බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

රේස්කෝස් පිට්ටනියේ ලේ වලින් ලියවුන භීම කතාව නැවත කියවමු…

ඇය ජිවිතය හැර ගියාය... අනතුරුව ඔහුට ජිවිතයක් ඉතිරවූයේ නැත...

by editor
ජනවාරි 18, 2023
in විනිවිද
LOVE
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

  • ආදරය යනු සීමා මායිම් නීති දමමින් පොලිස් රාජකාරියක් කරන්නට ලැබෙන බලපත්‍රයක් නොවන බව තේරුම් ගන්න…

ක්ෂීරපායින් අන් සත්වයන්ගෙන් වෙනස් වන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් තුළ ඇති ආදරය කරුණාව මෛත්‍රිය සෙනෙහස වැනි මනෝභාව දියුණු මට්ටමකින් පැවතීමය.

මෙම චිත්තවේග පසුකාලීනව මොළයේ වර්ධනය වූ බව කියයි. ක්ෂීරපායින්ගෙනුත්, මිනිසා තුළ එම ලක්ෂණ ඉතා දියුණු මට්ටමකින් ඇති බව පැවසෙයි

එහෙත් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තම මනෝභාව විකෘති කරගනිමින් සිටිති.

ආදරය යනු ආදරය මිස අයිතිය හැඟවීම නොවේ

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

වර්තමාන ප්‍රේමවන්තයෝ බොහෝ දෙනෙක් ආදරය කරනවා යැයි සිතා කරනුයේ අයිතිය පෙන්වීමකි. බලහත්කාරය පෙන්වීමකි.

” අරක කරන්න එපා”
“මේක කරන්න එපා”
´,ඔය ඇඳුම අඳින්න එපා”
“අරය එක්ක කතා කරන්න එපා”
” එහෙ යන්න එපා”
” ෆේස්බුක් , ඊමේල් මැසෙන්ජර්, ෆෝන් එකේ…. පාස්වර්ඩ් දෙන්න ”
” ඇයි ඒ කෙල්ල/ කොල්ලා එක්ක කතා කළේ”

උපදේශනයට පැමිණි එක් තරුණියක් හැඬූ කඳුළින් මා හට පැවසුවේ “,අනේ මැඩම්, මගේ එකම අක්කාගේ වෙඩින් එක දවසේ අක්කගෙ යාළුවට මම ඉන්නෙ, මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියනව දෙවෙනි මනමාලිට ඉන්න එපා කියලා. දෙවන මනමාලයා බෝයිගෙ ඉස්කෝලෙ ලොකු අයියා කෙනෙක් නිසා. ”

ආදරය යනු සීමා මායිම් නීති දමමින් පොලිස් රාජකාරියක් කරන්නට ලැබෙන බලපත්‍රයක් නොවේ.

ආදරය යනු විශ්වාස කිරීමකි. කැප කිරීමකි. බෙදාගැනීමකි ගෞරව කිරීමකි.

වර්තමාන බොහෝ ආදරයන් තුළ ඇත්තේ තෘෂ්ණාධික බවකි. බලය පෙන්වීමකි. උපදේශනයට එන බොහෝ යුවළ අතර ගෞරවය ඇත්තේම නැත.

දෙදෙනා තරගයට මෙන් අසභ්‍ය වදනින් බැණ ගනිති. දෙදෙනා දෙදෙනාට පහර දෙති

මනෝවිද්‍යාවේ සියලුම න්‍යාය, ක්‍රමශිල්ප එකවර භාවිතා කළද සමහර සබඳතා පවත්වාගෙන යන්නේ ඇයි දැයි තේරුම්ගත නොහැකිය.
ඔබ තෝරාගත් ආදරය සමග ජීවිතාන්තය දක්වා එක්ව ගමන් කළ නොහැකි බව දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ වැටහේ නම්, එක් අයෙක් ගමන් මගින් ඉවත්වීමට සිතන්නේ නම්, කළයුතු හොඳම දෙය ඔවුනොවුන්ට සුබපතා ගනිමින් සුහදව සමුගැනීමයි.
තමා තවදුරටත් ඔහුගේ ඇයගේ ගමන් සගයා නොවන බව තේරුම් ගැනීමයි.

වෙන්වීම ශෝකය ,වේදනාව ඇතිකරයි. එහෙත් ඔබ ඇත්තටම ආදරය කරන ලද්දේ නම්, දුක ,ශෝකය වෙනුවට වෛරය , ඊර්ෂ්‍යාව පැමිණීමේ කිසිම හැකියාවක් නැත.

වෙන්වූයේ ආදරය නොව පුද්ගලයාය.

ආදරය තවමත් හදවතේ ඇත. කෙසේ නම් මරා දමන්නද? විනාශ කරන්නද?

ආදරණීය මව්පියවරුනි,

ඔබේ දරුවාට විෂයයන් ඉගැන්වීමට ගන්නවාට වඩා වැඩි උනන්දුවක්, කාලයක් දරුවාගේ යහ ගුණ ඇතිකිරීමට යොදන්න.
පවුල තුළ ආදරය, ගෞරවය රැකවරණය ඇතුව වැඩෙන්නට ඔබ දෙදෙනා ඉඩ හසර සලසන්න.

එසේම ආධ්‍යාත්මික ගුණාංග වඩවන දහම් අධ්‍යාපනය , සදාචාරාත්මක සංවර්ධනය පිළිබඳ සැලකිළිමත් වන්න.
ළදරු, ළමා කාලයේ පටන් ශික්ෂණය පුහුණු කරන්න.

ස්ථීර වූ සදාකාලික වූ වෙනස් නොවන කිසිවක් අනවරාග්‍ර වූ සසරේ දැකිය නොහැකි බව දරුවා වැඩෙනවිට සෙමින් කියාදෙන්න.
සාහිත්‍ය, කලාව, වින්දනය, පතපොත ඇසුරට හුරුකරවන්න. විරහව, වියෝව, අහිමිවීම ශික්ෂිතව දරාගැනීමට මෙම පුහුණුව මනා සහයක් ලැබ දෙයි.

අභියෝගවලට මුහුණ දිය හැකි, කුසලතා සංවර්ධනයට මගපෙන්වන්න. ඔබ එසේ කරන්නට නොදන්නේ නම් පතපොත කියවා හෝ දැනුවත් වන්න.

වැදගත්ම දේ මව්පියන් ආදර්ශයෙන්ම දරුවන්ට එය පෙන්වා දීමයි.

එසේ නොවුනහොත් ඔබේ දරුවාගේ ජීවිතය ශෝකාන්තයක් වීමට ඇති ඉඩ විවරකිරීමේ වගකීමෙන් ඔබ නිදහස් නොවන බව තේරුම් ගන්න.

සියලු දෙනාම තේරුම් ගතයුතු දෙය නම් සම්බන්ධයකදී එක් අයෙක්, හෝ දෙදෙනාම හෝ අධික සැකය, අධික පරීක්ෂා කිරීම, අධික සීමා පැනවීම්, නිදහස නැති කිරීම්, අධික ආරක්ෂා කිරීම්, සොයාබැලීම්,  මේවා බිඳීමක් වූ විට අධික කෝපයට පත්වීම, බැණවැදීම්, පහර දීම් සිදුවේ නම් වහාම මනෝ විශේෂඥයෙකුගේ සහය අනිවාර්යයෙන් පැතිය යුතුය.

එවන් අයෙකු හා විවාහවීම නොකර සිටිය හැකි නම් යහපති.

විවාහ විය යුතුම නම් ප්‍රතිකාරවලට අනිවාර්යයෙන් යොමුකළ යුතුය.

ජීවිතය නැතිවූයේ තරුණියකගේය. එහෙත් ඒ ජීවිතය නැතිකළ පුද්ගලයාටත් ජීවිතයක් ඉතිරිවූයේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාපන්දු සම්මේලනයේ අලුත් නිලධාරී මණ්ඩයට අධිකරණයෙන් අතුරු තහනමක්! –

Next Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.