බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බූරු පුතෙකුගේ මරණීය විගඩම

by editor
මැයි 30, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

තොණ්ඩමන් මිය ගියේය. මිය ගිය තොණ්ඩමන් ජීවත් වී සිටි දිරාපත් තොණ්ඩමන්ට වඩා හොඳින් මාර්කට් කළ හැකිය. රටේ වලංගු නීතිය තුට්ටුවට දමමින් මේ මෙහොත වනවිට තොණ්ඩමන්ගේ මිනිය මාර්කට් වෙමින් තිබේ.

වෙනස් වුණු සංස්කෘතිය
මේ වසංගත සමය අපට අපේ සියලුම සංස්කෘතික සම්බන්ධතාවල ස්වරූපය වෙනස් කරන්නට නියම කළේය. ඒ නියමන් පෙළ ගැසුනේ සෞඛ්‍යය පිළිවෙතක අනිවාර්ය අංග ලෙසිනි. ජීවිතය සඳහා වූ මේ සෞඛ්‍යයය පිළිවෙත රටම එක් දිශානතියකට යොමු කළේය. මිනිස්සු ඒ අවස්ථා ගෞරවයෙන් පිළිගත්හ.
මිනිස්සු ස්වකීය සංස්කෘතික සම්ප්‍රදාය වෙනස් කළහ. එක බත්පත බෙදාගෙන කෑ උන් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කළහ. ගෙදරට හාල් තුන පහ ගෙනෙන්නට ඇති මුදලින් මුඛ ආවරණ ගෙන පැළඳුහ. දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජ හරණ දියර අධික මිල ගණන්වලට මිල දී ගත්හ. කඩයක්ට ගොඩවන විටත් දෑත් සෝදා පිරිසිදු කළහ. මේ නියමන් පුරුදු වූයේ තමන් වෙනුවෙන් නොව, අනිකා ගේත් සමාජයේත් සෞඛ්‍ය වෙනුවෙන් ය.
කුඩුපට්ටම් විය හැකි ආර්ථිකයට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටිනාකමට බරක් තැබූ ආණ්ඩුවේ මානුෂවාදී ඉලක්කය සාධනය කර ගත්තේ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ කළ අප්‍රමාණ කැපවීම මතු නොව, මිනිසුන් අතිමහත් බහුතරය ප්‍රකට කළ ශික්ෂණය නිසාය. පෙට්ටිකඩ කාරයාගේ සිට එදා වේල සොයාගත් අහිසංක කුලී කරුවන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ආර්ථිකව නොසිතූ ලෙස බිඳ වැටුණි. රටේ අසරණ මිනිසුන්ගෙන් අඩක් කුසගින්නේ පීඩිතව මුවින් නොබැන ඉවසූහ. තවමත් ඉවසති. ඒ උවදුරු සමයක මිනිසුන් ලෙස ප්‍රගුණ කළ ශික්ෂණයේ ස්වරූපය ය. එමෙන්ම මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටේ නීති සම්පාදනය විය. නෛතික ගැටලු තිබුණත් මේ නීතිමය ප්‍රවේශ පිළිබඳ කිසිවෙක් ප්‍රශ්න කළේ නැත. පොලිසිය ඇඳිරි නීති බලපත් නිකුත් කළේය. ඇඳිරි නීතිය සමයේ එම බලපත්‍රයක් නැතිව මහ මගට බට විට එක්කෝ හිරේ විලංගුවේ වැටුනහ. ඇතැමෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළහ. වාහන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගැනුණි. නිරෝධායන ඇඳිරි නීතිය කඩකළාහු දණ්ඩනයට යටත් වූහ. රන්ජන් රාමනායකලා හිරේ විලංගුවේ වැටුනේ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නට ගොසිනි.
මුස්ලිම් මිනිස්සු ස්වර්ගයට යෑම පසෙක තබා ස්වකීය ඥාතීන්ගේ මල සිරිරු පිලිස්සූහ. සමීප ඥාති මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන්වත් තොරව මහජන සෞඛ්‍යය නිලධාරීන්ගේ හා පොලිසියේ විධි නියමන්ටය අනුව මේ කාලයේ මැරුණු මිනිස්සු අවසන් ගමන් ගියහ. මිනිය වළලන දිනය තීරණය කළේ පොලිසිය ය. මලගෙදර දොරටුව ලඟ හිඳිමින් එකා දෙන්නා මිනිය දකින්නට යවා ජනතාව පාලනය කළේ පොලිසිය ය. පොලිස් නියමයට අනුව එක් දිනක් තුළ අවසන් කටයුතු කිරිමට නියම කළ සිය පියාගේ මලගෙදරට දිස්ත්‍රික්ක දෙකක් පසුකර යෑමට නොහැකි වූ මිනිසුන් ගැන අසන්නට ලැබිණි. නිරෝධායන නීති කඩ කරමින් සිය දියණියගේ මිනිය දකින්නට නොපැමිණි පියෙකුගේ සමාජ ශික්ෂණය ගැන වාර්තා විය.
අතිශය ඉහළ බැඳීම් සහිත ලාංකික සමාජයේ මිනිසුන් මරණය ඉදිරියේ පවා පැනවෙන දැඩි නෛතික බලකිරීම මුවින් නොබැන ඉවසූහ. කොවිඩ් වසංගතය මේ රටින් මෙපමණ දුරු කිරීමට රජය, සෞඛ්‍ය අංශ මතු නොව, මෙවැනි මිනිසුන්ගේ අප්‍රමාණ කැප කිරීම්ය.

මාරක කෙළිය
එහෙත් ඒ විශිෂ්ට කැප කිරීම්හි ස්වරූපය, රටක් ලෙස අප්‍රමාණ ආර්ථික බිඳ වැටීම් හමුවේ ලබා ගත් ජයග්‍රහණය නොපැසුණු ළදරු වෙකුගේ අශිෂ්ට, අශික්ෂිත දේශපාලනය වෙනුවෙන් කුඩු පට්ට්ම් කිරීමට දී බලාගෙන සිටින ආණ්ඩුව අප තුළ උපදවන්නේ මවිතයකි.
මේ රටේ නීතිය අපට මෙන්ම තොණ්ඩමන්ටත් වලංගුය. තොණ්ඩමන්ගේ පුතාටත් වලංගුය. තොණ්ඩමන්ගේ පුතා සිය පියාගේ අවසන් කටයුතු කරන්නේ තමිල්නාඩුවේ නොව තලවාකැලේය. මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතියය. එහෙත් ඒ විධි නියමන් තලවකැලේ දී තුට්ටුවකට මායිම් වන්නේ නැත.
නුවරඑළියට ඇඳිරි නීතිය දාන්නේ තොණ්ඩමන්ගේ දේහය තලවාකැලේට ගේන්නටත් පෙරය. එය ගෙනා මොහොතේ මේ දක්වා සිට සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කෙරෙන බව නුවර එළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය අංශ අපට කියන්නේය. ඔවුන් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශටය කළ පැමිණිල්ලි පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඊයේ පෙරවරුවේ රැස් වූ සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීන් මේ අවස්ථාවේ නිරෝධායන නීති හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇත්තේය.
එහෙත් මේ කිසිම නීතියක් නොසලකන ජිවන් තොණ්ඩමන් විසින් පන්දහසකට අධික පිරිසක් රැස් කර හෙට (31) අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් හිඳීන්නේය. ඒ සම්බන්ධව ඔහුව දැනුවත් කරන රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඔහු කියන්නේ මේසේය.
“ ඔබගේ සමාජ දුරස්ථ භාවය ඔබ තියාගන්න… මට මිනිසුන් අවශ්‍යයි. පියා සිටියේ මිනිසුන් සමගයි. මිනිසුන් නොගෙන්වා අවමංගල්‍ය උත්සලවය පැවැත්වීමට මා සූදානම් නෑ…“
ජීවන් තොණ්ඩමන්ගේ මේ ප්‍රකාශය ගැන එක් අතකින් කලබල විය යුතු නැත. රටේ නිතී සම්පාදනයකරන පාර්ලිමේන්තුවේ දී රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හිටපු කතා නායක, ඇතුළු දේශපාලකයන් රටට වලංගු කර තිබූ නිරෝධායන නීතිය කඩා දැමූහ. එතැන් සිට මේ මෘත දේහය රට වටේ ගෙන ගොස් නුවරඑළියට ගෙනැවිත් ඇත්තේය. අනිල් ජාසිංහ නිරෝධායන නීති කියා දෙන්නට යන්නේ එවැනි මලමගුලකටය.
ඒ කෙසේ වෙතත් මේ මිය ගිය මිනිසා ගෞරවණීය ලෙස අවසන් ගමන් යා යුතුය. ඒ ගෞරවය නිර්මාණය වන්නේ මිනියක් වෙන්දේසි කරමින් දේශපාලනය කර නොවේ. රටේ වලංගු නීතියට ගෞරව කරමින් ආදර්ශයක් ලබා දීමෙනි.
ජීවන් තොණ්ඩමන් දේශපාලනයට එන්නට තෝරාගත් ප්‍රවේශයම  අශිෂ්ටය. අනීතිකය. කොටින්ම කුජීතය. මරණයකදීවත් ගෞරවනීය අවසානයක් ලබා ගැනීමට මිනිසෙක් පින් කළ යුතුය. ඒ අතින් බලනවිට ආරුමුගම් තොණ්ඩමන් පවුය. බූරු පුතුන් ජාතක කළ පියවරුන්ට අත්විය හැකි සෝචනීය අත්දැකීම ලබමින් මේ කම්කරු නායකයා අවසන් ගමන් යන්නේය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share136Tweet43
Previous Post

අවුරුද්දකට වතාවක් පුංචි උන්ට දුමක් අදින්න දෙන අරුම පුදුම ස්විස් උත්සවය

Next Post

ලෝකයම මවිත කළ කේරළ සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා මෙහෙයුම…

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.