බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“මම ගියේ පන්දාහ මට ගන්න නෙවෙයි අසරණ මවකට උදව් කරන්නයි”

විල්සන් කරූ පසුගියදා මුහුණ දුන් අත්දැකීම ගැන කතා කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

· පවුල් හතරක් නඩත්තු කරන්න ආදායමක් මට තිබෙනවා

· චිත්‍රපටවල කූඩුවේ නැග්ගට පොලිස් කූඩුවේ රැයක් ගතකළ පළමු දවස එදයි

· උදව් කළ කිසිම නළුවෙක් නිළියෙක් කලාකරුවෙක් කතා කළේවත් නෑ

· ආවේ සැන්ඩෝ හැරිස් විතරයි

කොවිඩ් වසංගතය හේතුවෙන් දෙන රුපියල් පන්දාහේ ආධාරය ගන්නට තමන්ට ඕන කමක් නොවුණු බවත් දරුවන්ගෙන් සැලකුම් නොලබන අසරණ මවකට එම ආධාරය ලබාගැනීමට උදව් කරන්නට ගොස් තමන් අනපේක්ෂිත අවුලක පැටළුණු බවත් ප්‍රවීණ රංගධර විල්සන් කරූ පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ තමන්ට පවුල් හතරක් ජීවත් කරවන්නට තරම් ආදායමක් මාසිකව ලැබෙන ක්‍රමවේදයක් පැවතුණත් මෙම සිදුවීම නිසා කිසිවකු නැති හිඟන්නකුගේ තත්ත්වයෙන් තමන් දෙස බොහෝ අය බැලූ බවද ඔහු පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ “ ටෘත් විත් චමුදිත“ යූ ටියුබ් චැනලයට ඔහු මේ බව පවසා තිබුණි. එහිදී සිදුවූ සිදුවීම විල්සන් කරූ කලාකරුවා චමුදිත වෙත විස්තර කර තිබුණේ මෙසේය.

වියපත් මවක් වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්ව අනේ පුතේ මගේ දරුවෝ ඉන්නවා. මට දරුවෝ සලකන්නේ නෑ. ඉතින් මේ මුදල හම්බ වුණොත් මට සතියක් දෙකක් හරි ඉන්න පුළුවන්. කාලා බීලා ඉන්න පුළුවන්. මට පෝලිමේ යන්නත් බෑ. පෝලිමේ හිටිය 250ක් 300ක් විතර මේ මුදල ගන්න. පුළුවන් නම් මට ඉක්මනට අරන් දෙන්න මට ඉක්මනට යන්න ඕනේ කියලා. ඉතින් මම එක්කන් ගියා. මමත් දන්නෙ නෑ පොලිස් නිලධාරීන් කියලා. නිල ඇඳුමෙන් නෙමේ සිවිල් පිට හිටියෙ. කොයි යන්නෙ තමුසේ කියලා ඇහුවා.

ඔහු ඔබව අඳුන ගත්තෙ නැද්ද ?

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නැහැ. මම කිව්වා නෑ මල්ලි මේ අහිංසක අම්මට මේ සල්ලි ටික ගන්න උදව් කරන්න ආවා කියලා. නෑ නෑ ඒක අපි බලා ගන්නං කිව්වා. තමුසේ පැත්තකට වෙනවා අයිසේ කිව්වා. එයා මගේ පපුවෙන් අල්ලලා තල්ලු කෙරුව. මම ටිකක් පස්සට ගිහින් ඔයා මොනවද මේ කරන්නේ කියලා පපුවට අත තිබ්බා.

ඔබ ඔහුව තල්ලු කරා ද?

තල්ලු කරා කියන්නේ ඒ වෙලාවේ මට ආපු වේගෙට මම ටිකක් මෙහෙම කළා.

එහෙනම් ඔබ ගැහුවා කියලා පත්තරේ මුල් පිටුවෙන් දාලා තියෙන්නේ ඔහු ප්‍රතිකාර ගන්න රෝහල් ගතවෙලත් කියන්නේ?

අයියෝ ශික් මෙහෙම ගහනවද මිනිස්සුන්ට. එයා පොලිසියෙන් කිව්වම මම කිව්වා එහෙම මිනිස්සු ඉස්සරහා එහෙම කාවත් එහෙම තල්ලු කරන්න නැහැනේ කියලා. යං යං පොලිසියට කිව්වා. මමත් අර අම්මගෙ සල්ලි මගෙ යාලුවට කියල මේක අරන් දෙන්න කියලා පොලිසියට ගියා.

පොලිසියට ගියාම ඕඅයිසී මහත්තයත් මුකුත් මුකුත් කිව්වේ නැහැ. නමුත් මාව කූඩුවට දැම්මා දවසම තියාගත්තා. පහුවෙනිදා වෙනකම්ම වගේ තියා ගත්තා. හුඟක් දෙනෙක් ඉතින් කතා කරලා කියලා තියෙනවා මම දන්නේ නැහැ කවුරු මොනා කිව්වද කියලා. ගෙවල්වලින් ඔක්කොම කන්න එහෙම ගෙනාවා. මගේ යාලුවා සැන්ඩෝ හැරිස් ඇවිල්ල ඇප දුන්නා.

චිත්‍රපටි තුන්සියයකට අධික සංඛ්‍යාවකට රඟපාල කවුරුත් නළු නිළියෝ ඔබට කතා කරේ වත් නැද්ද මේ සිද්ධිය වෙලාවේ?

කවුරුත් කතා කළේ නෑ මට. කොහේ හරි රූ ගත කිරීමකට ගියහම මම රඟපාන්න ගියාට ඕනම නළුවෙකුට නිළියකට ප්‍රශ්නයක් ඇති වුණොත් මම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියන්න බෑනෙ ගම් වල එහෙම දුර ගියාම ප්‍රශ්න ඇති ඇතිවෙනවා නෑ සමහර වෙලාවට. ඒත් මට මේ වෙලාවේ කතා කරන්න කවුරුත් ආවෙ නෑ.

සිනමාව ඇතුළේ නාහෙට අහන්නැති චරිතයක්නේ ඔබ. ඇත්තට ඔය හිරේට ගියාම ද?

නෑ නෑ නෑ ගමට ඇවිල්ලා ඔබ විපරම් කරල බලන්නකෝ කරූ කියන මිනිහා කොයි වගේ කෙනෙක්ද කියලා. හැමෝටම උදව් කරන කෙනෙක් කියලා කියාවි.

ඇත්තටම ඔබ චන්ඩියෙක් ද?

අයුක්තියට මම චණ්ඩියෙක්. හස්ති රාජයා ආවත් ගහන එක ගහනවා. බයක් කියලා එකක් මට ජීවිතේ දැනිලා නෑ. වැඩිම වුණත් වෙන්නේ ජීවිතේ නැති වෙන එකනේ.

ඒ වෙලාව ඇත්තටම ඔබට කේන්ති ගියා ද?

කේන්ති ගියාට වඩා එතැන කට්ටිය හිටියනේ තල්ලු කළාම ලැජ්ජාවක් ඇති වුණා.

ඇත්තටම ඔබට 5000 ගන්න නෙවෙයිද ගියේ?

5000 ගන්න තමයි ගියේ හැබැයි මට ප්‍රයෝජනයට ගන්න නෙවෙයි. මට තට්ටු තුනක බිල්ඩින් එකක් තියෙනවා මාසෙට කුලියක් එනවා. හොඳ ආදායමක් එනවා මට. අවුලක් නෑ පවුල් හතරක් විතර ජීවත් කරන්න මට ආදායම එනවා. මට ඉන්නවා පූසෝ දහතුන් දෙනෙක් මම සත්තුන්ට හරි ආදරෙයි. එයාලට කන්න දෙන්න මට ලොකු වියදමක් යනවා.

ඔබ විවාහක ද ?

නෑ මම තවම විවාහක නෑ.

ඇයි ඔබ විවාහ නොවුණේ?

මගේ සහෝදරයන් ගේ දරුවෝ ඉන්නවා. මම එයාලට පුළුවන් විදියට උදව් කරනවා . මම ඉතින් යාළුවොත් එක්ක කාලා බීලා සන්තෝසෙන් ඉන්නවා.

සමාජ මාධ්‍යයේ පවා තිබුණා තිබුණා, කරු අයියා හිඟමනට වැටිලා ඉන්නේ කියලා. කලාකාරයෝ ගැන බොහොම අනුකම්පාවෙන් කතා කරලා තිබුණේ. ඇත්තටම ඔබට එහෙම වෙලා නැද්ද ?

නෑ නෑ අපෝ නෑ. මං හිතන්නේ මගේ වයස 90-100ක් වුණත් මං ඒ තත්වෙට වැටෙන්න නෑ.

ඒ කියන්නේ ඔබට යමක් කමක් තියෙන කෙනෙක් ?

නැතුව ඉතින් මගේ බිල්ඩින් එක විතරක් කෝටි තුනක් විතර වටිනවා. මට ආදායම් එනවා. මම ආධාර කරනවා මිසක් මට ආධාර අවශ්‍ය නෑ. චිත්‍රපටයක රඟපෑවත් සමහර විට එන පොඩි මුදල අසරණ නිළියකට දීල එනවා.

ඔබට තරහා කාරයෝ කවුරුත් නැද්ද ?

අපෝ කිරුළපන කවුරුවත් තරහකාරයෝ මට නෑ. අයියා මල්ලි පුතේ කියලා කතා කරන්නේ හැමෝම.

කිරුළපන ගමේ එහෙම ඔබ රන්ඩු සරුවල් වලට සම්බන්ධ වෙලා නැද්ද? ගමේ දේවල් වලට.

නෑ නෑ නෑ කවදාවත් එහෙම වෙලා නෑ. ඔය දෙන්නා තුන්දෙනා මැරෙන රණ්ඩු පවා වලට පවා මම මැදට පැනලා බේරලා තියෙනවා.

ඔබට සමාජයට දෙන්න තියන පණිවිඩය මොකක්ද ඔබ ගැන?

ඔබත් මමත් කලාවට ආවේ හුඟක් දුක් විඳලා. දුක් විඳලා කියන්නේ කන්න බොන්න නැතුව නෙවෙයි. ඒ කියන්නේ අවස්ථාව උදා කරලා දුන්නේ රොබින් අයියා.

කලාකරුවා රැකගන්න කලාවට තියෙන ආරක්ෂාව ගැන මොකද හිතන්නේ?

හුඟාක් අහිංසක කලාකරුවෝ ඉන්නවා. ජීවත්වෙන හරිම අමාරුවෙන්. ඔවුන් ගැන බලනවා නම් හොඳයි. කලාකරුවා රැකගන්න තියෙන වැඩපිළිවෙළ මදි. කෝටිපති ලක්ෂපති කලාකරුවෝ ඉන්නවා. 100ක් ගත්තොත් පහලවක් ඉන්නවා ඒ වගේ අනිත් 85 මේ ඉන්නේ හුගක් අහිංසක විදියට අමාරුවෙන් ජීවත් වෙන අය.

ඒ සිද්ධිය වෙලාවේ mask එක දාගෙන ද හිටියෙ?

නෑනෙ. මම ඒ වෙලාවේ මාස්ක් එක දාගෙන නෙවෙයි තිබුණේ අතේ තිබුණ. හැබැයි මේ සිද්ධිය ගැන දුක් වෙනවා. මට කවදාවත් එහෙම වෙලත් නෑ . තමුසෙ කියලා තල්ලු කළ එක මට ලැජ්ජාවක් වුණා.

අදටත් ඕනේ චරිතයක් දුන්නොත් රඟපාන්න පුළුවන්ද?

ඒ ශක්තිය හයිය ඉස්සරට වඩා දැන් තියෙනවා. වයසට යන්න යන්න ශක්තිය වැඩි. මම තාමත් ව්‍යායාම කරනවා.

රටෙන් ඔබට ආධාරයක් අවශ්‍යද එපාද?

දවසකට මනුස්සයෝ හත් අට දෙනෙකුට කන්න බොන්න දෙනවා. මට එහෙම ඕනෙ නෑ. මම හුගාක් චිත්‍රපටි වල සල්ලි නැතුව හුඟක් රඟපාලා තියෙනවා. මම ඉල්ලගෙන ගිහිල්ලත් නෑ. එයාලවත් කරු මොකද වුණේ කියලා අඩු ගානේ කෝල් කරලවත් බැලුවෙ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔක්තෝබරයේ උද්ධමනය සුළු වශයෙන් පහළ යයි

Next Post

කොළඹ ලොක් ඩවුන් ප්‍රදේශවල ලක්ෂ තුනක් අන්ත අසරණයි…. සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.