fbpx
ඉරිදා, ජූනි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඔබේ කෝපය උපදවා ගන්නේ ඔබය…  ඉන් දැවී නොයන්න

by editor
මැයි 29, 2021
in විනිවිද
625 6
Angery
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

බොහෝ දෙනා උපදේශනයේදීත් ඉන් පිටතදීත් මගෙන් නගන ප්‍රශ්නයක් නම් තමන්ට ඇතිවන අධික කෝපය පාලනය කර ගන්නේ කෙසේද යන්නයි.

ඔවුන් සියලු දෙනාම ඔවුන්ට ඇතිවන අධික කෝපය නිසා සිය රාජකාරි ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් විවිධ ගැටලු නිර්මාණය කරගෙන සිටී. ප්‍රධාන වශයෙන්ම ඔවුන් පැවසූ කාරණාව නම් තමන් නිකරුණේ කෝප ගන්නවා නොව අනිත් අය ඔවුන්ගේ කෝපය අවුළුවන බවය. ඔවුන් මට පැවසූ ඔවුන්ගේ කෝපය අවුළුවන්නා වූ කණ්ඩායම නම් සැමියා, බිරිය, දරුවන්, නැන්දම්මා, රාජකාරි සගයන් සහ ගමනාගමනේදී හමුවන පොදු හා පෞද්ගලික වාහන රියැදුරන්,  කොන්දොස්තරවරුන් සහ දේශපාලනඥයන් ආදියෙන් සමන්විත විය.

ඉහත කණ්ඩායම නිසා තමන් කෙතරම් සන්සුන්ව, සැහැල්ලු සහ  සාමකාමී සිතින් දවස අරඹා ,ගෙවා ,අවසන් කරන්නට උත්සාහ කළත් එය නොහැකිවීමෙන් දැඩි මානසික ආතතියකට පත්ව සිටින බව පවසන ලදී.

මෙ අයුරින් බලන කළ පුද්ගලයාගේ කෝපය අවුළුවන කණ්ඩායම තුළ මේ සමාජයේ වෙසෙන සෑහෙන කණ්ඩායමක් සිටින බැව් පෙනේ.Angery

RelatedPosts

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ඔබ හොඳින් සිතා බැලුවහොත් විටෙක ඔබ ද මේ කණ්ඩායමේ සාමාජිකයකුව අන් අයගේ කෝපය අවුළුවා ඇති බව වැටහේවී. එසේ නම් අප ද අන් අයගේ කෝපයේ කොටස්කරුවන් වී ඇත. මේ කාරණය සිතන්නට පිළිගන්නට බොහෝ දෙනා මැළිවෙති. සෑම කෙනෙක්ම තමන් ගැන සිතා සිටින්නේ තමන් අතින් එවැනි දේ කිසි විටෙකත් සිදු නොවන බවය. නමුත් ඔබ අද සිතන්නට උත්සහ කරන්න, අන් අය ඔබව කෝප කරනවා සේම ඔබද අන් අයව කෝප කරන්නේ යැයි, ඔවුන් සිතා සිටින බව.

එහෙත්, මෙහි ඉතා වැදගත් කාරණය නම් ඔබ කෝප වන බව ඔබ දැන සිටීමය. ඔබ එය පිළිගැනීමය. එසේම ඉන් මිදීමට ඔබට අවශ්‍ය වීමයි.

එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

ඔබ කෝපයට පත්වන ආකාරය දෙස මදක් නිසොල්මනේ සිතා බැලීමය. ඔබට හැකිනම් ඒවා කොළයක සටහන් කරන්න.

මේ මා මගේ සේවාලාභීන් සහ වෙනත් අය, ඔවුන්ගේ කෝපයට හේතුවෙනවා යැයි මට පැවසූ කාරණා කිහිපයකි.

  • බිරිය ප්‍රමාද වී අවදිවීම නිසා දහවල් ආහාරය පිළියෙළ කිරීමට ප්‍රමාදවීම
  • දරුවන් පාසැල් යෑමට සූදානම්වීම ප්‍රමාදවීම
  • බිරිය තමාගේ ඇදුම් සූදානම් කර නොතිබීම
  • බිරිය රැකියාවට යෑම සූදානම්වීමට ප්‍රමාදවීම
  • සෑමියා උදෑසන අවදිවී තමාගේ වැඩ කටයුතුවලට සහය නොවී පත්තරය රූපවාහිනිය බැලීම
  • තමා ඉවුම්පිහුම් කරන තෙක් දරුවන්ට සූදානම්වීමට උදව් නොකිරීම
  • තමා මුළුතැන්ගෙයි කාර්ය බහුලව සිටිද්දී “අරක කෝ? මේක කෝ“ කියමින් තමාට අඬ ගැසීම
  • මග තොටදී රියැදුරන් තම වාහනයට වෙට්ටු දැමීම, හෝන් ගැසීම, රථවාහන තද බදය
  • බස්රථයේ රියැදුරා නිකරුණේ මහ මග රථය නවත්වා ගෙන සිටීම. කොන්දොස්තරගේ ගෝරනාඩුව.
  • රාජකාරි ස්ථානයේදී ඇතිවන රාජකාරි සම්බන්ධව ඉහළ සහ පහළ අය සමග ඇතිවන ගැටීම්
  • නිවසට එන විට නිවස පිළිවෙළට නැතිවීම, තමාගේ යම් යම් භාණ්ඩ දරුවන් සහ බිරිය භාවිතයට ගෙන තිබීම,
  • මහන්සිය නිවා ගැනීමට ඉඩ නොදී බිරිය වැඩ පැවරීම
  • දරුවන් කෑකෝ ගැසීම, පාඩම් නොකිරීම,
  • රාත්‍රි ආහාරය ප්‍රමාදවීම.

ඉහත කාරණා දෙස බලන්න. මේ කාරණාවලින් බහුතරයක් ඔබට පාලනය කළ නොහැකි දේවල් නොවේද?.  ඔබ කැමති වුවත් නොවුවත් සිදුවන දේවල් නොවේද?. එසේ නම් එවන් කාරණාවන්ට  කෝපවීමෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද?. එකම ප්‍රතිඵලය නිතර නිතර කේන්ති ගැනීමෙන් ඔබගේ කායික මානසික තත්වය පිරිහී යෑමයි.

පාලනය කළ නොහැකි දේ සමග කෝපවීමෙන් වළකින්න…

තමාට පාලනය කළ නොහැකි බාහිර හේතු සමග කෝපවීම අතහරින්න. ඒවාට තියෙන්නට හෝ යන්නට ඉඩ හරින්න. ඒවා ඔබගේකර ගන්නට නොයන්න. උදාහරණයක් ලෙස මහමගදී ඇතිවන සිද්ධි, පොදු ප්‍රවාහන සේවාවල සේවකයන්ගේ ආකල්ප සහ ක්‍රියා ඔබට පාලනය කළ නොහැකිය. ඔවුන් සමග ගැටීමට යෑම අනවශ්‍ය ප්‍රශ්නයකට මුල පිරිමකි. ඒවා අතහැර දමා ඒ මොහොතේ වෙනත් සිතුවිල්ලක් සිතට නගා ගන්න. ඔබගේ රාජකාරියක්, හෝ ඔබගේ වෙනත් වැදගත් දෙයක් මෙනෙහි කරන්න.

මා වෙත පැමිණි තරුණ කාන්තාවක් පැවසුවේ ඇයට පොදු ප්‍රවාහන සේවා රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන කෝපය පීඩාව මුලදී ඉවසා ගත නොහැකි වූ බවයි. එමනිසා ඇය පොදු ප්‍රවාහන සේවයේදී හෝමාගම සිට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයකුව පැමිණි අවධියේ සිංහල විෂයට නියමිතව තිබූ සියලුම කවි පංති බස්රථයේදී පාඩම් කළ බවයි. නැවත නැවත මතක් කිරීම් කළ බවයි.

මෙය ඇත්ත වශයෙන්ම ඉතා හොඳ දෙයකි. බස් රථයේ වටපිට බලමින් අනෙකාගේ අඩුපාඩු දුර්වලතා සොයමින් කාලය නාස්ති නොකර තමාගේ දියුණුවට හේතුවන යමක් කිරීම පැසසුම් කටයුතුය. මන්ද රියැදුරා හෝ කොන්දොස්තර  පාලනය කිරීමට අපට නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ අපව පාලනය කරගැනීමය.Angery

අනෙකා තමාගේ සේවය සලසන්නා නොවේ…

නිවසේදී ඇතිවන අඬදබර වලට මූලික හේතුව නම් “අනෙකා සිටින්නේ තමා වෙනුවෙන් සේවය සලසන්නටය“. “අනෙකාත් තමා මෙන්ම නිවසේ කටයුතුවලට දායක විය යුතුය“ යන අදහස හෝ “නිවසේ වැඩ කටයුතු අයිති තමන්ට නොවේ“ යන සිතුවිලි වලින් යුතුව හෝ සිටීමය. එසේම  ‘තමා සිතන පතන බලාපොරොත්තුවන ආකරයටම නිවැසියන් ජීවත්විය යුතුය ‘. “තමා නිවසට එනවිට ඉතා අලංකාර ලෙස නිවස තිබිය යුතුය“ වැනි සිතුවිලිය.

එවන් සිතුවිලි හේතුවෙන් අපට අපේම නිවස වධකාගාරයක් බවට පත්වෙයි. නිවස අඹුසැමි දරුවන් යන සියලු දෙනාටම අයිති තැනකි. එය අපූරු අලංකාර තැනක් කරගන්නට සියලු දෙනාම දායක විය යුතුය. මවට, බිරියට පමණක් එය ඉටු කළ නොහැකිය. බිරියත් රැකියාවට යන්නේ නම් සැමියා ද දරුවෝද නිවසේ වැඩ කටයුතු වලින් කොටසක් බාර ගත යුතුය.

එක්තරා අවස්ථාවක එක් තරුණ කාන්තාවක්  මා හා පැවසුවේ තමා ගර්භණීව ඉද්දීත් තමා වැඩ ඇරී එනතෙක් තමා ලවා සවස තේ එක සාදා ගන්නට සැමියා වැඩ ඇරී නිවසට විත් බලා සිටිය බවය. ඇය නිවසට පැමිණි වහාම දරුබරත්, ගමන් සහ රාජකාරි වෙහෙසත් දරාගෙන තේ සාදා දුන් බවය. තමාගේ අපහසුව නොදැනෙන සැමියා ගැන කෝපයෙන් සිටි බවය. එහෙත් උපදේශනයෙන් පසු නිවසට කළින් පැමිණී කෙනා අනෙකා වෙනුවෙන්ද තේ පිළියෙළ කරන ලදී. සැමියා කළින් පැමිණීවිට ඔහු බිරිය රැගෙන ඒමට දුම්රිය පොළ වෙත  යෑමට තරම් වගකීම් සහිත විය. මෙය බිරියට ඇති කළ අස්වැසිල්ල ඇය පැවසුවේ සතුටු කඳුළින් යුතුවය.

සමහර දේවල් අපට මග හැරෙන්නේ අප කරන්නට අකමැති නිසා නොව අප ඒ පිළිබඳව  සිතන්නට උත්සාහ නොකරන නිසාය. නැතිනම් බොහෝ යුවතිපතීහු ඉතාම සුන්දර අය වෙති.

පුංචි උපදේශයක්

ඔබට කේන්තිය පාලනයට ඉතා කුඩා උපදෙසක් දෙමි. අත්හදා බලන්න. පළමුව ඔබට පාලනය කළ නොහැකි දේ එසේ යන්නට හරින්න. දෙවැන්න ඔබට අනිවාර්යයනේම මුහුණ දීමට සිදුවන දේට මුහුණ දෙන්න. එසේ මුහුණ දීමේදී කෝපයට පත්වන්නේ නම් මෙය අනුගමනය කරන්න.Angery

කේන්තියේ අවස්ථා තුනකි.

  1. පළමු අවස්ථාව කෝපය පැමිණෙන අවස්ථාව,
  2. දෙවැන්න කෝපයට පත්වූ විට කරන ක්‍රියාවන්,
  3. තෙවැන්න ඒ ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිඵලයයි.

කෝපය පැමිණෙන, කෝපයට පත්වූ විට කෑ ගසන , බඩු කුඩුකරන, අසභ්‍ය වදන් කියන, බිරියට දරුවන්ට පහරදෙන, සැමියා දරුවන් නිවසේ දමා මව ළඟට දුවන, රාජකාරි සගයන් හා ප්‍රධානීන් හා ගැටෙන ක්‍රියාවනුත් ඉන්පසු මෙම ක්‍රියාවන් දැකීමෙන් බාහිර සමාජය ඔබ පිළිබඳව ඇති කර ගන්නා ආකල්පද යන අවස්ථා තුන ගැන හිතන්න.

මෙයින් ඔබට පාලනය කළ හැකි දෙවන අවස්ථාව පාලනය කරන්න. එම ක්‍රියාවන් කිරීමෙන් වැළකෙන්න. එසේ කර මනස සන්සුන් කරගෙන එක තැනක අසුන් ගන්න. දැන් තමා කෝපයට පත්වූ කාරණය මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ආපස්සට ඒ කාරණය ගෙන යන්න.

නිදසුන් ලෙස :- මට බිරිය සමග කේන්ති ආවා. ඇයි කේන්ති ආවේ?, දහවල් ආහාරය සැකසීමට ඇය ප්‍රමාද උනා?,  ඇයි ඇය ප්‍රමාද උනේ?, ඇය අවදිවන්න පමා උනා?, ඇයි ඇය පමා උනේ?,  ඇය රාත්‍රියේ නිදි වැරූ නිසා?,  ඇයි ඇය නිදිවැරුවේ?,  පුතු අසනීප වූ නිසා?,  ඇයි බිරිය විතරක් නිදි වැරුවේ?,  ඇයි ඔබ නිදි නොවැරුවේ?,  ඇයි එහෙනම් කේන්ති ගන්නේ?, ඇයි ඔබ උදේ ඇයට උදව් නොකළෙ?,  ඇයි ඇගේ අපහසුව තේරුම් නොගත්තේ?,  මේ ආකාරයෙන් ආපස්සට විමසන්න.

ඔබට කෝපවීමට කිසිවක් අන් අය සිදු කර නොමැති බවත් ඔබේ කෝපය ඔබම සාදා ගත් බවත් වැටහේවි. එසේනම් ඉතිං! ඒ කෝපය අරුත් සුන් නොවේද? එය සාදා ගැනීම කළ යුත්තේත් ඔබම නොවේද? උත්සාහ කරන්න. ඔබට එය කළ හැකියි.

Tags: නවතම
Share100Tweet63
Previous Post

ආණ්ඩුවෙන් ගම තුළ විවෘත කිරීමට අවසර දෙන ගමේ කඩේ කළු කඩයක් වෙලා…

Next Post

අනාගත ප්‍රතිපත්ති-2021 සම්මානය සදහා ශ්‍රී ලංකාවත් නම් කෙරේ

Related Posts

විනිවිද

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

මැයි 29, 2023
විනිවිද

 අනාගත වැඩිහිටියාගේ ජීවිත සතුටත්  අහිමි කරමින් ළමා වියේදි  ළමා මනස තලා දමන අම්මලා තාත්තලා!  

මැයි 21, 2023
විනිවිද

කළුතර දැරියට ගේ මරණයට සමාජයක් ලෙස අප සියලු දෙනා වගකිවයුත්තේ ඇයි?

මැයි 11, 2023
Next Post
WFC-award

අනාගත ප්‍රතිපත්ති-2021 සම්මානය සදහා ශ්‍රී ලංකාවත් නම් කෙරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Ajan-Brahmawanso

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

by Lanka Sara Editor
ජූනි 3, 2023
0

depression-

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

by editor
ජූනි 3, 2023
0

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !
  • රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…
  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist