බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

CCD – OIC ගේ අනුග්‍රහයෙන් පවත්වන්නට ගිය ඉෂාරා සෙව්වන්දිගේ බර්ත්ඩේ පාටි එක අතේ පත්තු වුන හැටි!

by editor
මාර්තු 30, 2026 - Updated on මාර්තු 31, 2026
in සමාජ
sewwandi
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මිනිස්සුන්ගේ පිරිමි ඇඟවල් ගිනිගන්නේය.  ඒක ලෝක ස්වභාවය ය.  කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගේත් පිරිමි ඇඟ ගිනි ගන්නවා නම් එය අපට නම් අරුමයක් නොවේ. අපට ඇති ප්‍රශ්නය ඒ ගින්න නිවා ගැනීමට යොදා ගන්නා තැන ගැන පමණය.

ඉෂාරා  සෙව්වන්දි නේපාලයේ සිට අරගන ආවේ පට්ට ගේමක් ගසාය. ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව මත විනිසුරු වරිය ඉදිරියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට වෙඩික්කරුට අපරාධ නඩු විධාන සංග්‍රහයේ තැන්පත් කර පිස්තෝලයක් ගෙනත් දුන්නේ ඉෂාරා සෙව්වන්දිය. ඇය අධිකරණ භූමියට ගිනි අවිය ගෙනාවේ නීතිඥවරියක ලෙසිනි. වෙඩික්කරු සංජීවට වෙඩි තැබුවේ නීතිඥවරයෙක් ලෙස වෙස්වලාගෙනන අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ සඟවා තිබූ පිස්තෝලයෙනි.

වෙඩික්කරු එදිනම අත්අඩංගුවට පත් වෙද්දී ඉන්න හිටින තැන සොයා ගන්නට නොහැකිව රටින් පැන ගොස් නේපාලයේ  සිටිය දී හතරවරම් කෙළ අත් අඩංගුවට ගෙන ලංකාවට රැගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි  කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගේ ගිනි නිවන උපකරණයක් බවට පත්වීමේ විලි ලජ්ජා නැති කතාව ගැන කියන්නේ සංගයක් ඇති පොලිසියේ මහත්තුරුන්ට යුනිෆෝම් එක හපා ගන්නට හිතෙන්නට එපා කියන ප්‍රාර්ථනාවත් එක්කය.

අද දෙරණ කතාව සම්පූර්ණයෙන්ම හෙළි දරවු කර ඇත්තේය.  ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ  ස්ථානාධිපතිවරයා (OIC) උපන්දින සාද සැලසුම් කර තිබිය දී අතේ මාට්ටු වුනේය. කවුරුන් හෝ කිව්වත් විශ්වාස නොකරන එවැන්නක් කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළේ සිද්ධ වන්නට ගියේය.  නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා  නොවෙන්නට ඒ උපන්දින සාදය පවත්වන්නේය. ඒ සඳහා ඉරාෂාරගේ ඥාති පරම්පරාවත් එන්නේය. ඉෂාරා කූඩුවෙන් එළියට පැමිණ කෙක් කපන්නේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සිදුවන්නට ගිහින් ඇත්තේ අම්මට සිරි වෙන වැඩක්ය.

 OIC ගේ අනුග්‍රහය ලැබ පවත්වන්නට ගිය ඉෂාරගේ උපන්දින සාදය

ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින සාදය යෙදී තිබී ඇත්තේ  පසුගිය 29 වනදාටය. එදා ඉරිදා දිනයකි.  උපන්දිනය  වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සාදයක් සැලසුම් වී තිබුණේය. කේක් කපා උපන්දිනය සමරන්නට සියල්ල සූදානම් කරගෙනය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

උපන්දිනය වෙනුවෙන් සිරමැදිරියෙන් පිටතට ගෙන්වා කේක් කැපීමට අවස්ථාව සලසා දීමට  කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අනුමැතිය දී තිබිණි. ඒ අවසරය දී ඇත්තේ අවවාදයක් ද කරමිනි.

. “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා, පස්සේ ඕවා ඉන්ටර්නෙට් එකේ යයි “ අවවාදය එයය.  වැඩේ සියල්ල ඒ උපදෙස් අනුව සූදානම්ය.  ඉෂාරා සෙව්වන්දිගේ සොයුරා කෙක් ගෙඩියක් ද රැගෙන ඇය දකින්නට ඇවිත්ය. ඔහු සමග සෙව්වන්දිගේ ලොකු අම්මා, සහ සෙව්වන්දිගේ පුත්‍රයාත් පැමිණ තිබුණේය. සෙව්වන්දි සිර කුටියෙන් පිටතට ගෙන්වා ඒ අසල කේක් එක කපන තැනත් සූදානම්  කර තිබුණේය.

නටන්නට හදන මේ ජවුසම ගැන මේ අතර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට පුද්ගලික ඔත්තුකරුවෙක් මගින් ඔත්තුවක් ලැබී තිබිණි.  ඒ බව කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් තහවුරු කරගත්  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉහ මොළ රත්වුනේය.  තමන්  යටතේ තකතිරුවන් ඉන්නා බව දැනගෙන සිටියත් මෙවැනි තුට්ටු දෙකේ සිපයියන් සිටින බව ඇත්තටම ඔහු දැනගෙන සිටියේ නැත.

වහාම මේ පඩංගු වැඩේ නවත්වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට අණ කළේය. අනතුරුව සිද්ධිය ගැන සොයා බලන්නට කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට එව්වේය. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාත් එතෙන්ට ගියේය.  සිද්ධ වුන දේ ඔවුහු  සිය  ඇස් දෙකෙන් දැක ගත්හ.

මේ වනවිට මේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මකය. බොහෝ විට ඔහුගේ වැඩ තහනම් වීමට නිමිත බව පොලිසියේ ආරංචි මාර්ග අපට කියන්නේය.  කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානධිපති සහ ඉෂාරා සෙව්වන්දිගේ සොයුරා අතර ඇතැයි කියන සමීප සම්බන්ධතාවයක් ගැන ද දැන් අනාවරණය වෙමින් තිබේ.  කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනයෙන් කතා කරන බව වාර්තා වී ඇත්තේය.

ඉෂාරා සෙව්වන්දිලා ගැන කොළඹ අපරාධ කොට්ඨසයේ දී අමුතු පුවත් වාර්තා වුන පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය දෙසැම්බර් 15 වැනිදා අපූරු වැඩක් අතේ කෝට් කරගන්නට හැකි විය. ඒ ඉෂාරා සෙව්වන්දි සමග එමකම කුටියේ සිරගත කර සිටින  ඩුප්ලිකේට් සෙව්වන්දි ලෙස හඳුන්වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියට බිස්කට් කවන්නට ගිය පොලිස් සැරයන්වරයෙක් ගැනය. තක්ෂිට බිස්කට් කැවූ  සැරයන් දැන් ඉන්ටර්ඩික්ය.

තක්ෂි සහ ඉෂාර රඳවා ඇති  අංක 03 සිරමැදිරිය අසල අසාමාන්‍ය ලෙස ගැවසෙමින් ඇය සමඟ හස්ත සංඥා මඟින් අදහස් හුවමාරු කරගත් මෙම නිලධාරියා, සති දෙකක පමණ කාලයක් තිස්සේ ඇය කෙරෙහි විශේෂ ඇල්මක් දක්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වන්නේය.

ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, රාත්‍රී රාජකාරියේ නිරතව සිටි මෙම සැරයන්වරයා සැකකාරියට බිස්කට් ලබා දෙන ආකාරයත්, ඇය අඩක් කා ඉතිරි කළ බිස්කට් පෙත්තක් ඔහු විසින්ම ආහාරයට ගන්නා ආකාරයත්ය. අදාළ සිරමැදිරිය පිහිටි කලාපයට අනවශ්‍ය නිලධාරීන්ට ඇතුළු වීම පවා තහනම් කර තිබියදී, සැකකාරියන් සමඟ ලව් කරන්නට ගොස් ඒ සැරයන් ඇනගත්තේය.

එහි දිගුව මෙයය. ඉෂාරාට බරත් ඩේ පාටි දෙන්නට ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ OIC රස්සාවට කෙළවා ගන්නට නියමිතය.  මුන් ගැන ඇහෙනවිට අනේ අපොයි කියා කියනවා හැරෙන්නට ඇත්තටම වෙනත් කියන්නට දෙයක් නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරානය වනසමින් ඉරානයේ හදවත තුළ කිඳී ගිය ඊශ්‍රයාලයේ දැවැන්ත බුද්ධි මෙහෙයුමේ තරම දැනගන්න!

Next Post

මානුෂීය ආධාර රැගත් ඉරාන ගුවන් යානයකට ඇමරිකානු ප්‍රහාරයක්: ඉන්දියාවට ඒමට තිබූ ගමන අතරමග නවතී!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.