බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ ජාතික ආරක්ෂකයන්ගේ  කටේ නරිවාදම රෙදි පල්ලෙන් බේරෙන හැටි!

නිදහස් දිනය දා එක්ව නිදහස සැමරූ සුෆි මුස්ලිම්වරුන්ට එල්ල වූ වහාබ් වාදීනගේ සහරාන් පන්නයේ ප්‍රහාරය...

by editor
පෙබරවාරි 5, 2022 - Updated on පෙබරවාරි 9, 2022
in සමාජ
උඩරට නැටුම් සහිතව සර්ව ආගමික නායකයන් කැඳවාගෙන ගිය අයුරු...

උඩරට නැටුම් සහිතව සර්ව ආගමික නායකයන් කැඳවාගෙන ගිය අයුරු...

Share on FacebookShare on Twitter

සුමේධ වීරවර්ධන –

නිදහස් දිනය දා දුම්මල සූරිය යගම්වෙල අරිකාමන් ග්‍රාමයේ මස්ජිදුල් අක්බාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ නිදහස් සැමරුම් උළෙලට වහාබ් වාදීන්ගේ  සහරාන් පන්නයේ ප්‍රහාරයක් එල්ල වී තිබිණි. මේ ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකිවයුත්තන්ගේ හැසිරීම ප්‍රශ්න කරමින් පේරාදෙණිය විශ්විද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සිය ෆේස් බුක් ගිනුමේ මේ සටහන තබා තිබිණි. එය උපුටාගෙන පල කරමු.

ඊයේ (04) දුම්මල සූරිය යගම්වෙල අරිකාමන් ග්‍රාමයේ මස්ජිදුල් අක්බාර් ජුම්මා පල්ලියේ  නිදහස් දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

ඊට සමගාමීව සර්වාගමික සංහිඳියා මධ්‍යස්ථානයක් ද එහි විවෘත කිරීමට සංවිධායක මණ්ඩලය විසින් කටයුතු කර ඇත. මේ උත්සවය සංවිධානය කරන ලද්දේ සමස්ත ලංකා සූෆි ආධ්‍යාත්මික සම්මේලනය සහ එම සම්මේලනයේ දුම්මල සූරිය ශාඛාව විසිනි.

මේ පල්ලියේ පිහිටි ඉපැරණි සාන්තුවරයින්ගේ සොහොන් හෙවත් ෂියාරම් කිහිපයක් සහරාන් ඇතුළු වහබ් වාදීන් විසින් මීට පෙර කඩාබිඳ විනාශ කර දමා තිබිණි. මීට පෙර අවස්ථාවලදී ද ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ සංස්කෘතික කටයුතු වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාබ් වාදීන්ට එරෙහිව දුම්මල සූරිය පොලිසියට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ නිදහස් දිනය සමරන අවස්ථාව වන විට ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ද ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු කටයුතු කර තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නිදහස සැමරුම සංවිධානය කර තිබූ අයුරු…

වහාබ් ප්‍රහාරය –

ප්‍රධාන පෙළේ ආගමික නායකයින්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න   සහ ලුතිනන් කර්නල් වරයෙකු සහභාගි වූ මෙම නිදහස් දින රැස්වීමෙන් අනතුරුව ඒ ස්ථානයට පැමිණි වහාබ් අන්තවාදීන් පිරිසක් උත්සවය සංවිධානය කළ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට පහර දී තුවාල සිදුකර ඇත.

අරිකාමම් ග්‍රාමයට නුදුරු ඇතුන්ගහකොටුව නම් ග්‍රාමය වහබ් අන්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් වන අතර නිදහස් දිනයට පෙර දිනයේ එහි රැස්වූ දෙසීයක පමණ අන්තවාදීන් පිරිසක් මෙම නිදහස් උළෙලට පහරදීමට ද සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ. ආරක්ෂක අංශ උත්සවයට සම්බන්ධ වීම නිසා පසුව එය වැළකී ගොස් ඇත.

දුම්මලසූරිය පොලිසියේ නිවටකම

දුම්මලසූරිය පොලිසියෙන් මේ වන විට අදාළ පල්ලියට ආරක්ෂාව ලබාදී ඇතත් පහර දුන් අයගේ නම් ගම් ආදිය පවසා තිබියදීත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත. පොලිසිය මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් තම සුපුරුදු නිවට සෙයියාව ප්‍රදර්ශනය කරමින් මෙය එකම ආගමේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් වන බැවින් එය සාමකාමීව විසඳා ගන්නා ලෙස පවසා තිබේ.

මෙය ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර අභ්‍යන්තර ගැටුමක් නොවේ. වහබ් වාදීන් විසින් සුෆි මුස්ලිම් වරුන්ට සිදුකරන ලද පහර දීමකි. ඊට හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් විසින් අනෙකුත් ආගමික නායකයින් සමග එකතුවී ජාතික නිදහස් දිනය සැමරීමයි.

අතීත අත්දැකීම්

මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් වන අතර මීට පෙර කාත්තන්කුඩියේ ද මෙවැනි තත්ත්වයක් පැවතී ඇත. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙර කාත්තන්කුඩියේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු විසින් වහබ්වාදී සහරාන්ට එරෙහිව පැමිණිලි අනූ ගනනක් කාතන්කුඩි පොලිසියට ගොනුකර ඇති බව දැනගන්නට තිබේ. එහෙත් සහරාන් පාස්කු ප්‍රහාරය සිදු කර තමනුත් සියදිවි නසා ගන්නා තෙක්ම ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ සහ වගකිය යුතු ආරක්ෂක අංශ නිදි වැදී සිටියහ.

එහි ප්‍රතිඵලය වූයේ සිය ගණනක් ජීවිත අහිමිවී ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වී, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් විහිළුවකට ලක් වීමයි.

ඊයේ දිනයේ සිදු වූ මේ නින්දිත ප්‍රහාරය සඳහා පැමිණි මූලධර්මවාදීන් පවසා ඇත්තේ මුස්ලිම් ආගමික සිද්ධස්ථානයකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු සර්වාගමික නායකයින් කැඳවූයේ ඇයි ද යන්නයි. එමෙන්ම ඒ උත්සවය සඳහා සාම්ප්‍රදායික උඩරට නැටුම් යොදා ගත්තේ ඇයිද යන්නයි. එමෙන්ම ජාතික කොඩිය ගලවා පාගා ඊට අපහාස කිරීමට ද වහබ්වාදී න් කටයුතු කර තිබේ. මීට පෙරද වහාබ් අන්තවාදීන් විසින් ජාතික කොඩියට ගරු නොකළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මෙරට සිටි දේශපාලන නායකයින්ගේ සහ ආරක්ෂක අංශවල වගකිවයුත්තන්ගේ නිවට කම නිසා දෙමළ කොටි ත්‍රස්තවාදීන් වසර 30 ක කාලයක් තිස්සේ මෙරට වාසය කළ සිංහල දෙමළ මුස්ලිම් ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කටයුතු කළහ. වහබ්වාදය සම්බන්ධයෙන් දක්වන මේ නිවට නියාලු ස්වභාවය විසින් ද අනාගතයේදී එවැනිම තත්ත්වයක් රටේ ඇති වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජනාධිපතිගෙන් අපේක්ෂා කළ දේ

වෙන මොනවා නැතත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මෙරට සියලු ජනතාව බලාපොරොත්තු වූ මූලිකම දෙය වන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යි. වසර දහස් ගණනක් පුරා දේශීයත්වයට අනුගත වෙමින් කටයුතු කළ සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයින්ගේ ජීවිත සහ සංස්කෘතිය ආරක්ෂා කරදීමට අපට හැකියාවක් නැති බව ඔවුන්ට දැනෙන්නට ඉඩ ඉඩ හරින්නේ නම් අප රටක් ලෙස විලිලජ්ජාවට පත් විය යුතුව ඇත.

අඔවුන්ගේ ධෛර්යය සිඳී යෑම ට ඉඩ නොතැබීමේ වගකීමක් අප සතුව තිබේ. ආරක්ෂක අංශවල නිවට කම නිසා ඔවුන්ගේ ධෛර්යය සිඳී ගොස් අප කෙරෙහි ඇති විශ්වාසය පලුදු වී යෑමට ඉඩ ඇත. සහරාන් මියගියද සහරාන් වැනි මූලධර්මවාදී ඉස්ලාම් තරුණයින්  ගණනක් මේ භූමිය තුළ ක්‍රියාත්මක වෙමින් සිටිති. මේ පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ නායකයින් රාජ්‍ය නොවන සංවිධානවල අය,  සමාජ ක්‍රියාකාරිකයින් වැනි අය කෙසේ වෙතත් ආරක්ෂක අංශවල බලධාරීන්ගේ නොදැනුවත් බව භයානක අනාගතයක පෙර නිමිත්තක් බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.

හැකි ඉක්මනින් වරදකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය  ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ දුම්මල සූරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසගේ වගකීම බව අපි විශ්වාස කරමු.

Share69Tweet43
Previous Post

17 හැවිරිදි පෙම්වතාගෙ පිහි පහරින් 15 හැවිරිදි දැරිය මරුට…

Next Post

ගෙන්වූ කඩදාසි නිදහස් කරගන්න ඩොලර් නෑ…. මුද්‍රණ දෙපාර්තමේන්තුවත් කොට උඩ යන ලකුණු!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.