බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තෙල්මිල ඇරඹූ තෙම්පරාදුව.. චූන් පාන් මල්ලිලා එළවළු මාළු මුදලාලිලා ගේ ලඟට ඇවිත් කියන කතාව…

by editor
ජූනි 14, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉන්ධන මිල ඉහළ දමා දින දෙකක් පමණි. ප්‍රතිඵල ලැබෙමින් ඇත. පාන් ගෙඩියක් ගන්නට එළියට බහින්නට බැරි අපට ගෙදරට පාන් ගේන චූන් පාන් හිතවතා තවදුරටත් ඔහුගේත් අපේත් හිතවත්කම් තබා ගත නොහැකි සේ පාන් බනිස්වල මිල වැඩි කර තිබේ. චූන් පාන් හිතවතා කියන්නේ මිල වැඩිකර විකුණන්නට කීවේ බේකරි මුදලාලි බවය.

එළවළු මාළු කරවල පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණමින් පාරවල් ගානේ යන බලපත්‍ර ලාභී ජංගම රථ වෙළෙන්දන් තමන්ගේ අලෙවි ද්‍රව්‍යවල මිල ග්‍රෑම් දෙසීය පනහත් දැනෙන සුළු ලෙස මිල ඉහළ නන්වා ඇත. ඔවුන් කියන්නේ තමන්ගේ වියදම් පියවා ගැනීමට මිල වැඩි කිරීමට තීන්දු කළ බවය.


ආණ්ඩුව තෙල් මිල වැඩි ඇත. බේකරි මුදලාලිලා පාන් වැඩි කර ඇත. එළවළු මුදලාලි එළවළු වැඩි කර ඇත. කරවල මුදලාලි කරවලත් මාළු මුදලාලා මාළුත් වැඩි කර ඇත.

දැන් අපි සතුටිනි.

මේ ගැන ඇමතිලාගෙන් අසා වැඩක් නැත. තීන්දු ගන්නේ මුදලාලිලාය. ඒ නිසා අපි පාන් මුදලාලිලාගෙන් එළවළු මුදලාලිලාගෙන් සහ කරවල මාළු මුදලාලිලාගෙන් මිල වැඩිකළේ ඇයි දැයි අසන්නට තීන්දු කළෙමු.
මේ ලංකාසර කළ විමසීමක දී ඔවුන් අපට කී කතාවය.
මුලින්ම අප කතා කළේ එළවළු මාළු කරවල වෙළෙන්දන් කීප දෙනෙක් සමගය.

“ මේකයිනෙ මහත්තයා. දැන් අපි මේ එළවළු අල ළූණු ගන්නෙ කොහෙන්ද?. එක්කො පලාතෙ ආර්ථික මධ්‍යස්ථානයෙන්. නැතිනම් තොග අලෙවිකරුවවෙකුගෙන්.

තොග මිලට අරන් ලාභයක් තියාගෙන විකුණන්න තොග වෙළෙන්දෙක් හරි ආර්ථික මධ්‍යස්ථානයක් හරි හොයාගෙන යන්න සෑහෙන දුරක් යන්න වෙනවා. ඒ ගිහින් ඇවිත් ගමේ ගොඩේ පාරක් ගානෙ ඇවිදිමින් බඩු විකුණන්න ඕන. ඉන්ධන මිල වැඩිවීම නිසා අපට පෙර වෙනත් දිනකට වැඩිය දවසකට රුපියල් 1000ක් 1300ක් වියදම් වෙනවා. මේ මිල ලාභයෙන් අඩු කරගත්තොත් අපට ජීවත්වෙන්න විදිහක් නැතිව යනවා. ඒ නිසා ඒ වියදම කවර් කරගන්න තමයි බඩු මිලට එකතු කළේ. මේක කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි.“

“හැබැයි පාලන මිලක් තියනවා නේද?. මම හිතන්නෙ වැඩි මිල ගණන්වලට විකුණුවොත් බලපත්‍ර අහෝසි කරන කතාවක් තියනවා.“

වෙළෙන්දාගේ ඇස් පොඩි වී කට ඇද වුණේය.

“ අනේ මේ මහත්තයො. උගෙ අප්පගෙ පාලන මිල. මොන කුණුහරප කතාවක් ද මේ… පාලන මිල දාපු උන් අපිට කියන්නේ. තෙල් ටික වැඩි කරලා ඒ වියදම අපිට අරන් පාලන මිලට බඩු විකුණන්නලු. මිනිස්සු අතේ සල්ලි නෑ. අපි දන්නවා. අපිත් ඒ මිනිස්සු එක්කම තමයි ජීවත්වෙන්නෙ. අපිටත් සල්ලි නෑ. මේ වෙලාවෙ බඩු වැඩි මිලට විකුණලා අපිට ව්‍යාපාර කරන්න බෑ. ඒකත් අපි දන්නවා. ඒත් දැන් අහවල් දෙයක් ද කරන්න කියන්නෙ. අනේ ඕන නම් බලපත්‍ර අහෝසි කරන්න කියන්න අපේ මහත්තයො.“

වෙළෙන්දා “එළෝලු එළෝලු“ සවුන්ඩ් එක වැඩි කරගෙන රථය පණ ගන්වාගෙන යන්න ගියේය.

පෙට්‍රල් මිල වැඩිවුණේ රුපියල් 20කිනි. චූන් පාන් හිතවතාගේ ත්‍රීවිල් එක අනෙක් ත්‍රීවිල් වලටම සමාන නම් අඩුම ගණනේ ලීටරයකින් කිලෝමීටර 20ක් දුවන්නට පුලුවන. දවසට ගම් වටේ කිලෝමීටර දෙසීයක් රවුම් ගැසුවත් වැඩපුර ඉන්ධනවලට වැය වන්නේ රුපියල් දෙසීයකි.

ඒත් චූන් පාන් හිතවතා මාලුපාන් ගෙඩියක් රුපියල් 05කින් වැඩි කර අපට මාර කතාවක් කීවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…



“දැන් මහත්තයා තෙල් වැඩි වුනානෙ. ඉතින් අපේ ත්‍රීවිල් වලටත් හෙණ ගානක් වැඩිවෙලා තියෙන්නෙ තෙල්වලට. අපි ලොකු ඒරියා එකක් කවර් කරනවනෙ. වෙනදට වඩා රුපියල් 1500ක් විතර වැඩිපුර තෙල්වලට යනවා. “

පුතා චූන් පාන් විකුණන්නේ හෙළිකොප්ටරයේ ගිහින් දැයි නෑසුවෙමි.

“අපේ බේකරි මුදලාලි අපිට කිව්වා කෑම වැඩි කරලා විකුණලා වියදම ෂේප් කරගන්න කියලා. “

“අප්පච්චියේ… බේකරි මුදලාලි කිව්වනම් වැඩි කරන්නෙ නැතිව කොහොම ද?. හරි පුතා පරිස්සමට ගිහින් එන්න.“

මම ඔහු සමු දුනිමි. පාන් බනිස් වැඩිපුර මිලට විකුණන්නට නියෝග කළ බේකරි මුදලාලි කෙනෙක් සම්බන්ධ කරගන්නට අප උත්සාහ කරන්නේ ඒ සමගය.

ඔහු අපට සිය තර්කය මෙසේ ඉදිරිපත් කළේය.

“ පාන් ඇතුළු බේකරි කෑම හදන්න ලොකු වියදමක් යනවා. මොකද අමුද්‍රව්‍යවල මිල දැන් බොහොම වැඩියි. ඒ අතරෙ අපි දිනපතා සේවකයන්ට පඩි දෙන්න ඕන. ජංගම රථ අලුත්වැඩියා කරන්න ඕන. නඩත්තු කරන්න ඕන. ඒ අතරෙ ඉන්ධන මිලත් වැඩි වෙලා. දැන් අපට තවත් අමාරුයි.

ජංගම රථවල ඉන්ධන, නඩත්තුගාස්තු, සේවක පඩි ගෙවුවට පස්සෙ අපට තියන්නෙ ඉතාම සුලු ලාභයක්. ආණ්ඩුව තෙල් වැඩි කරලා අපට ඒ අලාභය දරාගන්න කියනවා නම් ඒක මොනතරම් අසාධාරණ ඉල්ලීමක් ද?.
දැන් අපිට කරන්න දෙයක් නෑ. ඒකයි මිල වැඩි කළේ. එහෙම කරන්න බැරි උනොත් සිද්ධ වෙන්නෙ අපිට ව්‍යාපාර නවත්වන්න.“

පාන් මුදලාලිලා එළවළු මුදලාලිලා පාරිභෝගික ද්‍රව්‍යවල මිල පාලනය කරන රටක ජීවත්වීම අමුතුම අත්දැකීමකි. නැතිබැරිකම නිසා ආණ්ඩුව තෙල් මිල වැඩි කළේය. ආණ්ඩුව පවුය. පාන් මුදලාලි, කරවල මුදලාලි, එළවලු මුදලාලි. ඇතුළු මුදලාලිලා තම තමන්ගේ බඩු මුට්ටුවල මිල ගණන් වැඩි කරගත්තේය. එසේ නැතිනම් ඒ ව්‍යාපාර වැටෙන නිසා ඒ මුදලාලිලාත් පවුය.

ඔබත් මාත් පවු නැත. හෙට වනවිට නොමැරී සිටියොත් ඇතිය. එතෙක් ඔබටත් මටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිනිගත් නැවේ කපිතාන් සීඅයිඩී අත්අඩංගුවට

Next Post

සංචරණ සීමා මැද ගම්පහ සිට පදියතලාවට යන්න ගිය ව්‍යාපාරිකයා ගිනි අවි සමග කොටු

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.