බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

HIV ආසාදිතයින් 1600ක් හැංගිලා

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

ලොව පුරා පූරුෂ පාර්ශ්වය සමලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන බව මේ වන විට දක්නට ලැබෙන සුලභ තත්වයකි. ලංකාවේද එහි වෙනසක් නැත. එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ගෙන් සියයට 68ක් දෙනා පිරිමි පුද්ගලයින් බව මේ වන විට තහවුරු වී ඇත්තේය. මෙහි භයානකම තත්ත්වය වන්නේ මෙහි වැඩිම පිරිස වයස අවුරුදු 15 – 25 අතර වයසේ පසුවන නව යෞවනයන් විමය.

අවුරුදු 15 – 25 යනු ලිංගික හෝමෝන හොඳින් ක්‍රියාත්මක වන කාලයකි. ඔවුන්ට එය පාලනය කර ගැනීමට අවශ්‍ය දැනුම වැඩිහිටියන් ලෙස ලබා දිය යුතුය. මේ වන විටත් 10වන වසරේ විෂය නිර්දේශයට ඇතුළත් කර තිබෙන ලිංගික අධ්‍යාපනය වෛද්‍යවරුන් ලවා ඉගැන්වීමට කටයුතු යොදා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විටත් ඉල්ලීමක් කර ඇත.

මෙහිදී අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් යනු කුමක්ද? එයින් සිදුවන සෞඛ්‍ය හානිය කුමක්ද? ඉන් මිදී සිටීමට කළ හැකි දේ කුමක්ද ? ලිංගිකව බෝවන රෝග මොනවාද? එසේ බෝවෙන්නේ කොහොමද? බෝ වුණාම කරන්නේ කුමක්ද? යනාදී වශයෙන් ලබා දෙන දැනුම හරහා ඔවුන්ට ලිංගික ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙමගින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්ගේ දරුවන් නොයෙදේ. මේ අනුව එච්අයිවී ආසාදනයවන පිරිස ක්‍රමයෙන් අවම කර ගැනිමට හැකිවනු ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

විශේෂයෙන්ම මේ වන විට මේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකරකම්වල එනම් පිරිමි පිරිමි අතර පවතින අනාරක්ෂිත ලිංගික සබඳතාවන් මෙතරම් ඉහළ ගොස් ඇත්තේ කුමක් නිසාද යන්න කල සොයා බැලීම් වලදී හෙලි වූයේ මේ තරුණ දරුවන් අන්තර්ජාලය තුළ වැඩි වේලාවක් ගත කරන බවය. තරුණ දරුවන් වැඩිහිටියන් හිතනවාට වඩා තාක්ෂණය අතින් ඉහළ දැනුමකට හිමිකම් කියන්නවුන්ය. මොවුන් අන්තර්ජලයේ සැරි සරමින් නව ලිංගික ක්‍රම සොයා යමින් ඒවා අත්හදා බැලීමට පෙළඹි තිබෙන බව ඇතැම් දරුවන්ගේ ෆේස් බුක් ගිණුම් හරහා සැරිසරන පණිවිඩ මගින් පැහැදිලිය.

විවිධ “ඇප් ” නිර්මාණය කරමින් නව යහළුවන් සොයා ගනිමින් ඔවුන් සමග අනාරක්ෂිත ලිංගික කටයුතුවල යෙදීමට ඇතැම් දරුවෝ පෙළඹී සිටිති. ලිංගික සබඳතා පවත්වන නව ක්‍රමයක් එක් සිසුවෙක් සොයා ගෙන ඒවා අනෙක් යහඵවන් අතර බෙදා හරී. මෙම නව ලිංගික ක්‍රම අනාරක්ෂිතව අත්හදා බැලීමේ අවසාන ප්‍රතිපලය වන්නේ මොවුන් එච්අයිවී ආසාදිතයන් වීමය.

රෝග කාරක වෛරසය ශරීර ගත වී රෝග ලක්ෂණ පිටවීමට වසර 5ක් පමණ කාලයක් ගතවේ. එම කාලය තුළ වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකු සමග අනාරක්ෂිත ලිංගිකව හැසිරෙන නිරෝගී පුද්ගලයින් සියලුම දෙනා ආසාදනයට ලක්වීමේ හැකියාව පවතී.

මේ වන විට සායනවලට එච්අයිවී ආසාදිතයින් 2000ක පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙති. එහෙත් ඇස්තමේන්තු කර ඇති සංඛ්‍යාව 3600කි. මින් 1600ක් දෙනා තවමත් ප්‍රතිකාර සඳහා පැමිණ නැත. මෙසේ නොපැමිණෙන පිරිස තවත් බොහෝ පිරිසකට වෛරසය ආසාදනය කරන්නෝ වෙති. ඔබ යම් හෙයකින් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වන්නෙක් නම් වහාම ළඟම පිහිටි ලිංගාශ්‍රිත සායනයට ගොස් රුධිර පරික්ෂාවක් සිදුකර ගැනීම යෝග්‍යය.

යම් හෙයකින් ඔබට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇත්නම් ඒඩ්ස් තත්ත්වයට පත් නොවීමට ඔබට ඖෂධ ප්‍රතිකාර ලබා දෙනු ඇත. ඒ අනුව ජීවිත කාලය පුරාවටම ඔබ ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා කෙනෙකු බවට පත් වන අතරම ඔබට නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත. මෙසේ වසරකට එච්අයිවී ආසාදිතයෙකු සඳහා රජය ඖෂධමය ප්‍රතිකාර ලබාදීමට ලක්ෂ 3ක් පමණ වැය වේ.

වසර 2025 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කළ රටක් බවට පත්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී එච්අයිවි වෛරසය ආසාදනය වන ක්‍රම 3කි. මවගෙන් දරුවාට , අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් හා එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය ශරීරයට ඇතුළු කර ගැනීම එම ක්‍රම තුනය‍. මේ වන විට මවගෙන් දරුවාට එච්අයිවී ආසාදනයන් වලක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එය පිළිගෙන ඒ සඳහා අවශ්‍ය සහතිකය පවා අපරටට පිරිනමා තිබේ.

දැන් අපට ඇත්තේ වසර 2025 වන විට රටින් ඒඩ්ස් තුරන් කරලීමටය. වසර 2010 ට සාපේක්ෂව එච්අයිවී ආසාදිතයන් සියයට 90ක් අඩුකළ යුතුය. එසේම ඒඩ්ස් මරණ සියයට 90ක් අවම කළ යුතුය. මෙම ඉලක්කයන් සපුරා ගැනීමට නම් සැඟව සිටින හෝ නොදැන සිටින අසාදිතයින් 1600 දෙනා වහාම සොයා ගත යුතුය.

එසේ නොවුණහොත් වසර 2025 වන විට තිරසාර සංවර්ධනයක් සඳහා වන ඉලක්කයට අපට ලගාවිම සිහිනයක් පමණක් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ අලුත් මණ්ඩලේ මෙන්න

Next Post

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.