බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඝාතන 05ක්… පාතාලය සහ පොලිසිය අතර අන්තරය බිඳී “යුක්තිය” කොමිටල් වූ රටක කිසි දෙයක් ඉතිරි වන්නේ නැත….

by editor
මාර්තු 12, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඊයේ රාත්‍රී 08  සිට වාර්තාවන ඝාතන ගණන    අද (12) උදෑසන අවදි වන විට 05ක් දක්වා වැඩි වී තිබේ. පාතාල ඝාතන 04කි.  පොලිසියෙන් සිදුකළ ඝාතනයකි. දෙපාර්ශවයම නීතිය නිරුවත් කර ඇත.

ඊයේ  රාත්‍රී 08ට පමණ  පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ දී වෙළඳසලක් අසල දී  නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා  පුද්ගලයෙක්   එම ස්ථානයේ දීම ඝාතනය කළේය.   වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්    ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ඇල්පිටිය රෝහලටත් තවත් දෙදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලටත් මාරු කර යවා තිබිණි.  වෙඩි ප්‍රහාරයට ලක් වී අසාධ්‍ය තත්ත්වයේ සිටි අයෙක් අද (12) අළුයම මරණයට පත් වී තිබේ. දැන් වනවිට පිටිගල වෙඩි තබා ඝාතනය කිරීම් දෙකකි. වෙඩි වැදී තුවාලවීම් දෙකකි.

ඉන් පැයක් ගිය තැන එනම් ඊයේ  රාත්‍රි 9ට අම්බලන්ගොඩ පොලිස් වසමේ  ගලගොඩ ප්‍රදේශයේ    වෙළෙඳ සලක් තුළ දී නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා  පුද්ගලයින් දෙදෙනෙක් වෙළෙඳසල තුළදීම ඝාතනය කර තිබිණි.

එම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනෙක්     බලපිටිය රෝහල වෙත ඇතුළත් කළේය.

අප මේ වැනි අවස්ථාවක දී රටේ පොලිසියෙන් බලාපොරොත්තුවන්නේ මේ තුච්ඡ අපරාධ රැළි වළක්වා රටේ නීතිය ස්ථාපිත කරන සාධාරණ ප්‍රවේශයකි. පාතාලයේ භීෂණයෙන් කම්පිත සමාජයක්  පොලිසිය ද පාතාලයන් සේ හැසිරීම අපේක්ෂා කරන්නේ  නැත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහෙත්  අද උදෑසන පොලිසිය ද පරණ පිටපතට සැකකරුවෙක් ඝාතනය කර තිබුණේය. ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් අත් අඩංගුවේ සිටිය දී වෙඩි තබා ඝාතනය කරන්නේ පෙරේදා හම්බේගමුවේ දී සැකපිට අත් අඩංගුවට ගත් මල්වතුහිරිපිටිය පන්සල තුළ දී ඝාතනය වූ හිමිනමගේ ඝාතකයා යැයි සැක කළ සැකකරුය.

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයේ  වැඩ සිටි 45 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන හිමියන් වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු හම්බෙගමුව අලුත්වැව හන්දියේදී පෙරේදා (10) සවස අත්අඩංගුවට  ගන්නේ  හම්බෙගමුව පොලිසිය විසිනි.

හම්බේගමුව පොලිසියේ විශේෂ ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙසේ සැකපිට අත් අඩංගුවට පත් වන්නේ  පොලොන්නරුව අරගලංවිල පදිංචි 27 හැවිරිදි  තරුණයෙකි.   සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිසියට භාර දෙන ආකාරය ඊයේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවලටත් විකාශනය විය.

අද උදේ වාර්තාව වන්නේ අත් අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බවය.  ඝාතනය සිදුවන්නේ ලෝක ගර්හාවට පත් වූ පුස් කෑ පරණ පිටපතටය.  මහ රෑ සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා රැගෙන යන්නේය.  ඒ අවස්ථාවේ දී සැකකරු  පළායාමට උත්සාහ දරන්නේය.  එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මිය යන්නේය.

නීතිය අතට ගෙන පාතාලයේ කාලකණ්ණි ගොදුරු සොයා නිදහසේ සැරිසරමින් මහ මග මිනිසුන් එකා පිට එකා මරා දමන විට නිතිය තමන්ට අවශ්‍ය පරිදි ලියාගන්නා පොලිසිය  අත් අඩංගුවට ගත් සැකකරුවන් වෙඩි තබා ඝාතනය කර පාතාලයට ප්‍රති උත්තර දෙන්නේ යැයි  අපට හිතන්නට ඉඩ සලස්වන තැනකට   වැටීම අප තනි තනිව කියවා ගත යුතු බිහිසුණු කතාවකි. තවදුරටත් නීතිය අපේ නොවේ. එය උන් විසින් පරිහරණය කරන පුද්ගලික භාණ්ඩයකි.

ගැලරියට ආතල් නොදී ඇත්ත ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා නම්    මහපොළොවේ සැබෑව මතුවනවිට පොලිසියට පැනික් වන්නට සිදුවන්නේ නැති බව අපගේ වැටහීමය.

දැන් මේ නාට්‍යය හොඳටෝම ඇතිය. අප  යළි යළිත් දුටු කතාවක් ඇත. රටකට කළ හැකි බිහිසුණුම අපරාධය  සංකල්ප කොමිටල් කිරීමය.     “ධර්මිශ්ඨ සමාජය” “යහ පාලනය”, “ආසියාවේ ආශ්චර්යය” වැනි උත්තර සංකල්ප කොමිටල් කළ දේශපාලකයින් සහ රටේ  රාජ්‍ය සේවය අතර පුංචි හෝ අන්තරයක් මේ වනතුරුත්  තිබිණි. බිඳ දමා ඇත්තේ ඒ කුඩා සීමා රේඛාවය.

“යුක්තිය” කොමිටල්  කළ සමාජයක කිසිදෙයක්  ඉතිරි නොවන බව පුරවැසියෙක් ලෙස වේදනාවෙන් සටහන් කර තබමි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ දී සහ පිටිගල දී වෙඩි තැබීම් දෙකක්… පැයක් ඇතුළත ඝාතන 03යි…  තුවාල කරුවන් 06යි…

Next Post

යාපනයේ කඩු කල්ලි සාමාජිකයෙක් කඩු පහරකින් මරුට….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.