බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

භූ කම්පනයෙන් තිගැස්සුන හම්බන්තොට මිනිස්සු කතා කරති! 

by editor
අප්‍රේල් 24, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

 රික්ටර් මාපකය 4.4ක  භූ කම්පණ තත්වයක් අද (24) අළුයම 12.45ට පමණ හම්බන්තොට මුහුදු වෙරළට කිලෝ මීටර් 25.8ක් ඔබ්බෙන් වු මුහුදු තීරයේ සිදු වු බව භූ  විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කීවේය.

මෙය සුළු භූ කම්පණ තත්වයක් බවත් මේ හේතුවෙන් කිසිදු සුනාමි තත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවත්    මෙම තත්වයට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත්  ඔවුහු කීහ.  

කෙසේ වෙතත් මෙම භූ කම්පණය අම්බලන්තොට රොටවල, මානජ්ජාව, මල්පෙත්තාව, වැලිපටන්විල, දෙහිගහලන්ද, උස්සන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසකට හොදන් දැනුණු බව ජනතාව පැවසූහ.

අම්බලන්තොට පදිංචි නන්දසිරි ගම්හේවා  මෙලෙස පැවසිය.

මම නිදා ගන්න යනතොට වෙලාව රෑ 11ට විතර ඇති. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක නිදාගන්න ඇඳට ගිහින් හිටියත් නින්ද ගියේ නෑ. කොහොම හරි අළුයම 12.40ට විතර යන්තම් ඇස් පියවීගෙන එනවත් එක්කම වගේ එක සැරේම වහල හෙළවෙනවා වගේ දැනුණා. මම ඉන්න ඇඳත් නිකන් පාවෙනව වගෙයි මට දැනුනේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මම ඉක්මනින් ඇඳෙන් නැගිටලා පුතාට කතා කළා. පුතාත් දුවගෙන කාමරේට ඇවිත් කිව්වා තාත්තේ මොකක් හරි වුණා නේද කියලා ඇහුවේ. උනේ මොකද්ද කියන්න අපිට තේරුමක් තිබුනේ නෑ. ඒ වෙලාවෙම තරමක් පහතින් ප්ලේන් එකකුත් ගියා. අපි හිතුවා ඒකේ සද්දෙට මොකක් හරි වෙන්න ඇති කියලා. උදේ තමයි දන්නේ භූ කම්පනයක් වෙලා කියලා යැයි පැවසීය.

ගම්හේවා සහ රේණුකා…

මානජ්ජාව පදිංචි රේණුකා රාමනායක ඇගේ අත්දැකීම අපට කීවාය. 

“මම ගෙදර වැඩ ඉවර වෙලා නිදාගෙන හිටියේ. පාන්දර 12.45ට විතර එක සැරේම නිදන් හිටපු ඇඳ  පාවෙනව වගේ මට දැනුනා. ඒත් එක්කම වහල දෙදරලා ගියා. මං නැගිටලා බැලුවට කිසිදු වෙනසක් දකින්න තිබුණේ නෑ. අපි ගෙදර අය සද්දේ නැතුව ගිහින් නිදා ගත්තා. උදේ නැගිටලා බලනකොට වටේම ගෙවල් වලටත් මේක හොඳට දැනිලා. දවල් වෙනකොට දැනගත්තේ භූ කම්පණයක් ඇති වෙලා කියලා.

උස්සන්ගොට පදිංචි ශාන්ත පරණමානත් සිය අත්දැකීම කීවේය. 

මම පදිංචි වෙලා ඉන්නේ උස්සන්ගොඩ. මුහුදට කිලෝ මිටර් භාගයක් වගේ තියෙන්නේ. මගේ මතකයේ හැටියට පාන්දර 12.30 පහුවෙලා. මම නිදාගෙන හිටියේ.   එක සැරේම මොකද්ද වුණා වගේ දැනුනා.මං හිතුවේ ඇදේ කකුල් කැඩිලා වැටුනා කියලයි. වහලත් එකසැරේම දෙදරලා ගියා. මට හිතාගන්න බැරි වුණා මොකදද් වුනේ කියලා. තප්පරගානක් යනකොට ඔක්කොම ඉවරයි.

භූ කම්පනය ගැන ඔවුහු එසේ පැවසූහ.   

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක ‍පාසල් චෙස් තරගාවලියේ අවුරුදු 9න් පහළ ශූරතාව‍ ලංකාවේ තෙහස් විශ්මිකට

Next Post

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් එක් වෙයි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.