බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බංගලාදේශයේ තවත් හින්දු තරණයෙක් පුලුස්සා මරා දැමෙයි… ඉන්දීය – බංගලි දේශපාලන ආතතීන් තවත් උග්‍රවන ලකුණු!

by editor
ජනවාරි 25, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

බංගලාදේශයේ  නර්සිංඩි දිස්ත්‍රික්කයේ ගරාජයක් තුළ 23 හැවිරිදි හින්දු ජාතිකයෙකු පණපිටින් පුළුස්සා දැමීමත් සමග  කලාපයේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල සංවාදයක් නැවත මතු කර තිබේ. 

මෙම බරපතල තිගැස්ම නැවත වරක් ඇති වී තිබෙන්නේ මෙම හින්දු ජාතික තරුණයා ඝාතනය වන්නේ කලින් සැලසුම් කළ සැලැස්මක් අනුව බවට චෝදනා එල්ල විමත් සමගය.

මෙසේ මරා දමා ඇත්තේ   චංචල් චන්ද්‍ර භූමික් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.  ඔහු එම  ගරාජය තුළ  වසර ගණනාවක් ගරාජයේ සේවය කර තිබිණි.  කුමිල්ලා දිස්ත්‍රික්කයේ ලක්ෂ්මිපූර් ගම්මානයේ උපන් ඔහු රැකියාවක් සඳහා නර්සිංඩි වෙත ගොස් තිබුණි. චංචල් ඔහුගේ පවුලේ මද්දුමයා වූ අතර  ගෙදර එකම ආදායම් උපදවන්නා වී සිටියේ ඔහුය.

ගරාජය තුළ නිදා සිටිය දි ගිනි තියලා

සිකුරාදා රාත්‍රියේ නර්සිංඩි පොලිස් සීමාවට ආසන්නව පිහිටි මුස්ලිම් පල්ලියේ වෙළඳපොළ ප්‍රදේශය අසල පිහිටි උක්ත ගරාජය තුළ මෙම සිදුවීම වාර්තා විය. ප්‍රාදේශීය මූලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, චංචල් ගරාජය තුළ නිදා සිටියදී හඳුනා නොගත් ප්‍රහාරකයින් පිටතින් ගරාජයේ අකුලන යකඩ දොරට ( ෂටරයට )  පෙට්‍රල් වත් කර ගිනි තැබූ බව කියනු ලැබේ. ගිනිදැල් ඉක්මනින්  ගරාජයය වසාගෙන   පැතිර ගොස් ඇති අතර ගරාය තුළ නිදාගෙන සිටි තරුණයා එම ගින්නට කොටු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ ගරාජයෙන් පිටත පුද්ගලයෙකු  ගරාජයට ගිනි තබන ආකාරය ය.  ඉන්පසු ගින්න මොහොතකින් පරිශ්‍රයම ගිලී යන ආකාරය එම වීඩියෝවේ දැක්වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අසල නිවැසියන් සිද්දිය සම්බන්දව  ගිනි නිවන හමුදාවට දැනුම් දීමෙන් පසු  නර්සිංඩි ගිනි නිවන සේවයේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කරන විට පැයකට ආසන්න කාලයකට ගත වී තිබිණි.

චන්චල්ගේ පිළිස්සුණු සිරුර පසුව ගරාජය තුළ තිබී සොයා ගන්නා ලදී. ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ ඔහු දිගු කාලයක් සිරවී සිටි අතර වේදනාකාරී මරණයක් සිදු වූ බවයි.

පවුලේ අය මරණය සැලසුම් කළ ඝාතනයක් ලෙස හඳුන්වයි

වින්දිතයාගේ පවුලේ අය මෙම සිදුවීම “සැලසුම් කළ ඝාතනයක්” ලෙස චෝදනා කරයි.   වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් දැඩි දඬුවමක් ලබා දෙන ලෙසත් ඔවුන්  ඉල්ලා තිබේ.

මෙම ඝාතනය ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති කර ඇත. පොලිසිය පැවසුවේ ඔවුන් එම ස්ථානයෙන් සාක්ෂි එකතු කර ඇති බවත්, සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් සිටින බවත්, නඩුවක් පවරන බවත්ය.

ප්‍රදේශයේ හින්දු ප්‍රජාවේ නායකයින් මෙම  ඝාතනය හෙළා දකින අතර අපරාධකරුවන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියහ. සුළු ජාතීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ස්ථිර පියවර ගන්නා ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලූහ.

බංග්ලාදේශයේ සුළු ජාතීන් ඉලක්ක කරගත් මෑත කාලීන මැර ප්‍රහාර මාලාවක් මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂය.  දෙසැම්බර් මාසයේදී ඇඟලුම් කම්හල් සේවක දීපු චන්ද්‍ර දාස් අපහාස කිරීමේ චෝදනා මත ගසක එල්ලා පහර දී  පුළුස්සා මරා  දමන ලදී.

දින කිහිපයකට පසු, රාජ්බාරි දිස්ත්‍රික්කයේ දී අම්රිත් මොන්ඩල් මැර පිරිසක් විසින් පහර දී මරා දැමුවේය. ඔහු හින්දු ව්‍යාපාරිකයෙකි. මෑතකදී, කාලිගන්ජ් හි දී හින්දු වෙළෙන්දෙකු වන ලිටන් චන්ද්‍ර දාස්ට පහර දි ඝාතනය කරන ලද අතර, ගෙවීමක් නොමැතිව පලා යන වාහනයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඉන්ධන පිරවුම්හල් සේවක රිපොන් සහා තුවාල ලබා මිය ගියේය.

ඉන්දියාව සහ බංගලාදේශය අතර දේශපාලන ආතතිය වැඩි වෙමින් ඇත්තේ බංගලාදේශය තුළ සිදුවෙමින් ඇති මේ ගැටුම් මාලාවත් සමගය.

බංගලාදේශයේ ස්ථාවරය

මොහොමඩ් යූනුස් ගේ නායකත්වයෙන් යුත්  බංගලාදේශයේ වත්මන් අන්තර්කාලීන රජය මෙම තත්ත්වය හඳුන්වා දෙන්නේ මෙම බොහෝ ප්‍රහාරවලට වාර්ගික හේතු පදනම් නොවූ බවය.

දේපල අත්පත් කරගැනීම්, පෞද්ගලික කොන්තර මත සිදුවන පලි ගැනීම් වැනි සාමාන්‍ය අපරාධ වෙන්කොට ගෙන ඒවා වාර්ගික ප්‍රහාර ලෙස උලුප්පා දක්වා අතිශයෝක්තියට නගන  ඉන්දීය මාධ්‍යය හැසිරීමට එරෙහිව බංගලාදේශ රජයේ දැඩි විවේචනයක් තිබේ.

රජයේ පොලිස් දත්තවලට අනුව, වාර්තා වන ප්‍රහාරවලින් බහුතරයක් “දේශපාලනමය” හෝ “සාමාන්‍ය අපරාධ” මිස “ආගමික හෝ වාර්ගික ගැටුම්”   නොවන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ප්‍රචන්ඩත්වය ගැන ජාත්‍යාන්තර මතය

බංගලාදේශයේ  සුළු ජාතීන් දැඩි අනාරක්ෂිත භාවයකින් පසුවන බව ජාත්‍යන්තරය මේ වනවිට පිළිගෙන ඇත.

Al Jazeera, BBC, වැනි ජාත්‍යාන්තර මාධ්‍ය  සහ Amnesty International, Human Rights Watch වැනි ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධාන  පෙන්වා දෙන්නේ  සුලු ජාතීන් මුල් කරගෙන එල්ලවන  මෙම ප්‍රහාරවල  මුහුණුවර දෙකක් පවතින බවය.

එකක්  දේශපාලන හේතුය.  2024 අගෝස්තු මාසයේ ෂෙයික් හසීනාගේ රජය බිඳවැටීමෙන් පසු, ඇයගේ ‘අවාමි ලීගය’ පක්ෂයට හිතවාදී යැයි සැලකෙන පිරිස්වලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල විය. බංගලාදේශයේ හින්දු සුළුතරය සාම්ප්‍රදායිකව අවාමි ලීගයට සහාය දක්වන්නන් ලෙස සැලකෙන බැවින්, බොහෝ ප්‍රහාර දේශපාලන පලිගැනීම් ලෙස සිදුවූ බව නිරීක්ෂණය වන බව ජාත්‍යාන්තර නිරීක්ෂකයෝ පවසති.

එමෙන්ම අන්තවාදී කල්ලිවල බලපෑම ද  රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇත.  රජය මාරුවීමත් සමඟ ඇතිවූ ආරක්ෂක රික්තය තුළ, දැඩි මතධාරී ආගමික කල්ලි හිස ඔසවා ඇති බවත්, ඔවුන් හින්දු දේවස්ථාන සහ නිවාස ඉලක්ක කරගත් බවත් මානව හිමිකම් වාර්තා පෙන්වා දෙයි.

බංගලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි එකමුතු සභාව (BHBCUC) පවසන පරිදි 2024 අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලය තුළ පමණක් හින්දු භක්තිකයන් 82ක් මියගොස් ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා 2,000කට වඩා වාර්තා වී ඇත.

බංගලාදේශයේ වත්මන් තත්ත්වය

බංගලාදේශයේ  ගත කරමින් ඉන්නේ   ඉතා අස්ථාවර  සංක්‍රාන්ති සමයකය.  නීතියේ ආධිපත්‍ය බිඳ වැටී තිබේ.  . 2024 අගෝස්තු මාසයේ සිදු වූ මහජන නැගිටීමෙන් පසු එරට ව්‍යවස්ථාපිත නීතිය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම අතර විශාල පරතරයක් නිර්මාණය වී ඇති අයුරු පෙනේ.

ජාත්‍යන්තර විශලේෂකයින්ට අනුව  මේ වනවිට රට තුළම අන්තර්කාලීන පාලනය සහ එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධව ප්‍රශ්න මතුවෙමින් ඇත.

දැනට බංගලාදේශය පාලනයවන  නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුත්  අන්තර්කාලීන රජය රටේ  ව්‍යවස්ථාවට අනුව පත් වූ රජයක් නොවේ.    ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කර නව මැතිවරණයක් පැවැත්වීමය.

කෙසේ වෙතත්, පැරණි රජයේ නිලධාරීන් සහ පොලිස් සේවය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති බැවින්, නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය  දුර්වල වී ඇති ආකාරය පුලුස්සා මරා දැමු චංචල් චන්ද්‍ර භූමික්ගේ ඝාතනය වැනි ඝාතනවලින් යළි යළිත් තහවුරු වෙමින් ඇත.

 “සයිබර් ආරක්ෂණ පනත” සහ නීතිමය ප්‍රතිසංස්කරණ ප්‍රචන්ඩත්වය වැඩි කළා ද?

පෙර පැවති රජය විසින් විරුද්ධවාදීන් මර්දනය කිරීමට භාවිතා කළ දැඩි නීති (උදා: Cyber Security Act) ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ගත්තේය.  උදාහරණ ලෙස සයිබර් ආරක්ෂණ පනත ගත හැකිය. මෙය මානව හිමිකම් අතින් යහපත් පියවරක් වුවද එය සිදුවන්නේ සමාජ ආරක්ෂණය සඳහා වූ නීති පද්ධතියක් නොමැති පරිසරයක් තුළය.  ඒ හේතුවෙන්  සමාජය තුළ වෛරී ප්‍රකාශ සහ අන්තවාදී අදහස් පැතිරීම පාලනය  රජයෙන් ගිලිහී ගියේය. එය බිහිසුණු තත්ත්ව ඇතිකරමින් පවතින අයුරු දැන් බංගලාදේශයෙන් පෙනේ.

පොලිස් සේවය සහ ආරක්ෂක රික්තය

චංචල්ගේ මරණය වැනි සිදුවීම් සිදුවීමට ප්‍රධානතම හේතුවක් වන්නේ පොලිස් සේවය අකර්මන්‍ය වීමය.

පෙර රජය සමයේ ක්‍රියා කළ පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව මහජන විරෝධය පවතින බැවින්, ඔවුන් රාජකාරියට වාර්තා කිරීමට බියක් දක්වමින් ඇත. පොලිස් සේවය බිඳ වැටීමත් සමග එම රික්තය පිරවීමට හමුදාව කැඳවා තිබිණි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට හමුදාවට විශේෂ බලතල ලබා දී ඇතත් සිවිල් අපරාධ මර්ධනයට එය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ.

රජය විසින් “විශේෂ විමර්ශන කමිටු” පත් කර ඇති නමුත්, බොහෝ අපරාධකරුවන් දේශපාලන රැකවරණය හෝ මැරකම් හරහා නීතියෙන් බේරී සිටින බවට චෝදනා පවතී.

බංගලාදේශ රජය පවසන්නේ තමන් රටේ “සිස්ටම් චේන්ජ් “ එකක්  සිදු කිරීමට උත්සාහ කරන බවය. නමුත් චන්චල් වැනි සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිමය රාමුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට තවත් කාලයක් ගතවනු ඇති බව පැහැදිලිය.  සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්තේ ඒ කාලය ගතවන තුරු තමන්ගේ ජීවිතය බේරාගෙන සිටීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 13ක කුෂ් සහ හෂීස් සමග සැකකරුවන් 03ක් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

Next Post

විගණකාධිපතිවරයෙක් නොමැති වීමේ  අර්බුදය උත්සන්න වෙද්දී ජනපති  මැදිහත් වෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.