fbpx
සඳුදා, මාර්තු 20, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාර්ලිමේන්තුව රැස් නොකිරීම ගැන කිව්ව කතා

by editor
මැයි 14, 2020
in දේශපාලන
433 4
Share on FacebookShare on Twitter

සිරිමත් විමලසේන

රට තුළ හදිසි තත්ත්වයක් මතුව තිබුණ ද පැවැති පාරිලිමේන්තුව කිසි ලෙසකින්වත් යළි නිල වශයෙන් රැස් නොකිරීමට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ  තීරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය දා පොදුජන පෙරමුණේ නීති විශාරදයින් හා මහාචාර්ය ජී.ඇල්. පීරිස්, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සමග පැවැති සාකච්ඡාවකින් පසුවය.

කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවාගෙන රට ඉදිරියට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත යුතු බවත් එය නිල සැසියක් විය යුතු නැති බවත් එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබන 4 වැනිදා පෙරවරු 10ට අරලිගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම  කැඳවා තිබෙන අතර මනිත්‍රීවරු 224 දෙනාම තම අදහස් හා යොජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව එහිදී සලසා තිබේ.

කොරෝනා වසංගතයත් සමග රට තුළ උද්ගතව ඇති හසිදි තත්ත්වය හමුවේ පැවැති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව මතුව ඇති අදහස සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාලන පක්ෂ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පාර්ශ්ව අප කළ විමසීමකදී දැක්වූ අදහස්  මෙසේය.

RelatedPosts

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

රංගා රිමාන්ඩ්….

එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම්-

අරලියගහ මන්දිරයට මන්ත්‍රීවරු කැඳවා ඔවුන්ගේ  අදහස් හා යෝජනා ලබා ගැනීම කළ හැකියි. එහෙත් කොරෝනා ව්‍යසනයත් සමග ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මින් ඉදිරියට රාජ්‍ය මුදල් වැය කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි.

ඒ අනුව මේ වනවිට රට තුළ හදිසි අවස්ථාවක් පැන නැගී ඇතැයි ජනාධිපතිවරයාට හැඟී යන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යළි කැඳවිය හැකියි.

පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම හා රට ඉදිරියට ගෙන යෑම පිළිබඳ විධිමත් ක්‍රියා පිළිවෙතක් සකසා ගැනීමයි. මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන අරමුදලට කෝටි ගණනක දේශීය හා විදේශීය වශයෙන් මුදල් ලැබිලා තිබෙනවා. මේ මුදල් හිතුවක්කාරී ලෙස පාවිච්චි කළ නොහැකියි. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම සඳහාත් ජනතාවට ආධාර කිරීම, ව්‍යාපාර නැවත නගා සිටුවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රට ඉදිරියට ගෙන යෑම සඳහා රටේ මුදල් වැයකළ යුතුයි. ඒ සඳහා මුදල් වෙන්කර ඊට අනුමැතිය දීමේ බලයක් ජනාධිපතිවරයාට නෑ. එය ව්‍යවස්ථාවෙන් හිමිවන්නේ පාර්ලිමේන්තුවටයි.

පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරයේ රැස් කරන්න බැහැ. වැටුප් හා දීමනා කිසිවක් ලබා නොගෙන ජනතාව හා රට වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් බව විපක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබිය දී ඔහු පාර්ලිමේන්තුව රැස් නොකරන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක්, විශ්වාස භංගයක් ගෙන එනු ඇතැයි අනියත බිය නිසයි. දැනට භාර දී ඇති නාම යෝජනා අහෝසිකර එක්සත් ජාතික පක්ෂය යළි එකමුතු වනු ඇතැයි බිය නිසයි.

සුසිල් ප්‍රේම ජයන්ත

වර්ෂ 2020 මාර්තු මස 12 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයකින් ජනාධිපතිතුමා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකියාවක් නැහැ.

මොකද 70 හෝ 70 (7) වගන්ති අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවන්න නම් 155-2 වගන්තිය මහජන ආරක්ෂක පනතේ විධි විධාන හෝ වෙනත් තත්කාලීන නීතියක් ක්‍රියාත්මක කරලා හදිසි නීතිය පනවලා තියෙන්න ඕන. අද එහෙම නෑ. මේ පවතින ඇඳිරි නීතිය පනවලා තිබෙන්නෙ නිරෝධායන පනතෙ එන වගන්ති හා වෙනත් අනුශංගික නීති ක්‍රියාත්මක කරලා. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 155 -2 වගන්තිය යටතේ කටයුතු නොකර 70 (7) වගන්තිය ක්‍රියාත්මක කරන්න පුලුවන් කමක් නෑ.

දැන් රාජ්‍ය වියදම් ගැන කට්ටිය ප්‍රශ්න කරනවා. අප්‍රේල් 30 වෙනකම් රාජ්‍ය වියදම් ප්‍රමාණය අතුරු සම්ම්ත ගිණුමකින් සම්මත කළේ පසුගිය අවුරුද්දෙ ඔක්තොම්බර් මාසයෙදි.   එහෙනම් අප්‍රේල් 30 වෙනිදා ට පස්සෙ රාජ්‍ය වියදම්   වෙන් කරන්නෙ කොහොම ද?. එය වෙන්නෙ මෙහෙමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒ සඳහා ප්‍රතිපාදන හදලා තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 150 – 3 වගන්තියෙන් විසර්ජන කෙටුම්පතක් නීතියක් වෙන්න පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවල පාර්ලිමේන්තුව විසින් රජය පවත්වා ගැනීම සඳහා මුදල් වෙන් කර නැතිනම් අභිනව පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත දින සිට මාස 03 ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමට නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය තියනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් –

කොරෝනා වංගතය ව්‍යාප්ත වීමත් සමග රටේ ඇතිවූ හදිසි තත්ත්ව සැලකිල්ලට ගෙන වහාම පාර්ලිමේන්තුව  කැඳවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි. එසේ නැති නම් ශ්‍රේෂඨාධිකරණයේ මතය විමසිය යුතුයි. උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාගා දමමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ. නිල වශයෙන් පාර්ලිමේන්තුව රැස් නොකර අරලියගහ මන්දිරයේ හෝ වෙනත් තැනක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැස් කිරීමෙන් මතුව ඇති ප්‍රශ්නයට කිසි ලෙසකින්වත් පිළිතුරු සොයන්න බැහැ.  ඒ නිසා වහා පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තුව නිල වශයෙන් රැස් කර තීන්දු ගන්නවා වෙනුවට ලබන 24 දා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු  කැඳවීමට ජනාධිපතිවරයා  ප්‍රමුඛ රජය ගෙන ඇති තීන්දුව පිළිකුලෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. එපමණක් නොවෙයි… අපේ කිසිම මන්ත්‍රීවරයෙක් එතෙන්ට යන්නෙ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විජේනායක –

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවා මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් එය පවත්වාගෙන යෑමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියට අනුව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා  කළ යුතුව ඇත්තේ අනවශ්‍ය ආකාරයට ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර අනුව පාර්ලිමේන්තුව කැඳවීමයි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය අතරතුර දී රට තුළ යම් හදිසි තත්ත්වයක් මතු වූ විට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතුයි. එසේ කැඳවනු ලබන පාර්ලිමේන්තුව ඒ හදිසි අවස්ථා තත්ත්වය අවසන් වන තුරු හෝ ඊලඟ මැතිවරණය දක්වා ක්‍රියාත්මක විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඉක්මවීමට පෙර, එනම් මාර්තු මස 02 දින සිට ජූනි 02ට පෙර දිනක දී නව පාර්ලිමේන්තුව රැස් විය යුතුයි. නමුත් උද්ගතව ඇති හදිසි තත්ත්වය හමුවේ ජූනි මස 20 දක්වා මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණය කල් දැමීම නිසා ජූනි 02 පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකියි. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාර්තු 02 ප්‍රකාශය ශූන්‍යයයි.

පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කළ හැක්කේ මාස තුනක කාලයක් බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා  තිබෙනවා. ඒ නිසා රට ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු නොකර ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සැලකිල්ලට ගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවිය  යුතුයි.

 

 

Share69Tweet43
Previous Post

රට පැටලවූ රුපියල් 5000 කොරෝනා සහනධාරය

Next Post

මහ මැතිවරණය  කොටස් වශයෙන්?

Related Posts

wijitha-herath
දේශපාලන

අධිකරණ තීන්දුවලට හිස නමන්න බැරිනම් එහි නියත ප්‍රතිවිපාක විඳින්න සූදානම් වෙන්න… විජිත හේරත් මුදල් ඇමතිට මුදල් ලේකම්ට කියයි!

මාර්තු 19, 2023
දේශපාලන

රනිල් වික්‍රමසිංහ… මේ ඝාතනයේ වගකීම ඔබ බාරගත යුතුයි…  ටිල්වින්

පෙබරවාරි 27, 2023
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)
දේශපාලන

බීබීසිය මෝදි ගැන අමුතු වාර්තාවක් හැදුවේ ඇයි?

පෙබරවාරි 15, 2023
Next Post

මහ මැතිවරණය  කොටස් වශයෙන්?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

by editor
මාර්තු 20, 2023
0

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

by editor
මාර්තු 20, 2023
0

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
0

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය

by editor
මාර්තු 20, 2023
0

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

by editor
මාර්තු 20, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • 18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…
  • ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!
  • රංගා රිමාන්ඩ්….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist