fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සීසර්ලාට සල්ලම් (නො) වූ සුනිල්

සුනිල් ජයවර්ධන ගැන පත්තර කාරයෙකුගේ මතකය

වසර 2ක් ago
in සමාජ
453 5
0
Share on FacebookShare on Twitter

 රජිත ජාගොඩ ආරච්චි –

“මල්ලි සුනිල් ජයවර්ධන කියලා කෙනෙක් ඉන්නවා පහළට ඇවිත්. මිනිහා ගාව හොඳ කතාවක් ඇති, ගිහිල්ලා අරන් එන්න”.

ඒ 2012 අවුරුද්ද විය යුතු යි. එවකට මා රිවිර දිනපතා පත්‍රයේ කෝඩුකාරයෙකි. ප්‍රවෘත්ති කර්තෘ චාමින්ද වාරියගොඩ  අපගේ කථානායකයා මුණගැසෙන්නට යන ලෙස මට කීවේ ඔහුට ම සුපුරුදු සුහද ස්වරයෙනි. ඒ ස්වරයෙන් කෙරෙන ඉල්ලීමකට බැහැ කියන්නට කොහොමටත් බැරි ය.

ඉල්ලීම පිළිගෙන, එක් පඩිපෙළක් නැඟ තවත් පඩිපෙළක් බැස පිළිගැනීමේ කවුන්ටරයට ගියේ, නමක් අහලාවත් නැති මිනිහෙක් ගාව මොන කතාදැයි හිතමිනි. එය කොතරම් මරි මෝඩ සිතුවිල්ලක් දැයි මිනිත්තු කිහිපයකින් තේරුම් යාමට නියමිතව තිබුණි.

හමුවන්නට යන්නේ කවුදැයි පවා හරිහැටි නොදැන සිටි මා බලාපොරොත්තු වූයේ හොඳින් ඇඳ පැළඳගත් Whistleblower කෙනෙකි. ඇතැම්විට ඔහු ද බලාපොරොත්තු වන්නට ඇත්තේ ද වයසින් මුහුකුරා ගිය පරිණත පත්තරකාරයෙක් විය හැක.

දාඩියත් දූවිල්ලත් එකට මුසු වී නළලත රැඳුණු මිනිසා පිළිගැනීමේ කවුන්ටරය ළඟ පුටුවක උන්නේ ය. ඔහුගේ උකුළ උඩ වූයේ ලොකු ෆයිල් මිටියකි.

“සුනිල් ජයවර්ධන මහත්මයාද?”

“ආ ඔව් මහත්තයා”

ඒ අප හමු වූ හැටි ය.

එතැන් සිට අවුරුදු අටක පමණ කාලයක් විටින් විට අපි කතා කළෙමු. ඔහු මිය යන්නට සති දෙකකට පමණ පෙරාතුවත් ඔහුට කතා කොට ඔබ්සර්වර් පත්‍රයට මා ලියූ ලිපියකට ඔහුගෙන්  කරුණු එකතු කරගතිමි. සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපතිවයා මෙන්ම ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ලෙසට ඔහු තමන්ගේ කරුණු ගොනුකළේය.

මාධ්‍ය ලෝකයේ සැරිසරන විට අපට මුණගැසෙන මිනිසුන් මෙතෙකැයි කියා ගණන් කිරීම අපහසු ය. රාජ්‍ය නායකයගේ සිට යාචකයා දක්වා පිරිස් අපට හමුවේ. ඔවුන් සතු කතාන්දර ද බොහෝමයකි. ඒවායෙන් විශ්වාසනීය තොරතුරු පෙරා ගෙන ලියන ලිපියකින් ඇතැම්විට අලුත් කතාන්දර රැසක මුල් මතුවීම වළක්වන්නට බැරි ය.

ඔහු එදා මා හමුවීමට ආවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ නුගේගොඩ ශාඛාවේ සභාපතිවරයා තමා බව කියමිනි.

ඔහු අත තිබූ ෆයිල් මිටියේ තිබුණේ ඉලක්කම් ගොඩක් බව අදට ද මට මතක ය. සමහර තැනක් පාට කර තිබුණේ වැදගත් කරුණු උල්පා දක්වන්නට ය.

මීට අට අවුරුද්දකට පෙර ඔහුගේ විරුද්ධවාදියා වූයේ එවකට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලොක්කා වූ මහින්ද කහඳගම ය. (කහඳගම කොළඹ නගර සභාවට තේරී පත්වූයේ ඒ කාලයේදී ම විය යුතුය)

ඔහු ගෙනැවිත් තිබූ කරුණු ද එකතු කරගෙන ලියූ ලිපියක් ඊට දින දෙක තුනකට පසු රිවිර දිනපතා පත්‍රයේ පළවිය. මතක හැටියට කහඳගමගෙන් ගත් ප්‍රතිචාරයක් ද ලිපියේ අඩංගු විය. කප්පම් ගැනීමක් වැනි යමක් ගැනත් එහි සටහන්ව තිබුණා යාන්තමට මතක ය. එය එවැන්නක් මා පත්තරයට ලියූ පළමු වතාව ද විය.

ලිපිය පළ වූ පසු සුනිල් ජයවර්ධන මහතා මට කතා කර ස්තූති කළේය. එය තමා වෙනුවෙන් නොව පීඩාවට පත් ව සිටි බොහෝ දෙනෙකු වෙනුවෙන් ඵලදායී වූ බවත්, බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවන්නට සමත් වූ බවත් ඔහු කීවා මතක ය. ඊට වසර කිහිපයකට පසු ඔහු කහඳගම පන්නා සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ බලය ඇල්ලුවේ ය. ටික දිනකට පසු මට කතා කළේ ද කළ හපන්කම ගැන ආඩම්බරයෙනි.

සුනිල් ජයවර්ධන මහතා ජීවත්වූයේ කැස්බෑව ප්‍රදේශයේ ය. මා පිළියන්දල වාසියෙකු වීම නිසා ‘වෙලාවක මුණගැසෙමු’ යැයි නොයෙක් වර කතා වුවද ඔහු මිය යන තෙක්ම එවැනි හමුවීමක් සිදු නොවිණි. බොහෝ විට අපේ කතාබහ දුරකථන ඇමතුමකට ම සීමා විය.

සුනිල් ජයවර්ධනගේ දේශපාලනය හෝ සිවිල් ක්‍රියාකාරීත්වය විමසා බලා ඔහුගේ අවසාන ඉලක්කය කුමක් දැයි විනිවිදී‌මේ වුවමනාවක් මට නැත. එහෙත් ඔහු මිය ගිය බවට මුලින් ම වට්ස්ඇප් හරහා දකිද්දි ඇති වූ කම්පනය තවමත් මුළුමනින් ම පහව ගොස් නැත.

අවසාන අරමුණ කුමක් වුවද ඔහු රටට යමක් කළ මිනිසෙකි. තමන්ගේ පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු මිය යාමට ආසන්නතම හේතුව දෙස බැලූව ද එය මනාව පසක් වනු ඇත. ‍

Join @lankasara on Telegram Channel
Previous Post

මාටින් වික්‍රමසිංහයන්ගේ දෙටු පුතු දිවියෙන් සමුගනී

Next Post

ඊ-පත්තරේ සමාජ මාධ්‍යවල යෙදීම නීතිවිරෝධියි – ඉන්දීය නීතීඥයෝ කියති

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……
  • හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…
  • අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!
  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  
  • ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

by editor
මැයි 29, 2022
0

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව...

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

by editor
මැයි 29, 2022
0

වැලිමඩ මියන්අරාව ප්‍රදේශයේ හරිතාගාරයක් තුළ ගංජා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist