බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විශාදය ගැන විශේෂ කතාවක්….

by editor
අප්‍රේල් 21, 2023
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

කිසියම් කෙනෙක් දිවිනසාගත් බව ප්‍රවෘත්තියක් වූ වහාම ජනතාව විශාදය ගැන ලොකු කතිකාවක් ඇති කරයි. දින කිහිපයකින් ප්‍රවෘතියේ උණුසුම අඩුවූ විට උනන්දුව යටපත් වී යයි.

මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි. එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.

විශාදය ගැන සමහරවිට ඔබ දන්නවා ඇති. නොදන්නවාත් ඇති. සමහර විටෙක ඔබ තව කෙනෙකුගේ විශාදයට හේතුවක් විය හැකි බව දන්නවාද? ඒ කෙසේද?

  • ඔබේ බලය යොදා අන් අය දුකට භීතියට පත්කරනවා නම්
  •  ඔබේ දරුවන්ව අධික ලෙස කායික, මානසික හිංසනයට පත්කරනව නම්
  • බිරිඳ ගර්භණීව සිටින විට ඇයට අවශ්‍ය කායික මානසික සුවය, රැකවරණය, සහය ලබා නොදෙන්නේ නම්
  • සේවය කරන ආයතනයේ අනිකුත් සේවකයන් පීඩාවට පත් කරන්නේ නම්
  • පෙම්වතාට පෙම්වතියට වංචා කරන්නේ නම්
  • අන් අයට අස්ථාන චෝදනා කිරීම, බොරු මත පැතිරීම කරන්නේ නම්
  • විශ්වාසය බිඳ දැමීම රැවටීමට හසු කිරීම කරන්නේ නම් ඔබ අන් අයගේ විශාදයට හේතුවක් විය හැකියි

විශාදය යනු කුමක්ද?

විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය. එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය. එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත ආක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.

මෙයින් මිදිය නොහැකිද?

මිදිය හැකියි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ. හොඳින් සිතා අත්හදා බලන්න.
ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.

අනුගමනය කරන්න.

  • අපේක්ෂා බහුල වීමෙන් බැහැරවීම
  • මේ මොහොත කාර්‍යබහුල වීම
  • ලැබී ඇති දෙයින් තෘප්තිමත් වීම ( කිසිවක්ම ලැබී නැතැයි සිතනවාට වඩා තමාට ලැබී ඇති තමා මෙතෙක් නුදුටු දේ සිහිකර සතුටුවීම)
  • විනෝදාංශයක නිරතවීම
  • අලුත් දෙයක් ඉගෙනුම
  • තමාටත් අන් අයටත් මෛත්‍රි කිරීම
  • අන් අයට උදව් කිරීම. ඔවුන්ගේ සතුට දැක සතුටුවීම
  • චිත්‍ර පාට කිරීම
  • සිතට අතීතයට හෝ අනාගතයට දිව යෑමට ඉඩ නොදීම
  • කයට දාඩිය දමන වෙහෙසකර වැඩක හෝ ව්‍යායාමයක් යෙදීම
  • ඍණාත්මක දේ කතා කරන පරිසර වලින් ඉවත්ව සැහැල්ලු ප්‍රියමනාප මිනිස්සු සමග ගැවසීම
  • ඖෂධ නිසි මාත්‍රාව නිසි ලෙස ගැනීම. ඖෂධ මෙන්ම උපදේශනයද ලබා ගැනීම
  • ජීවිතය ලිවීම. ඒ ලියන සටහන නොකියවා සිටින්නට හැකි නම් හොඳයි
  • මරණය දුර්වලයන්ගේ තෝරාගැනීම බව සිතීම
  • විශාදය ඇතිවන්නට හේතුවූ ක්‍රියාකාරකම් , සිතුවිලි බුද්ධිමත් ලෙස සිත යොමුකර විමසා බලා එම ක්‍රියාකාරකම් වලින් බැහැර වීම
  • පීඩා ගෙනෙන බව දැන දැනම සිදුකරන ක්‍රියාකාරකම් මෙන්ම එබඳු පුද්ගලයන්ගෙන්ද ඈත්වීම
  • යෝග ව්‍යායාම කිරීම
  • පරණ හොඳ මිතුරන් සමග සබඳතා අලුත් කරගැනීම
  • නින්ද , ආහාර ගැනීම ක්‍රමවත් කරගැනීම සඳහා නිසි උපදෙස් ගැනීම
  • ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අහිමිවිය හැකි ලෝකයක අප ජීවත්ව සිටින බව තේරුම් ගෙන සම්බන්ධතා පැවැත්වීම
  • තරඟකාරීවීම අතහැරීම

මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.

ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න

විශාදයේ ලක්ෂණ

  • හේතුවක් නිශ්චිත නොවන දුක, කණස්සල්ල
  • නින්ද නොයෑම හෝ අධික නිදිමත
  • ආහාර අරුචිය, කුසගිනි නොවීම
  • අමතක වීම
  •  අවධානය, ඒකාග්‍රතාව බිඳවැටීම
  • හුදකලාවීම
  • නපුරු සිහින පෙනීම, නිදිවර්ජිත වීම
  • තමාට කවුරුත් නැතැයි ද, කවුරුත් තමාට කැමති නැතැයිද සිතීම
  • ඍණාත්මක වීම. හැම දෙයෙහිම අඩුපාඩු, වැරදි දැකීම
  • ස්නානය කිරීමට, පිරිසිදුව තමාගේ දේවල් තබා ගැනීමට උනන්දු නොවීම
  • වෙනදා සතුටක් ලැබූ දේ වලින් අද සතුටක් නොලැබීම
  • ඉක්මනින් කෝපයට, වෙහෙසට පත්වීම. ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩ වීම
  • එපාවීම, කළකිරීම
  • සමාජයෙන් , මිතුරන්ගෙන්, නිවැසියන්ගෙන් ඈත්වීම. කාමරයටම වී සිටීම
  • -දිවිහානි කරගැනීමට , නිවසින් යෑමට, මහණවීමට සිතීම

මේවායින් සියල්ලම හෝ බහුතරයක් කිසියම් කෙනෙකුට ඇතිනම් වහාම උපදේශනයකට හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙතට යොමුවිය යුතු වෙයි. දන්නා අයෙකු මෙසේ වේ නම් ඔහුටද ප්‍රතිකාර සඳහා යෑමට සහය වියයුතු වෙයි.

විශාදයට ගැතිවීම
එයින් මිදිය නොහැකිවීම
විශාදයට , ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම
විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය බෝට්ටුව යාපනයෙන් පැමිණි බව සිතන සැක කටයුතු පරවියෙක්…

Next Post

පාස්කු ප්‍රහාරයට වසර 04 යි.  තවමත් විසඳී නැති ගැටලු 04 ක්.

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.