බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාසා තීරයේ අසරණ සිවිල් වැසියන්ගේ මානුෂික ව්‍යසනය දකිමින් නොබැඳි ජාතින් නිහඬව ඉන්නේ කෙසේ ද?… නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනපති විමසයි!

by editor
ජනවාරි 19, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන්ගේ දුක්ඛිත ව්‍යසනය හමුවේ නොබැඳි ජාතීන්ගේ සංවිධානය සිටි නිහඬ වෘතය ගාසා හි මානුෂික අර්බුදයට එකඟතාවය පල කිරීමක් බවත් . ගාසා තීරය විනාශ වන විට නොබැඳි ජාතීන්  මෙසේ නිහඬව සිටින්නේ කෙසේදැයි විමසන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

නොබැඳි ජාතීන් ගාසා තීරයේ විපතට පත්  ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා සේම මියගිය අය අතර සිටින බහුතරයක්වූ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත ව්‍යසනය   නිශ්ශබ්දතාවයෙන්  අනුමත කර ඇති බවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය අද සහ හෙට (20) යන දෙදින පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතා සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය,

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

නොබැඳි ජාතීන්ගේ 19 වන සමුළුවේදී, එම සංවිධානයේ නායකත්වය භාර ගැනීම පිළිබඳව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි මැතිතුමාට සුබ පතමින් මම මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි.

ගෝලීය දකුණේ රටවල් අතර සාමූහික දැනුවත්භාවයක් පැවතිය යුතු මෙවැනි තීරණාත්මක අවස්ථාවක උගන්ඩාව මෙම භූමිකාව භාර ගැනීම වඩා කාලෝචිත බව කිව යුතුයි.

වසංගතයේ ආරම්භය, ණය අර්බුදය, දේශගුණික ව්‍යසන, නව ගෝලීය තරගකාරිත්වය සහ ලෝකයට, විශේෂයෙන් ගෝලීය දකුණට ඉන් අනතුරුව ඇති වූ විවිධාකර බලපෑම්වලින් පසුව පැවැත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙයයි.

ජනාධිපතිතුමනි, අද අප මෙහි හමුවන අවස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානුෂීය අර්බුදයක් දිග හැරෙමින් තිබෙනවා.

මාස තුනකට අධික කාලයක් පුරා පලස්තීනයේ සිවිල් වැසියන් දැඩි දුක් වේදනා හා අහිමිවීම් වලට ලක්ව ඇති අතර එමගින් කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය ද අනතුරේ හෙළා තිබෙනවා.

මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවිධානය බොහෝ දුරට නිහඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහඬව සිටින්නේ කෙසේද?

එම ජනතාවට මානුෂීය ආධාර ලබා නොදුන්නා වගේම මියගිය අය අතර බහුතරයක් අහිංසක සිවිල් වැසියන් වෙනවා. නිශ්ශබ්දතාවයෙන් එකඟතාව ප්‍රකාශ වෙනවා.

උගන්ඩාවේ නායකත්වය යටතේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මෙම 19 වන සමුළුව මගින් ගාසා තීරයේ මෙම අර්බුදය පිළිබඳ මෙන්ම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දී තිබීම අගය කළ යුතුයි.

ගාසා තීරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ගෙන ඇති නිර්භීත ස්ථාවරයට අපි සුබ පැතිය යුතුයි. වහාම මානුෂීය සටන් විරාමයක් ඇතිකරන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායලය නැමති තනි රාජ්‍යයක් මත ද්විත්ව රාජ්‍ය විසඳුමක් පැවතිය නොහැකියි. පලස්තීන රාජ්‍යයක් නොමැතිව කිසිදු විසඳුමක් ද ලබාගත නොහැකියි.

එබැවින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින විවිධ යෝජනා මෙන්ම මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුව, ජාත්‍යන්තර ප්‍රජාව විසින් බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළිගත යුතුයි. එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක් ද සිදු නොවිය යුතුයි. ඒවගේම වසර 5ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටිනවා.

ජනාධිපතිතුමනි, අප දැන් සීතල යුද්ධයෙන් පසු පැවැති තත්ත්වයේ අවසානය සහ විකාශනය වෙමින් පවතින බහු ධ්‍රැවීය ලෝකයේ ආගමනය ද අත්දකිමින් සිටිනවා.

භූ දේශපාලනික පෙරමුණ තුළ, පැරණි බලවතුන් සහ බලවතුන් බවට පත්වීමට අපේක්ෂිත පාර්ශ්ව අතර පැවති සැඟවුණු සහ විවෘත ගැටුම් නැවත මතුවීම ද අප අත්දකිමින් සිටිනවා.

යුරෝපයේ අත්ලාන්තික් සාගරයේ හමුදා සන්ධානය ශක්තිමත් වී තිබෙනවා. ආයුධ පාලනයට අදාළ අතීත ගිවිසුම් බිඳ වැටී තිබෙනවා.

හමුදා සඳහා කෙරෙන වියදම් ඉතිහාසය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බන්ධව යළිත් වරක් ප්‍රභල වශයෙන් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක් විය යුතුව තිබෙනවා.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළාපයේ භූ-උපායමාර්ගික තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර අභ්‍යවකාශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙනවා.

ප්‍රධාන බලවතුන් අතර පවතින උපායමාර්ගික තරගකාරීත්වය හේතුවෙන් ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළඳ ආරක්ෂණවාදයේ නැගීම නිසා නිදහස් වෙළඳ හා ආර්ථික ඒකාබද්ධතාවය පසුපසට ගමන් කරවමින් තිබෙනවා.

එමෙන්ම වියුගලනය සහ අවදානම අවම කිරීම යන සංකල්පයන් මගින් මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත කර තිබෙනවා.

නව වෙළඳ ක්‍රමයක් පිළිබඳ ඒකපාර්ශ්වික ප්‍රකාශයක් සහ බටහිර ජාතීන් විසින් ලෝක වෙළඳ සංවිධානයේ බහුපාර්ශ්විකත්වය පසෙක දමා තිබෙනවා.

ඩොලරය ආයුධයක් බවට පත් කර තිබෙනවා. ආර්ථික හා ණය අර්බුදය, දේශගුණ යුක්තිය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවය නව අභියෝග බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබඩාවන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සිටින සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ සංවර්ධිත ලෝකය අතර පවත්නා අසමානතා උග්‍ර කර තිබෙනවා.

මෙම සමුළුවේ තේමාව බවට පත්ව ඇති ” හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” අපගේ ලෝකයන් දෙක අතර පවතින අසමානතාවයන් විසඳීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරනවා.

එය සාර්ථක කර ගැනීමට නම්, සියල්ලන්ටම යහපත් ලෝකයක් සඳහා දායක වන ශක්තිමත් සහ එක්සත් නොබැඳි සංවිධානයක් අවශ්‍ය බව අපට අත්දැකීම් මගින් පෙන්වා දෙනවා.

එසේ කිරීමට නම් අප අපවම ප්‍රතිනිර්මාණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය තවදුරටත් දුර්වල රාජ්‍යයන්ගේ එකතුවක් නොවේ.එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල අත්කරගෙන සිටින වේගවත් ප්‍රගතිය හා ආර්ථික දියුණුව නිසා බව අප හඳුනාගත යුතුයි.

2050 වසර වන විට ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික දහය අතුරින්  බහුතරයක් මෙම සංවිධානයට අයත් වනු ඇතියි.

ගෝලීය කටයුතුවලදී නායකත්වය ගත හැකි රටවල් අප අතරින් මතුවෙමින් පවතින බව ද දක්නට ලැබෙනවා. ඔවුන් නායකත්වය ලබා දීමට සූදානම් විය යුතුයි.

එමෙන්ම, මහා බලවතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බලවතුන් අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා යුධමය වශයෙන් භූ-උපායමාර්ගික තරගකාරී තත්ත්වයන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යාවශ්‍ය කාර්යභාරයක් තිබෙනවා.

ජනාධිපතිතුමනි, එබැවින් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ඔබගේ සභාපතිත්වය යටතේ ප්‍රතිනිර්මාණය කළ යුතුයි.

එසේම, බහු ධ්‍රැවීය ලෝකයක් තුළ ගෝලීය දකුණ නියෝජනය කරන විශාලතම රටවල් සමූහය ලෙස පරිවර්තනය වීම සඳහා නව භූමිකාවක් ඔබ භාරගත යුතුයි.

ඒ සඳහා අප අපගේ අරමුණු ද නැවත සකස් කළ යුතුයි. විකාශනය වන බහු ධ්‍රැව ලෝකය තුළ බැන්ඩුන්ග් මූලධර්ම ආරක්ෂා කරන අතරම මහා බල එදිරිවාදීකම් වලට මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීම සඳහා සිදු කරන බලපෑම්වලට විරුද්ධ වීම,  ගෝලීය දකුණේ රටවල දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන්  ඇතුළත් බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය ගෝලීය දකුණේ රටවල සහ එහි මිත්‍ර රාජ්‍යයනගේ ක්‍රියාශීලී කඳවුරක් බවට පත්කර ගැනීමට අප අපවම පරිවර්තනය කරගනිමු.

එමෙන්ම ගෝලීය දකුණ මුහුණ දෙන සමකාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සන්නද්ධ වූ ඵලදායී ස්ථිර මෙහෙයුම් ව්‍යුහයක් ස්ථාපිත කරගනීමට අප කටයුතු කරමු කියා මා යෝජනා කරනවා.

එසේම අප මෙම නව පිළිවෙල හැඩගස්වා ගැනීමේ හැකියාවක් ඇති සංවිධානයක් බවට පත් වෙමු.

ජනාධිපතිතුමනි, අපගේ අනාගතය රැඳී තිබෙන්නේ අපගේ දෑත් මතයි. අපට එය සිදු කිරීමට හෝ, විනාශ කිරීමට හැකියාව තිබෙනවා. අපි එය සිදු කරමු.

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ 19 වන රාජ්‍ය නායක සැසිය සාර්ථකව පැවැත්වීමට ඉතා උසස් අයුරින් එම කටයුතු සංවිධානය කළ උගන්ඩාවේ ජනාධිපතිතුමා ඇතුළු රජයට මාගේ ස්තුතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන්   ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ඇරියස් තියන වයසක මනුස්සයෙක් ජනාධිපති වුනාට පස්සේ  වෙන දේ අනුර කියයි… ජනාධිපති වෙලා මාස 16යි… දැනට පිට රට සංචාර 18යි…

Next Post

ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසක රහස් කුටියක් තුළ ලක්ෂ 22 කට අධික මුදලක් හංගලා… නාකොටික් නිළධාරීන් සොයා ගනී…                    

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.