fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ගමක් එක්වි දරුවෙක් හැදුව සමාජයක්

වසර 2ක් ago
in විනිවිද
437 5
0
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

දරුවෙක් හදන්න ගමක් ඕනෑ යැයි පැරණි කියමනක් තිබේ.

එම කියමන ඉතා බැරෑරුම් සත්‍යයකි. ගම යනු පුද්ගල සංස්කෘතියේ පදනමයි. මේ පදනම මත ගොඩනැගෙන ජීවිත ආරම්භයේදීම පදනමට අනුව සැකසීම සිදුකළ යුතුය. එසේ නොවුවහොත් පදනමත් විනාශ කෙරෙන ඉදිකිරීමක් ඒ මත ඉදිකෙරෙනු ඇත. එමනිසා දරුවා හදාවඩා ගැනීමේදී එම ගමක් අවශ්‍ය යන්න ඉතා අර්ථවත් අදහසකින් ප්‍රකාශ කරන ලද්දකි.

අප කුඩා කාලයේ අප හැදුනු වැඩුනු පරිසරයේ සිටි සියලුම වැඩිහිටියෝ එම පරිසරයේ සිටි සියලුම දරුවෝ කාගේ කව්දැයි හොදින් දැන හැඳින සිටියහ. දරුවන් කෙරේ විශේෂ අවධානයක් ඔවුහු සැමදෙන නිරන්තරයෙන් දැක්වූහ.

අප යනෙන තැන්, කරන කෙරුම්, කියන කියුම් සියල්ල දෙස දෑස් දල්වා බලා සිටියහ. දරුවෙකුගේ වයසට නොගැලපෙන, දරුවකුට උචිත නොවන කියුම් කෙරුම්, ඇවිදිලි, තැන නොතැන පිළිබඳ සියලු වැඩිහිටියෝ දැරුවේ එක් මතයකි. දරුවෙකුට නොගැලපෙන මට්ටමේ ක්‍රියාවක් කර අසුවූවිට ඒ පිළිබද තරවටුව සමහරවිට පළමුවෙන් ලැබෙන්නේ පවුලේ නොවන වැඩිහිටියෙකුගෙනි. පාසැලේදී හෝ ගමේදී හෝ කිසියම් වරදකට දඩුවමක් දරුවකු ලැබුයේ නම් එය නිවසට ආරංචි වූ පසු අද මෙන් මානව හිමිකම් ඉල්ලා අධිකරණය හෝ පොලීසිය වෙත යන්නට එදා මව්පියෝ උත්සහ කලේ නැත. ඒ වෙනුවට කලේ දරුවා සිදුකළ වරද විස්තරාත්මකව විමසා බැලීමය. එසේ බලා ගෙදරින්ද දඩුවමක් ලබාදීමය.

එමගින් අදහස් වන්නේ දරුවන්ට දඟකාර, ක්‍රීඩාශීලී, නිදහස් ජීවිතයක් එකළ හිමි නොවීය යන්න නොවේ. දරුවෝ ඉතා නිදහස් පරිසරබද්ධ ජීවිතයක් ගතකළහ. නමුත්  ඒ සියල්ල අතරේ රැකිය යුතු ගුණදහම්, සාරධර්ම, පිළිවෙත් දරුවන්ම අවබෝධ කරගනිමින් රැකීම අරඹන තෙක් දරුවන් ඒ පිළිවෙත් තුළට ඔබ්බවා ඒ රාමූන් තුළ සිරකරනු ලැබීය.  ඒවා කඩා බිඳ දමා යන්නට හදන දරුවන්ට දඬුවම් ලැබිණි. මව්පියෝ, ගුරුවරු, පන්සල සහ ගමේ වැඩිහිටියෝ එක්වී ගමේම දරුවන්  වැඩිහිටියන් බවට පත්වන තුරුම රැක ගත්හ.

ගමෙහි ඇති අසුන්දර තැන් වෙත පිය නැගීම, අසම්මත පුද්ගලයන්ගේ ඇසුරට වැටීම දරුවනට සපුරා තහනම් විය. ඉන්ද්‍රීය සංවරය තෙරෙහි වැඩිහිටි බලපෑම තියුණු විය. වචන සංවරය, වැඩිහිටි ගෞරවය, දෛනික ආගමික වතාවත්, කිරන්තර සුපරීක්ෂාවට ලක්විය.

අප මහත් භීතියට පත්කළ වචනයක් වැඩිහිටියන්ගේ මුවඟ නිතර රැව් දුනි

“තව ටිකක් බලල හදන්නම බැරිනම් දානව මග්ගෝන”

” හරියන්නෙ නෑ මග්ගෝන දාන්නම ඕන මකවල හදයි එතකොට”

වචනයෙන් පමණක් අසා ඇති අප කවුරුත් දැක නැති මග්ගෝන ළමුන් භීතියට පත්කර තිබුණි. මග්ගෝන යනු කිසිම අයුරකින් හදාගන්නට බැරි නරක ළමුන් ගෙනගොස් දමන කඳවුරක් බවත්, දැඩි නීති, දැඩි දඬුවම් සහිතව කටුක ආහාරපාන ලැබෙන සහ ළමුන් ලවා අධික ලෙස වැඩගන්නා  දුක්  සහිත ජීවිතයක් එහි ඇති බව වැඩිහිටියෝ පවසනු ලැබූහ.

ඒ නිසා කිසි දරුවෙක් මග්ගෝන යෑමට කැමති නොවීය. ළමෝ ළමෝ අතර පුංචි පුංචි ආරවුල් ඇති වුවද ගෙවල් දැනගන්නටත් පෙර ළමුන්ම ඒවා කතාබහ කර හෝ අන් ළමුන් මැදිහත්වී හෝ  සමථයකට පත් කර ගත්හ.

නිවසට සැළවූ කළ සිදුකරන ලද වරද ගැන මව්පියන් ඉදිරියේ හෝ බුදු පහන ඉදිරියේ පාපොච්චාරණය කිරීමට සිදුවූයේ සියල්ලන් ඉදිරිපිටය.

ඒ නිසා ප්‍රසිද්ධියේ අවමන් විඳින්නට අකමැතිකම සහ මග්ගෝන යෑමට  කමැත්තක් කොහෙත්ම නොවීම නිසා කුඩා කළ සිටම දරුවෝ ප්‍රශ්න ඇතිවූ විට ඒවා නිරාකරණය කරගැනීමේ කුසලතාව දියුණු කරගනිමින් අඩු වැරදි සහිතව හැදුනහ. වැඩුනහ. එයට අමතරව පව්පින් අපාය සහ දිව්‍ය ලෝකය, කතාන්තර මගින් අපගේ ජීවිතවලට බොහෝ වටිනාකම් එක්විය. ගමේ සැවොම උගත්තු නුවූවද අතිබහුතරය ගුණවත්තු වූහ.

මේ පරම්පරා දාමය වර්තමානයේ  බිඳවැටී ඇත.

වෙනදා  අප ගැන සෙව්වාක් මෙන් වර්තමාන දරුවන් ගැන සොයන වැඩිහිටියෝ නැත. ගුරුවරු නැත. එසේ සොයා බලා අවවාදයක් අනුශාසනාවක් දෙනවාට බහුතරයක් මව්පියෝ කැමතිද නැත.  මග්ගෝන නැත. පව්පින් වටහාදෙන ආගමික නැඹුරුව අඩුය.

වර්තමාන ළමාලෝකය මව්පියන් කැමැත්තෙන් සපයා දෙන කාටූන්, ජංගම දුරකථන, අන්තර්ජාලය, රූපවාහිනී ටෙලිනාට්‍ය, අනවශ්‍ය නිදහස සහ මුදල් වලින් සමන්විතය.

ඒවායේ හැසිරීම්, වහරන බස්, දරුවන් වහරන විට අත්පුඩි ගසන වැඩිහිටියෝ ඇත. ආගම සංස්කෘතිය නොවටිනා දේ බව කියාදෙන තරුණ සහ වැඩිහිටි පරම්පරාවක්ද සමාජයේ ඇත. මේ වැඩිහිටි පරම්පරාවේ සමහරු ගුරුවරුය. සමහරු උගතුන්ය. දරුවන්ට මේ සියල්ලේ ඇසුර ලැබෙමින් වැඩෙද්දී ඔවුන්ගේ පෞරුෂය කෙතඑම් විපරීත බවකට පත්වන්නේද යත් සමහර දරුවෝ මව්පියන්ට නලංගු නැත. මව්පියන්ට අක්‍රෝශ පරිභව කරමින් විටෙක පහරදීමටද පෙළඹෙති. මව්පියන්ට ගුණධර්ම මතක්වන්නේ ඒ මොහොතේදීය. දරුවන් හදන්නට උත්සහ කරනුයේ ඒ මොහොතේදීය.  අශ්වයා ඉස්තාලයද කුඩුකර පැනගොස් ඇති බව මව්පියන්ට වැටහෙන්නේ එවිටය.

Join @lankasara on Telegram Channel
Previous Post

බියපත් මිනිස්සු

Next Post

ඡන්ද පත්‍රිකා විෂබීජ හරණයට  විමල් වීරවංශගෙන් රෙසිපියක්

Related Posts

child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022
Loneliness Teenage Girls

විශාදයෙන් මිදෙනු හැකියි.!

ජනවාරි 31, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist