩුවේ මුදල් ඉපයීමේ එකම ක්‍රමය මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා රාජ්‍ය දේපල විකිණීම පමණක් බවත් අනුර කුමාර දිසානායක අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

රට බරපතල ආර්ථික අර්බුදයක වැටී ණය උගුලක සිරවී සිටිද්දී මුදල් උපයන්නට හිතන ප්‍රධාන උපක්‍රමයක් සේ ජාතික දේපල විකිණීමේ කටයුත්ත කරන්නේ නම් නම් ඒ සඳහා ආණ්ඩුවක් අවශ්‍ය නැති බව කී මන්ත්‍රීවරයා බ්‍රොකර් සමාගමක් ප්‍රමාණවත් බව පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“රාජ්‍ය ආදායම වේගයෙන් හීන වෙමින් තිබෙනවා. නිශ්පාදනය වේගයෙන් කඩාවැටෙමින් තියනවා. ආනයන අපනයන අතර පරතරය, වේගයෙන් වර්ධනය වෙමින් තියනවා. විශාල ණය අර්බුදයක අපි ගිලිලා තියනවා. “

වර්ෂ 2021 දී රුපියල් බිලියන 1961ක් උපයන්න රජය ඇස්තේම්න්තු කරලා තියනවා.  නමුත් මේ අප්‍රේල් 30 දක්වා උපයා තිබෙන්නේ බිලියන 482යි. ඉදිරි කාර්තු දෙක සීමාව ගැන උපකල්පනය කළොත් රාජ්‍ය ආදායම පවතින්නෙ බිලියන 1500 සීමාවෙ. අප ණය පොලී වාරිකය ගෙවීමට කෝටි 19400ක් ණය විය යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ආදායම ණය පොලී වාරිකය ගෙවාගන්න තරම් වත් ප්‍රමාණවත් නෑ.

මේ ආදායම් හීන වීම පහුගිය අවුරුද්දේ ගනු ලැබූ බදු ප්‍රතිසංස්කරණ නිසා සිදුවුණා. එම ප්‍රතිසංස්කරණ රටේ ආර්ථිකයට හෝ ජනතාවට නෙමෙයි සහනය ගෙනාවෙ. ඉතා කුඩා චෞර වළල්ලක් යටතට ඒ බදු සහන ගලාගෙන ගියා. අණ්ඩුවට ලැබිය යුතු බිලියන 600ක් මේ බදු ප්‍රතිසංස්කරණ නිසා නැති වුණා.

ආනයන සීමා දැම්මට පහුගිය මාස 04 තුළ ද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් මිලියන 6447ක් වැය වෙලා තියනවා. අපනයන ආදායම ලැබී තිබෙන්නෙ ඩොලර් මිලියන 3800. ඩොලර් මිලියන 2948ක ආනයන අපනයන පරතරයක් තියනවා. ඒ කියන්නෙ අවුරුද්දෙන් තුනෙන් එකක දි වෙළෙඳ ශේෂය දළ වශයෙන් ඩොලර් ඩොලර් බිලියන 3යි. මේ අවුරුද්දෙ අවසන් කාර්තුව ඩොලර් බිලියන 8 -9 අතර වෙළෙඳ ශේෂයක් ඇති වෙන්න ඉඩකඩ තියනව.

රාජ්‍යය ණය උගුලක‍

ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය මීට මාස දාසයකට පෙර ආසන්න වශයෙන් ටිලියන 13යි. බිලියන දහතුන් දසහසයි. නමුත් 2021 අප්‍රේල් වනවිට ට්‍රිලියන 16.3යි. මාස 16ක් තුළ කෝටි තුන්ලක්ෂ තිස් දහසකින් ණය වැඩි වෙලා. ආසන්න වශයෙන් ගත්තොත් එක පුරවැසියෙකුගේ ණය ප්‍රමාණය ලක්ෂ එක හමාරකින් වැඩි වෙලා තියනවා.

මීට අමතරව භාණ්ඩාගාරය ඇප වෙමින් ඇපකර හරහා රාජ්‍ය ආයතනවලින් ගත්තු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.4යි. ඒ කියන්නේ කෝටි එක් ලක්ෂ හතලිස් දාහයි. ආසන්න වශයෙන් රාජ්‍ය ණය ට්‍රිලියන 17.7 දක්වා වර්ධනය වී තිබෙනවා.

මාස 16ට ට්‍රිලියනයක් වටිනා මුදල් අච්චු ගහලා…

තමුන්නාසේලා දේශීය ණය ගෙවා ගන්න පුලුවන් බියගම සල්ලි අච්චු ගහන ෆැක්ටරියට පින්සිද්ධ වෙන්න. ඒ ෆැක්ටරියට උදේ හවස මල් පූජා කරලා හඳුන්කූරු පත්තු කරන්න. 

මේ ආණ්ඩුව මාස 16ක් අතුළත ට්‍රිලියනක මුදල් අච්චු ගහලා තියනවා. ඒ කියන්නෙ කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහලා තියනවා. එක් දිනයක් ඇතුළත රුපියල් බිලියන 221ක් ඒ කියන්නෙ කෝටි විසි දෙදාස් එකසීයක මුදල් අච්චු ගහලා තියනවා. සල්ලි අච්චු ගහලා දේශීය ණය පියවා ගන්න පුලුවන් වේවි.

ඉතිහාසේ පළමු වරට විදෙස් ණය වැඩි වෙලා

ඒත් ඉතිහාසේ පළමු වතාවට රටේ ණය පංගුවෙන් සියයට 47ක් විදේශ ණය. අප්‍රේල් 31ට විදෙස් ණය පංගුව ඩොලර් බිලියන 35.1ක්. ඉනුත් විශාල ණය පංගුවක් අරන් තියෙන්නෙ ජාත්‍යාන්තර සුවිරි බැඳුම්කර හරහා. විදේශ ණයවලින් සියයට 40ක් අරන් තිබෙන්නේ විදෙස් බැඳුම්කර වලින්. 2007 වෙනකම් අපි එහෙමණය ගත්තේ නෑ. ඒ ණය ගත්තේ විශාල පොලී අනුපාතිකයන්ට.
ඩොලර් බිලියනකය විදෙස් බැඳුම්කරයක් මේ ජූලි මාසෙ 27 වැනිදා අපි ගෙවනු ලැබුවා. ලබන අවුරුද්දේ ජනවාරි තව ඩොලර් මිලියන 500ක් ඒ අවුරුද්දෙම ජූනි මාසෙ 18 තව ඩොලර් බිලියනයක් අපිට ගෙවන්න තියනවා.

ලබන වසරට විදෙස් බැදුම්කර වෙනුවෙන් ණය ගෙවන්න අපට ඩොලර් මිලියන 1500ක් අවශ්‍ය වෙලා තියනවා. දැන් විදෙස් තැන්පතුවල මුදල් කීයක් තියනව ද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න. මා උපකල්පනය කරනවා ජූලි 28 වනවට ඩොලර් බිලියන 2.5ක් 3ක් අතර පමණයි ඉතිරිව තිබෙන්නේ.

භාණ්ඩාගාර ගිණුම දුවන්නෙ ඕ.ඩී. එකකින්.

භාණ්ඩාගරයෙ ගිණුම දුවන්නෙ බැංකු අයිරාවකින්. ඒ බැංකු අයිරාව අද වනවිට රුපියල් බිලියන 620යි. භාණ්ඩාගාරයේ ගිණුම කෝටි හැට දෙදාහක බැංකු අයිරාවකින් දුවන තත්වයට රට පත් වෙලා තියනවා.

ඉදිරි මාස 04ක කාලයේ දි ඩොලර් බිලියන 1.7ක් අපට ඕන ණය ගෙවන්න. භාණ්ඩ ගෙන්වන්න ඩොලර් බිලියන 03ක් ඕන. ඒ කරුණු දෙක සඳහා පමණක් ඩොලර් බිලියන 4.7ක් පමණක් අවශ්‍යයයි

මුදල් ඇමති කියනවා ඩොලර් මිලියන 250ක් බංගලාදේශය අපට දේවි කියන උපකල්පනයෙන් ඉන්නවා. ඉන්දියාව ඩොලර් මිලියන 400 හුවමාරු ණය මුදලක් ලබා දේවි. ඉන්දියාව අපට එය දෙනවා. ඒත් එය මාස හයක හුවමාරුවක්. අපි අගොස්තුවලදි ගත්තොත් පෙබරවාරි මාසයෙදි එය ගවෙන්න ඕන. ජාත්‍යාන්තර මූළ්‍ය අරමුදලින් .ඩොලර් මිලියන 800ක ණයක් ලැබෙන්න ඉඩක් තියනවා. චීනයෙන් ඩොලර් මිලියන 300ක් ලබාගැනීමේ සැලැස්මක් තමුන්නාන්සේලාට තියනවා. වෙළෙඳපලෙන් ඩොලර් මිලියන 200ක් මහ බැංකුව උපයාගන්නවා කියලා මුදල් ඇමතිවරයා කියනවා. වෙළෙඳපලේ කොහෙද ඩොලර් තියෙන්නෙ. විශාල ඩොලර් හිඟයක් වෙළෙඳපලේ තිබෙද්දි ඔහු මේ කතාව කියන්නෙ. කළුකඩේ අද ඩොලරයේ අගය රුපියල් දෙසීය තිස් පහයි. හතලිහයි. මේ දත්ත කියන්නෙ අපි ණය උගුලක හිරවුණු රාජ්‍යයක් බව.

නමුත් මේ අය මෙවැනි තත්වයක් තිබෙනවා කියලා හිතමින් රට පාලනය කරන්නෙ නෑ.

බිලියන 82ක් පාඩු කළ රාජ්‍ය ආයතන

රාජ්‍ය ආයතන 19ක මුල් මාස හතරෙ පාඩුව බිලියන 82යි. කෝටි 8200යි. ගුරුවරුන්ට පඩි වැඩි කරන්න අවශ්‍ය බිලියන 56යි. මේ රාජ්‍ය ආයතන 19 මාස 04ක පාඩුව බිලියන 82යි. මේ වසර අවසන් වනවිට පාඩුව කෝටි දෙලක්ෂ හතලිස් දහස ඉක්මවනවා. එයාලංකා එක පවරා ගත් දවසේ සිට මේ වනවිට පාඩුව රුපියල් බිලියන 370යි. කෝටි 37700යි. තෙල් සංස්ථාවෙ පළමු මාස හතරෙ පාඩුව බිලියන 45යි. රාජ්‍ය ආයතන රටට බරක් වෙලා. තෙල් සංස්ථාව පාඩු ලබමින් තිබෙද්දි දේශපාලන ලයිස්තුවලින් 100කට වඩා සේවකයො ගත්තා. තෙල් සංස්ථාව විතරක් රාජ්‍ය බැංකු දෙකට ණය රුපියල් බිලියන 670යි.

විල්මාට කළ සැලකීම

මේ තරම් රාජ්‍ය ආදායම අඩු වෙමින් තිබිය දී රුපියල් 28ක් වූ සීනි බද්ද ශත 25ට අඩු කළා. ඒ අඩුකිරිම කළේ මේ එකම මන්ත්‍රීවරයෙක් වෙනුවෙන්වත් රටේ ජනතාව වෙනුවෙන්වත් නෙමෙයි. විල්මා සමාගම වෙනුවෙන්. ඔබේ ආණ්ඩුව කෝටි 1500ක් එක සමාගමකට ගලා යන්න සැලැස්සුවා. කවුරු වෙනුවෙන්ද තමුන්නාන්සෙලා මේක කරන්නෙ.

ඒ අස්සෙ මහා පරිමාණ ඉදිකිරිම් වලට යන්න යනවා. මේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් කලා කියලා ජනතාවගෙ කුසගින්නට උත්තරයක් ලැබෙන්නෙ නෑ. ඒ කොන්ක්‍රීට් වනාන්ත මේ රටට බරක් වෙලා තියනව. ඒ ණය ගෙවාගන්න බැරි ස්ථාන බවට පත් වෙලා තියනවා.

බ්‍රෝකර් සමාගමක් දාගන්න

මුදල් හොයන්න ඔබ අරන් තියෙන්නෙ ක්‍රියාමාර්ග තුනයි. ණය ගැනීම, රාජ්‍ය දේපල විකිණීම හා මුදල් අච්චු ගැසීම.
කෙළවර පිටිය බලාගාරයෙ සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරා දුන්නා. ගුවන් හමුදා මූලස්ථානය අසල ඉඩම දෙන්න යනවා. බේරේ වැව අසල ඉඩම් විකුණන්න යනවා. රටේ අතිශය පෞරාණික හා ආර්ථික වටිනාකමක් සහිත ගොඩනැගිලි වුනු තැපැල් මූලස්ථානය, ඇතුළු කොළඹ නගරයේ පුරාණ ගොඩනැගිලි සෙලෙන්දිවා හරහා විකුනන්න යනවා. මුදල් රාජ්‍ය ඇමති කබ්‍රාල් බ්‍රොකර්වරයෙක්. ආණ්ඩු හදන්න ඕන නෑ මේවට. බ්‍රෝකර් සමාගමක් දා ගන්න. රාජ්‍ය දේපල විකුණන බ්‍රෝකර් සමාගමක් අප ඉස්සරහා තියනවා.

කරුණාකරලා මේ අවිචාරවත් වැඩපිළිවෙළ නවත්වන්න. ජනතාවට රටේ ඇත්ත කියන්න. වංචාව, දූෂණය හා අසීමිත නාස්තිය වහාම නවත්වලා රට විනයක් සහිත තැනක් කරන්න.


Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අවසන් සාකච්ඡාවත් අසාර්ථකයි… ගුරුවරු හෙට රථ පෙළපාළියකින් පැමිණ ජනාධිපති ලේකම්කාර්යාලය වටලන සැලසුමක….

Next Post

ඇමති මහින්දානන්දටත් කොවිඩ්

Related Posts

රට දැවැන්ත අර්බුදයකට නොදා චීන නැව ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි…

අගෝස්තු 8, 2022

ගෝලීය අරගලවලට ශ්‍රි ලංකාව වේදිකාවක් වීමේ අවදානමෙන් ගැලවෙමු

ජූලි 28, 2022
Champika-Ranawaka

රට බංකලොත් කළ චෞරයින් එළියේ තබා අගරලයේ තරුණයින් දඩයම මොනතරම් සදාචාරාත්මක ද?

ජූලි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….
  • කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

ජනප්‍රිය පුවත්

  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    301 shares
    Share 120 Tweet 75
  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    209 shares
    Share 84 Tweet 52
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    198 shares
    Share 79 Tweet 50
  • හදිසි නීතිය ඉවතට!

    199 shares
    Share 80 Tweet 50
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

චීනය, එක්සත් ජාතීන් ද රවටමින් උයිගුර්වරුන්ට හිරිහැර කළ අයුරු ‘ඉසා’ හෙළිදරව් කරයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

by editor
අගෝස්තු 17, 2022
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වටවිට...

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

by editor
අගෝස්තු 17, 2022
0

ජනතා නැගිටීමක් මැද රටින් පලා ගිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist