බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මහාචාර්ය සෞම්‍ය ලියනගේ තනතුරින් ඇද දැම්මේ ඇයි?

විශ්ව විද්‍යාලයීය පාලක සභාව හා යූ.ජි.සී.ය කියන කතාව

by editor
සැප්තැම්බර් 27, 2020 - Updated on සැප්තැම්බර් 29, 2020
in සමාජ
Sawumya-Liyanage
Share on FacebookShare on Twitter

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විදයාලයයේ ඔහු විසින් දරන ලද පීඨාධිපති තනතුරින් සහ මහාචාර්ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයට හේතු වූයේ ඔහුගේ සුදුසුකම් සපුරාලීම සහ විශ්ව විද්‍යාල පාලක සභාව ඔහුගේ පත්වීම් සම්බන්ධයෙන් නීතියට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවට අභ්‍යන්තර හා රාජ්‍යය විගණන පරීක්ෂණ අනුව තහවුරු වීම මත නිර්මාණය වූ පසුබිමක් මත බවත් එම තීරණය නීතිපතිවරයාගේ ද විමසීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ එකක් බවත් සෞන්දර්ය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි .

මෙම පත්වීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දී සංවාදයට ලක්වූ සිද්ධි දාමයක් වන අතර සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය අධ්‍යයන ආයතනයේ නියෝජ්‍ය ලේඛකධිකාරී ජි.එස්.පී. නානායක්කාර විසින් ලිඛිතව දක්වා ඇති පරිදි සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අනුමැතිය සහිතව ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස තනතුරට පත් වන්නේ වර්ෂ වර්ෂ 2007 02.02 දිනය.

ඔහු ට ඒ වනවිට තිබුණේ 1998.09.01 දින සිට වලංගු වන කැලණි සරසවියේ සාමාන්‍ය සාමාර්ථයක් සහිතව ලබා ගන්නා ශාස්ත්‍රවේදී උපාධිය සහ ඔස්ට්‍රේලියාවේ ෆිලින්ඩර් සරසවියෙන් ලබා ගත් ශ්‍රාස්ත්‍රපති උපාධියත්ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට රජයේ විශ්ව විද්‍යාලයයක ආධුනික කථිකාචාර්යවරයකු වීමට අවශ්‍ය මූලික සුදුසුකක් වන්නේ මූලිකඋපාධිය සඳහා ලබන පන්ති සාමාර්ථයකි. එහෙත් සෞම්‍ය ට ප්‍රථම උපාධිය සඳහා සම්මාන සාමාර්ථයක් නොමැති බැවින් ඔස්ට්‍රෙලියාවේ ෆිලින්ඩර් සරසවියෙන් වර්ෂ 2003.06.10 දින ලබා ගත් ශාස්ත්‍රපති උපාධි සලකා බලා ආධුනික කථිකාචාර්ය තනතුර සඳහා බඳවාගෙන තිබේ. ඒ තනතුර ස්ථිර කිරීමට පශ්චාත් උපාධියක් සම්පූර්ණ කිරීමේ පරිවාස කාලයකට යටත්වය.

පශ්චාත් උපාධිය
ආධුනික කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගත් සෞම්‍ය ලියනගේ එම තනතුරෙහි ස්ථිර කිරීමට තවත් පශ්චාත් උපාධියක් ඒ අනුව හැදෑරිය යුතුව තිබිණි. එකී අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඕස්ට්‍රෙලියාවේ La Trobe සරසවියේ ආචාර්ය උපාධියක් හැදෑරීමට වර්ෂ 2010.06.01 දින සිට 2013.08.31 දක්වා වැටුප් සහිත වසර තුනක අධ්‍යයන නිවාඩුවකුත්, වර්ෂ 2013.09.01 දින සිට වර්ෂ 2014.08.24 තෙක් වැටුප් රහිත අධ්‍යයන නිවාඩුවකුත් ලෙස වසර හතරක් නිවාඩුවක් ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලය විසින් ලබා දී ඇත. එහෙත් ඉහත කාලය තුළ ඔහුට එම ආචාර්ය උපාධිය සම්පූර්ණ කර නොමැති බව සෞන්දර්ය විශ්ව විචදයාලයයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා සඳහන් කර ඇත. .

වසර 08ක පරිවාස කාලය හා තාවකාලික කථිකාචාර්ය ලෙස පහළ දැමීම
සෞම්‍ය ලියනගේ ගේ ආධුනික කථිකාචාරය ධූරයේ වසර තුනක පිරිවාස කාලය 2010 වසර වනවිට අවසන් ව තිබුණද එකී පරිවාස කාලය වාර්ෂිකව තවත් වසර පහක් ඔහු දිගු කරගෙන තිබිණි. එහෙත් එම වසර අටක පරිවාස කාලය තුළදී ත් ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට කටයුතු කර නොමැත .

ඒ අනුව වර්ෂ 2015. 02.26 දින පැවති 119 වැනි පාලක සභාව විසින් වසර 8ක පරිවාස කාලය අවසන්වන දිනය වූ වර්ෂ 2015.02.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය තනතුරින් ඉවත් කර තාවකාලික කථිකාචාර්ය වරයෙක් බවට පත් කළේය.

මේ තීරණයට පෙර හා පසු තුන් වරක් සෞම්‍ය ලියනගේ විසින් සිය ශාස්ත්‍රපති විභාග සුදුසුකම සැලකිල්ලට ගනිමින් සේවය ස්ථිර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණත් දැනටමත් ඔහු බඳවාගෙන ඇත්තේ ශාස්ත්‍රපති උපාධි සුදුසුකම පදනම් කරගෙන බැවින් පශ්චාත් උපාධිය හා අධ්‍යයන කාර්ය මණ්ඩල සංවර්ධන පුහුණු පාඨමාලාව හැදැරීමෙන් පසු එම ඉල්ලීම සලකා බැලිය හැකි බව 2015.04.23 දින පාලක සභාව ඔහු වෙත දැනුම් දී ඇත.

ප්‍රශ්නගත පත්වීම
සෞම්‍ය ලියනගේ සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධි සුදුසුකම තහවුරු කරනු ලබන්නේ වර්ෂ 2015.08.12 වැනි දිනය. ඔහු විසින් ඉදිරිපත් කර ඇති උපාධි සහතිකය සත්‍යාපනය කිරීමෙන් පසු වර්ෂ 2015.10.01 සේවය ස්ථිර කිරීමේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ ය.

එකී පරීක්ෂණ මණ්ඩලයේ තීරණය පහත පරිදිය.
“ සෞම්‍ය ලියනගේ විසින් වර්ෂ 2015.02.02 දිනට ආධුනික කථිකාචාර්ය ධුරයේ වසර 08ක පරිවාස කාලයක් සම්පූර්ණ කර ඇත. නමුත් ඒ දින වනවිට ඔහු ආධුනික කථිකාචාර්ය ධුරයේ තහවුරු කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැත. එබැවින් එදින සිට තාවකාලික කථිකාචාර්ය ධුරයට පත් කර ඇත.

ආධුනික කථිකාචාර්ය ධුරයේ ස්ථිර කිරීමට ඔහු සුදුසුකම සපුරා ඇත්තේ එම තනතුරේ වසර 08කුත් සම්පූර්ණ කර තවත් තවත් මාස 6 කුත් දින 10කට පසුය. එනම් 2015.08.12 දිනය.

එහෙත් ඔහුට ආචාර්ය උපාධිය ලබා ගැනීම වෙනුවෙන් සරසවිය විසින් ලබාදුන් වැටුප් සහිත තෙවසර ඇතුලු නිවාඩු සිව් වසරත්, ශාස්ත්‍රපති උපාධියක් වෙනුවට දර්ශන ශූරී උපාධියක් ලබා ගැනීමත්, සුදුසුකම් හා දක්ෂතාත් සැලකිල්ලට ගෙන ඔහු නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රානාට්‍ය, නූතන නර්තන අධ්‍යයන අංශයේ ආධුනික කථිකාචාර්ය තනතුරේ ස්ථිර කිරීමට නිර්දේශ කළේය. ඒ අනුව ඔහු මේ තනතුරේ ස්ථිර ‍කෙරෙන්නේ 2015 සිට නොව 2007 වසරේ සිට ක්‍රියාත්මක වන ආකාරයෙනි.
තවද ඔහු විසින් පශ්චාත් උපාධි සුදුසුකම සම්පූර්ණ කරන ලද දිනය වන වර්ෂ 2015.08.12 දින සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II) තනතුරට උසස් කිරීමටද නිර්දේශ විය.

ඉහත නිර්දේශ සහිතව සෞම්‍ය ලියනගේ නැවත සේවය පිහිටුවීම පිළිබඳව සිහි කැඳවීමේ පත්‍රිකාවක් වර්ෂ 2015.12.14 දින පැවති 127 වැනි පාලක සභාවේ අනුමැතියට දැමිණි.

ඔවුන්ගේ තීරණය වූයේ නියමිත වසර 08ක කාලය තුළ පශ්චාත් උපාධි සුදුසුකම සපුරා නැති බැවින් ඔහුව නිර්දේශ කළ දින සිට එනම් 2007.02 02 දින සිට තාවකාලික කථිකාචාර්ය ධුරයේ ස්ථිර කළ නොහැකි බවය. එසේ වුවද ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ කලේ වසර අටක පරිවාස කාලයක් ගතවී මාස 6යි දින 10ක් ගතවීමෙන් බැවින් ඒ කාලය මාස 07ක් සේ සලකා මුල් පත්වීම් කාලයෙන් එම මාස 07 අඩු කොට අඩු කර 2007.09.02 දින සිට සේවයේ ස්ථිර කර ඔහු තනතුරට අදාල සියලු සුදුසුකම් සම්පූර්ණ කළ වර්ෂ 2015. 08. 12 දින සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (11 ශ්‍රේණිය)ට උසස් කරන ලෙසය.

ඒ අනුව සිදුවී තිබුණේ තාවකාලික කථිකාචාර්ය මට්ටමට ඇද දැමූ සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය තනතුරේ පිහිටුවන්නේ නැතිව සේවයේ ස්ථිර කිරීම හා වර්ෂ 2015.12.18 සිට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (11 ශ්‍රේණිය) ට උසස් කිරීමය.

එමෙන්ම ඉහත පාලක සභා තීරණය අනුව ආධුනික කථිකාචාර්ය ධුරයට පත් වූ දිනය සංශෝධනය කර නැවත පත්වීමේ ලිපියක් නිකුත් වී නොතිබුනි.

විගණන ප්‍රශ්න කිරීම්
මෙම පත්වීම සම්බන්ධව වර්ෂ 2015 සිට වර්ෂ 2019 දක්වා අභ්‍යන්තර හා රජයේ විගණන අංශ විමසුම් කර තිබිණි. වර්ෂ 2019 දී රජයේ විගණන අංශ විසින් කර තිබූ විමසීම 169 වැනි පාලක සභාවටත් යොමු කර තිබිණි. මෙම කාරණාව වර්ෂ 2018.03.22 දින පැවති කෝප් කමිටු සභාවාරය වෙතත් යොමු විය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තීරණය
මේ අතර මේ කරුණ ගැන වර්ෂ 2019.09.09 දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද UGC/HR/4/15/19/2 දරන ලිපියෙන් විහ්ව විද්‍යාල පාලක සභාව විමසුවේය.

වර්ෂ 2019.12.06 දින 169 වැනි පාලක සභාව රැස් විනි. එම පාලක සභා වාර්තාව සෞම්‍ය ලියනගේ ගේ පත්වීම සම්බන්ධ කළ විගණන විමසුමේ සඳහන් කරුණු ගැන සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය අධ්‍යයන ආයතන අංශයෙන් වාර්තාවක් කැඳවූයේය. එම වාර්තාව වර්ෂ 2020.02.20 දින පැවති 170 වැනි පාලක සභාව වෙත ඉදිරිපත් විය.

170 වැනි පාලක සභාවාරයට වර්ෂ 2020.02.13 දින පැවැත්වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 1026වන කොමිෂන් සභා වාරයේ ගත් තීන්දුවක් දන්වා තිබිණි. එහි පැහැදිලිව දක්වා තිබුණේ සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය ස්ථිර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයේ ස්ථිර කිරීම සම්බන්ධව පාලක සභාව ගත් තීරණය 1978 අංක 16දරණ පනතෙහි ප්‍රතිපාදනවලට පටහැනි බවය. එය වහාම නිවැරදි කළ යුතු බවය.

තීන්දුව ක්‍රියාත්මක වීම
පවත්නා නීති රීති උල්ලංඝනය කරමින් මෙම පත්වීම ලබා දී ඇති නිසා මේ සම්බන්ධව නීතිපති උපදෙස් ගැනීමට 170 වැනි පාලක සභාවඒ අනුව නිර්දේශ කළේය.

වර්ෂ 2020.07.22 දිනැති ලිපියෙන් නීතිපති දෙපාර්තමේන්තුව පාලක සභාවට දන්වා ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම තීරණයට එළඹ ඇත්තේ කොමිෂන් සභාවට ලැබී ඇති නීති ප්‍රතිපාදන ප්‍රකාරව බැවින් නැවත නීතිපති උපදෙස් විමසීම අනවශ්‍ය බවය.
සෞම්‍ය ලියනගේ සම්බන්ධව මෙම තීන්දුව ගත්තේ එවැනි වටපිටාවක් තුළ බව සෞන්දර්ය විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර තිබුණේය

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

වරාය නගරයේ සිට බත්තරමුල්ලට කිලෝමීටර 23ක පා පැදි මං තීරුවක්

Next Post

කොටහලු සාදයට ආ තිදෙනකු පොලුමුගුරු පහරින් රෝහලේ

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.