බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

ඉහළ නිලධාරියෙකුගේ  උපදෙස් පිට ගැඹුරු මුහුදේදි කුඩු තොගය ඇල්ලුවෙ ජාවාරම් කාර මෝරෙක්  බේරගන්න  දැයි සැකයක්

by editor
මැයි 13, 2020
in සමාජ
drug raid
Share on FacebookShare on Twitter

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සහ දත්තයන්වලට අනුව අපේ රටේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ලක්ෂයකට වඩා සිටිති. වැඩිම ඒ අයගෙන් තුනෙන් දෙකක් පමණ සිටින්නේ බස්නාහිර පළාතේය. මේ අයගේ මාසික මත්කුඩු අවශ්‍යතාව කිලෝ සීයකට වැඩිය. මෙම අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ පකිස්තානයෙනි. කුඩා නෞකාවල සඟවාගෙන ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ අපේ රටට මත්කුඩු තොග ගෙන එන්නේ ද පකිස්තානුවන්ය.

එසේ මෙරටට රැගෙන එමින් තිබුණු මත්කුඩු සැඟවූ නෞකා දෙකක්ම කොවිඩ් 19 වෛරසය පැතිර යමින් තිබියදීත් නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ කළ මෙහෙයුම් දෙකකින් අල්ලා ගන්නේ පොලීසියේ සහය ද ඇතිවය. ඒ එක් නෞකාවක තිබෙන්නේ අයිස් සහ කෙටමින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 1000 වැඩි ප්‍රමාණයකි. අපේ රටේ ආරක්ෂක අංශයක් එක තැනකින් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන්නේද එයයි. එම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගන්නේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට මෙරට ඇඳිරි නීතිය පනවා තිබුණු මාර්තු 28 වෙනිදාය.

ඉරාණ ජාතිකයින් 09 දෙනක් සමග ගමන් කරමින් තිබුණු එම නෞකාවේ එක් ප්‍රධාන නැවතුම් පොළක් වූයේ ඉන්දුනීසියාවය. නාවික හමුදාව නම් පවසන්නේ අපේ රටටත් එම මත්ද්‍රව්‍ය වලින් කොටසක් ගොඩබෑමට නියමිතව තිබුණු බවකි. ඒහෙත් සැබෑව නම් එම නෞකාවේ තිබුණු මත්ද්‍රව්‍ය වලින් බිඳක් මෙරටට ගොඩබෑමට නියමිතව තිබී නැත. එසේම එහි වැඩි හරියක් සගවා තිබුණු කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය අපේ රටේ භාවිතා වන්නේ ද නැත. මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවටය.

දෙවැනි වැටලීම සිදුවන්නේ ඊට සතියකට පමණ පසුවයි. ඒ අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාට ලද තොරතුරකට අනුවය. එහෙත් එහි ලකුණු ලබා ගත්තේ නාවික හමුදාව විසිනි. ඒ පකිස්තානුවන් 07 දෙනෙක් සමග ගැඹුරු මුහුදේ දී හොරොයින් කිලෝ 281 ක් සහ අයිස් කිලෝ 48 ක් සමග කුඩා නෞකාවක් අල්ලා ගනිමිණි. එම නෞකාව ගැන මංජුලද සිල්වාට ලද තොරතුර ලැබෙන්නේ ඇඳරි නීතිය අස්සේය. පකිස්තානයෙන් මත්කුඩු තොගය පටවන මොහොත් සිට එය ලංකාව බලා යාත්‍රා කරන තෙක්ම මොහොතින් මොහාත මංජුල ද සිල්වාට තොරතුරු ලැබෙන්නට ගත්තේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මංජුල ද සිල්වා සැළසුම් කරන්නේ ගොඩබිමට එම හොරොයින් තොගය රැගෙන පැමිණි පසු ලංකාවේ ජාවාරම් කරනා මහ එවුන් ටික අල්ලා ගන්නටය. ඒ බව නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් දෙතුන් දෙනෙක්ව ද ඔහු දැනුවත් කර නාවික හමුදාවේ සහය ගන්නේ පොලිස්පතිවරයාගේ ද අනුදැනුම ඇතිවය. ඊට උඩින් ඉන්නා ආරක්ෂක ලේකම්වරයා ද මේ ගැන දැන සිටියේය. පොලිසිය නාවික හමුදාවේ සහය ඉල්ලනනේ ආරක්ෂක ලේකම් වරයා හරහාය.

මෙම මත්කුඩු වැටලීම සැළසුම් සහගතව මෙන්ම රහසිගතව දියත් කරන්නට පොලිසිය  වග බලා ගත්තේය. ඒ මෙම මත්කුඩු තොගය ලංකාවට ගෙන්වා ගත් දැවැන්ත ජාවාරම්කාර අපරාධකරු ගෙලග්‍රහයෙන් ගැනීමට  අවශ්‍ය වූ නිසාය. එහෙත් නාවික හමුදාව එම නෞකාව ගොඩබිමට එන්නට ඉඩ දුන්නේ නැත. ගැඹුරු මුහුදේදීම එම මතුකුඩු තොගය අල්ලාගන්නේ නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ අණ කිරීමකිනි.

මෙරට මත්කුඩු ජාලයේ මහා මොළයක් අල්ලා ගන්නට හැදූ සැලසුමක් එසේ බිඳ වැට්ටවූ නාවික හමුදාවේ යම් පිරිසක් අනතුරුව එම වැටලීම තමන් විසින් කළ වැටලීමක් බව මාධ්‍ය ඉදිරියේ ද කියන්නට ගත්තේය. පොලීසිය ඊට  මාධ්‍ය ඉදිරියේ ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ පොලිස් ඔත්තුකරුගේ ජීවිතය අවදානමකට ඒ වන විටත් ලක්ව තිබුණු බැවිණි.

එය එසේ වූවත් ඒ ගැන පොලිස් ප්‍රධානීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේය. ඒ අපේ රටේ මත්කුඩු ජාලයේ මහ මොළකරුවෙක් බේරා ගැනීමට යම් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රීයාත්මක වූයේදැයි සැකහැර දැනගන්නටය.

 

 

 

Share69Tweet43
Previous Post

ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

Next Post

බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.