බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ගමක් එක්වි දරුවෙක් හැදුව සමාජයක්

by editor
මැයි 14, 2020 - Updated on මැයි 19, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –

දරුවෙක් හදන්න ගමක් ඕනෑ යැයි පැරණි කියමනක් තිබේ.

එම කියමන ඉතා බැරෑරුම් සත්‍යයකි. ගම යනු පුද්ගල සංස්කෘතියේ පදනමයි. මේ පදනම මත ගොඩනැගෙන ජීවිත ආරම්භයේදීම පදනමට අනුව සැකසීම සිදුකළ යුතුය. එසේ නොවුවහොත් පදනමත් විනාශ කෙරෙන ඉදිකිරීමක් ඒ මත ඉදිකෙරෙනු ඇත. එමනිසා දරුවා හදාවඩා ගැනීමේදී එම ගමක් අවශ්‍ය යන්න ඉතා අර්ථවත් අදහසකින් ප්‍රකාශ කරන ලද්දකි.

අප කුඩා කාලයේ අප හැදුනු වැඩුනු පරිසරයේ සිටි සියලුම වැඩිහිටියෝ එම පරිසරයේ සිටි සියලුම දරුවෝ කාගේ කව්දැයි හොදින් දැන හැඳින සිටියහ. දරුවන් කෙරේ විශේෂ අවධානයක් ඔවුහු සැමදෙන නිරන්තරයෙන් දැක්වූහ.

අප යනෙන තැන්, කරන කෙරුම්, කියන කියුම් සියල්ල දෙස දෑස් දල්වා බලා සිටියහ. දරුවෙකුගේ වයසට නොගැලපෙන, දරුවකුට උචිත නොවන කියුම් කෙරුම්, ඇවිදිලි, තැන නොතැන පිළිබඳ සියලු වැඩිහිටියෝ දැරුවේ එක් මතයකි. දරුවෙකුට නොගැලපෙන මට්ටමේ ක්‍රියාවක් කර අසුවූවිට ඒ පිළිබද තරවටුව සමහරවිට පළමුවෙන් ලැබෙන්නේ පවුලේ නොවන වැඩිහිටියෙකුගෙනි. පාසැලේදී හෝ ගමේදී හෝ කිසියම් වරදකට දඩුවමක් දරුවකු ලැබුයේ නම් එය නිවසට ආරංචි වූ පසු අද මෙන් මානව හිමිකම් ඉල්ලා අධිකරණය හෝ පොලීසිය වෙත යන්නට එදා මව්පියෝ උත්සහ කලේ නැත. ඒ වෙනුවට කලේ දරුවා සිදුකළ වරද විස්තරාත්මකව විමසා බැලීමය. එසේ බලා ගෙදරින්ද දඩුවමක් ලබාදීමය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමගින් අදහස් වන්නේ දරුවන්ට දඟකාර, ක්‍රීඩාශීලී, නිදහස් ජීවිතයක් එකළ හිමි නොවීය යන්න නොවේ. දරුවෝ ඉතා නිදහස් පරිසරබද්ධ ජීවිතයක් ගතකළහ. නමුත්  ඒ සියල්ල අතරේ රැකිය යුතු ගුණදහම්, සාරධර්ම, පිළිවෙත් දරුවන්ම අවබෝධ කරගනිමින් රැකීම අරඹන තෙක් දරුවන් ඒ පිළිවෙත් තුළට ඔබ්බවා ඒ රාමූන් තුළ සිරකරනු ලැබීය.  ඒවා කඩා බිඳ දමා යන්නට හදන දරුවන්ට දඬුවම් ලැබිණි. මව්පියෝ, ගුරුවරු, පන්සල සහ ගමේ වැඩිහිටියෝ එක්වී ගමේම දරුවන්  වැඩිහිටියන් බවට පත්වන තුරුම රැක ගත්හ.

ගමෙහි ඇති අසුන්දර තැන් වෙත පිය නැගීම, අසම්මත පුද්ගලයන්ගේ ඇසුරට වැටීම දරුවනට සපුරා තහනම් විය. ඉන්ද්‍රීය සංවරය තෙරෙහි වැඩිහිටි බලපෑම තියුණු විය. වචන සංවරය, වැඩිහිටි ගෞරවය, දෛනික ආගමික වතාවත්, කිරන්තර සුපරීක්ෂාවට ලක්විය.

අප මහත් භීතියට පත්කළ වචනයක් වැඩිහිටියන්ගේ මුවඟ නිතර රැව් දුනි

“තව ටිකක් බලල හදන්නම බැරිනම් දානව මග්ගෝන”

” හරියන්නෙ නෑ මග්ගෝන දාන්නම ඕන මකවල හදයි එතකොට”

වචනයෙන් පමණක් අසා ඇති අප කවුරුත් දැක නැති මග්ගෝන ළමුන් භීතියට පත්කර තිබුණි. මග්ගෝන යනු කිසිම අයුරකින් හදාගන්නට බැරි නරක ළමුන් ගෙනගොස් දමන කඳවුරක් බවත්, දැඩි නීති, දැඩි දඬුවම් සහිතව කටුක ආහාරපාන ලැබෙන සහ ළමුන් ලවා අධික ලෙස වැඩගන්නා  දුක්  සහිත ජීවිතයක් එහි ඇති බව වැඩිහිටියෝ පවසනු ලැබූහ.

ඒ නිසා කිසි දරුවෙක් මග්ගෝන යෑමට කැමති නොවීය. ළමෝ ළමෝ අතර පුංචි පුංචි ආරවුල් ඇති වුවද ගෙවල් දැනගන්නටත් පෙර ළමුන්ම ඒවා කතාබහ කර හෝ අන් ළමුන් මැදිහත්වී හෝ  සමථයකට පත් කර ගත්හ.

නිවසට සැළවූ කළ සිදුකරන ලද වරද ගැන මව්පියන් ඉදිරියේ හෝ බුදු පහන ඉදිරියේ පාපොච්චාරණය කිරීමට සිදුවූයේ සියල්ලන් ඉදිරිපිටය.

ඒ නිසා ප්‍රසිද්ධියේ අවමන් විඳින්නට අකමැතිකම සහ මග්ගෝන යෑමට  කමැත්තක් කොහෙත්ම නොවීම නිසා කුඩා කළ සිටම දරුවෝ ප්‍රශ්න ඇතිවූ විට ඒවා නිරාකරණය කරගැනීමේ කුසලතාව දියුණු කරගනිමින් අඩු වැරදි සහිතව හැදුනහ. වැඩුනහ. එයට අමතරව පව්පින් අපාය සහ දිව්‍ය ලෝකය, කතාන්තර මගින් අපගේ ජීවිතවලට බොහෝ වටිනාකම් එක්විය. ගමේ සැවොම උගත්තු නුවූවද අතිබහුතරය ගුණවත්තු වූහ.

මේ පරම්පරා දාමය වර්තමානයේ  බිඳවැටී ඇත.

වෙනදා  අප ගැන සෙව්වාක් මෙන් වර්තමාන දරුවන් ගැන සොයන වැඩිහිටියෝ නැත. ගුරුවරු නැත. එසේ සොයා බලා අවවාදයක් අනුශාසනාවක් දෙනවාට බහුතරයක් මව්පියෝ කැමතිද නැත.  මග්ගෝන නැත. පව්පින් වටහාදෙන ආගමික නැඹුරුව අඩුය.

වර්තමාන ළමාලෝකය මව්පියන් කැමැත්තෙන් සපයා දෙන කාටූන්, ජංගම දුරකථන, අන්තර්ජාලය, රූපවාහිනී ටෙලිනාට්‍ය, අනවශ්‍ය නිදහස සහ මුදල් වලින් සමන්විතය.

ඒවායේ හැසිරීම්, වහරන බස්, දරුවන් වහරන විට අත්පුඩි ගසන වැඩිහිටියෝ ඇත. ආගම සංස්කෘතිය නොවටිනා දේ බව කියාදෙන තරුණ සහ වැඩිහිටි පරම්පරාවක්ද සමාජයේ ඇත. මේ වැඩිහිටි පරම්පරාවේ සමහරු ගුරුවරුය. සමහරු උගතුන්ය. දරුවන්ට මේ සියල්ලේ ඇසුර ලැබෙමින් වැඩෙද්දී ඔවුන්ගේ පෞරුෂය කෙතඑම් විපරීත බවකට පත්වන්නේද යත් සමහර දරුවෝ මව්පියන්ට නලංගු නැත. මව්පියන්ට අක්‍රෝශ පරිභව කරමින් විටෙක පහරදීමටද පෙළඹෙති. මව්පියන්ට ගුණධර්ම මතක්වන්නේ ඒ මොහොතේදීය. දරුවන් හදන්නට උත්සහ කරනුයේ ඒ මොහොතේදීය.  අශ්වයා ඉස්තාලයද කුඩුකර පැනගොස් ඇති බව මව්පියන්ට වැටහෙන්නේ එවිටය.

Share69Tweet43
Previous Post

බියපත් මිනිස්සු

Next Post

ඡන්ද පත්‍රිකා විෂබීජ හරණයට  විමල් වීරවංශගෙන් රෙසිපියක්

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.