fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනතා කවුළුව

මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

1 වසරක් ago
in ජනතා කවුළුව, සමාජ
478 5
0
Share on FacebookShare on Twitter

ජගත් වික්‍රමාරච්චි- පැරීසිය.

මේ කළු ඉරිදාව යනු කදුළු ඉරිදාවක ප්‍රතිබිම්බයයි.

එදා අහිංසක ජීවිත විනාශ කිරීමට උඩින්, යටින්, මැදින් ඊට සම්බන්ධ වූ ඒ සඳහා අනුබල දුන්නාවූ සැම දෙනෙකුගේම අමනුස්සකමේ ප්‍රතිබිම්බයයි.

අසංවේදී, අසංවර දේශපාලනයේ සහ අවස්ථාවාදී දේශපාලකයාගේ පහත් මානසිකත්වයේ ප්‍රතිබිම්බයයි.

මම හොද බෞද්ධයෙක් වෙමි. මගේ ආගම බුද්ධාගම නොව බෞද්ධ දර්ශනයයි.

ඒ තුළින් මේ විනාශය දකින්නේ කෙසේද යන්න පැහැදිළි කරනවානම්.

මම තවත් ආගමක ඇද කුද හොයන්නට කලින් මගෙ ආගමේ ඇද කුද හඳුනා ගත යුතුව ඇත. අපට ඒවා හදන්නට බැරිනම් අප ඒවාට හවුල් නොවී සිටීමට වගබලා ගත යුතුවේ. අන්තවාදී, මූළදර්මවාදී ක්‍රියා හෙළාදැකීමට බිය විය යුතු නැත.

පාස්කු ප්‍රහාරයෙන් පල්ලි විනාශ වී බැතිමතුන් මැරී, පිළිස්සී යාමෙන් විඳිය හැකි වින්දනයක් නැත.

හෙට මුස්ලිම් බැතිමතුන්ගේ මක්කමට මෙවැනි අපරාධයක් සිදුවහොත්   අප රහසින්වත් සතුටු වෙන්නේ නැත. ඒ ම්ලේච්ඡ මානසිකත්වය මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් තුළ උපදින්නේ නැත.

මේ සියල්ල මිනිසා විසින් උපතින් හෝ අතර මැද දී  සැනසීම ප්‍රාර්ථනා කරමින්  වැළදගත් ආගමය. ආගමික දර්ශනයකින් යහපතක් මිස අයහපතක් නොවේ. වැරදි ක්‍රම වැරදි මිනිසුන් විසින් වරින් වර නිර්මාණය කරන්නේ තම ලාබ ප්‍රයෝජනය උදෙසාය.  එය අප බුද්ධියෙන් තොරාගත යුතුය.

පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා කොමිසම ගිය මග හරිද?. එහි අවසන් තීන්දුව සාධාරණද?.  යුක්තිය කාටත් ඉටුවෙනවාද…?  බේරෙන අය කවුරුද….?  මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින් නගන තර්කය නිවැරදිද…..?

උන්වහන්සේ ගොඩනගන තර්කය මුලුමනින්ම නිවැරදිය.

ඔව්.. බෞද්ධ අපිත් දේසපාලනයෙන් තොරව  ඒ හඬට සහය දෙන්නෙමු. ඉන් අප අපේක්ෂාකරන්නේ කුමක්ද…? වැදගත්ම කාරණය එයයි.

“කළු ඉරිදාව” කිසිසේත් දේශපාලනික  සටන් පාඨයක් නොවිය යුතුය. කිසිම දේශපාලකයෙකුට ඒ ඉරිදාව ස්වකීය දේශපාලන දඩබිමක් කරගැනීමට  අයිතියක් නැත. ඔවුන් එය සමරන්න සුදුසුකම් ලැබූවෝ නොවෙති.

කොල, නිල්,‍ රතු පාට තුනේම සැබෑ වර්ණය  මේ මහා ඛේදවාචකයේ රුධිරය තැවරීමෙන් විකෘති වී  හමාරය. එය කොමිසමේ අර්ධ කවාකාර අසම්පූර්ණ තීන්දුවෙන් යළි යථාතත්වයට පත් කිරීමට බැරිය.

කළ හැක්කේ ස්වාධීනව වරදකරුවන් නීතියට හසුකර දඩුවම් දීමය.

“වෛරයෙන් වෛරය නොසංසිදේ” කියන බුද්ධ වචනය හෝ ජේසුස් වහන්සේගේ වචනය වූ “ඔබේ දකුණු කම්මුලට කෙනෙක් පහරක් ගැසුවොත් වම් කම්මුලත් ඔහුට අල්ලන්න” කියන උතුම් වැකි මෙවැනි සමාජීය කරුණ ලඟදී පෞද්ගලික චින්‍තනයන් සේ සලකා කිසිවෙකුට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත.

කාදිනල් උතුමානන්ටවත් එවැනි සමාවක්  දීමට අයිතියක් නැත. උන්වහන්සේ එය නිවැරදිව වටහාගෙන ඇත. නමුත් එම සිද්ධිය සිදුවූ උනුසුමේම බලයේ සිටි නායකයින් මාධ්‍ය සාකච්චා පවත්වමින් එවැනි නොමේරූ මානසිකත්වයෙන් සිනාසිසී කීවේ ” හරි දැන් උන දේ වුනා..මොකෑ කොරන්නෙ ” කියාය.  දැන දැනත් සිදුවෙන විනාසය වළකාගන්න  බැරි වූ රජය හැසිරුනු හැටි නින්දිතය. ඒ මරණ දේශපාලන වාසි ගන්න යොදාගත් පවතින ආන්ඩුවත් එකසේම නින්දිතය. මේ සාහසික අපරාධය හමුවේ නිහඬව උන් අනෙක් ජන බල වේගත් නින්දිතය. කළු ඉරිදාවක් නිර්මාණය කළෝ ඔවුහුය. මේ සියල්ලෙන්ම තව තවත් මැරි මැරී විඳවන්නේ මේ අපරාධයේ වින්දිතයන්ය. ජීවත් වෙමින් මැරි මැරී ඉන්නේ ඒ වින්දිත අසරණයන්ය.

අපිත් ඒ ඉරිදාවට අපේ ශෝකී පනිවිඩය බෞද්ධයන් වශයෙන් මෙසේ ලියා තබන්නෙමු.

කළු ඉරිදාව සක්කේතවත් කරන්නේ කටුවාපිටියෙ පල්ලිය හෝ ඒ ජන සමූහය පමණක් නොවන බව මේ අදූරදර්ශී කොමිසම් සභා සහ ඒවා සමග ගනුදෙනු කරන බලධාරීන් වටහාගත යුතුව ඇත.

ජාත්‍යන්තරයේ හොද හිත රටක ඉදිරි පැවැත්මට ලොකු ආශිර්වාදයකි. යළි මෙවන් විපතක් නොවීමට නම් මේ විපත නිවැරදිව හදුනාගෙන පිළියම් යෙදිය යුතුමය. මේ “කළුපාට”ලෝකෙට කියන්නේ ඒ අනතුරු ඇඟවීමේ බලගතු “රතු”පණිවිඩයයි.

 

 

 

 

 

 

 

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

කොළඹ කොවිඩ් එන්නත් රුපියල් 1000 ට 1500ට විකිණෙයි…

Next Post

බදුල්ල මහ රෝහලේ කොවිඩ් පොකුර 44 තෙක් ඉහළට

Related Posts

lotus-tower

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජූනි 20, 2022

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

ජූනි 19, 2022
Kshama-Bindu

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

ජූනි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…
  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
0

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist