fbpx
සිකුරාදා, සැප්තැම්බර් 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

මහරෝහලේ කොල්ලයේ දී නොකියැවුණු මානසික ව්‍යසනය

editor by editor
ජූනි 14, 2020
in විනිවිද
0
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා.-

 කොළඹ ජාතික රෝහලේ අතිකාල දීමනා සඳහා රැගෙක ආ මුදල් එහි සේවය කරන වෛද්‍යවරයකු විසින් මංකොල්ලා කන්නට ගත් උත්සහය ව්‍යර්ථ වී ඔහු දැන් පොලිස් අත්අඩංගුවේ පසුවේ. මෙම වෛද්‍යවරයා කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වීමට විදෙස් පුහුණූව අවසන් කර පැමිණ අවසන් පුහුණු කටයුතුවල යෙදී සිටියදී මෙය සිදුවී ඇත. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවද පැවසෙයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව ලක්ෂ 25ක් පමණ වූ ණය මුදලක්ගෙ වා ගත නොහැකිව විශාල පීඩනයක ඔහු සිට ඇති අතර විශාදය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇත.  ඔහු රාජකාරියේ යෙදුනු අන්ද , රෝගීන් සහ කාර්ය මන්ඩලය සමග ගණුදෙනු කළ ආකාරය හෙළිදරව් වී නැත.  මේ කාරණා සලකා බැලීමේ දී ඔහු පත්ව ඇති මානසික විඩාව හේතුවෙන් ඔහුට අත්වූ අලාභය සහ හානිය විශාලය. 

RelatedPosts

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

එම කරුණූ එකින් එක සලකා බැලුවහොත් ඔහු පිළිබඳ කිසියම්  චිත්‍රයක් මවා ගත හැකිය. 

වෛද්‍යවරයකුට ලක්ෂ 25 ක ණයක් යනු එතරම් විශාල ගණනක් නොවේ. ඕනෑම බැංකුවකින් වෛද්‍යවරුන්ට ණය ලබාගැනීමේ අසීරුවක් නැත.   බැංකුවලට වී ඇති ණයවලට අමතරව වෙනත් අයකුගෙන් හදිසියේ ගත් ණයක් දිය යුතු දිනය පසු වූවාද? යන පැනය එවිට මතුවෙයි.

ඔහු ණය කාරයකු වී ඇත්නම් ණය හිමිකරු මුදල් ඉල්ලා කරදර කරන්නේ නම් නැතහොත් ගෙවිය යුතු දිනය පසුවී ඔහුගේ වත්කමක් අහිමිවීමේ අවදානමක් ඇතිවී නම්  ඔහු ආතතියට පත්වීමේ ඉඩකඩක් ඇත. එම ආතතිය විශාදය දක්වා වර්ධනය විය හැකිය.

 ඔහුගේ විශාද තත්වයට ඔහු නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තාද? නැතහොත් ඔහුගේ වෛද්‍ය දැනුම අනුව ඔහුම ඖෂධ තෝරාගෙන ලබාගත්තාද? යන පැනය නැගෙයි. එමනිසා විශාදය සුව නොවී හෝ  පාලනය නොවී පැවතුනාද යන්නත් විමසීම වැදගත්ය. 

විශාදය හේතුවෙන් ඔහුගේ තාර්කික හෙතුවාදී චින්තනය යටපත් වී අතාර්තික ඍණාත්මක මෙන්ම අහේතුවාදී චින්තනය මතුවීට ඉඩ ඇත. ගැටලුව තුළ හිඳිමින් ගැටලුවට බිය වෙමින් ඉදිරියේ මුහුණ දීමට නියමිත අභියෝගයන් සිහිකරමින් සිටින විට ගැටළුව විසඳා ගැනීමට ඇති සැබෑ මාර්ග පෙනීම අවහිර වෙයි. එසේ තිබියදී ප්‍රශ්නය තනිව විසඳාගැනීමට උත්සාහ කිරීම නිසා තවත් අසරණ වෙයි. අවසානයේ තමාට ඒ මොහොතේ පෙනෙන විසඳුම තෝරාගනී. විශාදය බලවත් වීමෙන් හොඳ නරක පිළිබඳව හෝ ආත්ම අභිමානය, තමා කව්ද යන්න නෙදැනෙයි. පෙනෙන එකම දෙය තම ගැටලුව විසඳා ගැනීමට තමා තෝරා ගත් මාර්ගයයි. පවුලේ අයකු හෝ මිතුරකු සමග හෝ මේ ගැටළුව සාකච්ඡා කළේද නැතහොත් ඔවුන් සමග කතා කීරීම පළක් නැති දෙයකැයි ඔහු තීරණය කළේද යන්නත් සෙවිය යුතුවෙයි.

සොරකම සිදුකරන මොහොතේ බීමත්ව හිඳීම පිළිබඳව සලකා බැලුවහොත් ඔහු නිතර බීමත්ව සිටින අයෙකු විය හැකිය. ඔහු මත්වතුර පානය නොකරන නමුත් කරන්න යන අනීතික ක්‍රියාවට හෘද සාක්ෂිය කරන එරෙහිවීමෙන් බේරෙන්නට බීමත් වූවාද විය හැකියි.

මේ සොරකම දෙස බලන විට ඔහු සොරකමට ආධුනිකයකු බව පෙනෙයි. තමා සේවය කරන ආයතනයෙන්ම මහ දහවල් ප්‍රසිද්ධියේ මුදල් කොල්ලයක් කිරීමට මෙබඳු මට්මක බුද්ධියක් ඇති අයෙකු යහපත් සිහියෙන් පෙළඹේ යැයි සිතිය නොහැකිය. ඔහුගේ සැලසුම්ද සොරකමට ආධුනික සේ පෙනෙයි. මුදල් බෑගය රැගෙන දිවයන්නේ තුවක්කුව අතේ ප්‍රදර්ශනය කරගනිමිනි. එසේම රෝහල් පරිශ්‍රයෙන් පිටත විත් පළා යන්නේ ත්‍රීරෝද රියකිනි. 

අවසානයේ සියලු සැලසුම් අසාර්ථක ව , මෙතෙක් ඔහු මහත් වැරවෑයම් කොට ලබාගත් අධ්‍යාපනයෙන් පළක් නොවුනි. ගරුකටයුතු වෘත්තියෙන්ද ඔහු නෙරපා හැරිනි. ඉදිරි ජීවිතය සමාජය තුළ පීඩාකාරී, අවප්‍රමාණ එකක් වීමට ඔහුම මග පාදා ගෙන ඇත.

අතිශයින්ම කණගාටුදායක ඉරණමකට මේ තරුණ වෛද්‍යවරයාගේ ජීවිතය පත්වූයේ ඇයි දැයි සිතන්නට නීතිය පමණක් නොව සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයද කටයුතු කළ යුතුවෙයි. රෝගීන් සුවපත් කරන්නට සිටින වෛද්‍යවරුන්ගේ කායික මානසික තත්වය නිරෝගී නොවි නම් එය වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු අඩුපාඩුවකි. වෛද්‍යවරයකුවීම ලෙහෙසි නැත. අතිශය පීඩාකාරී වසර පහක් වෛද්‍ය විද්‍යාලයේද ඉන්පසු ඊටත් වඩා පීඩාකාරී වසරක් සීමාවාසික පුහුණුවේද ගතකරන ඔවුන්ගේ මානසික සෞඛ්‍ය, සමාජ ජීවිතය, පිළිබඳ යම් විමසා බැලීමක් කළයුතු බව මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාවෙන් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය තේරුම් ගත යුතුවෙයි.

ඔහු අවලංගු කාසියක් නොකර දෙවන අවස්ථාවක් ජීවිතයට ලබාදී  රටට වැඩක් ගත හැකි වුවහොත් යහපති.

Tags: නවතම
Share91Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ඡන්ද නීති කැඩීමේ පළමු පැමිණිල්ල රොෂාන් රණසිංහට එරෙහිව

Next Post

රෝහල් කොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා හැප්පුවේ බීමත් නීති ශිෂ්‍යයෙක්…

RelatedPosts

කංසා  දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින්  සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…
විනිවිද

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

මැයි 29, 2023
 අනාගත  වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන   අම්මලා තාත්තලා!  
විනිවිද

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

මැයි 21, 2023
කළුතර දැරියට ගේ මරණයට  සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?
විනිවිද

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

මැයි 11, 2023
Next Post
රෝහල් කොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා හැප්පුවේ  බීමත් නීති ශිෂ්‍යයෙක්…

රෝහල් කොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා හැප්පුවේ බීමත් නීති ශිෂ්‍යයෙක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Kandy Municipal Council

    මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

    273 shares
    Share 109 Tweet 68
  • පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

    246 shares
    Share 98 Tweet 62
  • පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

    244 shares
    Share 98 Tweet 61
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    236 shares
    Share 94 Tweet 59
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

    198 shares
    Share 79 Tweet 50
  • උසස් පෙළ විභාගය ජනවාරි තුන්වන සතියට කල් යන ලකුණු!

    174 shares
    Share 70 Tweet 44

නවතම ලිපි

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

by editor
සැප්තැම්බර් 21, 2023
0

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

by editor
සැප්තැම්බර් 21, 2023
0

පණ පිටින් වල දැමූ බිළිඳිය පණ පිටින්ම ගොඩ ගනී… ළදැරිය දැඩි සත්කාර ඒකකයේ..

මාස එක හමාරක සහ මාස දෙකක ළදරුවන් දෙදෙනෙක් ලක්ෂ 20කට විකුණන්න යද්දී කොටු වෙයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

මහනුවර ප්‍රධාන බාලිකාවක ශිෂ්‍ය නායිකාවක් පාසල් වෙලාවේ දී ගොඩනැගිල්ලක පළමු මහලින් පහළට පැනලා….

12 හැවිරිදි දරුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් එක් දරුවෙක් රෝහලේ… බෝතල් කටුවකින් අනිකාව කපලා….

by editor
සැප්තැම්බර් 21, 2023
0

නවතම ලිපි

election

පළාත් පාලන මැතිවරණයට ලබා දුන් නාම යෝජනා අවලංගු කරයි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

ඉන්දියාව කැනේඩියානුවන්ට විසා නිකුත් කිරීම නවත්වයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 21, 2023
0

Dhanishka

පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

by editor
සැප්තැම්බර් 21, 2023
0

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

by editor
සැප්තැම්බර් 21, 2023
0

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

දේශිය දෙමුහුම් බඩඉරඟු ප්‍රභේදයෙන් සාර්ථක අස්වැන්නක්… ආනයනික ප්‍රභේදවලට වඩා ඵලදාව වැඩියි…

by editor
සැප්තැම්බර් 21, 2023
0

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

by editor
සැප්තැම්බර් 21, 2023
0

රජයේ රෝහල්වල සායන අක්‍රීයයි… වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගොඩ ගැසේ…

කළුකඩ කාරයන්ගෙන් හදිසි මිලදී ගැනීම් සපුරා  නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්!

by editor
සැප්තැම්බර් 20, 2023
0

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී  මතුගම 12 හැවිරිදි   පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී මතුගම 12 හැවිරිදි පාසල් දරුවෙක් පාසල ඉදිරිපිට දීම මිය යයි!

by editor
සැප්තැම්බර් 20, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රහසිගත අවි ගබඩාවක්!

සැප්තැම්බර් 18, 2023
තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක…

1
නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

සැප්තැම්බර් 21, 2023
අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

සැප්තැම්බර් 21, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!
  • අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…
  • බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.