බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පාර්ලිමේන්තුව රැස් නොකිරීම ගැන කිව්ව කතා

by editor
මැයි 14, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

සිරිමත් විමලසේන

රට තුළ හදිසි තත්ත්වයක් මතුව තිබුණ ද පැවැති පාරිලිමේන්තුව කිසි ලෙසකින්වත් යළි නිල වශයෙන් රැස් නොකිරීමට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ  තීරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය දා පොදුජන පෙරමුණේ නීති විශාරදයින් හා මහාචාර්ය ජී.ඇල්. පීරිස්, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සමග පැවැති සාකච්ඡාවකින් පසුවය.

කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවාගෙන රට ඉදිරියට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගත යුතු බවත් එය නිල සැසියක් විය යුතු නැති බවත් එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබන 4 වැනිදා පෙරවරු 10ට අරලිගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම  කැඳවා තිබෙන අතර මනිත්‍රීවරු 224 දෙනාම තම අදහස් හා යොජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව එහිදී සලසා තිබේ.

කොරෝනා වසංගතයත් සමග රට තුළ උද්ගතව ඇති හසිදි තත්ත්වය හමුවේ පැවැති පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව මතුව ඇති අදහස සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාලන පක්ෂ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පාර්ශ්ව අප කළ විමසීමකදී දැක්වූ අදහස්  මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම්-

අරලියගහ මන්දිරයට මන්ත්‍රීවරු කැඳවා ඔවුන්ගේ  අදහස් හා යෝජනා ලබා ගැනීම කළ හැකියි. එහෙත් කොරෝනා ව්‍යසනයත් සමග ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මින් ඉදිරියට රාජ්‍ය මුදල් වැය කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි.

ඒ අනුව මේ වනවිට රට තුළ හදිසි අවස්ථාවක් පැන නැගී ඇතැයි ජනාධිපතිවරයාට හැඟී යන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යළි කැඳවිය හැකියි.

පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම හා රට ඉදිරියට ගෙන යෑම පිළිබඳ විධිමත් ක්‍රියා පිළිවෙතක් සකසා ගැනීමයි. මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙන අරමුදලට කෝටි ගණනක දේශීය හා විදේශීය වශයෙන් මුදල් ලැබිලා තිබෙනවා. මේ මුදල් හිතුවක්කාරී ලෙස පාවිච්චි කළ නොහැකියි. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම සඳහාත් ජනතාවට ආධාර කිරීම, ව්‍යාපාර නැවත නගා සිටුවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රට ඉදිරියට ගෙන යෑම සඳහා රටේ මුදල් වැයකළ යුතුයි. ඒ සඳහා මුදල් වෙන්කර ඊට අනුමැතිය දීමේ බලයක් ජනාධිපතිවරයාට නෑ. එය ව්‍යවස්ථාවෙන් හිමිවන්නේ පාර්ලිමේන්තුවටයි.

පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරයේ රැස් කරන්න බැහැ. වැටුප් හා දීමනා කිසිවක් ලබා නොගෙන ජනතාව හා රට වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් බව විපක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබිය දී ඔහු පාර්ලිමේන්තුව රැස් නොකරන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක්, විශ්වාස භංගයක් ගෙන එනු ඇතැයි අනියත බිය නිසයි. දැනට භාර දී ඇති නාම යෝජනා අහෝසිකර එක්සත් ජාතික පක්ෂය යළි එකමුතු වනු ඇතැයි බිය නිසයි.

සුසිල් ප්‍රේම ජයන්ත

වර්ෂ 2020 මාර්තු මස 12 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයකින් ජනාධිපතිතුමා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකියාවක් නැහැ.

මොකද 70 හෝ 70 (7) වගන්ති අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව යළි කැඳවන්න නම් 155-2 වගන්තිය මහජන ආරක්ෂක පනතේ විධි විධාන හෝ වෙනත් තත්කාලීන නීතියක් ක්‍රියාත්මක කරලා හදිසි නීතිය පනවලා තියෙන්න ඕන. අද එහෙම නෑ. මේ පවතින ඇඳිරි නීතිය පනවලා තිබෙන්නෙ නිරෝධායන පනතෙ එන වගන්ති හා වෙනත් අනුශංගික නීති ක්‍රියාත්මක කරලා. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ 155 -2 වගන්තිය යටතේ කටයුතු නොකර 70 (7) වගන්තිය ක්‍රියාත්මක කරන්න පුලුවන් කමක් නෑ.

දැන් රාජ්‍ය වියදම් ගැන කට්ටිය ප්‍රශ්න කරනවා. අප්‍රේල් 30 වෙනකම් රාජ්‍ය වියදම් ප්‍රමාණය අතුරු සම්ම්ත ගිණුමකින් සම්මත කළේ පසුගිය අවුරුද්දෙ ඔක්තොම්බර් මාසයෙදි.   එහෙනම් අප්‍රේල් 30 වෙනිදා ට පස්සෙ රාජ්‍ය වියදම්   වෙන් කරන්නෙ කොහොම ද?. එය වෙන්නෙ මෙහෙමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒ සඳහා ප්‍රතිපාදන හදලා තියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 150 – 3 වගන්තියෙන් විසර්ජන කෙටුම්පතක් නීතියක් වෙන්න පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවල පාර්ලිමේන්තුව විසින් රජය පවත්වා ගැනීම සඳහා මුදල් වෙන් කර නැතිනම් අභිනව පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත දින සිට මාස 03 ක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමට නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය තියනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් –

කොරෝනා වංගතය ව්‍යාප්ත වීමත් සමග රටේ ඇතිවූ හදිසි තත්ත්ව සැලකිල්ලට ගෙන වහාම පාර්ලිමේන්තුව  කැඳවීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි. එසේ නැති නම් ශ්‍රේෂඨාධිකරණයේ මතය විමසිය යුතුයි. උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාගා දමමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ. නිල වශයෙන් පාර්ලිමේන්තුව රැස් නොකර අරලියගහ මන්දිරයේ හෝ වෙනත් තැනක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැස් කිරීමෙන් මතුව ඇති ප්‍රශ්නයට කිසි ලෙසකින්වත් පිළිතුරු සොයන්න බැහැ.  ඒ නිසා වහා පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තුව නිල වශයෙන් රැස් කර තීන්දු ගන්නවා වෙනුවට ලබන 24 දා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු  කැඳවීමට ජනාධිපතිවරයා  ප්‍රමුඛ රජය ගෙන ඇති තීන්දුව පිළිකුලෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. එපමණක් නොවෙයි… අපේ කිසිම මන්ත්‍රීවරයෙක් එතෙන්ට යන්නෙ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ලාල් විජේනායක –

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවා මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් එය පවත්වාගෙන යෑමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියට අනුව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා  කළ යුතුව ඇත්තේ අනවශ්‍ය ආකාරයට ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර අනුව පාර්ලිමේන්තුව කැඳවීමයි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය අතරතුර දී රට තුළ යම් හදිසි තත්ත්වයක් මතු වූ විට පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතුයි. එසේ කැඳවනු ලබන පාර්ලිමේන්තුව ඒ හදිසි අවස්ථා තත්ත්වය අවසන් වන තුරු හෝ ඊලඟ මැතිවරණය දක්වා ක්‍රියාත්මක විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඉක්මවීමට පෙර, එනම් මාර්තු මස 02 දින සිට ජූනි 02ට පෙර දිනක දී නව පාර්ලිමේන්තුව රැස් විය යුතුයි. නමුත් උද්ගතව ඇති හදිසි තත්ත්වය හමුවේ ජූනි මස 20 දක්වා මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණය කල් දැමීම නිසා ජූනි 02 පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකියි. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාර්තු 02 ප්‍රකාශය ශූන්‍යයයි.

පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කළ හැක්කේ මාස තුනක කාලයක් බව ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා  තිබෙනවා. ඒ නිසා රට ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු නොකර ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සැලකිල්ලට ගෙන වහාම පාර්ලිමේන්තුව කැඳවිය  යුතුයි.

 

 

Share69Tweet43
Previous Post

රට පැටලවූ රුපියල් 5000 කොරෝනා සහනධාරය

Next Post

මහ මැතිවරණය  කොටස් වශයෙන්?

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.