බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජන බල විරෝධ දහයක බලය එක් කළ වෙල්ගමගේ විනාඩි 10

by editor
නොවැම්බර් 20, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

ගතවුණු සතිය  

සතිය ගෙවී ගියේ රට තීව්‍රවන සමාජ දේශපාලන ගැටුම් අතරිනි. තුනෙන් දෙකක බහුතරයක් සමග බලයට පැමිණි ආණ්ඩුව පත් කළ මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති අවස්ථාව නිද්‍රාශීලී දේශපාලන ධාරාවන් ද ජවසම්පන්න කර ඇත.

සජබ විරෝධය

පසුගිය සතියේ  රටේ අවධානය යොමුකළ වැදගත් දේශපාලන සිද්ධිය වූයේ සමගි ජනබලවේගයේ උද්ඝෝෂණය ය. රට කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා විශාල පිරිවැයක් දරනු ලැබුවේය. මෙම උද්ඝෝෂණය යටපත් කළ කොවිඩ් තත්වය යළි මතුවී බිහිසුණු වාතාවරණයක් ඇති කරන බවට වූ සෞඛ්‍ය අංශවල පූර්ව නිගමන මත පිහිටා රජය උද්ඝෝෂණය වැලැක්වීමට කටයුතු කළේය. පොලිසිය භාර ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර හැකිනම් උද්ඝෝෂණ කර පෙන්වන ලෙස අභියෝග කරනු ලැබුවේය.  පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වැළැක්වීමට ගත හැකි පියවර ගත්තේය. අධිකරණ නියෝග ගත්තේය.

මේ තත්වය තුළ  විරෝධතාවය පැවැත්වීමට සූදානම් කර තිබූ හයිඩ් පිටිය සඳහා කොළඹ නගරසභාව ලබා දුන් අවසරය අවලංගු කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ෆොන්සේකාගේ අකමැත්ත

මේ අවස්ථාව වනවිට ඉතාම අසීරු අඩියකට සජබ නායකත්වය පත් වී තිබිණි. උද්ඝෝෂණයට මාර්ග තුනකින් ජනතාව ඇතුළු කරගැනීමට සැලසුම් කර තිබිණි. දැන් මේ මිනිසුන් රැස් කර තබාගන්නට තැනක් නැත. 15 දා රාත්‍රියේ විපක්ෂ නායක කාර්යාලයට සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, රෝහිණී කවිරත්න, චම්පික රණවක, මනුෂ නානායක්කාර, ජේසී අලවතුවල එක් වූහ. එහෙත් සරත් ෆොන්සේකා මේ අවස්ථාවට එක් වූයේ නැත. ඔහු මුල සිටම මෙම විරෝධතාවයට එකඟත්වයක් ප්‍රකාශ කළේ නැත.

පොලිසිය යොදා කරන මර්ධනය හමුවේ උද්ඝෝෂණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සජිත් මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේය.  මන්ත්‍රීවරු කීප පලක්ම හිටියේ සරත් ෆොන්සේකා ගේ ස්ථාවරයේය. දුරකථනයෙන් ඔහුගේ අදහස විමසා සිටි අවස්ථාවේ දීත් සරත් ෆොන්සේකා කීවේ රටේ පවතින සෞඛ්‍ය තත්වය මත පොලිසිය විසින් තහනම් නියෝග සහිතව නවත්වා දැමීමට හදන උද්ඝෝෂණයක් මේ අවස්ථාවේ දී නොපැවැත්විය යුතු බවය.

එහෙත් තරුණ මන්ත්‍රීවරු මේ අවස්ථාව මග හැරීමට සූදානම් වුනේ නැත. පොලිසිය විසින් මාර්ග බාධක යොදා කොළඹට ඇතුළුවන්නට උත්සාහ කරන අය නවත්වන ස්ථානයේ එම පිරිස් උද්ඝෝෂණය කළ යුතු බව මේ අවස්ථාවේ දී තිස්ස අත්තනායක යෝජනා කළේය.

පිරිසේ පැමිණීම

මේ අතර 16 දා දහවල් වනවිට විශාල ජනතාවක් පොලිස් බාධක නොතකමින්  කොළඹට පැමිණියහ. දැන් මේ පිරිස හසුරුවා ගැනීමට තැනක් නැත. අයෙක් විහාර මහාදේවී උද්‍යානය යෝජනා කරති. තවත් අය ගෝල්ෆේසිය යෝජනා කරති. යන එන සියලු මං පෙත් පොලිස් බැරියර් දමා වසමිනි. අවසානයේ යෝජනා වූයේ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ  විපක්ෂ නායක කාර්යාලය අසලට ජනතාව රැස් කරවා එතැන ජන රැළිය පවත්වා විසිර යෑමය.

එහෙත් මනුෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා පා ගමන ගෝල්ෆේස් පිට්ටනිය දක්වා ගමන් කළේය. එහෙත් ගෝල්ෆෙස් පිට්ටනිය පොලිසිය දමා ප්‍රවේශයට ඉඩක් නොලැබෙන සේ වසා දමා තිබිණි. ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමන මෙහෙයවීමේ යෝජනාවකි. ඒ අවස්ථාවේ දී ඊට සජිත් එරෙහි වූයේය.

අනතුරුව ගෝල්ෆේස් හොටලය ඉදිපිට විරෝධතා රැළිය පැවත්වා විරෝධතාකරුවෝ විසිර ගියහ.

තිස්ස පල්ලිවල

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය පල්ලියට  සහ මීගමුව වත්තල දේවස්ථාන කීපයකට පසුගිය දා තිස්ස අත්තනායක ගියේය.    තිස්ස සහ කටුවාපිටිය පල්ලියේ පියතුමන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විනි. පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු නොවීමේ අවනඩුව පිළිබඳ පියතුමන්ගේ වේදනාත්මක විවේචනය දිගහැරෙමින් තිබිණි.

දේශපාලන අවස්ථාවන් විවිධාකාරය. පාස්කු ප්‍රහාරය එල්ල  වූ අවස්ථාවේ සිට පැමිණි පොදුජන පෙරමුණු දේශපාලකයන් නැත. දැන් පාස්කු ප්‍රහාරය වකවානුවේ පාලන බලයේ සිටි දේශපාලකයන් පල්ලිවලය. දැන් තිස්සගේ පැමිණීමෙන් කටුවාපිටිය පල්ලියේ පියතුමා ප්‍රමෝදයෙනි. එතුමා පවසා ඇත්තේ කාලයකින් දේශපාලකයෙක් කටුවාපිටිය පැත්තේ නොපැමිණි බවය.  තිස්ස සමග කාවින්ද ජයවර්ධනත්, හර්ෂණ රාජකරුණාත් ඒ අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලනිපයේ සහ ආණ්ඩුවේ දීගය

එය තවදුරටත් නොපවතින එකක් බව මේ සතිය පුරාවටම යම් යම් ලකුණුවලින් ප්‍රකාශ වූයේය.  එහෙත් ශ්‍රීලනිපය අණ්ඩුවේ ඉන්නවග හෝ යන වග කෙළින්ම තවම ප්‍රකාශ නොකිරීම දක්නට ලැබිණි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 දා    අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පිහිටි දිස්ත්‍රික් කාර්යාලයේ   පැවති අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී මින් ඉදිරියට පැවැත්වෙන මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම මැතිවරණයට මුහුණ දිය යුතු බව ඒකමතික යෝජනාවක් සම්මත කරගත්තේය.

ඒ අතර ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය  මහින්ද  අමරවීරවීර මෙසේ කීවේය.  “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ අභිමානවත් ඉතිහාසයක් තියන පක්ෂයක්. අපි කාගෙවත් රූකඩ වෙන්න කැමති නෑ. අත ඔසවන්න කියන විට අත ඔසවන්නත්, දැන් අත පහළ දාන්න කියනවිට අත පහළ දාන්නත්  අපි ලෑස්ති නෑ.  කිසිවිටකත් මේ ආණ්ඩුවේ රූකඩ වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නෑ. “ මහින්ද අමරවීර පසුගිය 17 දා මෙසේ පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. පෙනෙන්නේ සබඳතා දෙදරා යන ලකුණුය.

ජනපති අගමැති සහ සඳහිරු සෑය

ජනාධිපති ගෝටඨායය දෙවර්ෂ පූර්ණ සැමරුම යෙදී තිබුණේ පසුගිය 18 දාය. එදිනම අගමැතිගේ උපන්දිනය ය. අගමැති අයියාට මුලින්ම සුබ පැතුවේ ජනාධිපති මල්ලීය. උපන්දිනයට කේක් කපන්නට පෙර අගමැති තුමා අභයාරාමයේ කිරි අම්මාවරුන්ගේ දානයට ගියේය.  අනතුරුව අයියා මලෝ අනුරාධපුරය බලා ගියහ. ඒ සඳහිරු සෑය විවෘත කිරීමටය.

ජනපති නැවතී සිටියේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේය. අගමැති නැවතීමට සූදානම් වී සිටියේ සිය මිත්‍රයෙකුගේ ප්‍රභූ නවාතැනකය. එහෙත් ජනාධිපති මල්ලීගේ ඇවිටිලිසහග ඉල්ලීම පිට අගමැති අයියා පූර්ව සැලසුම් වෙනස් කර අනුරාධපුර ජනාධිපති මන්දිරයට ගියේය.

අනතුරුව මේ සහෝදර ප්‍රභූවරු සඳ හිරු සෑය සඟ සතු කළහ.

යූඑන්පී ය නඩු මගට

යූඑන්පීය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමිනි. වජිර, රුවන්, රංගේ, අකිල, ඇතුළු පක්ෂ ප්‍රධානීන් සමග රනිල් ගේ මූලිකත්වයෙන් එක්වුණු මෙම ප්‍රතිසංවිධාන කමිටු රැස්වීමේ දී ජනතා මර්ධනය කෙරෙන ආණ්ඩුවේ හැසිරීමට එරෙහි දැවැන්ත අධිකරණ ක්‍රියාවලියක් සඳහා රනිල් ඒ අතර යෝජනා කළේය.  තමන් තමන්ගේ වගකීම නිසි ලෙස සිදු කර ඇති බවත්, වගකීම් පැවරූ සමහර පිරිස් අදාල වගකීම ඉටු නොකරනු තමන් නිරික්ෂණය කරන බවත් රනිල් මේ ප්‍රතිසංවිධාන රැස්වීමේ දී පැවසුවේය.

ජවිපෙ ගැන අනාවැකිය

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ග්‍රාමීය මට්ටමට ගොස් ජනතාව ආමන්ත්‍රණය කරමින් සිය දේශපාලන ක්‍රියාවලිය බිම් මට්ටමින් ආරම්භ කර තිබිණි. පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරිකයන් ගෙයින් ගෙයට ගොස් ජනතාව ආමන්ත්‍රණය කරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව දියත් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල හැසිරීම සම්බන්ධව ජාත්‍යාන්තර සඟරාවක් කළ සමීක්ෂණය ප්‍රතිඵල නිකුත් වී තිබිණි. එහි සඳහන් පරිදි ජවිපෙ සියයට 13ක් දක්වා සිය දේශපාලන කටයුතුවලින් ඉදිරියට පැමිණ ඇති බව  වාර්තා විය.

වෙල්ගමගේ අමතක නොවන අයවැය කතාව

සජබ උද්ඝෝෂණයට පසු දින එම මන්ත්‍රී කණ්ඩායම තමන්ට එරෙහිව දියත් කළ මර්ධනයට එරෙහිව පාර්ලිමේන්තුවේ හදිසියේම උද්ඝෝෂණයක යෙදුනේය.  බල්ලා බූරුවා, හරකා, ජංගිහොරා වැනි ග්‍රාම්‍ය වචන සබා ගැබ තුළ පා වී ගියේය.

පොලිස් ඇමති වීරසේකරට එරෙහිව  එල්ලවූ විරෝධය නිළියන්ට ජංගි, වැසියන්ට පොළු පහර වැනි විරෝධතා පාඨවලින් සමන්විත විය.

මේ අය වැය විවාදය අතශයින්ම උණුසුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෙක් වශයෙන් සිට පසුව සමගි ජනබලවේගයට එක් වූ කුමාර වෙල්ගම ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ ආන්දෝලනාත්මක කතාවය. මන්ත්‍රීවරයා විසින් කීවේ ‘පෙට්‍රල් ෂේඩ් වල ඩේටා එන්ට්‍රි කරමින්“ සිටි, ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පිස්සෙක් රටේ විධායක ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීමේ ආදිනව මේ වනවිට අප විඳින බවය.

කුමාර වෙල්ගම පැවසුවේ   ඇමරිකාවෙ ෂෙඩ්වල වැඩ කරද්දි කොන්ද කෙළින් තියාගෙන ගෞරවාන්විත ලෙස ඇමතිකම් කළ දිනේෂ් ගුණවර්ධන වැනි පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් පක්ෂය තුළ සිටි බවත් ජී.එල් පීරිස්ගේ නිවසේදී තමන් යෝජනා කළේ එවැනි දේශපාලකයෙක් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලෙස බවත්ය. අගමැතිවරයාගේ  පවුලේ ප්‍රශ්නය දැන් රටට කෙළවා ඇති අයුරු ගැන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කීවේය.

“ මේ එන්නෙ පාස්කු ප්‍රහාරයේ සාපය. අපි නෙමෙයි පඩි ගෙව්වෙ ඒ මරාගෙන මැරෙන එවුන්ට. ආණ්ඩුවෙන් පඩි ගෙව්වෙ. නීතියන් බේරෙයි. මේ සාපය ස්වභාධර්මයෙන් හා විශ්වයෙන් ලැබෙනවා. එය තමයි මේ ලැබෙමින් තිබෙන්නෙ. ජේ ආර්, චන්ද්‍රිකාට, මහින්ද මහත්තයගේ මුල් කාර්තු දෙකට කවුරුත් කිව්වෙ නෑ පිස්සෙක්  කියලා. ඒත් මිනිස්සු දැන් අත් දෙක උඩට උසලා හෙණ ඉල්ලනවා.“

කුමාර වෙල්ගමගේ පාර්ලිමේන්තු කතාව දේශපාලනයේ බොහෝ පාර්ශව තවමත් කම්පනය කර ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

තේ වලට රසායනික පොහොර දෙනවා… වැවිලි ඇමති කියයි!

Next Post

වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි… කොළඹ ඩෙල්ටා හොංකොං යවයි…

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.