බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

වැසි සමයත් එක්ක අප වැඩි දෙනෙක් ඉන්නෙ මී උණ වැළඳීමේ අවදානම් කලාපයේ

නුවර එලිය දිස්ත්‍රික් මහා රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ලලේන්ද්‍ර ඩයස් -

by editor
මැයි 19, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter
කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ලලේන්ද්‍ර ඩයස්

කෞශිනී විජේසිංහ –

මේ දිනවල අපි කවුරුත් වැඩි අවධානයක් යොමු කරන්නේ COVID19 වෛරසය පිලිබඳ. නමුත් ඒ හා සමානවම අප අවට ඇති අනෙකුත් රෝග පිළිබඳව ද අප විමසිල්ලෙන් සිටිය යුතුය. මේ වන විට මෙරට පවතින වැසි සහිත කාලගුණය නිසා ඇතැම් රෝග පිලිබඳ අපිට නැවත නැවතත් කතා කරන්නට සහ අවධානය යොමු කරන්නට සිදු වී ඇත. මී උණත් එවැනි රෝගයකි. මාරාන්තික සංකූලතා ඇති කරන මී උණ පිලිබදව මේ කතා බහ නුවර එලිය දිස්ත්‍රික් මහා රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ලලේන්ද්‍ර ඩයස් සමගයි.

ප්‍රශ්නය

මීඋණ කියන්නේ සමාජයයේ කලින් කලට හිස ඔසවන රෝගයක්. මුලින්ම   “මී උණ” කියන රෝගී තත්වය පැහැදිලි කළ හැකි ද?.

පිළිතුර

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මිනිසාට වැළදෙන රෝග ගත්තම ආසාදන සහ බෝනොවන රෝග වශයෙන් කාණ්ඩ දෙකකට තියෙනවා. ආසාදන රෝග ගත්තම ඒවා විවිධ ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා, වෛරය, දිලීර නිසා හට ගන්න පුළුවන්. ඒත් එක්කම සමහර රෝගාබාධ තියෙනවා ඒවා අපිට වැළදෙන්නේ සතුන් නිසා. මි උණ කියන්නෙත් එහෙම රෝගයක්. මී උණ ඇති කරන ප්‍රධාන සත්වයා මීයා උනාට මුගටින් ආශ්‍රයෙන් ද මේ රෝගය වැළඳෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ දී අපි මී උණ හඳුන්වන්නේ Leptospirosis කියල. මී උණ හැදෙන්නේ මීයාගේ මුත්‍රාශය ප්‍රදේශයේ ජීවත් වන විශේෂ ක්ෂුද්‍ර ජීවියෙක් නිසා. කුඹුරු ආශ්‍රිතව, වැසි වතුර එකතුවන ස්ථානවල, ඉදිකිරීම් පරිශ්‍ර, කාණුවල මීයන් මුත්‍රා පහ කරීමේ දී ඒ මුත්‍රා සමග මේ ක්ෂුද්‍ර ජීවියා පරිසරයට මුදා හරිනවා. ඉතින් මේ ක්ෂුද්‍ර ජීවියා මිනිසාට ශරීරගත වන නිසා තමයි මී උණ කියන මේ රෝගී තත්වය අපිට වැළඳෙන්නේ. එනිසා සමහර රැකියාවන් කරන අයට  මී උණ රෝගය වැළඳෙන්නට ලොකු අවකාශයක් තියනවා. කෘෂි කර්මාන්තයේ නියැලෙන්නන්, ඉදිකිරීම් පරිශ්‍රවල වැඩකරන කම්කරුවන්, වැනි අය තමයි වැඩිපුරම මේ රෝගී තත්වයට ගොදුරු වෙන්නේ.

ප්‍රශ්නය 

මී උණ ආසාදනය කරවන ක්ෂුද්‍ර ජීවියා මිනිස් ශරීරයට ඇතුළු වන්නේ මොනවගේ අවස්ථාවලදී ද?

පිළිතුර 

බොහෝ විට ජලාශ්‍රිත ප්‍රදේශ වල, ජලය රැඳුන තැන වල තමයි මේ ස්පයිරෝකීට්  (spirochete)  කියන ක්ෂුද්‍ර ජීවියා වාසය කරන්නේ. එම ක්ෂුද්‍ර ජීවියා මනුෂ්‍ය ශරීරයට ඇතුළු වන්නේ   අපගේ පාදය ආශ්‍රිතව යම් කැපීමක්, සීරීමක් හෝ තුවාල වීමක් නිසා. සම මතුපිට ඇතිවන පටක බිඳීමක දී මේ ක්ෂුද්‍ර ජීවියාට අපගේ ශරීරයට ඇතුළු වීමට පුළුවන්. ඒ වගේම ඇළ දොළ වැව අමුණු ආශ්‍රිතව අපි දිය නාන විට අපගේ ඇස, මුඛය හෝ ස්ලෙෂ්ම පටක හරහා මේ ක්ෂුද්‍ර ජීවියා සම්ප්‍රේෂණය වෙලා මී උණ හැදෙන්න පුලුවන්. නමුත් බහුලවම අපි දකින්නේ පාදාශ්‍රිතව ඇති වන තුවාලයක් හෝ සීරීමක් හෝ කැපීමකින්   මේ ක්ෂ්ද්‍ර ජීවියා ශරීර ගතවන බවයි.    රුධියට ඇතුළු වූ පසු මේ ක්ෂුද්‍ර ජීවියා ගුණනය වන්න පටන් ගනනාව. ඒ ගුණනය වීමෙන් මී උණ රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඇත්තටම මේක ඉතාම භයානක රෝගී තත්වයක්.

ප්‍රශ්නය 

මී උණ රෝගයේ තිබෙන රෝග ලක්ෂණ මොනවද?

පිළිතුර 

සාමාන්‍ය උණකට වඩා ඉතා තද උණක් මී උණ වැළඳුණු රෝගියෙක්ගේ දකින්න පුළුවන්. ඒ වගේම අනෙකුත් උණ රෝගී තත්වයන් වලදී ඇතිවන මාංශ පේශීන්වල ඇතිවන වේදනාවට වඩා ප්‍රබල වේදනාවක් මී උණ වැලඳණු එනෙකුගේ දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඇස් කහ වීමක්  දකින්නට පුළුවන්. මුත්‍රා වල තද කහ පාටක් දකින්නට පුළුවන්. මී උණ රෝගය වකුගඩු වලට දැඩි බලපෑමක් කරන නිසාම අවම මුත්‍රා වහනය, මුත්‍රා සමග රුධිරය පිට වීම ද  ඇති වන්නට පුළුවන්. ඒ වගේම තද හිසරදය, වමනය, රුධිර පීඩනය අවම වීම, කම්පනය තත්වයන් ඇති වීමෙන් මරණය පවා ඇති විය හැකියි.

ප්‍රශ්නය 

මී උණ රෝගයට නිසි කලට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මොනවගේ සංකූලතා වලටද රෝගීන්ට මුහුණ දෙන්න සිදුවන්නේ?

පිළිතුර 

මී උණ ඇති කරන ක්ෂුද්‍ර ජීවියා ශරීරගත වූවාට පසු මී ක්ෂුද්‍ර ජීවියා රුධිරය තුල ගුණනය වන්නට පටන් ගන්නවා. එතකොට මේ ක්ෂුද්‍ර ජීවියාගේ ක්‍රියාකාරීත්වය නිසා මා කලින් සඳහන් කල පරිදි වකුගඩු වලට අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා.

  • ඇතැම්විට වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වියහැකියි.වකුගඩු මෙන්ම අක්මාවේ ක්‍රියාකාරීත්වයද  අඩපණ වීම නිසා මුත්‍රා සමග පිත වහනය වන්නට පුළුවන්.
  • ඊට අමතරව හෘදයට සහ මොළයට ද මෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. මොළයට කරන අහිතකර බලපෑම මොලයට විෂබීජ ඇතුළුවිය හැකියි. ඒ නිසා සිහි විකල් වීම, කරකැවිල්ල, වමනය, තද හිසරදය වගේ ඇතිවන්නට පුළුවන්.
  • හෘදය ට ඇතිවන බලපෑම නිසා රුධිර පීඩනය ඉතාම දරුණු ලෙස පහත බහිනවා. මේ නිසාම කම්පනය වගේ රෝගතත්වයක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මරණය පවා ඇති වන්නට පුළුවන්.
  • මී උනා වැළදීමෙන් ඇතිවන භයානකම තත්වය තමයි පෙනහළු ඇතුළට රුධිරය වහනය වීම. ඒ නිසා රෝගියාට හුස්ම ගැනීමේ අපහසුවක් සහ හුස්ම ගැනීමේ වේගයේ අධිකව වැඩි වීමක් වෙලා මරණය ඇතිවන්නට පුළුවන්.

දැන් ඔබට වැටහෙනවා ඇති මේ රෝගයේ තියන බරපතලකම . මෙය බිහිසුණු මාරාන්තික රෝගයක්

ප්‍රශ්නය 

මී උණ කියන්නේ වසංගතයක් දක්වා ව්‍යාප්ත විය හැකි රෝගයක්.  මී උණ රෝගය පැතිරීම වැලැක්වීමට අප කටයුතු කරළ යුත්තේ කොහොම ද?

පිළිතුර 

රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගේම  ප්‍රජාවගේ දායකත්වය ඉතාම වැදගත්. මෙහිදී සමාජයේ ජීවත්වන පුද්ගලයෙක් විදියට ඔබට මේ සඳහා විශාල දායකත්වයක් දක්වන්න පුළුවන්. අපි හිතමු ඔබ කෘෂි කාර්මික ජීවන රටාවක ඉන්න කෙනෙක් නම්   ඔබගේ පාදයේ තුවාලයක්, කැපීමක් හෝ සීරීමක් ඇතිවෙලා තිබුනොත් ඉතාප්‍රවේසම් විය යුතුයි. එවැනි අවස්ථාවලදී හැකි නම් ගොවිතැන් කටයුතුවලින් ටික දවසකට ඉවත් වී සිටීම හෝ තුවාලය ආවරණය කර ගැනීම සිදු කළ යුතුමයි. මේ කාලය තුළ ඔබට උණ තත්වයක් ඇති වුවහොත් ප්‍රමාද නොවී රෝහල ගත විය යුතුයි.

ඒ වගේම ප්‍රදේශයේ ඉන්න විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ගොවි පර්යේෂණ නිලධාරීන් වැනි පිළිගත් පුද්ගලයින් විසින් ගොවි හමු පවත්වා මෙම රෝගය පිලිබඳ දැනුවත් කිරීම් කරනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උපදෙස් ලබා දෙනවා.  කරුණාකරලා ඒ උපදෙස් පිළිපදින්න. මී උණ වැළදීමේ අවදානම් පිරිසේ ඔබ නොසිටියත් ඇතැම් විට වැසි තත්වයන් වලදී, ගං වතුර තත්ව  වලදී මේ අවදානමට ඔබ ලක්විය හැකියි.  රෝගය පිලිබඳ නිවැරදිව දැනුවත් වෙමින්   රෝග ව්‍යාප්තිය අවම කරන්න අපිට පුළුවන්.

 
Share69Tweet43
Previous Post

කොවිඩ් 19 මිදෙන්න හොඳම ප්‍රවාහන මාධ්‍යය පාපැදි ලු

Next Post

ලේ මිදෙන සීතලට අභියෝග කරන ස්විස්ටර්ලන්තයේ වර්ණවත් මිනිසා

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.