fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

නිදහස් වෙලා යන අයට නිරෝධායනය වූ බවට සහතිකයක්...

වසර 2ක් ago
in සමාජ
432 4
0
Welikada

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මුඛ ආවරණ මසමින්...

Share on FacebookShare on Twitter

දිනය හෝ වේලාව නිශ්චිත නැත. එහෙත් ඒ කොවිඩ් 19 අපේ රටේ පැතිර යාම වාර් තා වූ මුල් දින කිහිපයේ දවසකි. දෙවැනි රොගීයා මිය ගිය දිනවල දී බව නම් මතකය. ඒ  හැමටම වඩා චීනයේ බන්ධනාගාර රැඳවියන්ට තම නිවෙස් වලට යන්නට යැයි එරට රජය අවසර දුන් දිනවලදී බව නම් හොදින් මතකය. මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතක නන්නාදුන අයෙකු දුරකථන ඇමතුමක් දුන්නේය.

“ අනේ අපි බොහෝම භයානක තත්වයක ඉන්නේ. උණ රෝගීන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඒ අයව වෙනම වාට්ටුවක දාලා ඉන්නේ. කොරෝනාද දන්නෙත් නෑහැ. අපිට මොකක් ද තියෙන ආරක්ෂාව. කොත්තමල්ලි දෙනවා… ඒ වුණාට ඒක නිකම් ඇල්වතුර වගෙයි.  ”

ඔහු තවත් බොහෝ දේ කීවේය. දුරකථන ඇමතුම දුන්නේ  මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකි. එවැනි රැඳවියෝ තමන්ට අවැඩක් වේ යැයි සිතෙන සිද්ධි පිළිබඳව කියන්නට  රාත්‍රී කාලයේ දී දුරකථන ඇමතුම් දෙමින් අපව අමතති. එය අරුමයක් නොවේ.

සැබැවින්ම ඔහු කියන ආකාරයට බන්ධනාගාරය තුළ විෂබීජය පැතිර ගියහොත් සිදු වන්නේ මහත් විනාශයකි. එහෙත් තොරතුරු සොයා බැලීමේදි දැන ගන්නට ලැබුණේ සාමාන්‍ය උණ රෝගියෙක් දෙන්නකේ ඒ වන විට බන්ධාගාරය තුළ සිටිය බව පමණි.

හදිසි අවස්ථාවකට වාට්ටුවක් සූදානම්

අද රටේම තත්ත්වය වෙනස් වී ඇත.   රටක් ලෙස කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට බොහෝ වැඩපිළිවෙළ සකස් කර තිබේ. බන්ධනාගාර දෙපාරත්මේන්තුව ද රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද වන විට විවිධ පියවර ගෙන ඇත්තේය.

තවමත් උසාවි කටයුතු ද නොකෙරෙන බැවින් දෛනිකව සිරගෙදර ට එන පිරිස අඩු වී ඇත. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින්නේ “අච්චු” සිරකරුවන් පමණි. එහෙත් යම් අයුරකින් තවත් අය රැඳවීමට සිදු වුවහොත් යන අනුමානයට වෙනමම වාට්ටුවක් ද වෙන් කර තැබූ බව බන්ධනාගාර ආරංචි මාර් ග පැවැසුවේය.

මේ වන විට බන්ධනාගාරයට පිවිසෙන ස්ථානයේ අත් සෝදා ගැනීමට මෙන්ම විෂබීජ හරණය කිරීම සඳහා වෙනනම කුටියක්ද ඇත.  දින දෙක තුනකට වරක් බන්ධනාගාගරය තුළ විෂබීජ හරණය කිරීමද සිදු කෙරේ. එමෙන්ම බෝගම්බර, වැලිකඩ හා සෙසු බන්ධනාගාර වල ද  මේ වන විට මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත. දැනට සිටින රැඳවියන් මුඛ ආවරණ පැලඳීම නොකළ ද අලුතෙන් බන්ධනාගාර ගතකරනු ලබන රැඳවියන්ට මුඛ ආවරන පැළඳීම අනිවාර්ය කර ඇත. පසුගිය දිනවලදී අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් මේ වන විට රඳවා ඇත්තේ පල්ලන්සේන බන්ධනාගාරයේය. මෙසේ රඳවා ඇති පුද්ගලයන් නිරෝධනායට ලක්කර තිබීම සුවිශේෂිය.

විසිට් නෑ

මාස ගණනක් තිස්සේ බලපැවැත්වෙන ඇඳිරි නිතී තත්වය යටතේ සාමාන්‍ය ජන ජීවිත ය අඩාල වී ඇත. මෙවන් තත්වයක් යටතේ හිර ගෙදර “විසිට්” බැලීමද අත්හිටුවා ඇත. වෙනදාට කල්දේරම් බත වෙනුවට නිවෙසින් ගෙනෙන බත් එක කන්නට රැඳවියන් අවස්ථාවක් ලැබුණ ද දැන් සිදු වී ඇත්තේ අකමැත්තෙන් වුවත් කල්දේරම් බත කන්නටය. දත් බෙහෙත් සබන්, පිටි කිරි ආදිය නිවෙසින් ලැබුණත් දැන් බන්ධනාගාරයට මේ සියල්ලම රැඳවියන් වෙනුවෙන් සම්පාදනය කිරීමට සිදු වී ඇත. රැඳවියන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කළද නිලධාරීන් සඳහා අත් සෝදන ද්‍රව්‍ය ආදිය සෞඛ්‍යාරක්ෂිත දේ  හිඟ බව ද නිධාරීන් පවසන්නේ කනගාටුවෙනි.

කොරෝනා නිසා සියල්ල අඩාල නොකළද හිර ගෙදර දෛනික කටයුතු එපරිද්දෙන්ම කරගෙන යෑමට පාලනාධිකාරිය උත්සාහ දරයි. නියමිත දිනවල නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කරනු ලබන අතර ඔවුන් වෙනුවෙන් නිදහස් වී යාමේදි නිරෝධානය වී ඇති බවට ලියවිල්ලක් ද සපයනු ලැබේ. එමෙන්ම වට්ස් ඇප් හරහා අදාල නඩු දිනයන් කල් දමා ගැනීමද සිදු කැරේ.

තදබදය ඒ ලෙසමයි

කලක් තිස්සේ බන්ධනාගාරවලින් නැගෙන මැසිවිල්ල වී ඇත්තේ හිරගෙදර තද බදය වැඩිය යන්නය. ඒ තද බදය වැඩිය යන කතාව වඩ වඩාත් දැනෙන්නේ මෙවන් අසීරු අවස්ථාවලය. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ මේ තදබදය අදට ද දැකිය හැක. තවමත් ඇත්තේ පැරණ වැසිකිළිය. සිටින රැඳවියන් ප්‍රමාණය සඳහා මේ වැසිකිලි ප්‍රමාණවත් නැත. උණක් කැස්සක් හෙම්බිරිස්සාවක් පැතිර ගියද එයද ඉක්මනින් රැඳවියන් අතර පැතිර යන්නේය.

1971 කැරැල්ල සමයේ සිරගත වූ රැදවියන්ට “කසානා”නමින් කුෂ්ට රෝගයක් පැතිරුන බව එවකට සිර ගෙවල් වල සිටි කිහිප දෙනෙකුම පවසනු අසා ඇත.

“ඉවස ගන්න අමාරුයි.. අපි කරන්නේ සම්බෝලයට දාලා ඉතිරි වෙන දෙහි ලෙලි අතුල්ලන එක. හිර ගෙදරින් බෙහෙතුත් දුන්නා.”

හැත්තෑ එකේ කැරැල්ලට අසුව බෝගම්ර සිරගෙදර සිරබත් කෑ සහෝදරයකු දිනක් අතීතය සිහි කරමින් පැවැසුවේය.

බන්ධගාරයේ දිගු කලක් සේවය කළ නිලධාරියකු පැවැසුවේ මෙවැනි කතාවකි.

“කොවිඩ් 19  කියන්නේ විශේෂ තත්ත්වයක්. ඒකාලේ සරම්ප, පැපොල, පාචනය, උණ වැනි රෝග රැඳවියන්ට හැදුනාම වෙනම වාට්ටුවල රඳවනවා. අපි දන්නවා එවැනි ලෙඩක් හැදුණාම දවස් දාහතරයි දවස් විසි  එකයි මේ රෝගය සුවයි කියලා.

වැඩ පාටිවලට ගිහිල්ලා වෛද්‍යවරයා රැඳවියන් පරික්ෂා කර බලනවා. රෝගී අයව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවා.  නමුත් අද තිබෙන තත්වය ඊට හාත්පසින්ම වෙනස්. මෙහිදි රැඳවියා වගේම නිලධාරිනුත් පරිස්සම් වෙන්න ඕන.”

රැඳවියන් සමබන්ධ අනාගත වැඩපිළිවෙළක්

Welikada
රැඳවියන් විෂබීජ නාශක ඉසිමින්…

කෙසේ වුවත් මේ වන විට කොවිඩ් 19 වෙරසයෙන් රැඳවියන් සහ නිලධාරීන් ආරක්ෂා කිරීමට බන්ධගාගාර දෙපාර්තමේන්තුව බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇත. හෙට අනිද්දා රට සාමාන්‍ය තත්වයට පත් වූ පසුවද රැඳවියන් උසාවි ගෙන යාමේදී විශේෂ වැඩ පිළිවෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහත් බන්ධනාගාර ආරංචි මාර්ග ඒ පිළිබඳව නගන්නේ මැසිවිල්ලකි.

“මීටරයක් දුරින් ඉන්න ඕන. උසාවිවලට රැඳවියෝ ගෙනියන්න ඕන. වාහන තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් . සිග් සැග් ක්‍රමයට බස් වල මේ අයව ගෙනියනවා නම් රෑඳවියෝ උසාවි ගෙනියන්න වැඩි බස් සංඛ්‍යාවක් යොදවන්න වෙනවා. එහෙම යොදවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව විශාල බස් ප්‍රමාණයක් නැහැ.”

බන්ධනාගාරය තුළ අඩුපාඩු බොහෝය. දවසින් දවස එහි එන සිරකරුවන්  ප්‍රමාණය ද වැඩිය. කාලක් තිස්සේ පවතින නිලධාරී හිඟයට මෙතෙක් පැහැදිලි  විසඳුමක් ද ලැබී නැත. මේ සියලු අඩුපාඩුකම් හොඳටම බරපතලව පෙනෙන්නේ මෙවැනි අසීරු අවස්ථාවලය.

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

  කොවිඩ් 19 හමුවේ  බිඳ වැටුණු ආගම්වල හාස්කම්

Next Post

රට විවෘත වුණා… දැන් වගකීම ඔබේ අතේ

Related Posts

lotus-tower

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජූනි 20, 2022

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

ජූනි 19, 2022
Kshama-Bindu

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

ජූනි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist