fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

ඉහළ නිලධාරියෙකුගේ  උපදෙස් පිට ගැඹුරු මුහුදේදි කුඩු තොගය ඇල්ලුවෙ ජාවාරම් කාර මෝරෙක්  බේරගන්න  දැයි සැකයක්

editor by editor
මැයි 13, 2020
in සමාජ
0
drug raid
Share on FacebookShare on Twitter

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සහ දත්තයන්වලට අනුව අපේ රටේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ලක්ෂයකට වඩා සිටිති. වැඩිම ඒ අයගෙන් තුනෙන් දෙකක් පමණ සිටින්නේ බස්නාහිර පළාතේය. මේ අයගේ මාසික මත්කුඩු අවශ්‍යතාව කිලෝ සීයකට වැඩිය. මෙම අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ පකිස්තානයෙනි. කුඩා නෞකාවල සඟවාගෙන ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ අපේ රටට මත්කුඩු තොග ගෙන එන්නේ ද පකිස්තානුවන්ය.

එසේ මෙරටට රැගෙන එමින් තිබුණු මත්කුඩු සැඟවූ නෞකා දෙකක්ම කොවිඩ් 19 වෛරසය පැතිර යමින් තිබියදීත් නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ කළ මෙහෙයුම් දෙකකින් අල්ලා ගන්නේ පොලීසියේ සහය ද ඇතිවය. ඒ එක් නෞකාවක තිබෙන්නේ අයිස් සහ කෙටමින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000 වැඩි ප්‍රමාණයකි. අපේ රටේ ආරක්ෂක අංශයක් එක තැනකින් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන්නේද එයයි. එම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගන්නේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට මෙරට ඇඳිරි නීතිය පනවා තිබුණු මාර්තු 28 වෙනිදාය.

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

ඉරාණ ජාතිකයින් 09 දෙනක් සමග ගමන් කරමින් තිබුණු එම නෞකාවේ එක් ප්‍රධාන නැවතුම් පොළක් වූයේ ඉන්දුනීසියාවය. නාවික හමුදාව නම් පවසන්නේ අපේ රටටත් එම මත්ද්‍රව්‍ය වලින් කොටසක් ගොඩබෑමට නියමිතව තිබුණු බවකි. ඒහෙත් සැබෑව නම් එම නෞකාවේ තිබුණු මත්ද්‍රව්‍ය වලින් බිඳක් මෙරටට ගොඩබෑමට නියමිතව තිබී නැත. එසේම එහි වැඩි හරියක් සගවා තිබුණු කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය අපේ රටේ භාවිතා වන්නේ ද නැත. මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.

දෙවැනි වැටලීම සිදුවන්නේ ඊට සතියකට පමණ පසුවයි. ඒ අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාට ලද තොරතුරකට අනුවය. එහෙත් එහි ලකුණු ලබා ගත්තේ නාවික හමුදාව විසිනි. ඒ පකිස්තානුවන් 07 දෙනෙක් සමග ගැඹුරු මුහුදේ දී හොරොයින් කිලෝ 281 ක් සහ අයිස් කිලෝ 48 ක් සමග කුඩා නෞකාවක් අල්ලා ගනිමිණි. එම නෞකාව ගැන මංජුලද සිල්වාට ලද තොරතුර ලැබෙන්නේ ඇඳරි නීතිය අස්සේය. පකිස්තානයෙන් මත්කුඩු තොගය පටවන මොහොත් සිට එය ලංකාව බලා යාත්‍රා කරන තෙක්ම මොහොතින් මොහාත මංජුල ද සිල්වාට තොරතුරු ලැබෙන්නට ගත්තේය.

මංජුල ද සිල්වා සැළසුම් කරන්නේ ගොඩබිමට එම හොරොයින් තොගය රැගෙන පැමිණි පසු ලංකාවේ ජාවාරම් කරනා මහ එවුන් ටික අල්ලා ගන්නටය. ඒ බව නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් දෙතුන් දෙනෙක්ව ද ඔහු දැනුවත් කර නාවික හමුදාවේ සහය ගන්නේ පොලිස්පතිවරයාගේ ද අනුදැනුම ඇතිවය. ඊට උඩින් ඉන්නා ආරක්ෂක ලේකම්වරයා ද මේ ගැන දැන සිටියේය. පොලිසිය නාවික හමුදාවේ සහය ඉල්ලනනේ ආරක්ෂක ලේකම් වරයා හරහාය.

මෙම මත්කුඩු වැටලීම සැළසුම් සහගතව මෙන්ම රහසිගතව දියත් කරන්නට පොලිසිය  වග බලා ගත්තේය. ඒ මෙම මත්කුඩු තොගය ලංකාවට ගෙන්වා ගත් දැවැන්ත ජාවාරම්කාර අපරාධකරු ගෙලග්‍රහයෙන් ගැනීමට  අවශ්‍ය වූ නිසාය. එහෙත් නාවික හමුදාව එම නෞකාව ගොඩබිමට එන්නට ඉඩ දුන්නේ නැත. ගැඹුරු මුහුදේදීම එම මතුකුඩු තොගය අල්ලාගන්නේ නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ අණ කිරීමකිනි.

මෙරට මත්කුඩු ජාලයේ මහා මොළයක් අල්ලා ගන්නට හැදූ සැලසුමක් එසේ බිඳ වැට්ටවූ නාවික හමුදාවේ යම් පිරිසක් අනතුරුව එම වැටලීම තමන් විසින් කළ වැටලීමක් බව මාධ්‍ය ඉදිරියේ ද කියන්නට ගත්තේය. පොලීසිය ඊට  මාධ්‍ය ඉදිරියේ ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ පොලිස් ඔත්තුකරුගේ ජීවිතය අවදානමකට ඒ වන විටත් ලක්ව තිබුණු බැවිණි.

එය එසේ වූවත් ඒ ගැන පොලිස් ප්‍රධානීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේය. ඒ අපේ රටේ මත්කුඩු ජාලයේ මහ මොළකරුවෙක් බේරා ගැනීමට යම් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රීයාත්මක වූයේදැයි සැකහැර දැනගන්නටය.

 

 

 

Share69Tweet43

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

Next Post

බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

RelatedPosts

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න…    හෙට අය-වැය!
පුවත්

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

නොවැම්බර් 12, 2023
Dinesh-Shafter
සමාජ

ඝාතකයා  නිදැල්ලේ ඉද්දී දෙවැනි වරටත් අවසන් ගමන් යන ව්‍යාපාර නායකයා. – දිනේෂ් ෂාෆ්ටර්…

නොවැම්බර් 4, 2023
මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 
සමාජ

මාස හතරක ළදරුවා ඇතුළු පවුලටම වෙඩි තිබ්බ  අහුංගල්ල අපරාධයත් කොස්ගොඩ සුජී – රත්ගම ගැටුමේ දිගුවක්…! 

ඔක්තෝබර් 23, 2023
Next Post
බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    1847 shares
    Share 739 Tweet 462
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    718 shares
    Share 287 Tweet 180
  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    1150 shares
    Share 460 Tweet 288
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    173 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    538 shares
    Share 215 Tweet 135
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    363 shares
    Share 145 Tweet 91

නවතම ලිපි

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

by editor
දෙසැම්බර් 2, 2023
0

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

by editor
දෙසැම්බර් 2, 2023
0

Jerom

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

by editor
දෙසැම්බර් 2, 2023
0

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
0

Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

නවතම ලිපි

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්ද බස් රථ අනතුර සිදුකළ රියදුරු රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 1, 2023
0

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

by editor
දෙසැම්බර් 1, 2023
0

Jerom

ජෙරොම් දේවගැතිගෙන් CID ය පැය 08ක් ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

by editor
නොවැම්බර් 30, 2023
0

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

by editor
නොවැම්බර් 30, 2023
0

pension

විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

by editor
නොවැම්බර් 30, 2023
0

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

by editor
නොවැම්බර් 30, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

දෙසැම්බර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…
  • එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.