බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

by editor
සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

සියදිවි හානිකර ගැනීම ප්‍රබල සමාජ අර්බූදයකි. අපගේ උපදේශන මැදිහත්වීම මගින් එක් අයෙකුගේ හෝ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් අප ලදහොත් එහි සැනසීම විඳින බොහෝ පිරිසක් මේ සමාජය තුළම සිටිති.

උපදේශකයකු ලෙස කිසිවිටෙක ඔබේ ඒ වටිනා උත්සාහයට යෙදූ කාලය ශ්‍රමය අපතේ යන්නේ නැත.

ජීව්තය සුන්දරය

එය ජීවත්වීමෙන්ම පසක් කරගත යුතුය

ඔබ ඒ සඳහා ඔබේ සේවාලාභියාට කොන්දේසි විරහිතව සහය දෙන්න.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ ලිපිය ඒ සඳහා උපදේශකවරුන්ට අත්වැලකි.

suicide

සියදිවි නසා ගැනීමට තැත්කරන රෝගීන් පිළිබඳ උපදේශකවරුන් සලකා බැලිය යුතු  කරුණු

  • සාමාන්‍ය ඔබත් දැනුවත් වන්න

අප වෙත එන උපදේශනය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා සියදිවි නසා ගැනීමේ අදහසක් ඇතුව සිටී නම් ඔහුගේ සියදිවි නසා ගැනීමේ අදහස තක්සේරු කිරීමකට භාජනය කර ඔහු සිටින අවදානම් තත්වයේ ගැඹුර තේරුම් ගැනීම ඉතාම හදිසි අත්‍යවශ්‍ය කාරණයකි.

මේ තේරුම්ගැනීම සඳහා අප විසින් සාධක 5ක්  උපයෝගී කරගෙන  කරුණු විමසා බැලිය යුතුයි.

  1. වර්තමාන සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම පිළීබඳව
  2. මෙයට පෙර සියදිවි නසා ගැනීමට තැත්කිරීම් පිළිබඳව
  3. මානසික රෝග තත්ත්ව ඇත්ද පිළිබඳව
  4. කායික රෝග තත්ත්ව පිළිබඳව
  5. පුද්ගලයාගේ සමාජ තත්ත්වය පිළිබඳව
  • 1). වර්තමාන සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම පිළිබඳව

මෙය කොටස් තුනකට බෙදෙයි

  • සියදිවි නසා ගැනීමේ උත්සහයට පෙර සිදුවූ දේ

මෙම තැත්කිරීමට ආසන්නයෙන්ම සිදුවූ සිදුවීම කුමක්ද? අන්තර්පුද්ගල ගැටුමක්, නරක ආරංචියක් වැනි දෙයක් නිසාද යන්න සොයා බැලීම වැදගත්ය.

සියදිවි නසා ගැනීමට ඇතිවූ අදහස කලින් සැලසුම් කළ එකක්ද?එසේත් නැති නම් ඒ මොහොතේ ක්ෂණිකව ඇතිවූ ආවේගයක් හේතුවීද? සමහර විට චේතනාව මියයෑම නොවෙන්නත් ඉඩ ඇත. නමුත් ආවේගය බලවත් වෙන්න පුළුවන්

පුද්ගලයා ක්‍රියාව සිදුවීමට පෙර යම් අවසාන පියවරයන් ගෙන තිබුණාද? ලියුමක් ලියා තැබීම, පණිවුඩයක් තැබීම, අවසන් කැමැත්ත ලියා තැබීම, ඉස්ට විය යුතු යුතුකම් ඉටුකිරීම වැනි ( මෙයින් වැටහෙන්නේ පුද්ගලයාගේ දිවිතොර ගැනීමේ චේතනාව ප්‍රබල බවයි)

තමාව සොයා ගැනීමට අපහසු තැනකට ගොස් මෙම ක්‍රියාව කරගැනීමට උත්සහ ගත්තේද? ( නන්නාඳුනන තැනකට යෑම, නිවසේ කිසිවකු නැති වේලාවක, සැවොම නින්දට ගියවිට. කාමරය නිවස අගුළු දමාගෙන චේතනාව ප්‍රබලයි)

මේ සෑම කරුණකින්ම දක්නට ඇත්තේ මෙම ක්‍රියාව සිදුකිරීමට ඇතිව තිබූ චේතනාව ප්‍රබල බවයි.

  • සියදිවි නසා ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී සිදුවූ දේ

සියදිවි නසා ගැනීමට යොදාගත් උපක්‍රමය – ජීවිතය බේරීමට ඇති ඉඩකඩ ඉතා අඩු පියවරක්ද? එල්ලී මියයෑම, ධාවනය වන දුම්රියෙන් පැනීම, වැනි ක්‍රියාවක් නම් චේතනාව ප්‍රබලයි. නැතිනම් ඖෂධ අධිමාත්‍රා ගැනීමක්ද? මෙහිදී පුද්ගලයා තම අත ඇති සියලුම ඖෂධ ගිල දැමුවේද නැති නම් කොටසක් ගිල දැමුවේද විමසිය යුතුයි. ( කීයක් බිව්වාද? කීයක් ළඟ තිබුණාද) එවිට මියයෑමට පුද්ගලයාගේ ඇති චේතනාවේ ප්‍රබල බව මැනිය හැකියි. වෙඩි තබාගැනීමකදී  වෙඩි තබාගත් ස්ථානය විමසා බැලිය යුතුයි.

පුද්ගලයා හුදකලාව සිටියාද? පුද්ගලයා හුදකලාවේ සිටියේ නම් අවදානම අධිකයි. පිරිසක් අතර ක්‍රියාව කළේ නම් චේතනාව ප්‍රබල නැත.

  • සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පසුව සිදුවූ දේ –

බේරුනු අයගෙන් මෙම ප්‍රශ්නය ඇසිය යුතුයි.

පුද්ගලයාට බේරුනු පසු ඔහුට ඇතිවූ සිතුවිලි.

එසේම ඔහු යොදාගත් උපක්‍රමය පිළිබඳ ඔහුගේ දැනුම පිළිබඳවද විමසීම වැදගත්. තමන් ගත් ඹෟෂධ අධිමාත්‍රාව මිය යෑමට ප්‍රමාණවත්ද බව ඔහුගේ දැනුම.

පුද්ගලයා ක්‍රියාව සිදුකර ඉන්පසු කිසිවකුට දැනුම් දුන්නේද?

උපකාර කිරීමට කෙනෙකු පැමිණි පසු පුද්ගලයාට ඇතිවූ හැඟීම – සහනයක් වැනි හැඟීමක් දැනුනාද

බේරීම පිළිබඳව අද පුද්ගලයාට ඇති හැඟීම – සතුටක් දැනුනාද, මෝඩකමක් ලෙස දැනෙනවාද

නැවත මෙම ක්‍රියාව කරන්නට සිතෙනවාද?

2)  මෙයට පෙර සියදිවි නසා ගැනීමට තැත්කිරීම් පිළිබඳව

අනාගත සියදිවි නසා ගැනීමට ඇති ප්‍රබලම අවදානම නම් අතීතයේ සියදිවි නසා ගැනීමට කර ඇති උත්සහයයි.

මෙයට පෙර තැත් කර තිබුණා නම් වාර ගණන

යොදාගත් උපක්‍රම මෙනවාද?

එසේ කිරීම නිසා ලැබූ වාසි තිබේද?

 3).  මානසික රෝග තත්ත්ව

විශාදය  – සියදිවි නසා ගැනීම වැඩිම මානසික රෝගය

හානිකර මධ්‍යාසාර භාවිතය

භින්නොන්මාදය  – උග්‍ර මානසික රෝග තත්ත්වයකි

පෞරුෂ ආබාධ

මෙම රෝග තත්ත්ව ඇති අයට දිවි නසා ගැනීමේ අවධානමක් ඇත. නමුත් 42% ක් කිසිම මානසික රෝග තත්ත්වයක් නැති අය සියදිවි නසා ගනී

 4). කායික රෝග තත්තව

දිගු කාලීනව නිධන්ගතව එකදිගට පවතින වේදනා  – ඖෂධ වලින් වේදනාව අඩු නොවන රෝගී තත්ව

තම ස්වාධීනත්වය නැතිවීම  – ඉතා හොඳින් ජීවත් වී පසුව යැපෙන්නට සිදුවීම -අන්ධවීම, ආඝාතය වැනි රෝග නිසා අන අයගෙන් යැපෙන්නට සිදුවූ

විරූපීවීම  – සැත්කමක් නිසා තමාගේ තිබූ රූපය විශේෂයෙන් මුහුණ විරූපී වීම. තම අනන්‍යතාව අහිමිවීම

සුවකළ නොහැකි අසනීප. ඒකාන්තයෙන් මියයන බව දැනගැනීම

5). පුද්ගලයාගේ සමාජ තත්ත්වය

සමාජමය වශයෙන් හුදකලා වුනු  – දරුවන් වෙන්වී තනිව සිටින මහළු මව්පියන්, තනිව අබල දුබල වූ වැන්දඹු අය,

වෘත්තීය  – විරැකියාව සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති සේම රෑකියාවද දිවිනසා ගැනීමට අවදානමක් ඇත.

සමාජ සහයෝගය   – විශ්‍රාම ගිය පසු ඇති වන තනිකම. වෙනදා තිබූ පිළිගැනීම, සමබන්ධතා , සහය ගිළිහීයෑම දරුවන් සොයා නොබැලීම. විශේෂයෙන් සමාජ සම්බන්ධතා සහ සමාජ සහය මානසික සුවයට අත්‍යාවශ්‍යයි

ණයවීම     –  අස්වනු පාලුවීම , විකුණා ගත නොහැකිවීම සේම ඔ්නෑම ණයබරකින් මිරිකීම,

මත්ද්‍රව්‍ය භාවිතය –  මත්ද්‍රව්‍ය මත්පැන් සහ දුම්පානය නිසා ඇතිවන ඇබ්බැහිය හේතුවෙන්

සියදිවි නසා ගැනීම පිළිබඳ උපදේශනය

මෙහිදී අප විසින් සලකා බැලිය යුතු තත්ත්ව තුනකි.

  1. සියදිවි නසා ගැනීමට තැත් කර බේරනු පුද්ගලයන්
  2. සියදිවි නසා ගැනීමට අදහස් ඇති තවම උත්සහ නොකළ පුද්ගලයන්
  3. සියදිවි නසා ගත් පුද්ගලයාගේ පවුලේ ඥාතීන්

උපදේශනයේදී යොදාගන්නා ප්‍රධානම කරුණූ තුනක් ඇත. සම්බන්ධවීම, සන්නිවේදනය කිරීම, සැලකිල්ල එම කරුණූ වේ. මෙය C3  ලෙස හඳුන්වයි. මෙමගින් පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට හැකියි. මෙය අභය දානයකි

CONNECT

COMMIUNICATE

CARE

  • සම්බන්ධවීම CONNECT

දැනටමත් සියදිවි නසා ගත් පුද්ගලයෙකුගේ පවුලේ අයට උදව් අවශ්‍යයි. ඔවුන් බොහෝ දෙනා අමතක කරයි.

ඔවුන් සමග සම්බන්ධවීම වැදගත් ( පවුලේ අය, පෙම්වතා, පෙම්වතිය)

සියදිවි නසා ගැනීමේ සිතුවිළි ඇති අය සමගද සම්බන්ධතා පැවැත්විය යුතුයි. එමගින් එම අදහස් නැතිවී යයි

හැමවිටම ඔවුන් සමග සම්බන්ධ වන විට වෘත්තීයමය සහ චිකිත්සාමය මට්ටමෙන් සම්බන්ධවීම වැදගත්. අප සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේ වගකීම ඉතා වැදගත්ය. ඔවුන්ගෙන් අසන්න. Are you OK? සවන් දීම කතාකිරීම සබැඳියාව ඉතා වැදගත්.

  • අදහස් හුවමාරුව COMMIUNICATE

මෙහිදී අදහස් හුවමාරුව තුළ සවන්දීම ඉතා වැදගත්ය. ඔවුන්ට කියන්නට ඇති දේට සවන්දීමට යමෙකු සිටින බව දැනීම ඔවුනට විශාල සහනයකි.

ඔවුනට කතා කිරීමට ඉඩ හැරීම කළ යුත්තේ ඔවුනගේ ක්‍රමයට සහ ඔවුනට කැමති වෙලාවකය.

ප්‍රතිබිම්බනය වන ආකාරයෙන් විනිශ්චයකින් තොරව සවන්දීම කළ යුතුය. අප එතැන සිටින්නේ මිනිස්සුන්ට සහය වීමට මිස විනිශ්චය කිරීමට නොවේ.

සහකම්පිත අදහස් හුවමාරුවකින් ඉහත සාධක මත පිහිටා කටයුතු කිරීමෙන් සියදිවි හානා කර ගැනීමේ අදහස හෝ පවුලේ ශෝකය සමනය වේ.

  • සැලකිලිමත් බව CARE

මෙය කොටස් දෙකකින් යුක්ත වේ. උපකාරක සත්කාර ලබාදීම සහ අනුවර්තනය වීමේ උපාය මාර්ග ශක්තිමත් කිරීම යනුවෙනි

උපකාරක සත්කාර ලබාදීම – Provide Supportive Care

Problem Solving Stratagies – ගැටළු නිරාකරනය කිරීමේ උපාය මාර්ග

අනුවර්තනය වීමේ උපාය මාර්ග ශක්තිමත් කිරීම  – Strengthen Adaptive Coping Stratagies

පුද්ගලයාගේ පීඩාව අඩු කරගැනීමට Seeking Help – උදව් හෝ කාරුණික චලනයක් අපේක්ෂා කිරීම. උදව් අවශ්‍ය තැනදි උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් ක්‍රියාවකි

Obtaining Information or Advice – නිසි තොරතුරු හෝ උපදේස් ලබාගැනීම. මෙමගින් සබඳතා ඇති කර ගත හැකිය. එසේම නිවැරදි දැනුම ලබාගැනීමත්. කළ යුතු නොකළ යුතු දේ ගැන තේරුම් ගැනීම ඉතා වැදගත්

Solving Problems  – ආකාර 5ක් ඇත

Confrontation   – එදිරිසංවාදය – ගැටළුවට ඍජුවම මුහුණ දී මග නොහැර මුහුණ දීම

Emotion Reducing Stratagies  – චිත්තවේග සමනය කරගැනීමේ උපාය මාර්ග

චිත්ත විරේකය  ඇඬීම විරේකයකි, ලිවීම,

ගැටළුව ගැන නැවත විමර්ශනය කිරීම

ගැටළුව තුළ ඇති ධනාත්මක විකල්ප විමසා බැලීම

ගැටළුව මගහැරීම හෝ නොසලකා හැරීම

සියදිවි නසා ගැනීමේ අදහස් ඇති සේවාලාභියකුට උපදේශනය ලබා දීමේදී පහත පියවර කෙරෙහි සැලකිළිමත්ව අනුගමනය කළ යුතුය

  • අනතුරුදායක හෝ අවදානම් තත්ත්ව සටහන් කර ගැනීම
  • සේවාලාභියාගේ නිවස ඔහුට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කිරීම
  • සේවාලාභියාගේ ආරක්ෂාව පිණිස සැලසුමක් නිර්මාණය කිරීම
  • කැපවීමෙන් ප්‍රතිකාර ලබාගැනීම
  • සේවාලාභියා අර්බුදයකට ලක්ව සිටියදී නිතර හමුවීම
  • විශේෂඥ ප්‍රතිකාර සහ සේවා සඳහා යොමු කිරීම

 

ප්‍රතිබිම්බනය තුළ කරුණු තුනක් ඇත

  • පළමුව සේවාලාභියා කියන දේ සවන් දෙන ගමන් තේරුම් ගත යුතුය.
  • ඇය/ ඔහු  කියූ දේ ඇගේ වචන වලින් පෙරළා වචන වලින් හෝ අංග චලනයෙන් ඇඟවීම
  • රෝගියා ඔබ ප්‍රශ්නය තේරුම් ගත් බව තේරුම් ගනී

ගැටළු නිරාකරණ චිකිත්සාව Problems  Solving

පියවර 5 ප්‍රතිකාරය.

ගැටළුව තේරුම් ගැනීම හෝ හඳුනාගැනීම – හඳුනාගත යුත්තේ සැබෑම ගැටළුවයි.

සියලු විකල්ප විසඳුම් ලයිස්තු ගත කිරීම – ක්‍රියාත්මක කළ හැකි සියලු විකල්ප විසඳුම් හඳුනාගැනීම, මෙහිදී සියලුම විකල්ප විසඳුම් ලයිස්තු කිරීම මිස විසඳුම් කෙරෙහි විවේචනාත්මක නොවී සිටීම. විසඳුම් හොඳ් හෝ නරක විය හැකිය. මෙතනදී සේවාලාභියා , උපදේශකවරයා සහ සේවාලාභියා කැමති ඔහුගේ කෙනෙක් හෝ දෙදෙනෙක්

හොඳම විසඳුම තෝරා ගැනීම        – වඩාත්ම උචිත විසඳුම තෝරාගන්න. මෙහිදී පියවර 3ක පෙරනයක් භාවිතා කරයි.

එය නීත්‍යානුකූලද( රටේ නීතියට එකඟද) නීත්‍යානුකූල වූ ටික

දෙවන පෙරනය වූ සදාචාරාත්මකද, ආචාරධර්මානුකූලද යන්න විමසා එයින් තේරුනු ටික

තුන්වන පෙරනයට දමන්න. එය ප්‍රායෝගිකද ( සේවාලාභියා සඳහා) විමසන්න. එවිට විසඳුම් එකක් හෝ දෙකක් හෝ ඉතුරු වනු ඇත. එයින් සේවාලාභියා කැමති විසඳුම තෝරා ගන්නට ඉඩදීම වැදගත්

හොඳම විසඳුම කරා පියවරෙන් පියවර සළකුණු කරන්න –  තෝරාගත් විසඳුමට යන මාර්ගය පියවරෙන් පියවර සටහන් කරන්න. පළමුව කළ යුතු දේ දෙවනුව කළ යුතු දේ ආාදී ලෙස මාර්ග සිතියමක් සාදා ගත් යුතුයි. එවිට පසුවිපරම පහසුය. මේ මොහොතේ සේවාලාභියා සිටින තැන ඔහුටම දැනගත හැකියි.

අවසන් ප්‍රථිඵලය ප්‍රතිඵලය – මැනිය යුතුයි. ඒ සඳහා මිනුම් දඬු හෙවත් දර්ශක අවශ්‍ය වේ.

නිදසුන- පාසල් නොයන දරුවකුට මෙම පියවර අනුගමනය කළ විට මිනුම් දර්ශකයක් ලෙස සතියකට පාසැල් ගිය වාර ගණන එක් මිනුම් දණ්ඩකි.

සියදිවි හානිකර ගැනීම ප්‍රබල සමාජ අර්බූදයකි. අපගේ උපදේශන මැදිහත්වීම මගින් එක් අයෙකුගේ හෝ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් අප ලදහොත් එහි සැනසීම විඳින බොහෝ පිරිසක් මේ සමාජය තුළම සිටිති.

උපදේශකයකු ලෙස කිසිවිටෙක ඔබේ ඒ වටිනා උත්සහයට යෙදූ කාලය ශ්‍රමය අපතේ යන්නේ නැත.

ජීවිතය සුන්දරය

එය ජීවත්වීමෙන්ම පසක් කරගත යුතුය

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඔබ ඒ සඳහා ඔබේ සේවාලාභියාට කොන්දේසි විරහිතව සහය දෙන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළියේ දී තොග වෙළෙන්දන්ගේ  සහල් මාෆියාවක්…

Next Post

21න් ඉවරයි කියලා හිතන්න එපා… හොර ලේඛණ හදා සමාජ මාධ්‍යයේ පළ කළ සියලු දෙනා අධිකරණයේ දී මුණ ගැහෙන්න සූදානම්…  ජාතික ජන බලවේගය නිවේදනය කරයි…

Related Posts

පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024
විනිවිද

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

මාර්තු 31, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.