සාකච්ඡාව – ශ්‍රියානි විජේසීංහ –
රට පවතින්නේ ආර්ථික අර්බුධයකය. විවිධ විදේශීය සංවිධානයන්ගෙන් ඖෂධ , ශල්‍ය උපකරණ ඇතුළු විවිධ දෑ රටට ලැබෙමින් ඇත. එම ඖෂධය සමග ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ කුඩා දරුවන්‌ගේ ජීවිත බිලිගත් කැස්ස පැණිය ලංකාවටත් පැමිණිමේ ඉඩකඩ ඇත්ත ද?.
මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – කැස්සට භාවිත කරන පැණියක් විසවිමෙන් ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමා ජීවිත සිය ගණනක් නැතිවුනා. ජීවිත අවදානමකට ලක්කරන මෙම පැණිය අපේ රටෙත් භාවිත කරනවාද?
පිළිතුර – ගැටලුකාරී තත්ත්වයක් ඇතිකළ මෙම පැණිය අප රට තුළට නීත්‍යානුකූලව පැමිණිලා නැහැ.
ප්‍රශ්නය – ඒ කියන්නේ නීත්‍යානුකූලව නොවන මට්ටමකින් පැමිණිලා කියලද ඔබ කියන්නේ.?
පිළිතුර – මම එහෙමමම කියනවා නෙවෙයි. නමුත් මේ වගේ දේවල් හොර පාරෙන් රටතුළට ඒමේ ඉඩකඩ තියෙනවා. අපි දන්නවා ඉන්දියාවෙන් බෝට්ටු මගින් විවිධ බඩු භාණඩ මෙරටට නීත්‍යානූකූල නොවන අන්දමින් පැමිණෙනවා. ඒ අතර විවිධ ඖෂධ වර්ගත් තියෙන්න පුලුවන්.
ප්‍රශ්නය – නීතී විරෝධි ලෙස රටතුළට ඇතුළුවන ඖෂධයන ජනතාව අතට යාම වැලැක්වීමට කල හැක්කේ කුමක්ද?
පිළිතුර – සුදූසුකම් ලත් වෛද්‍යවරුන්ගෙන් හැර අන් අයගෙන් ප්‍රතිකාර ලබා නොගත යුතුයි. ඒ වගේමයි ඖෂධයක් මිලදී ගැනීමට ඔබ ෆාමසියක් වෙත යනවා නම් ඒ ෆාමසි ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර තිබෙන එකක්ද යන්න පිලිබඳව සොයා බැලිමක් කළ යුතු වෙනවා.
ප්‍රශ්නය – ඉහත සඳහන් කළ කරුණු දෙකට අනුව නීතිවිරෝධී ඖෂධයක් ජනතාව අතට යාම වැලකෙන්නේ කෙසේද?
පිළිතුර – මෙරටට නීත්‍යානුකූලව ගෙන එන ඖෂධ කියන්නේ ජාතික ඖෂධ අධිකාරියේ අනුමැතිය ලැබී ඇති ඒවා. එම ඖෂධ ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වු ඒවා . සුදුසුකම් ලත් වෛද්‍යවරු රෝගීන්ට නිර්දේශ කරන්නේ එම ඖෂධ පමණයි.
ඒ වගේම තමයි අප ආයතනය තුළ ලියාපදිංචි වී තිබෙන පෞද්ගලික ඔසුසැල්වල අලෙවි කරන්නෙත් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ඇති ඖෂධ පමණයි. ඒ අනුව යම් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්නෙ නම් හා ලියාපදිංචි කර ඇති පෞද්ගලික ඔසුසලකට යන්නේ නම් නීති විරෝධීව මෙරටට ගෙන එන ඖෂධ ලැබෙන්නේ නැහැ .
ප්‍රශ්නය- නීත්‍යානුකූලව මෙරටට ගෙන එන සෑම ඖෂධයක්ම ජාතික ඖෂධ අධිකාරිය තුළ ලියාපදිංචි කරනවාද?
පිළිතුර – සාමාන්‍ය තත්ත්වය යටතේ රටට අවශ්‍ය ඖෂධ මෙරටට ගෙන ඒ්මට ඖෂධ අධිකාරිය තුළ ලියාපදිංචි විය යුතුයි. නමුත් හදිසි ආපදා අවස්ථාවකදී හෝ රටතුළ ආර්ථික අර්බුධයක් පවතින අවස්ථාවකදී විදෙස් රටවලින් අපට ඖෂධ පරිත්‍යාගයන් ලෙස ලැබෙනවා . එවන් අවස්ථාවකදී ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීම අවශ්‍ය නැහැ. නමුත් අපි ඒ හැම ඖෂධයක්ම නියාමනය කරනවා.
ප්‍රශ්නය – ඒ නියාමනය සිදුවන්නේ කෙසේද?
පිළිතුර – අප රටට පරිත්‍යාගයන් ලෙස ලැබෙන ඖෂධ වෙනත් රටවල් වල භාවිත කරනවාද? ඒවායේ අතුරු ආබාධයන් මතුව තිබෙනවාද? එම ඖෂධ නිෂ්පාදනය කරන සමාගම පිලිබඳ විස්තරයන් යනාදි කරුණු කෙරෙහි අවධානයක් යොමු කරනවා.
ප්‍රශ්නය- මේ වන විට අප රට තුළ දැඩි ආර්ථික අර්බුධයක් මතුව තිබෙනවා. ඒ නිසා විදේශිය පරිත්‍යාගශීලීන්ගෙන් රටට ඖෂධ සැලකිය යුතු මට්ටමින් ලැබෙමින් පවතිනවා. ඔබ කොපමණ නියාමනයන් කළත් ඉන්දුනීසියාවේ ඇති වූ ත්ත්වයක් ඇති නොවන බවට සහතික වෙන්න පූලුවන්ද?
පිළිතුර – අපිට සියයට සියයක්ම එහෙම කියන්න බැහැ. ඒ නිසා තමයි මම මුලිනුත් කීවේ ප්‍රතිකාර ලබා ගැනීමට සූදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාම හා ලියාපදිචි වූ ෆාමසියක් වෙතින්ම පමණක් ඖෂධ මිලදී ගත යුතු බව.
මොකද ලියාපදිංචි ෆාමසියක් තුළ ඉන්නේ සුදුසුකම් ලත් ඖෂධවේදින්. ඒ අය දන්නවා එම ඖෂධ ලොව පුරා භාවිත කරන එකක්ද නැද්ද යන වග.