බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඔබ මවක වීමට ප්‍රථම මාතෘත්වය ඇරඹෙයි!

මවක් වීමට ප්‍රාර්ථනා කරන ඔබ දැන ගතයුතුම කරුණු 17ක්...

by editor
දෙසැම්බර් 5, 2020
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන – ජ්‍යෙෂඨ මනෝ උපදේශිකා –

ලෝකයේ වඩාත්ම සුන්දර වස්තුව අම්මාය. සෑම පුද්ගලයකුටම සිය ළදරු අවධියේත් ළමා අවධියේත් අම්මාගේ රුව තරම් ප්‍රමෝදය දනවන දෙයක් තවත් නැත්තේය. එසේම බහුතරයකට සිය වැඩිහිටි වියේදීත් මේ තත්වය වෙනස් නොවේ.  

සෑම භාෂාවකම සෑම ජාතියකම හදගැස්ම රඳා පවතින්නේ අම්මාගේ කිරි මතය. අම්මා කෙනෙකුවීම තරම් කාන්තාවකට අභිමානය වඩවන තවත් යමෙක් නැත. ඔබ මවක් වන්නේ දරුවකු බිහිවූ පසුව බව කවුරුන් හෝ ඔබට පැවසුවේද? එය අර්ධ සත්‍යයකි. ඔබ මවක් වීම ආරම්භවන්නේ ඔබගේ චිත්ත සන්තානයේ මවක්වීම අපේක්ෂා කළ දිනයේ සිටය. එසේ නම් ගැහැණු දරුවකු සිය බෝනික්කාට මව වන දිනයේ පටන් ඇය තුළ මවකගේ සෙවනැල්ල සැඟව ගනී.

හිතන්න. මේ මොහොත් ඔබ කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් වෙසෙන්නේද? නැතහොත් දැනටමත් ඔබ මවක්ද?. ඔබ ඔබ තුළීන් මේ ලෝකයේ ඉතාම හොද අම්මා දරුවාට දෙන්නට වෙහෙසවන්නියක්ද?.  එය “ඉතාම උදාර සිතුවිල්ලකි. ඉතා හොද දේ දරුවන් සඳහාය“. “ ලෝකය බබළන්නේ හිරු  කිරණින් පමණක් නොවේ. මවගේ කිරිද ඒ බැබළීම ඇති කිරීමට දායක වෙයි.

මේ ලිපියෙන් පින්වන්ත අම්මා කෙනෙකුගේ ගුණයන් අලුත් අම්මාවරුන්ට දැන ගැසීම සදහා ලියමි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  1. ඔබ දරුවකු අපේක්ෂා කරනවිට පිලිසිඳ ගැනීමට මාස හයකට පමණ පෙර රුබෙල්ලා එන්නත ලබාගන්න. ඔබගේ දත්වල ඇති ආබාධ, අඩුපාඩු සම්පූර්ණ කර ගන්න. වෛද්‍යවරයකු හමුවී ඒ පිලිබඳ සාකච්ඡා කරන්න. ඔබගේ සැමියාගේ රුධිර වර්ගය ගැළපේදැයි පරීක්ෂා කරවා ගන්න.
  2. දරුවකු මාස නවයකුත් දින දහයක් ඔබගේ කුස සිය නිවහන කරගෙන වෙසෙයි. ඒ කාලසීමාව තුළ ඔහුට ජීවත්වීමට , වර්ධනයවීමට සහ ආරක්ෂාවීමට අවශ්‍ය සියළු දෑ ඔබගෙන් ලැබිය යුතු වෙයි. එමනිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් පෝෂ්‍ය පදාර්ථ ඔබ ආහාර වශයෙන් ගත යුතු වෙයි.
  3. ඔබ ඔහුට ලබා දෙන දේ  මත ඔහු නිරෝගී බුද්ධිමත්  ප්‍රීතිමත් දරුවකු වනු ඇත. දරුවකු කුස පිළිසිඳ ගෙන ගතවන පළමු සති 14 ක කාලය අතිශයින්ම දරුවාගේ මුළු ජීවිතයටම බලපාන වැදගත්කමක් ඇති බැවින් වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිදු ආකාරයේ ඖෂධයක් ලබා නොගන්නට වගබලාගන්න. ඔබගේ ආහාර වේල  පෝෂ්‍යදායී එකක් කරගන්නට ගන්නට වග බලා ගන්න.
  4. සතර ඉරියව්වේදීම ( ඇවිදීම, සිටීම, හිදිම සහ නිදියෑම) මනා සිහියකින්, විමසීමකින් සහ පරිස්සමකින් යුතුව  සිටින්න. ඔබගේ එක් අපරීක්ෂාකාරී පියවරකින් දරුවාට සිය ජීවිතය පුරාම පැවතිය හැකි බරපතළ හානි සිදුවිය හැකි බැවිණි.
  5. ඔබ රැකියාවක් කරන බිරිඳක් නම් රාජකාරි පීඩා, ගෘහ රාජකාරි මැද මනස අවිවේකී වේ නම් දවසේ කිහිප වතාවක සරල සංයම අභ්‍යාසයක් දිනපතා කරන්න. ( වරකට විනාඩි 10ක් සෑහේ. මෙය සිතේ අවධානය එක් තැනක රඳවා ගැනීමකි)
  6. ඔබට සතුටින් සිටින ප්‍රීතිමත් දරුවකු අවශ්‍යය නම් ඔබ සතුටින් සිටීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.“ මුළු ගර්භණී කාලය තුළත් ඉන් පසුවත් ජීවත්වීම සතුටින් කළ යුතුය“ යන මූල ධර්මයේ පිහිටා කටයුතු කරන්න.
  7. අගහිග, සිත්තැවුල්, පරාජයන්, අහිමිවීම් සියල්ල කාහටත් පොදු ධර්මතා බැවින් ඔබට මේ මොහොතේ ඇති දේ පිළිබදව තෘප්තිමත්වී ඉවසීමෙන් දිරියෙන් ජීවිතයට අවශ්‍ය දේ ලබා ගැනීමටත් මානසිකව නොවැටී සිටීමටත්  උත්සහ වන්න.
  8. දරුවාට ඇසෙන්න නැළවිළි ගී ගයන්න. කුසට මාස හයක් වන විට දරුවාට ශබ්ද ඇසෙයි. ඔහු ඒවා තේරුම් ගන්නට උත්සහ කරයි. අම්මාගේ හැගීම් ඔහුට දැනෙයි. ඒ නිසා දවසේ නිදහස් වේලාවක් තෝරාගෙන දරුවා සමග කතා කරන්න. ඔබේ ඇගිලි තුඩුවලින් සෙමින් මෘදුව කුසට තට්ටු කරමින් දරුවා සමග ක්‍රීඩා කරන්න.
  9. හැකිතරම් සෞඛ්‍ය සම්පන්නව සහ පිරිසිදුව වෙසෙන්න. බිළිඳා වෙනුවෙන් ඉතා සිනිදු කපු ඇදුම් ඇතිරිලි පිළියෙල කරන්න. ඔබද කුස තද නොවන සේ සැහැල්ලු කපු ඇඳුමින් සැරසෙන්න. 
  10. “මට ඉතා හොදින් මව් කිරි ඇතිවේවා!“ යන උතුම් ප්‍රාර්ථනය නිතර මුවග තබා ගන්න. දරුවන් යනු මෙළොව ඇති වටිනාම සම්පත් බැවින් කුස තුළ සිටින බිළිඳා කෙරෙහි නිරතුරුම මෛත්‍රිය, කරුණාව , සෙනෙහස පෙරදැරිව සිතන්න.
  11. ඔබත් සෙසු අයත් ඔහුගේ ආගමනය මහත් හරසරින් පිළිගන්නට සැදී පැහැදී සිටින බව කුසතුළ සිටින බිළිඳාට හඟවන්න. ඔහු පුතකු හෝ දියණියක හෝ වීම ප්‍රශ්නයක් කර නොගන්න.
  12. ඔබගේ ආගමානුකූල දිවිය මේ කාලයේ ඔබට දැඩි ලෙස මානසික සංසිදීම ගෙන දෙන බැවින් දෛනිකව ආගමික කටයුතු වල යෙදෙන්න.
  13. සැමියාගේ ආදරය ඉතා අවශ්‍ය පවුලේ සහයෝගය ඉතා අවශ්‍ය කාලයක් වුවද ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ඒවා නොලැබේ නම් ඒ පිළිබඳව වාද විවාද සිත් අමනාපකම් සහ ගැටුම් ඇති කර නොගෙන කුස තුළ සිටින්නාවූ ඔබේ දියණිය, පුතා වෙනුවෙන් සිනාමුසුව ඒවාට මුහුණ දෙන්න.
  14. නියමිත දිනයේදී දරුවා සහ ඔබ වෙනුවෙන් මාතෘ සායනවලට යෑමට , වෛද්‍යවරයා හමුවීමට වගබලා ගන්න.  ඔවුන් නිර්දේශ කරන ඖෂධ, විටමින් වර්ග පිළිවෙලින් ලබාගන්න. නියමිත පරීක්ෂාවන් සිදු කර ගන්න.ඔවුන්ගෙන් සුදුසු ව්‍යායාම පිළිබදව දැනුවත්වී ව්‍යායාමයක නිරත වෙන්න. සාමාන්‍ය පරිදි ගෙදර දොර වැඩපලෙහි යෙදෙන්න. ගර්භණීබව රෝගයක් සේ නොසලකන්න. එය සොබාදහමේ අපූරු දායාදයකි.
  15. දරුවන් සංඛ්‍යාව සහ ඔවුන් අතර පරතරය සැමියා සමග සාකච්ඡා කර ඒ සඳහා සුදුසු පවුල් සැලසුම් මාතෘ සායනයේදී විමසන්න. යම් මුදලක් හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර ළඟ තබාගන්න.
  16. මේ කාලසීමාව තුළදී  ඔබ දන්නා නොදන්නා සියලු දරුවන්, ගර්භණී මව්වරුන් වෙනුවෙන් මෛත්‍රිය ,කරුණාව, දයාව පතුරවන්න. සියලුම අම්මලාත් සියලුම දරුවෝත් නිදුක් නිරෝගීව සුවපත්ව වෙසෙත්වා! යනුවෙන් ප්‍රාර්ථනා කරන්න.ඔබට ලැබෙන දරුවා ලෝකයේ මේ මොහොතේ බිහිවීමට සහ බිහිවී සිටින 75% ක් පමණ දරුවන්ට වඩා වාසනාවන්ත බව විශ්වාස කරන්න. 
  17. ලෝකයේ අහාර.ජලය,ඖෂධ, ඇදුම්, නිවාස වැනි මූලික අවශ්‍යතා නැති දරුවන් කෝටි ගණනක් වසරකට මියයති. බිහි වෙද්දීම බරපතල රෝග සහිතව , ආබාධිතව ඉපදුන දරුවන්, යුද ගැටුම් පවතින රටවල හිංසනයට ලක්වන දරුවන් ගැන සිතා ඔවුන්ගේ යහපතම ප්‍රාර්ථනා කරන්න. ඔබේ දරුවාට ඒ සියල්ලෙන් බැහැර වූ යහපත් ලෝකයක් ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනය කරන්න. 

මේ ලෝකය ඇති ලෝකයේ සුන්දරම ස්ථානය බවට ඔබේ නිවස පත්කර ගන්න. ආදරය සාමය සහ ප්‍රීතිය පිරීගිය නිවසක් දරුවා පිළිගැනීම සදහා ඔබත් සැමියාත් එකතුව සාදා ගන්න.

ආදරණීය අම්මාවරුනි ඔබේ සිඟිත්තාට මේ ලෝකයේ සිටින සුන්දරම වටිනාම ආදරණිය අම්මා ඔබ තුළින් පෙන්වා දෙන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තෙට එන කොවිඩ් එන්නත අපිට ගැලපෙන්නේ නෑ… රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන

Next Post

මිය ගිය මහර රැඳවියන් 11 දෙනාටම කොවිඩ්… තවමත් හඳුනාගෙන ඇත්තේ දෙදෙනයි…

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.