බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අධිවේගයට ගලවා දමන්නට හැදූ දාරළුවේ දුර්ලභ කෲඩියා සිලනිකා ගස පැවිදි කරයි…

සෙත් පිරිත් කියා, පිරිත් නූල් බැඳ, චීවර පළඳවා පැවිදි කර සාංඝීක දේපලක් බව ප්‍රකාශයට පත් කරයි.....

by editor
පෙබරවාරි 10, 2021
in පරිසරය
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබිය දී ගම්පහ දාරළුවෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික එකම එක  කෲඩියා සිලනිකා   ශාඛය  අභියසට අද (10) වැඩම කළ මහා සංඝයා වහන්සේ ශාඛයට චීවරයක් පළඳවා සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූලු බැඳ එය පැවිදි කර සාංඝීක දේපලක් බවට ප්‍රකාශයට පත් කළහ.

අදවදානමට ලක් වූ කෘෘඩියා සිලනිකා ගස

පඬු කරඳ  සේ ජනවහරේ හඳුන්වන මේ ගස   සංඝයාවහන්සේ විසින් පැවිදි කරනු   ලබන්නේ එය  මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ගලවා දමන්නට උත්සාහ කරන පසුබිමකදී ය.

මෙම කටයුත්ත සඳහා ජාතික භික්ෂු පෙරමුණේ හා පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ භික්ෂූන්වහන්සේ  පිරිසක් ගම්පහ පරිසර සංවිධානය කීපයක නියෝජිතයන් සමග එම ස්ථානයට වැඩම කර තිබුණහ.

මහා සංඝයා වහන්සේ වැඩම කරන අයුරු

අනතුරුව එම ස්ථානයේ ආගමික වතාවත් කළ උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ඣායනා කර චීවරයක් පළඳවා චිරාගත බෞද්ධ සම්ප්‍රදායනුකූලව ගස පැවිදි කරනු ලැබූහ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

සෙත් පිරිත් සජ්ඣායනාව

මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික පූජ්‍ය තංගල්ලේ නාරද හිමියන් පැවසුවේ රටත් පරිසරයත් ජනතාවත් ආරක්ෂා කරගැනීමට පත් කරගන්නා ලද ආණ්ඩුවෙන් පරිසරයත් රටත් බේරා ගැනීමට දැන් ජනතාවට සිදු වී ඇති බවය. මේ  ගස පැවිදි කර සාංඝීක දේපලක් බවට ප්‍රකාශ කළේ එය රැක ගැනීමේ අභිලාෂයෙන් බව උන්වහන්සේ වැඩි දුරටත් කීහ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියෝ ප්‍රකාශයක් කරමින් පොදු දේපල රැක ගැනීම සඳහා කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බව එතුමාම පැවසුවත් ඒ වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් දංගෙඩියට යවා ඇති බවය. පරිසරය වෙනුවෙන් වවුලන්ගෙන් සිදුවන සේවාව තරම්වත් සේවාවක් මේ ආණ්ඩුවෙන් සිදුනොවන බව පැවසූ උන්වහන්සේ වැඩි දුරටත් කීවේ වැදි නායකයක වන්නිලා ඇත්තන්ටත් පරිසරය බේරා ගැනීම සඳහා ආණ්ඩුවට එරෙහිව නඩු කියන්නට සිදු වී ඇති බවය.

චීවරය පැළඳවීම

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

Next Post

විමල් එක්ක ඉන්න විදේශ ඔත්තුකරුවන් හෙළිකරන්න

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.