fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

රේස්කෝස් පිට්ටනියේ ලේ වලින් ලියවුන භීම කතාව නැවත කියවමු…

ඇය ජිවිතය හැර ගියාය... අනතුරුව ඔහුට ජිවිතයක් ඉතිරවූයේ නැත...

by editor
ජනවාරි 18, 2023
in විනිවිද
2.8k 29
LOVE
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

  • ආදරය යනු සීමා මායිම් නීති දමමින් පොලිස් රාජකාරියක් කරන්නට ලැබෙන බලපත්‍රයක් නොවන බව තේරුම් ගන්න…

ක්ෂීරපායින් අන් සත්වයන්ගෙන් වෙනස් වන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් තුළ ඇති ආදරය කරුණාව මෛත්‍රිය සෙනෙහස වැනි මනෝභාව දියුණු මට්ටමකින් පැවතීමය.

මෙම චිත්තවේග පසුකාලීනව මොළයේ වර්ධනය වූ බව කියයි. ක්ෂීරපායින්ගෙනුත්, මිනිසා තුළ එම ලක්ෂණ ඉතා දියුණු මට්ටමකින් ඇති බව පැවසෙයි

එහෙත් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තම මනෝභාව විකෘති කරගනිමින් සිටිති.

ආදරය යනු ආදරය මිස අයිතිය හැඟවීම නොවේ

RelatedPosts

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

වර්තමාන ප්‍රේමවන්තයෝ බොහෝ දෙනෙක් ආදරය කරනවා යැයි සිතා කරනුයේ අයිතිය පෙන්වීමකි. බලහත්කාරය පෙන්වීමකි.

” අරක කරන්න එපා”
“මේක කරන්න එපා”
´,ඔය ඇඳුම අඳින්න එපා”
“අරය එක්ක කතා කරන්න එපා”
” එහෙ යන්න එපා”
” ෆේස්බුක් , ඊමේල් මැසෙන්ජර්, ෆෝන් එකේ…. පාස්වර්ඩ් දෙන්න ”
” ඇයි ඒ කෙල්ල/ කොල්ලා එක්ක කතා කළේ”

උපදේශනයට පැමිණි එක් තරුණියක් හැඬූ කඳුළින් මා හට පැවසුවේ “,අනේ මැඩම්, මගේ එකම අක්කාගේ වෙඩින් එක දවසේ අක්කගෙ යාළුවට මම ඉන්නෙ, මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියනව දෙවෙනි මනමාලිට ඉන්න එපා කියලා. දෙවන මනමාලයා බෝයිගෙ ඉස්කෝලෙ ලොකු අයියා කෙනෙක් නිසා. ”

ආදරය යනු සීමා මායිම් නීති දමමින් පොලිස් රාජකාරියක් කරන්නට ලැබෙන බලපත්‍රයක් නොවේ.

ආදරය යනු විශ්වාස කිරීමකි. කැප කිරීමකි. බෙදාගැනීමකි ගෞරව කිරීමකි.

වර්තමාන බොහෝ ආදරයන් තුළ ඇත්තේ තෘෂ්ණාධික බවකි. බලය පෙන්වීමකි. උපදේශනයට එන බොහෝ යුවළ අතර ගෞරවය ඇත්තේම නැත.

දෙදෙනා තරගයට මෙන් අසභ්‍ය වදනින් බැණ ගනිති. දෙදෙනා දෙදෙනාට පහර දෙති

මනෝවිද්‍යාවේ සියලුම න්‍යාය, ක්‍රමශිල්ප එකවර භාවිතා කළද සමහර සබඳතා පවත්වාගෙන යන්නේ ඇයි දැයි තේරුම්ගත නොහැකිය.
ඔබ තෝරාගත් ආදරය සමග ජීවිතාන්තය දක්වා එක්ව ගමන් කළ නොහැකි බව දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ වැටහේ නම්, එක් අයෙක් ගමන් මගින් ඉවත්වීමට සිතන්නේ නම්, කළයුතු හොඳම දෙය ඔවුනොවුන්ට සුබපතා ගනිමින් සුහදව සමුගැනීමයි.
තමා තවදුරටත් ඔහුගේ ඇයගේ ගමන් සගයා නොවන බව තේරුම් ගැනීමයි.

වෙන්වීම ශෝකය ,වේදනාව ඇතිකරයි. එහෙත් ඔබ ඇත්තටම ආදරය කරන ලද්දේ නම්, දුක ,ශෝකය වෙනුවට වෛරය , ඊර්ෂ්‍යාව පැමිණීමේ කිසිම හැකියාවක් නැත.

වෙන්වූයේ ආදරය නොව පුද්ගලයාය.

ආදරය තවමත් හදවතේ ඇත. කෙසේ නම් මරා දමන්නද? විනාශ කරන්නද?

ආදරණීය මව්පියවරුනි,

ඔබේ දරුවාට විෂයයන් ඉගැන්වීමට ගන්නවාට වඩා වැඩි උනන්දුවක්, කාලයක් දරුවාගේ යහ ගුණ ඇතිකිරීමට යොදන්න.
පවුල තුළ ආදරය, ගෞරවය රැකවරණය ඇතුව වැඩෙන්නට ඔබ දෙදෙනා ඉඩ හසර සලසන්න.

එසේම ආධ්‍යාත්මික ගුණාංග වඩවන දහම් අධ්‍යාපනය , සදාචාරාත්මක සංවර්ධනය පිළිබඳ සැලකිළිමත් වන්න.
ළදරු, ළමා කාලයේ පටන් ශික්ෂණය පුහුණු කරන්න.

ස්ථීර වූ සදාකාලික වූ වෙනස් නොවන කිසිවක් අනවරාග්‍ර වූ සසරේ දැකිය නොහැකි බව දරුවා වැඩෙනවිට සෙමින් කියාදෙන්න.
සාහිත්‍ය, කලාව, වින්දනය, පතපොත ඇසුරට හුරුකරවන්න. විරහව, වියෝව, අහිමිවීම ශික්ෂිතව දරාගැනීමට මෙම පුහුණුව මනා සහයක් ලැබ දෙයි.

අභියෝගවලට මුහුණ දිය හැකි, කුසලතා සංවර්ධනයට මගපෙන්වන්න. ඔබ එසේ කරන්නට නොදන්නේ නම් පතපොත කියවා හෝ දැනුවත් වන්න.

වැදගත්ම දේ මව්පියන් ආදර්ශයෙන්ම දරුවන්ට එය පෙන්වා දීමයි.

එසේ නොවුනහොත් ඔබේ දරුවාගේ ජීවිතය ශෝකාන්තයක් වීමට ඇති ඉඩ විවරකිරීමේ වගකීමෙන් ඔබ නිදහස් නොවන බව තේරුම් ගන්න.

සියලු දෙනාම තේරුම් ගතයුතු දෙය නම් සම්බන්ධයකදී එක් අයෙක්, හෝ දෙදෙනාම හෝ අධික සැකය, අධික පරීක්ෂා කිරීම, අධික සීමා පැනවීම්, නිදහස නැති කිරීම්, අධික ආරක්ෂා කිරීම්, සොයාබැලීම්,  මේවා බිඳීමක් වූ විට අධික කෝපයට පත්වීම, බැණවැදීම්, පහර දීම් සිදුවේ නම් වහාම මනෝ විශේෂඥයෙකුගේ සහය අනිවාර්යයෙන් පැතිය යුතුය.

එවන් අයෙකු හා විවාහවීම නොකර සිටිය හැකි නම් යහපති.

විවාහ විය යුතුම නම් ප්‍රතිකාරවලට අනිවාර්යයෙන් යොමුකළ යුතුය.

ජීවිතය නැතිවූයේ තරුණියකගේය. එහෙත් ඒ ජීවිතය නැතිකළ පුද්ගලයාටත් ජීවිතයක් ඉතිරිවූයේ නැත.

Tags: නවතමවිශේෂ
Share452Tweet283
Previous Post

පාපන්දු සම්මේලනයේ අලුත් නිලධාරී මණ්ඩයට අධිකරණයෙන් අතුරු තහනමක්! –

Next Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනි…

Related Posts

විනිවිද

පත්තිනි මෑණියන් කිල්ලට හසුවුනා ද?

පෙබරවාරි 14, 2023
විනිවිද

ඉල්ලූ දේ නොලැබුනොත් ගෙදර යකා නටන නිසා උපදේශනයට ගෙනා පුංචි එකා….

නොවැම්බර් 28, 2022
Resilience
විනිවිද

ජිවිතයට ජයග්‍රහණය දෙන  ඔරොත්තු දීමේ හැකියාව යනු සිනහව සහ විඳ දරාගැනීම පමණක් නොවේ!

නොවැම්බර් 3, 2022
Next Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…
  • සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist