බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ජීවත්වන්න යුහුසුළු වන්න… ඔබ ආදරය කරන ඔබේ ප්‍රියයන් නොදන්නා ඕනැම මොහොතක ඔබ හැර යා හැකියි!

by editor
දෙසැම්බර් 19, 2023 - Updated on දෙසැම්බර් 20, 2023
in විනිවිද
Love
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සිය බිරිඳ හදිසි අනතුරකින් මාස පහකට පෙර මියගිය සැමියෙකු වියෝ වේදනාවේ දරුණු පීඩා සමග  මා හමු වූයේ පුතුන් දෙදෙනා සමගයි. ඔහු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටියේය. විශාදය රෝගය ඔහුව පීඩාවට පත් කරමින් සිටියේය.

බිරිඳ මියගිය පුවත අසා දුකට පත් හෙතෙම ඇගේ දේහය දකින්නටවත් කැමති නුවූ බැවින් ඔහු නොදැකම ඇයගේ දේහය මිහිදන් කිරීමට දරුවන්ට සිදුවිය.

සැමියා දුක හෙමින් මා ඉදිරියේ පිටට දැමුවේය.

” අපි පුදුම ආදරෙන් හිටියේ. හැම දේම කළේ එකට. එයාට අනතුර වෙන්න සුලු මොහොතකට කලින් මාව කන්තෝරුව ළඟදී හමු උනා. මං රාජකාරි වැඩකට පාරෙ අනිත් පැත්තට ගියා. එයා ඉදිරියටම ගියා. මං වයිෆ්ට හැමදාම කිව්වෙ , ඔයා මැරෙන්න විනාඩියකට කලින් මං මැරෙන්න ඕන කියලා. ඒත් එයා විතරක් ගියා”

” ඔබ බිරිඳ මැරෙන්න විනාඩියකට කලින් මැරෙන්න ප්‍රාර්ථනා කළා?”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මම ඇසුවා

” ඔව් ”

” එතකොට දැන් ඔබේ බිරිඳ මියගිහින්. ඔබත් ඊට විනාඩියකට කලිං මියගියා නම් දරුවො දෙන්නට මොකද වෙන්නෙ?”

ඔහු නිරුත්තර උනා

” හදිසියේවත් තමා කළිං මැරුණොත් ඔබත් ඒ එක්කම මැරෙයි කියලද බිරිඳ විශ්වාස කළේ , නැත්තම් ඇයට  කරන්න බැරි වුනු ඉතුරු කොටසත් කරලා දරුවන් ආරක්ෂා කරයි කියලද විශ්වාස කළේ”

” දරුවො ආරක්ෂා කරයි කියලා මැඩම්”

” ඉතිං ඔබ ඒ කාර්‍යය පටන් ගන්න හිතන්නෙ කවදද”

ඔහුගේ දැස් මොහොතකට විසල්විය. මා ඇසූ ප්‍රශ්න දෙක ඔහුගේ අභ්‍යන්තර ඥානය කැළඹූ බව දෙනෙතින් දිස්විය.

ඒ කෙසේ වෙතත් දැඩි ශෝකය සහ විශාදය පිළිබඳ අවදානම හේතුවෙන් විශේෂඥ මනෝ වෛද්‍යතුමන් වෙත යොමු කළෙමි.

ඒ පුතුන් දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මට  කීවේ මෙවැන්නකි.

” මගෙ අම්මා නැතිඋනාම මල් ශාලාවෙ ඉඳලා හැම දෙයක්ම කරන්න උනේ මට. මල්ලි පොඩි නිසා එයා තාත්තා ළඟ හිටියා. නෑයො උදව්වට ආවෙ නෑ සල්ලි වියදම් කරන්න වෙයි කියල. ඒ උනාට අපිට සල්ලි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.”

“මගෙ යාලුවො එනකොට හුඟක් වැඩ ඉවරවෙලා තිබ්බෙ. ඒ වෙලාවෙ මට දැනුනු තනිකම මට කවදාවත් දැනිලා නෑ.  මල්ලිටයි මටයි තාත්තටයි අම්මා එහෙම දැනෙන්න දුන්නෙ නෑ.”

“ මං රගර් සෙල්ලම් කරනව. ඒ නිසා මට තාම මේක දරාගන්න පුලුවන්. ක්‍රීඩාවෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා මේකට මුහුණ දෙන්න. ඒත් මට රෑ එකට විතර ඇහැරුනාම ආපහු නින්ද යන්නෙ නෑ. මට අමාරුම මැඩම් හවස ගෙදර එනකොට අම්මා ගෙදර නැති බව මතක් වෙනකොටයි.”

( ඔහු කඳුළු පිස දමයි. මල්ලී අයියාගෙ අත අල්ලා ගෙන අතට මුදු තට්ටුවක් දමයි. )

ඔබට ආදරෙන් කියමි.

අපගේ ඥාතීන් ඕනෑම මොහොතක මෙළොවට ඇති නෑකම් අතහරින්නට ඉඩ තිබේ. අපද එසේ කරන්නට ඉඩ තිබේ.

එනිසා ජීවත්වීමට යුහුසුළු වන්න. පවුලේ අය සමග නිවස ආදරයේ තෝතැන්නක්  කරගන්න. සියවසක අවුල්කාරී යුගදිවියට වඩා ඉතා ආදරෙන් සතුටින් ගෙවූ දසවසක් බොහෝ වටී. ජීවත්වන්නවුන්ට ඒ ප්‍රිය මතකයන් රැගෙන ඉදිරි ජීවිතය ගෙන යා හැකියි.

මම නොවිමසාම ඒ පුතු දුරකථනයේ තිරයේ ඇති සිය මවගේ පින්තූරය මට පෙන්වීය.

තාත්තා රැකගන්නට අවශ්‍ය උපදේශනය ඔවුන් මගෙන් ඉල්ලා සිටියේය.

ඒ යහපත් පුතුන් දෙදෙනාත් පියාත් ඔවුන් අත් හැර ගිය අම්මාට, බිරියට ආත්ම ශාන්තියක් ගෙන දෙන අයූරින් දිවිගෙවනු ඇතැයි සිතෙන මානුෂීය බවක් මා ඔවුන් කෙරෙන් දුටිමි.

එසේම වේවා !!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාගම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් 03ක් සැක පිට අත් අඩංගුවට…

Next Post

චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානයක් යාපනය ගුවන්තොටුපලට ගොඩබාන්න බැරිව විනාඩි 40ක් අහසේ කරක්ගසා යළි චෙන්නායි වෙතම යයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.