බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ලෝකයට වටින මිනිහෙක් හදන්න නම් පුංචි එකාට සෙල්ලම් කරන්න දෙන්න…

by editor
ජූලි 4, 2020 - Updated on ජූලි 8, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter
එෂාමා කාරියකරවන –
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා-

 

“දරුවකු උපදින විට මොළයේ නියුරෝන සෛල බිලියන ගණනක් ප්‍රයෝජනයට නොගෙන තැන්පත්ව ඇත.     මොළයේ වර්ධනය  සියයට අසූවක්ම වයස අවුරුදු පහ වනවිට සිදු වෙයි. මේ කාලය තුළදී ඉහත සඳහන් කළ නියුරෝන සෛළ වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම දරුවාගේ ජයග්‍රහණයකි. මන්ද දරුවාට අවුරුද පහ වන විට ප්‍රයෝජනයට නොගත් නියුරෝන සෛල ඉබේම මියයන බැවිනි.  “

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවසට කොටුවූ දරුවන්ගෙන් සමහර දරුවන් මානසික ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව උපදේශනයේදී අත්දකින්නට ලැබුණි. කරුණු විමසා බලනවිට දක්නට ලැබුණු දෙය නම් මෙසේ මානසිකව ව්‍යාකූලවූ දරුවන් කාණ්ඩ දෙකක් සිටින බවය.

එක් කාණ්ඩයක දරුවන්ට සහෝදර සහෝදරියන් සහ අසල්වැසි හිතමිතුරන් නැත. එක්ව ක්‍රීඩා කරන්නට පාසැල් මිතුරන්ද මුණ ගැසෙන්නේ නැත. සමවයස් කාණ්ඩයන් හා පාසැලේදී ගතකළ කෙළිලොල් සමය අහිමි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවන කාණ්ඩය අයත් දරුවන් ඉතා කුඩා නිවසක ජීවත් වන්නන්ය. ඔවුන්ට ක්‍රීඩා කරන්නට ඉඩක් නැත. පාසල් ක්‍රීඩාපිටියේ යහලු මිත්‍රයින් හා කළ ක්‍රීඩා කෙළි කවටකම් වසංගතයක් විසින් උදුරාගෙන ඇත.

එහෙත් මවිපියන් බොහොමයක් දරුවන්ගේ ජීවිතයට ක්‍රීඩාව අත්‍යාවශ්‍ය බව නොදනිති. බොහෝ මව්පියන් දරුවන්ව ක්‍රීඩාවක් ලෙස යෙමුකරන්නේ අරමුණු දෙකක් සහිත ක්‍රීඩාවන්ටය.

එකක් නම් වාණීජ වශයෙන් සාර්ථකත්වයක් ලද හැකි ක්‍රීඩාය

අනෙක කීර්තිය සහ සමාජ තත්වය රැකදෙන ක්‍රීඩාය.

එහෙත් දරුවාගේ පෞරුෂය, ජීවන කුසලතා වර්ධනය වීමට ඔප් නැංවීමට, අවස්ථානුකූලව ක්‍රියාකිරීමට ස්ථානෝචිත ප්‍රඥාව ඇතිවීමට හේතුපාදක වන ක්‍රීඩා බොහොමයක් ඇත. බොහෝ මව්පියන් ඒ පිළිබඳව අවධානයක් නැත. ක්‍රීඩා යනු කුමක්ද එයින් දරුවාට අත්වන සෙත කුමක්ද?

ක්‍රීඩාව දරුවකුගේ කායික, මානසික සහ කුසලතා සංවර්ධනයට විශාල අත්වැළක් සපයයි. අවාසනාවකට මෙන් වර්තමානයේ වැඩිහිටියන් තුළ ක්‍රීඩා පිළිබඳව ඇති ආකල්පය ළමා සංවර්ධනයට එතරම් සහයක් නොදක්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ  ප්‍රවීනයන් විසින් දරුවකු ක්‍රීඩා දෙකක්වත් කළ යුතුයැයි පාසැල් මට්ටමින් දැනුවත් කර ඇතත් කිසිම ක්‍රීඩාවක නොයෙදෙන දරුවන් ඕනෑ තරම් දක්නට ලැබේ.

එසේම අද ක්‍රීඩා කිරීමේ මූලික අරමුණ තරඟ කිරීමය. තරඟයෙන් දිනීමය. නමුත් කුසලතා සංවර්ධනයට තරඟ කිරීම හෝ දිනීමට වඩා අවශ්‍ය වන්නේ සහභාගිත්වයයි. එසේම අප විසින් කිසිසේත් සැලකීමක් නොදක්වන ක්‍රීඩාවන් සමහරකගෙන් විශාල කුසලතා රාශියක් දරුවා උගනී. ඒ පිළිබඳව මව්වරුන්ගේ අවධානය යොමුවීම ඉතා වැදගත්ය.

දරුවකු උපදින විට මොළයේ නියුරෝන සෛල බිලියන ගණනක් ප්‍රයෝජනයට නොගෙන තැන්පත්ව ඇත. දරුවාගේ ඉන්ද්‍රිය චාලක ක්‍රියාකාරකම්, වැඩිහිටියන් සමග කෙරන අන්තර් ක්‍රියා, ඔහුගේ පංච ඉන්ද්‍රියන් බාහිර උත්තේජකවලට දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් මේ නැවුම් සෛල ක්‍රියාත්මක වෙයි. මේ ක්‍රියාවලිය අපට හිතාගන්නටත් බැරි තරම් වේගවත් එකකි. මොළයේ වර්ධනය  සියයට අසූවක්ම වයස අවුරුදු පහ වනවිට සිදු වෙයි. මේ කාලය තුළදී ඉහත සඳහන් කළ නියුරෝන සෛළ වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම දරුවාගේ ජයග්‍රහණයකි. මන්ද දරුවාට අවුරුද පහ වන විට ප්‍රයෝජනයට නොගත් නියුරෝන සෛල ඉබේම මියයන බැවිනි. එම නිසා පළමු වසර පහ තුළ දරුවකු ලබන ඉගෙනුම, අත්දැකීම් සහ ආදර්ශ ඔහුගේ බුද්ධි සංවර්ධනයට ,කුසලතා සංවර්ධනයට විශාල පිටිවහලක් වන අතර නැවුම් නියුරෝන සෛල රාශියක් ක්‍රියත්මකවීම දරුවාට විශාල වාසියක් ගෙන දෙයි.

කුඩා දරුවෝ කිසියම් කායික මානසික ආබාධයක් නැත්නම් ඉතාම ක්‍රීයාශීලීව හැසිරෙති. ක්‍රීඩා කිරීමේ නැඹුරුවක් හා එයට දැඩි ඇල්මක් දක්වති. මේ නිසා නිරන්තරයෙන් දිවීම් , පැනීම්, හඹායෑම් සහ සෙවීම් ඔවුනගේ ක්‍රීඩා අතර ප්‍රධාන ස්ථානයක් ගනී.  මව්පියන් බොහෝ විට උත්සහ ගනුයේ ක්‍රීඩා භාණ්ඩ රාශියක් ලබා දී දරුවා එක තැනක රඳවා ඔහුගේ ක්‍රියාශීලිත්වය පාලනය කිරීමටය. එය දරුවාට සිදුකරන බරපතළ අනර්ථයක් බව කිව යුතුමය.

මේ අවධියේදී මව්පියන් දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති තරම් පහසුකම් සලසා දිය යුතුය. සම වයස් කණ්ඩායම් හා ගැවසීමට ඉඩකඩ සාදා දිය යුතුය. අප කුඩා කාලයේ අනන්තවත් කර ඇති “අල්ලන සෙල්ලම“ තුළින් පමණක් දරුවකුගේ වර්ධනය වන කුසලතා ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.

කැචර් හෙවත් අල්ලන්නා වර්ධනය කරගන්නා කුසලතා

1) දුවන ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ වේගය පිළිබඳ අවබෝධය

2) තමා අන් අය ඇල්ලීම සඳහා තබා ගත යුතු සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳ අවබෝධය

3) වඩා දුර්වල ක්‍රීඩකයන් හඳුනා ගැනීම සහ ඔවුන් හඹා යෑම පිළිබඳ අවබෝධය

4) තමාගේ වේගය පිළිබඳ අවබෝධය

අල්ලන්නාගෙන් බේරීමට දුවන ක්‍රීඩකයා වර්ධනය කරගන්නා කුසලතා

 

1) කැචර්ගෙන් බේරීම සඳහා තමා ඔහුට වඩා වේගයෙන් දිවිය යුතු බව අවබෝධය

2) දිවීමට අමතරව පරාජය නොවී සිටීමට යොදා ගත යුතු උපක්‍රම පිලිබඳ අවබෝධය නිදසුන – සැඟවී සිටීම

3) කැචර්ගේ අවධානය සහ උපක්‍රම පිලිබඳව අවධියෙන් සිටීම

අල්ලන්නා සහ දුවන්නා යන දෙපිරිසම අතර ඇතිවන කුසලතා

1) පරිසරය නිශ්චල පසුබිමක් සේ සළකා ඉලක්කය නිරීක්ෂණය කිරීම

2) අන් අයගේ සහ තමන්ගේ වේගයන් ක්‍රීඩාවේ නියැලී සිටිද්දීම සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීම

3) ක්‍රීඩාවට අවශ්‍ය ඉලක්ක හා ඉලක්ක නොවන දේ වෙන්කර හඳුනා ගැනීම

4) පරිසරය පසු කරන වේගය අනුව තම වේගය මැන ගැනීම

මෙම කුසලතා සරල සහ සංකීර්ණ කුසලතා ලෙස වෙන්කර දැක්විය හැකිය. මේවා නිසා මොළයේ නැවුම් නියුරෝන සෛලවලට ලැබෙන අත්දැකීම් රාශියකි. එමගින් පරිපථ සාදනු ලබයි. සරල පරිපථ රාශියක් එකතු වී සංකීර්ණ පරිපථ සාදනු ලබයි. මෙම සංකීර්ණ පරිපථ ආශ්‍රයෙන් ගොඩනැගෙන ක්‍රියාකාරී පරිපථ නිසා සංකීර්ණභාවය වැඩි කුසලතා ජීවිතයට එක්වේ. ඒවා ජීවන කුසලතා ලෙසින් හැඳින්වේ.

ආදරණීය මව්පියනි , අනාගත ලෝකය ජය ගන්නටත් එහි ස්ථාවරව රැඳි සිටින්නටත් ඔබේ දරුවාට විශාල කුසලතා රාශියක් අවශ්‍ය වේ. ඒවා අධ්‍යාපනයෙන් පමණක් ලබා ගත නොහැකිය. බොහෝ කුසලතා ජීවිතයට එක්වන්නේ අභියෝගයන්ට මුහුණ දීම හේතුවෙනි. ක්‍රීඩාව අභියෝගයන්ට මුහුණ දිය හැකි හොඳම ක්ෂේත්‍රය වෙයි. ඔබේ දරුවන්ට ඇති තරම් ක්‍රීඩා කරන්නට දෙන්න.

 

 

Tags: නවතම
Share2193Tweet43
Previous Post

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

Next Post

මාසක් ඇතුළත බන්ධනාගාරවලින් ජංගම දුරකථන 1102ක් අල්ලයි

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.