බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

ඔබේ කෝපය උපදවා ගන්නේ ඔබය…  ඉන් දැවී නොයන්න

by editor
මැයි 29, 2021
in විනිවිද
Angery
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

බොහෝ දෙනා උපදේශනයේදීත් ඉන් පිටතදීත් මගෙන් නගන ප්‍රශ්නයක් නම් තමන්ට ඇතිවන අධික කෝපය පාලනය කර ගන්නේ කෙසේද යන්නයි.

ඔවුන් සියලු දෙනාම ඔවුන්ට ඇතිවන අධික කෝපය නිසා සිය රාජකාරි ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් විවිධ ගැටලු නිර්මාණය කරගෙන සිටී. ප්‍රධාන වශයෙන්ම ඔවුන් පැවසූ කාරණාව නම් තමන් නිකරුණේ කෝප ගන්නවා නොව අනිත් අය ඔවුන්ගේ කෝපය අවුළුවන බවය. ඔවුන් මට පැවසූ ඔවුන්ගේ කෝපය අවුළුවන්නා වූ කණ්ඩායම නම් සැමියා, බිරිය, දරුවන්, නැන්දම්මා, රාජකාරි සගයන් සහ ගමනාගමනේදී හමුවන පොදු හා පෞද්ගලික වාහන රියැදුරන්,  කොන්දොස්තරවරුන් සහ දේශපාලනඥයන් ආදියෙන් සමන්විත විය.

ඉහත කණ්ඩායම නිසා තමන් කෙතරම් සන්සුන්ව, සැහැල්ලු සහ  සාමකාමී සිතින් දවස අරඹා ,ගෙවා ,අවසන් කරන්නට උත්සාහ කළත් එය නොහැකිවීමෙන් දැඩි මානසික ආතතියකට පත්ව සිටින බව පවසන ලදී.

මෙ අයුරින් බලන කළ පුද්ගලයාගේ කෝපය අවුළුවන කණ්ඩායම තුළ මේ සමාජයේ වෙසෙන සෑහෙන කණ්ඩායමක් සිටින බැව් පෙනේ.Angery

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔබ හොඳින් සිතා බැලුවහොත් විටෙක ඔබ ද මේ කණ්ඩායමේ සාමාජිකයකුව අන් අයගේ කෝපය අවුළුවා ඇති බව වැටහේවී. එසේ නම් අප ද අන් අයගේ කෝපයේ කොටස්කරුවන් වී ඇත. මේ කාරණය සිතන්නට පිළිගන්නට බොහෝ දෙනා මැළිවෙති. සෑම කෙනෙක්ම තමන් ගැන සිතා සිටින්නේ තමන් අතින් එවැනි දේ කිසි විටෙකත් සිදු නොවන බවය. නමුත් ඔබ අද සිතන්නට උත්සහ කරන්න, අන් අය ඔබව කෝප කරනවා සේම ඔබද අන් අයව කෝප කරන්නේ යැයි, ඔවුන් සිතා සිටින බව.

එහෙත්, මෙහි ඉතා වැදගත් කාරණය නම් ඔබ කෝප වන බව ඔබ දැන සිටීමය. ඔබ එය පිළිගැනීමය. එසේම ඉන් මිදීමට ඔබට අවශ්‍ය වීමයි.

එසේ නම් අප කළ යුත්තේ කුමක්ද?

ඔබ කෝපයට පත්වන ආකාරය දෙස මදක් නිසොල්මනේ සිතා බැලීමය. ඔබට හැකිනම් ඒවා කොළයක සටහන් කරන්න.

මේ මා මගේ සේවාලාභීන් සහ වෙනත් අය, ඔවුන්ගේ කෝපයට හේතුවෙනවා යැයි මට පැවසූ කාරණා කිහිපයකි.

  • බිරිය ප්‍රමාද වී අවදිවීම නිසා දහවල් ආහාරය පිළියෙළ කිරීමට ප්‍රමාදවීම
  • දරුවන් පාසැල් යෑමට සූදානම්වීම ප්‍රමාදවීම
  • බිරිය තමාගේ ඇදුම් සූදානම් කර නොතිබීම
  • බිරිය රැකියාවට යෑම සූදානම්වීමට ප්‍රමාදවීම
  • සෑමියා උදෑසන අවදිවී තමාගේ වැඩ කටයුතුවලට සහය නොවී පත්තරය රූපවාහිනිය බැලීම
  • තමා ඉවුම්පිහුම් කරන තෙක් දරුවන්ට සූදානම්වීමට උදව් නොකිරීම
  • තමා මුළුතැන්ගෙයි කාර්ය බහුලව සිටිද්දී “අරක කෝ? මේක කෝ“ කියමින් තමාට අඬ ගැසීම
  • මග තොටදී රියැදුරන් තම වාහනයට වෙට්ටු දැමීම, හෝන් ගැසීම, රථවාහන තද බදය
  • බස්රථයේ රියැදුරා නිකරුණේ මහ මග රථය නවත්වා ගෙන සිටීම. කොන්දොස්තරගේ ගෝරනාඩුව.
  • රාජකාරි ස්ථානයේදී ඇතිවන රාජකාරි සම්බන්ධව ඉහළ සහ පහළ අය සමග ඇතිවන ගැටීම්
  • නිවසට එන විට නිවස පිළිවෙළට නැතිවීම, තමාගේ යම් යම් භාණ්ඩ දරුවන් සහ බිරිය භාවිතයට ගෙන තිබීම,
  • මහන්සිය නිවා ගැනීමට ඉඩ නොදී බිරිය වැඩ පැවරීම
  • දරුවන් කෑකෝ ගැසීම, පාඩම් නොකිරීම,
  • රාත්‍රි ආහාරය ප්‍රමාදවීම.

ඉහත කාරණා දෙස බලන්න. මේ කාරණාවලින් බහුතරයක් ඔබට පාලනය කළ නොහැකි දේවල් නොවේද?.  ඔබ කැමති වුවත් නොවුවත් සිදුවන දේවල් නොවේද?. එසේ නම් එවන් කාරණාවන්ට  කෝපවීමෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද?. එකම ප්‍රතිඵලය නිතර නිතර කේන්ති ගැනීමෙන් ඔබගේ කායික මානසික තත්වය පිරිහී යෑමයි.

පාලනය කළ නොහැකි දේ සමග කෝපවීමෙන් වළකින්න…

තමාට පාලනය කළ නොහැකි බාහිර හේතු සමග කෝපවීම අතහරින්න. ඒවාට තියෙන්නට හෝ යන්නට ඉඩ හරින්න. ඒවා ඔබගේකර ගන්නට නොයන්න. උදාහරණයක් ලෙස මහමගදී ඇතිවන සිද්ධි, පොදු ප්‍රවාහන සේවාවල සේවකයන්ගේ ආකල්ප සහ ක්‍රියා ඔබට පාලනය කළ නොහැකිය. ඔවුන් සමග ගැටීමට යෑම අනවශ්‍ය ප්‍රශ්නයකට මුල පිරිමකි. ඒවා අතහැර දමා ඒ මොහොතේ වෙනත් සිතුවිල්ලක් සිතට නගා ගන්න. ඔබගේ රාජකාරියක්, හෝ ඔබගේ වෙනත් වැදගත් දෙයක් මෙනෙහි කරන්න.

මා වෙත පැමිණි තරුණ කාන්තාවක් පැවසුවේ ඇයට පොදු ප්‍රවාහන සේවා රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන කෝපය පීඩාව මුලදී ඉවසා ගත නොහැකි වූ බවයි. එමනිසා ඇය පොදු ප්‍රවාහන සේවයේදී හෝමාගම සිට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයකුව පැමිණි අවධියේ සිංහල විෂයට නියමිතව තිබූ සියලුම කවි පංති බස්රථයේදී පාඩම් කළ බවයි. නැවත නැවත මතක් කිරීම් කළ බවයි.

මෙය ඇත්ත වශයෙන්ම ඉතා හොඳ දෙයකි. බස් රථයේ වටපිට බලමින් අනෙකාගේ අඩුපාඩු දුර්වලතා සොයමින් කාලය නාස්ති නොකර තමාගේ දියුණුවට හේතුවන යමක් කිරීම පැසසුම් කටයුතුය. මන්ද රියැදුරා හෝ කොන්දොස්තර  පාලනය කිරීමට අපට නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ අපව පාලනය කරගැනීමය.Angery

අනෙකා තමාගේ සේවය සලසන්නා නොවේ…

නිවසේදී ඇතිවන අඬදබර වලට මූලික හේතුව නම් “අනෙකා සිටින්නේ තමා වෙනුවෙන් සේවය සලසන්නටය“. “අනෙකාත් තමා මෙන්ම නිවසේ කටයුතුවලට දායක විය යුතුය“ යන අදහස හෝ “නිවසේ වැඩ කටයුතු අයිති තමන්ට නොවේ“ යන සිතුවිලි වලින් යුතුව හෝ සිටීමය. එසේම  ‘තමා සිතන පතන බලාපොරොත්තුවන ආකරයටම නිවැසියන් ජීවත්විය යුතුය ‘. “තමා නිවසට එනවිට ඉතා අලංකාර ලෙස නිවස තිබිය යුතුය“ වැනි සිතුවිලිය.

එවන් සිතුවිලි හේතුවෙන් අපට අපේම නිවස වධකාගාරයක් බවට පත්වෙයි. නිවස අඹුසැමි දරුවන් යන සියලු දෙනාටම අයිති තැනකි. එය අපූරු අලංකාර තැනක් කරගන්නට සියලු දෙනාම දායක විය යුතුය. මවට, බිරියට පමණක් එය ඉටු කළ නොහැකිය. බිරියත් රැකියාවට යන්නේ නම් සැමියා ද දරුවෝද නිවසේ වැඩ කටයුතු වලින් කොටසක් බාර ගත යුතුය.

එක්තරා අවස්ථාවක එක් තරුණ කාන්තාවක්  මා හා පැවසුවේ තමා ගර්භණීව ඉද්දීත් තමා වැඩ ඇරී එනතෙක් තමා ලවා සවස තේ එක සාදා ගන්නට සැමියා වැඩ ඇරී නිවසට විත් බලා සිටිය බවය. ඇය නිවසට පැමිණි වහාම දරුබරත්, ගමන් සහ රාජකාරි වෙහෙසත් දරාගෙන තේ සාදා දුන් බවය. තමාගේ අපහසුව නොදැනෙන සැමියා ගැන කෝපයෙන් සිටි බවය. එහෙත් උපදේශනයෙන් පසු නිවසට කළින් පැමිණී කෙනා අනෙකා වෙනුවෙන්ද තේ පිළියෙළ කරන ලදී. සැමියා කළින් පැමිණීවිට ඔහු බිරිය රැගෙන ඒමට දුම්රිය පොළ වෙත  යෑමට තරම් වගකීම් සහිත විය. මෙය බිරියට ඇති කළ අස්වැසිල්ල ඇය පැවසුවේ සතුටු කඳුළින් යුතුවය.

සමහර දේවල් අපට මග හැරෙන්නේ අප කරන්නට අකමැති නිසා නොව අප ඒ පිළිබඳව  සිතන්නට උත්සාහ නොකරන නිසාය. නැතිනම් බොහෝ යුවතිපතීහු ඉතාම සුන්දර අය වෙති.

පුංචි උපදේශයක්

ඔබට කේන්තිය පාලනයට ඉතා කුඩා උපදෙසක් දෙමි. අත්හදා බලන්න. පළමුව ඔබට පාලනය කළ නොහැකි දේ එසේ යන්නට හරින්න. දෙවැන්න ඔබට අනිවාර්යයනේම මුහුණ දීමට සිදුවන දේට මුහුණ දෙන්න. එසේ මුහුණ දීමේදී කෝපයට පත්වන්නේ නම් මෙය අනුගමනය කරන්න.Angery

කේන්තියේ අවස්ථා තුනකි.

  1. පළමු අවස්ථාව කෝපය පැමිණෙන අවස්ථාව,
  2. දෙවැන්න කෝපයට පත්වූ විට කරන ක්‍රියාවන්,
  3. තෙවැන්න ඒ ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිඵලයයි.

කෝපය පැමිණෙන, කෝපයට පත්වූ විට කෑ ගසන , බඩු කුඩුකරන, අසභ්‍ය වදන් කියන, බිරියට දරුවන්ට පහරදෙන, සැමියා දරුවන් නිවසේ දමා මව ළඟට දුවන, රාජකාරි සගයන් හා ප්‍රධානීන් හා ගැටෙන ක්‍රියාවනුත් ඉන්පසු මෙම ක්‍රියාවන් දැකීමෙන් බාහිර සමාජය ඔබ පිළිබඳව ඇති කර ගන්නා ආකල්පද යන අවස්ථා තුන ගැන හිතන්න.

මෙයින් ඔබට පාලනය කළ හැකි දෙවන අවස්ථාව පාලනය කරන්න. එම ක්‍රියාවන් කිරීමෙන් වැළකෙන්න. එසේ කර මනස සන්සුන් කරගෙන එක තැනක අසුන් ගන්න. දැන් තමා කෝපයට පත්වූ කාරණය මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ආපස්සට ඒ කාරණය ගෙන යන්න.

නිදසුන් ලෙස :- මට බිරිය සමග කේන්ති ආවා. ඇයි කේන්ති ආවේ?, දහවල් ආහාරය සැකසීමට ඇය ප්‍රමාද උනා?,  ඇයි ඇය ප්‍රමාද උනේ?, ඇය අවදිවන්න පමා උනා?, ඇයි ඇය පමා උනේ?,  ඇය රාත්‍රියේ නිදි වැරූ නිසා?,  ඇයි ඇය නිදිවැරුවේ?,  පුතු අසනීප වූ නිසා?,  ඇයි බිරිය විතරක් නිදි වැරුවේ?,  ඇයි ඔබ නිදි නොවැරුවේ?,  ඇයි එහෙනම් කේන්ති ගන්නේ?, ඇයි ඔබ උදේ ඇයට උදව් නොකළෙ?,  ඇයි ඇගේ අපහසුව තේරුම් නොගත්තේ?,  මේ ආකාරයෙන් ආපස්සට විමසන්න.

ඔබට කෝපවීමට කිසිවක් අන් අය සිදු කර නොමැති බවත් ඔබේ කෝපය ඔබම සාදා ගත් බවත් වැටහේවි. එසේනම් ඉතිං! ඒ කෝපය අරුත් සුන් නොවේද? එය සාදා ගැනීම කළ යුත්තේත් ඔබම නොවේද? උත්සාහ කරන්න. ඔබට එය කළ හැකියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් ගම තුළ විවෘත කිරීමට අවසර දෙන ගමේ කඩේ කළු කඩයක් වෙලා…

Next Post

අනාගත ප්‍රතිපත්ති-2021 සම්මානය සදහා ශ්‍රී ලංකාවත් නම් කෙරේ

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.