බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

by editor
ජනවාරි 7, 2024
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්‍ය පරීක්ෂක,  දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

සීනි අනෝදා කියන්නේ එච්චර ජනප්‍රිය නැති, මිලෙනුත් අඩු පලතුරු වර්ගයක්. ඉඳුණු මේ අනෝදා වර්ගයෙන් මිහිරි පැනි රසයක් දැනෙන නිසාම “සීනි අනෝදා ” කියල තමයි කියන්නේ .

සීනි කියල කිවුවම බොහෝ දෙනෙකු බයයි. ඒ සීනි කෑවම දියවැඩියාව හැදෙන නිසා සහ දියවැඩියා රෝගීන්ගේ රෝග තත්වය නරක අතට හැරෙන නිසා.

සරල සීනි වර්ග යහමින් තිබූ පලියට යම් ආහාරයක් අනුභව කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යන්නේ නෑ. එහෙම ඉහළ නොයන්න බලපාන තව හේතු ආහාරවල තියෙනවා

ඉන් එකක් තමයි අප ගනු ලබන ආහාරයේ තියෙන කෙදි (fibers ) ප්රමාණය.  ජීර්ණයට ප්‍රතිරෝධී කෙදි සුලභ ආහාරයක් නිසා අප ගනු ලබන සරල පිෂ්ටය සහ සීනි ජීර්ණය වීම සහ අවශෝෂණය  මන්දගාමී වෙනවා. එවිට රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යන්නේ නෑ. එවැනි ආහාර වර්ගවලට කියනවා ග්ලයිසීමික් දර්ශකය අඩු සහ මධ්‍යස්ථ ආහාර කියල . සීනි අනෝදාවලත් ඉහළ තන්තු ප්‍රමාණයක් තිබෙන නිසා එය මධ්‍යස්ථ ග්ලයිසීමික් අගයක් සහිත පලතුරක්.

අප ගනු ලබන ආහාරවල තිබෙන පිෂ්ටය සහ සීනි වර්ග ජීර්ණය කර ශරීරයට උරා ගැනීම සඳහා ජීර්ණක එන්සයිම ඕන වෙනවා. පිෂ්ටය ජීර්ණය කිරීම සඳහා අපගේ අන්ත්‍ර මගින් ග්ලූකොසයිඩේස් (Glucosidases)  එන්සයිම ශ්‍රාවය කරනු ලබනවා. අප ගනු ලබන සුක්‍රෝස්, ෆෘක්ටෝස් ගැලැක්ටෝස් වගේ ඩයිසැකරයිඩවර්ගත් පිෂ්ටයෙහි අඩංගු පොලිසැකරයිඩ වර්ගත් ග්ලූකෝස් බවට පරිවර්තනය නොවී තිබෙනවානම් හෝ ග්ලුකෝස් බවට පරිවර්තනය වෙන එක මන්දගාමී කරනවානම් එය අනතුරුදායක විදියට ක්ෂණිකව ලේවල  සීනි මට්ටම   ඉහළ නගින එක සිද්ධ වෙන්නේ නෑ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඒ වැඩෙි කරන , එහෙම නැතිනම් කාබෝහයිඩ්‍රේට ජීර්ණක එන්සයිමවල ක්‍රියාකාරිත්වය නතර කරන, මන්දගාමී කරන ශාකමය අනුක වර්ග ඇතැම් ආහාර වර්ගවල තිබෙනවා කියල විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒවාට ග්ලූකොසයිඩේස් ඉන්හිබිටර්ස් කියල කියනවා .

මේ වැඩේ කරන බටහිර  ඖෂධ වර්ග දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරු ලබා දෙනවා. එහෙම දෙන එක් ඖෂධ කාණ්ඩයක් තමයි ඇල්ෆා ග්ලූකොසයිඩේස් ඉන්හිබිටර්ස් (Alpha-glucosidase inhibitors)  කියල කියන ඖෂධ වර්ග.

උදාහරණ .

  • Glucobay (Acarbose)
  • Glyset (Miglitol)

සීනි උරාගැනීම නතර කරන ශාක අනුක සහිත ජනප්‍රිය ආහාර වර්ග කිහිපයක්ම විද්‍යාඥයින් මේ වෙනකොට හදුනාගෙන තිබෙනවා .

මිදි, පෙයාර්ස්, පේර, බිම්මල්, මුහුදු එළවළු (seaweeds) ඉන් කිහිපයක්.

දැන් මේ කිවුව කාබෝහයිඩ්‍රේට් ජීර්ණය නතර කරන, මන්දගාමී කරන ශාක අනුක්‍රම   ක්‍රියාකාරිත්වය සීනි අනෝදාවලත් තියෙනවා කියල විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

 https://pubmed.ncbi.nlm.nih.gov/28821021/

ඒ නිසා පිටි සීනි කෑම ටිකක් වැඩියෙන් කෑවහම සීනි අනෝදා කෑල්ලකුත් කන්න පුලුවනිනම් හොඳයි…

පෝෂණයෙන්, ඖෂධ ගුණයෙන් බොහොම සරු කෑමක්.

සීනි අනෝදාවලට ඉංග්‍රීසියෙන් Sugar-apple (sweetsop) කියල කියනවා. විද්‍යාත්මකව  Anona squamosa L. කියල කියනවා. මේ පලතුර බොහොම ඉහළ පෝෂණ ගුණ රාශියක් තියෙන පලතුරක්.

සාමාන්‍යයෙන් පලතුරුවල ප්‍රෝටීන අඩු වුනත් සීනි අනෝදාවල තරමක  ප්‍රෝටීන ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. විටමන් බී, සී වලින් ඉතාමත් පොහොසත් වගේම, යකඩ, මැග්නීසියම් , මැංගනීස්, කැල්සියම් , සින්ක්, පොටෑසියම්වලිනුත් හොඳටම සරු පලතුරක්.

ඒ වගේම ප්‍රතිඔක්සිකාරක,  ප්‍රතිපිලිකා  ගුණ , සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්වශන පද්ධතිය  ශක්තිමත් කරන, ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කරන මොළයට බොහොම හිතකර , අක්මාවේ ක්‍රියාකාරිත්වය දියුණු කරන,  පෝෂ්‍යපදාර්ථ අවශෝෂණය සක්‍රීය කරන  ආහාරයක් බව විද්‍යාත්මක   අධ්‍යනවලින් හෙළිවෙලා  තිබෙනවා.

https://ijpsr.com/

තවද, සීනි අනෝදා හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන හදවතේ සුව පැවැත්ම තහවුරු කරන  ඖෂධ ගුණ බොහෙම තියෙන පලතුරක් බව විද්‍යාත්මක තතු විත්තිවලට අනුව පැහැදිලි වෙනවා.

 https://pubmed.ncbi.nlm.nih.gov/16230844/

  • හැබැයි දියවැඩියා රෝගයට ඖෂධ බොන අයෙකුනම් මේ ජාතියේ කෑම කනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ වගේ කෙනෙක් ලේවල සීනි හොඳටම අඩු වෙලා හයිපොග්ලයිසීමියාව කියන තත්වයට ඇවිත් කලන්තෙ දාලා ඇදවැටෙන්නත් පුලුවන් .

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ

Next Post

හඳුනා නොගත් ද්‍රව්‍ය ගොඩගසන යාපනය මුහුදු වෙරළට හිමිකරුවෙක් නොමැති විදේශයක බෝට්ටුවක් ගොඩ ගසයි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023
සෞඛ්‍යය

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

නොවැම්බර් 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.