fbpx
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බූරු පුතෙකුගේ මරණීය විගඩම

editor by editor
මැයි 30, 2020
in දේශපාලන
0
Share on FacebookShare on Twitter

තොණ්ඩමන් මිය ගියේය. මිය ගිය තොණ්ඩමන් ජීවත් වී සිටි දිරාපත් තොණ්ඩමන්ට වඩා හොඳින් මාර්කට් කළ හැකිය. රටේ වලංගු නීතිය තුට්ටුවට දමමින් මේ මෙහොත වනවිට තොණ්ඩමන්ගේ මිනිය මාර්කට් වෙමින් තිබේ.

වෙනස් වුණු සංස්කෘතිය
මේ වසංගත සමය අපට අපේ සියලුම සංස්කෘතික සම්බන්ධතාවල ස්වරූපය වෙනස් කරන්නට නියම කළේය. ඒ නියමන් පෙළ ගැසුනේ සෞඛ්‍යය පිළිවෙතක අනිවාර්ය අංග ලෙසිනි. ජීවිතය සඳහා වූ මේ සෞඛ්‍යයය පිළිවෙත රටම එක් දිශානතියකට යොමු කළේය. මිනිස්සු ඒ අවස්ථා ගෞරවයෙන් පිළිගත්හ.
මිනිස්සු ස්වකීය සංස්කෘතික සම්ප්‍රදාය වෙනස් කළහ. එක බත්පත බෙදාගෙන කෑ උන් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කළහ. ගෙදරට හාල් තුන පහ ගෙනෙන්නට ඇති මුදලින් මුඛ ආවරණ ගෙන පැළඳුහ. දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජ හරණ දියර අධික මිල ගණන්වලට මිල දී ගත්හ. කඩයක්ට ගොඩවන විටත් දෑත් සෝදා පිරිසිදු කළහ. මේ නියමන් පුරුදු වූයේ තමන් වෙනුවෙන් නොව, අනිකා ගේත් සමාජයේත් සෞඛ්‍ය වෙනුවෙන් ය.
කුඩුපට්ටම් විය හැකි ආර්ථිකයට වඩා මිනිස්සුන්ගේ ජීවිත වටිනාකමට බරක් තැබූ ආණ්ඩුවේ මානුෂවාදී ඉලක්කය සාධනය කර ගත්තේ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ කළ අප්‍රමාණ කැපවීම මතු නොව, මිනිසුන් අතිමහත් බහුතරය ප්‍රකට කළ ශික්ෂණය නිසාය. පෙට්ටිකඩ කාරයාගේ සිට එදා වේල සොයාගත් අහිසංක කුලී කරුවන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ආර්ථිකව නොසිතූ ලෙස බිඳ වැටුණි. රටේ අසරණ මිනිසුන්ගෙන් අඩක් කුසගින්නේ පීඩිතව මුවින් නොබැන ඉවසූහ. තවමත් ඉවසති. ඒ උවදුරු සමයක මිනිසුන් ලෙස ප්‍රගුණ කළ ශික්ෂණයේ ස්වරූපය ය. එමෙන්ම මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටේ නීති සම්පාදනය විය. නෛතික ගැටලු තිබුණත් මේ නීතිමය ප්‍රවේශ පිළිබඳ කිසිවෙක් ප්‍රශ්න කළේ නැත. පොලිසිය ඇඳිරි නීති බලපත් නිකුත් කළේය. ඇඳිරි නීතිය සමයේ එම බලපත්‍රයක් නැතිව මහ මගට බට විට එක්කෝ හිරේ විලංගුවේ වැටුනහ. ඇතැමෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළහ. වාහන ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගැනුණි. නිරෝධායන ඇඳිරි නීතිය කඩකළාහු දණ්ඩනයට යටත් වූහ. රන්ජන් රාමනායකලා හිරේ විලංගුවේ වැටුනේ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නට ගොසිනි.
මුස්ලිම් මිනිස්සු ස්වර්ගයට යෑම පසෙක තබා ස්වකීය ඥාතීන්ගේ මල සිරිරු පිලිස්සූහ. සමීප ඥාති මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන්වත් තොරව මහජන සෞඛ්‍යය නිලධාරීන්ගේ හා පොලිසියේ විධි නියමන්ටය අනුව මේ කාලයේ මැරුණු මිනිස්සු අවසන් ගමන් ගියහ. මිනිය වළලන දිනය තීරණය කළේ පොලිසිය ය. මලගෙදර දොරටුව ලඟ හිඳිමින් එකා දෙන්නා මිනිය දකින්නට යවා ජනතාව පාලනය කළේ පොලිසිය ය. පොලිස් නියමයට අනුව එක් දිනක් තුළ අවසන් කටයුතු කිරිමට නියම කළ සිය පියාගේ මලගෙදරට දිස්ත්‍රික්ක දෙකක් පසුකර යෑමට නොහැකි වූ මිනිසුන් ගැන අසන්නට ලැබිණි. නිරෝධායන නීති කඩ කරමින් සිය දියණියගේ මිනිය දකින්නට නොපැමිණි පියෙකුගේ සමාජ ශික්ෂණය ගැන වාර්තා විය.
අතිශය ඉහළ බැඳීම් සහිත ලාංකික සමාජයේ මිනිසුන් මරණය ඉදිරියේ පවා පැනවෙන දැඩි නෛතික බලකිරීම මුවින් නොබැන ඉවසූහ. කොවිඩ් වසංගතය මේ රටින් මෙපමණ දුරු කිරීමට රජය, සෞඛ්‍ය අංශ මතු නොව, මෙවැනි මිනිසුන්ගේ අප්‍රමාණ කැප කිරීම්ය.

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

මාරක කෙළිය
එහෙත් ඒ විශිෂ්ට කැප කිරීම්හි ස්වරූපය, රටක් ලෙස අප්‍රමාණ ආර්ථික බිඳ වැටීම් හමුවේ ලබා ගත් ජයග්‍රහණය නොපැසුණු ළදරු වෙකුගේ අශිෂ්ට, අශික්ෂිත දේශපාලනය වෙනුවෙන් කුඩු පට්ට්ම් කිරීමට දී බලාගෙන සිටින ආණ්ඩුව අප තුළ උපදවන්නේ මවිතයකි.
මේ රටේ නීතිය අපට මෙන්ම තොණ්ඩමන්ටත් වලංගුය. තොණ්ඩමන්ගේ පුතාටත් වලංගුය. තොණ්ඩමන්ගේ පුතා සිය පියාගේ අවසන් කටයුතු කරන්නේ තමිල්නාඩුවේ නොව තලවාකැලේය. මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතියය. එහෙත් ඒ විධි නියමන් තලවකැලේ දී තුට්ටුවකට මායිම් වන්නේ නැත.
නුවරඑළියට ඇඳිරි නීතිය දාන්නේ තොණ්ඩමන්ගේ දේහය තලවාකැලේට ගේන්නටත් පෙරය. එය ගෙනා මොහොතේ මේ දක්වා සිට සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කෙරෙන බව නුවර එළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය අංශ අපට කියන්නේය. ඔවුන් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශටය කළ පැමිණිල්ලි පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඊයේ පෙරවරුවේ රැස් වූ සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීන් මේ අවස්ථාවේ නිරෝධායන නීති හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට තීන්දු කර ඇත්තේය.
එහෙත් මේ කිසිම නීතියක් නොසලකන ජිවන් තොණ්ඩමන් විසින් පන්දහසකට අධික පිරිසක් රැස් කර හෙට (31) අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් හිඳීන්නේය. ඒ සම්බන්ධව ඔහුව දැනුවත් කරන රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඔහු කියන්නේ මේසේය.
“ ඔබගේ සමාජ දුරස්ථ භාවය ඔබ තියාගන්න… මට මිනිසුන් අවශ්‍යයි. පියා සිටියේ මිනිසුන් සමගයි. මිනිසුන් නොගෙන්වා අවමංගල්‍ය උත්සලවය පැවැත්වීමට මා සූදානම් නෑ…“
ජීවන් තොණ්ඩමන්ගේ මේ ප්‍රකාශය ගැන එක් අතකින් කලබල විය යුතු නැත. රටේ නිතී සම්පාදනයකරන පාර්ලිමේන්තුවේ දී රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හිටපු කතා නායක, ඇතුළු දේශපාලකයන් රටට වලංගු කර තිබූ නිරෝධායන නීතිය කඩා දැමූහ. එතැන් සිට මේ මෘත දේහය රට වටේ ගෙන ගොස් නුවරඑළියට ගෙනැවිත් ඇත්තේය. අනිල් ජාසිංහ නිරෝධායන නීති කියා දෙන්නට යන්නේ එවැනි මලමගුලකටය.
ඒ කෙසේ වෙතත් මේ මිය ගිය මිනිසා ගෞරවණීය ලෙස අවසන් ගමන් යා යුතුය. ඒ ගෞරවය නිර්මාණය වන්නේ මිනියක් වෙන්දේසි කරමින් දේශපාලනය කර නොවේ. රටේ වලංගු නීතියට ගෞරව කරමින් ආදර්ශයක් ලබා දීමෙනි.
ජීවන් තොණ්ඩමන් දේශපාලනයට එන්නට තෝරාගත් ප්‍රවේශයම  අශිෂ්ටය. අනීතිකය. කොටින්ම කුජීතය. මරණයකදීවත් ගෞරවනීය අවසානයක් ලබා ගැනීමට මිනිසෙක් පින් කළ යුතුය. ඒ අතින් බලනවිට ආරුමුගම් තොණ්ඩමන් පවුය. බූරු පුතුන් ජාතක කළ පියවරුන්ට අත්විය හැකි සෝචනීය අත්දැකීම ලබමින් මේ කම්කරු නායකයා අවසන් ගමන් යන්නේය

Tags: නවතම
Share150Tweet52

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අවුරුද්දකට වතාවක් පුංචි උන්ට දුමක් අදින්න දෙන අරුම පුදුම ස්විස් උත්සවය

Next Post

ලෝකයම මවිත කළ කේරළ සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා මෙහෙයුම…

RelatedPosts

සබ්රි මේ තරම් ගොබ්බ ද?
දේශපාලන

සබ්රි මේ තරම් ගොබ්බ ද?

සැප්තැම්බර් 27, 2023
හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!
දේශපාලන

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

සැප්තැම්බර් 20, 2023
easter-attack
දේශපාලන

පාස්කු බෝම්බයට රාජපක්ෂලා ගේ සම්බන්ධය චැනල් 4 වාර්තා චිත්‍රපටයකින් හෙළි කිරීමට සැරසෙයි…

සැප්තැම්බර් 4, 2023
Next Post
ලෝකයම මවිත කළ කේරළ සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා මෙහෙයුම…

ලෝකයම මවිත කළ කේරළ සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා මෙහෙයුම...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    916 shares
    Share 366 Tweet 229
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    274 shares
    Share 110 Tweet 69
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    518 shares
    Share 207 Tweet 130
  • අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

    305 shares
    Share 122 Tweet 76
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    265 shares
    Share 106 Tweet 66
  • පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

    215 shares
    Share 86 Tweet 54

නවතම ලිපි

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Asian-Gamges

17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 2, 2023
0

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

මේ වසරේ අගෝස්තු දක්වා ලාදුරු වැළඳුන දරුවන් 105ක් සොයා ගෙන… සියයට 80කට රෝගය වැළඳී ඇත්තේ නිවසින්…

by editor
ඔක්තෝබර් 2, 2023
0

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේ ගුටි කෙළියක්… ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු තුනක් රෝහලේ

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඔක්තෝබර් 2, 2023
වෙළෙඳසල් හිමිකරුවෙකුගේ ගෙලට උල් පිහියක්  තබා මරණ තර්ජනය කර මුදල් කොල්ල කෑමට ගිය යාපනයේ සරසවි සිසුවෙක් අත් අඩංගුවට…

පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…
  • පිහි පාර කාගෙන පොලිසියට දුවගෙන පැමිනි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිහින්!
  • 17 වසරකට පසු ආසියානු මළළ ක්‍රීඩා ඉසව්වකින් ගෙලට වැටුන පදක්කම ගිලිහී ගිය හැටි  ( වීඩියෝ සහිතයි)

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.