බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දැඩි සත්කාර ඒකකයක ඇඳක් මත තබා ඇති ආර්ථියක් සහිතව ලෝකයට අභියෝග කරන්න බෑ,..

යුරෝපා සංගමය හැර දමා ආර්ථිකය නැන්වීමට ඉතියෝපියාව සොයා යෑම ප්‍රතිපත්ය ද?.

by editor
ජූනි 17, 2021
in සමාජ
GSP+

GSP+

Share on FacebookShare on Twitter


1970 පාර්ලිමේන්තු ගිය මහින්ද මහත්තයා 1971 හැදුව බංගලාදේශයෙන් ණය ඉල්ලනවා… ඔහු දැන් අගමැති…. වාර දෙකක් මේ රටේ විධායක ජනාධිපති…


ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සතියේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීම රටට බලපානා ආකාරය ගැන සිය මතය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා   මාධ්‍යය අමතා ඒ සම්බන්ධව  කළ ප්‍රකාශය මෙසේය. 

“ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ අනතුරක් නිර්මාණයවී තිබෙනවා. ජූනි 10 වැනිදා රැස්වුණු යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට දී තිබෙන ජී.එස්.පී, ප්ලස් සහනය තාවකාලිකව නතර කිරීමට යෝජනාවක් ගෙනාවා. එයට පක්‍ෂව ඡන්ද 628ක් ලැබුණා. විරුද්ධව ලැබුණේ ඡන්ද 15යි. රටවල් 40ක් ඡන්දය දීමෙන් වැලකි සිටියා.

යුරෝපා සංගමයේ ඡන්දවලින් 628ක් වගේ විශාල ප්‍රමාණයකින් ලංකාවට විරුද්ධ යෝජනාවක් සම්මත කරගන්නකොට ලංකාව ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ ලබන දැවැන්ත පරාජයක්. මේ යෝජනාවට අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග තවම පැහැදිලි නැහැ.

අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන්නේ ඇයි?

ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන්නේ ප්‍රධාන කරුණු 03ක් පදනම් කරගෙන.
ඒ කරුණු තමයි
1 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම,
2 එම පනත පාවිච්චි කරලා විරුද්ධවාදීන් මර්දනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමෙන් වැළකීම.
3 රජයේ  ප්‍රධාන ආයතනවලට හමුදා නිලධාරීන් පත්කර සිවිල් පාලනයට බාධා කිරීම,

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අපිට යුරෝපා සංගමය, යුරෝපය සහ අධිරාජ්‍යවාදීන් පිළිබඳව කියවීමක් තියෙනවා. අපි වගේ රටවලට මානව හිමිකම් ප්‍රශ්නය පාවිච්චි කරලා බලපෑම් කරන බව දන්නවා. ඔවුන් ගේන හැම යෝජනාවක්ම අපි පිළිගන්නේ නැහැ.
නමුත් මෙතන තියෙන සමහර කරුණු යුරෝපා සංගමය අපිට පෙන්වන්න ඕනෑ ඒවා නෙවෙයි. අපි දැකලා වෙනස් කරගන්න ඕනෑ දේවල්. අපේ මානව හිමිකම්වල මූලිකාංග ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය බලපෑම් කරනකම් ඉන්නෙ ඇයි කියන ප්‍රශ්නයයි අපට තියෙන්නේ. යුරෝපා සංගමය අපට බලපෑම් කිරීමට පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හමුදාකරණය

ලංකාවේ තිබෙන අධිරාජ්‍යවාදී බලපෑම්වලට හැම තිස්සේම පාර කපලා තියෙන්නේ අපේ රටේ පාලකයෝ. ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කිරීමෙන් පසුව 2017දී නැවත එම සහනය ලැබෙනවා. ඒ ලබාදුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනවා කියන පොරොන්දුව මත. හැබැයි රනිල් මහත්තයාගේ ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු කළේ නැහැ. මෙය අහෝසි කරනවා වෙනුවට ඊට වඩා හානියෙන් වැඩි පනතක් ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කළා. ඊට විරෝධය පළවුණාම නිහඬව හිටියා. මෙතන අපි රටක් ලෙස යුරෝපා සංගමයට පොරොන්දුවක් වෙලා තියෙනවා. ආණ්ඩුව මොකක් වුණත් ඒ පොරොන්දු ඉටුකළ යුතු වෙනවා.

අනෙක් පැත්තෙන් මේ පනත පාවිච්චි කරලා විරුද්ධවාදීන් මර්දනය කිරීම ගැන විශේෂයෙන් නම් 03ක් සඳහන් කර තිබෙනවා. නීතිඥ හිජාස් හිස්බුල්ලා, අනාස් ජසීම් සහ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන තුන්දෙනා රඳවා ගැනීම. මේ අයට විරුද්ධව විධිමත් ලෙස නඩු පැවරීම හෝ නැත්නම් නිදහස් කිරීම කරන ලෙස ඔවුන් යෝජනා කරනවා. 

කිසියම් කෙනෙකුට චෝදනා තිබෙනවා නම් අධිකරණයේ විධිමත් ලෙස නඩු පවරා ඒ තීරණය අනුව දඬුවම් ලබාදීම හෝ නිදහස් කිරීම කළ යුතුයි. නමුත් ආණ්ඩුව මේ පනත මගින් තමන්ගේ විරුද්ධවාදීන් දිගු කලක් රඳවාගෙන ඉන්නවා. ජාතිවාදය මත බලයට ආපු මහත්වරු විවිධ කතා කියමින් මේ පනත අහෝසි නොකර ඉන්නවා.
මේ පතන හඳුන්වා දුන්නාට පස්සේ තමයි ආණ්ඩුව විසින් නම් කරන වර්ගයේ ත්‍රස්තවාදී වැඩ ගොඩක් සිදුවන්නේ. ආණ්ඩුව මේක හැමදාමත් පාවිච්චි කරන්නේ තමන්ගේ විරුද්ධවාදීන් මර්දනය කිරීමට.

මේක ඉතා බරපතලයි. අධිකරණයට ඉදිරිපත් නොකර ඕනෑම පුද්ගලයෙකු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිර්දේශ මත මාස 18ක් ඕනෑම තැනක රඳවාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඕනෑම කෙනෙක්ව සඟවාගෙන ඉන්න පුළුවන් පනතක්. 

අපේ රටතුළ හමුදාකරණය කිරීමේ ප්‍රශ්නයත් සැළකිය යුතු මට්ටමකින් තියෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ තත්වයන් යුරෝපා සංගමයේ යෝජනාවලට යොදා ගන්නවා. ඒ යෝජනා සම්මතයන් ගැන ප්‍රශ්නයක් නැහැ කියලා ආණ්ඩුව කයිවාරු ගහයි. නමුත් මේකෙත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

අපට තියන ප්‍රශ්නය

ලංකාවේ අපනයන ආදායමට යුරෝපා සංගමයේ රටවල්වලින් යුරෝ බිලියන 2.3ක් ලැබුණා. ජී.එස්.පී. ප්ලස් සහනයෙන් යුරෝපා සංගමයට වැඩිපුරම අපනයනය කළේ ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන. ජී.එස්.පී. සහනය නතර කළොත් අපේ ඇඟළුම්වලට කෝටා එක නැති වෙනවා. විවෘත වෙළඳපොළේ තරඟ කරන්න සිදුවෙනවා. මත්ස්‍ය නිෂ්පාදනයටත් එහෙමයි. මේ නිසා යුරෝබිලියන 2.3ක ආදායම අහිමි වීමෙන් මේ රටේ වැඩ කරන ශ්‍රම බලකායට විශාල බලපෑමක් සිදුවෙනවා.

යුරෝපා සංගමය කියන්නේ අපේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළයි. මේ වෙළඳපොළ නැතිවෙන්නේ රට ණය බරින් මිරිකිලා බංගලිදේශයෙනුත් ණය ගන්නා තත්වයකදී. බංගලිදේශය හැදුනේ 1971දී. මහින්ද රාජපක්‍ෂ මහත්තයා පාර්ලිමේන්තු ගියේ ඊටත් අවුරුද්දකට කලින් 1970දී. 1970දී පාර්ලිමේන්තුවට ගිය මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව 1971 දී නිර්මාණය වුණු බංගලිදේශයෙන් ණය ඉල්ලනවා.

ඊට අමතරව ඉතියෝපියාවත් එක්කත් ආර්ථික සම්බන්ධතා ඇතිකරගන්න යනවා. අප යුරෝපා සංගමය අත්හැරලා ඉතියෝපියාවත් එක්ක ආර්ථික ගනුදෙනු කරන්න යන්නේ.

මේ රට බිමටම වට්ටලා තියෙන්නේ. ජී.එස්.පී. සහනයෙන් ලැබෙන ආදායම පවා අහිමි කර ගැනීම මේ වෙලාවේ සරල කාරණයක් නෙවෙයි. අපේ ආර්ථිකය ශක්තිමත් නම් ජී.එස්.පී. සහනය අවශ්‍ය නැහැ තමයි. නමුත් රට රෝගී වෙලා, රටේ ආර්ථිකයට ඔක්සිජන් දෙමින් ඉන්න වෙලාවක ආණ්ඩුවේ හිතුවක්කාර මුග්ධ චේතනාව නිසා දැනට හිමිවෙන දේවලුත් අහිමි කර ගන්නවා.

අපි යුරෝපා සංගමයේ පැත්ත අරන් කතා කරනවා නෙවෙයි. අපි ඒ බවත් අවධාරණය කරනවා. අප ලෝකය ඉස්සරහා පරද්දලා තියෙන්නේ. මෙතරම් විශාල ඡන්ද සංඛ්‍යාවක් සහිතව අපේ රටට විරුද්ධව යෝජනා සම්මත කරගන්න හැකි වෙන්නේ ආණ්ඩු දිගින් දිගටම මානව හිමිකම් කඩ කරමින් ගෙනගිය ක්‍රියාමාර්ග නිසා. මේකෙන් සිද්ධ වෙන සමාජ හානියට වගේම ආර්ථික හානියත් විශාලයි.


Tags: නවතම
Share69Tweet43
Previous Post

එකට හමුවූ බයිඩන් සහ පුටින් ඒ ගැන වෙන වෙනම කියූ කතා

Next Post

බාර්වල ආධාරයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මහා පොසොන් දන්සලක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.