fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොරෝනා මැද්දේ උතුරු මුහුදේ අවකෙළි

උතුරේ ධීවරයන් මුහුදට බහින්න බැරිව ඉන්නකොට ඉන්දියාවෙන් ඇවිත් මාලු අස්වැන්න අරන් යනවා

වසර 2ක් ago
in සමාජ
432 4
0
Jaffna fisherman

ඇඳිරි නීතිය මැද වෙරළේ හුදකලා වූ ධීවරයන්

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දැමිනි.   ශ්‍රී ලංකාවට ඇදිරි නීතිය පැනවුණි.

මේ නීති දෙකේදීම සාමාන්‍ය ජනතාවට ඔවුන්ට අභිමත ආකාරයෙන් කටයුතු කිරීමට නොහැකිය. නමුත් මේ කොරෝනා වසංහත සමයේ දී ඉන්දීය ධීවරයෝ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටිති. ඔවුන් ඔවුන්ගේ  මුහුදේ පමණක් නොව උතුරු මුහුදු සීමාවට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටිති.

ඉන්දීය ධීවරයෝ මසුන් මැරීමට වඩා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ අතරමැදියන් ලෙස කටයුතු කරති. මේ ක්‍රියාවද කොරෝනා වසංගතයත් සමගම යම් ප්‍රමාණයකට සීමා වී ඇතත් එය මුළුමනින්ම නතර වී නොමැත.

එකම වසංගතයක් නිසා එකම නිරෝධායන නීති හමුවේ යාබද රටවල් දෙකක් කටයුතු කරන්නේ දෙයාකාරයකට ය.

ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට දෙකටම ඉන්දියන් සාගරය පොදුය.   මේ සාගර කලාපය භාවිතා කිරීමේන් ජීවත්වන  උතුරේ ධීවරයාගේ ජීවිතය කර්මාන්තය මුලුමනින්ම කඩා වැටී ඇතත් ඉන්දියාවේ එසේ සිදු වී  නොමැත. ඉන්දීය ධීවරයෝ බලහත්කාරයෙන්ම මේ දිනවලද උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මරති. දිවයිනේ සෙසු පළාත් වල ධීවරයින්ට ඇඳිරි නීති සමයේදී මුහුදු යාමට හැකියාව ලැබී ඇතත්  උතුරේ ධීවරයින්ට ඒ අවස්ථාව අහිමි වී ගොස් තිබේ. මේ නිසා උතුරේ ධීවරයෝ මේ වන විට දැඩිව අසරණ වී සිටිති.

දකුණේ මුහුද ආශ්‍රිත ප්‍රදේශ වලදී පසු ගිය දිනවල බලමාලු කිලෝවක් අලෙවි වූයේ රුපියල් දෙසීයක තොග මිලකට බව වාර්තා වුණි. සෙසු මාලු වර්ග වල මිල ගණන් ද ඒ ආකාරයටම බෙහෙවින් පහත වැටී තිබුණි.

නමුත් උතුරේ  මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් පන්සීයක් වූ අතර සිල්ලරට අලෙවි වූයේ රුපියල් හත්සීය අටසීය වැනි මිල ගණන් වලටය.

එක්වරම මුහුදු මාලු මිල පිළිබඳව විශාල අර්බූදකාරී තත්ත්වයක් හට ගන්නා ලද්දේ කොරෝනා වෛරස් රෝගයත් සමගිනි.  මාලුවල මිල ගණන් වෙනස් වීම රුපියල් සීයකින් දෙසීයකින් වෙනස් වී ගියේ නම් කමක් නැත. නමුත් මාලු වලටම ප්‍රසිද්ධ මන්නාරමට වඩා  ගම්පහ මාලු මිල ඇඳිරි නීතිය මැද වූවද අඩු බව පෙනුණි.

ගම්පහටඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක විය.  නමුත් මන්නාරමට එවැනි තත්ත්වයක් දක්නට තිබුණේ නැත. නමුත් මන්නාරමේ මාලු ගිනි ගණන්ය.

මේ ගැන තොරතුරු සොයා බලන්නට මන්නාරම එක්සත් ධීවර සමීතියේ උප සභාපති එම්.එස්.අලාම් හමුවුනෙමු.

” මේ ප්‍රශ්නය ආරම්භ වෙනවත් එක්කම මුලින්ම ඇඳිරි නීතිය පැනවුණේ පුත්තලම දිස්ත්‍රික්කයටයි. ඊළඟට කොළඹ පළාතට ඇඳිරි නීතිය වැටුණා. ඉතින් මන්නාරමේ මාලු තොග මිලට ගන්න එන ලොරි   අඩු වුණා. ඒ එක්කම  මන්නාරමේ අය මේ වෛරස් රෝගයට බියෙන් මුහුදු යෑම අඩු වුණා. දවසකට අල්ලන මාලු ප්‍රමාණය අඩු වුනා. මාලු නැති නිසා ලොරි අඩු වුනා.

ඊලඟට මේ කොරෝනා උවදුර ආවේ යාපනයටය.

යාපනයට ඇදිරි නීතිය ආවා. යාපනයේ මාලු අල්ලන අය කොහෙත්ම මුහුදු ගියේ නෑ. මොකද රංචු ගැසීම පිළිබදව නීතිය යාපනයේ දී ඉතාම ඉහලින් ක්‍රියාත්මක වුණා.

ධීවරයෝ කීප දෙනෙක් මාලු ඇලුවත් වෙරළට මිනිස්සු ආවේ නැහැ. මාලු වෙන්දේසි ක්‍රමය නැති වෙලාම ගියා.   මේ නිසා යාපනයෙත් මාලු නැති වුණා. ගානත් ගාණ වැඩි වුණා.” එම්.එස්.අලාම් කීවේය.

උතුරේ ධීවරයින්  විසින් අල්ලන මාලු ප්‍රමාණයෙන් වැඩි කොටසක් අලෙවිය සදහා රැගෙන ගියේ කොළඹ ඇතුලු දකුණු පළාතටය. එම ප්‍රවාහන සේවා නැවතිනි. ඉතිරියෙන් විශාල ප්‍රමාණයක්  අලෙවිවූයේ උතුරේ හෝටල් හා ආපන ශාලා වලටය. හෝටල් වැසී යෑම නිසා ඒ වෙළෙඳපලත් අහිමි විය. තොග මිල හොඳටම පහළ වැටුණේය. ධීවරයෝ ඔවුන්ගේ ධීවර යාත්‍රා වෙරළේ ගාල් කොට ඔවුන්ගේ රස්සාව අතහැර දැමූහ. මෙහි ප්‍රතිපලය වූයේ උතුරේ මාලු හිඟයක් ඇති වීමත් මාලු මිල ගණන් බෙහෙවින් ඉහළ යාමත්ය.

මේ වන විට මාලු මිල ඉහළ ගොස් ඇතත් ධීවරයන් ඔවුන්ගේ රස්සාව තවමත් ආරම්භ කොට නොමැත. මේ සඳහා බලපා ඇති හේතු ගණනාවක්ම ඇති බව මුලතිව් ධීවර සමීතියේ සභාපති පී.චන්ද්‍රසේකරන් කියා සිටියි.

” මුලතිව් පළාතේ ධීවර රස්සාව බිඳ වැටුණේ මේ කොරෝනා ප්‍රශ්නය නිසාම නෙමෙයි.  කොරෝනා වසංගතය එන්න කලින් නීති විරෝධී ධීවරයින් මේ මුලතිව් පළාතට ඇවිත් මසුන් මරන්න ගත්තා. ඔවුන්ගෙන් විශාල පිරිසක්  මුලතිව් ධීවර සමීති වල ලියාපදිංචි වෙලත් නැහැ. බලහත්කාරයෙන් මාලු අල්ලනවා.

මේ අයට නීති රීති නැහැ. ධීවර පණතට අනුව කටයුතු කරන්නේ නැහැ. සුරුක්කු දැල් රේස් ලයිට් කොස් ක්‍රමයට මාලු අල්ලනවා. ඩයිනමයිට් දාලා මසුන් අල්ලන අයත් ඉන්නවා.  .

මේ අයගේ මාලු විකුණන්නෙත්  වෙන්දේසියේ නෙමෙයි. මේ මාලුවල මිල අඩුයි. ඔවුන්ට හිතවත් අය ඇවිත් මාලු අරන් යනවා. මේ නිසා සම්ප්‍රදායික ධීවරයින්ගේ මාලු විකිණෙන්නේ නැහැ. මෙහෙම බිඳවැටීමක් තිබුණා.

මේ ප්‍රශ්න එක්ක අපු කොරෝනා වසංගතය නිසා මුලු කර්මාන්තයම බිඳ වැටුණා.  දැන් හැමෝම බෝට්ටු වෙරලේ නවත්වලා ගෙවල් වලට වෙලා ඉන්නවා. ඇඳිරි නිතිය නිසා මාලු අල්ලන්න යන්නත් බැහැ. ඉතාම අමාරුවෙන් හරි නීති රීති සේරමත්   බේරගෙන මාලු ඇල්ලුවත් ඒවා දෙන්න කෙනෙක් නැහැ. දැන් අපි ජීවත් වෙන්නෙ කවුරු හරි දෙන දෙයක් කාලා. එළවළු වගා කරපු අය හිටිය. එයාලගේ පලදාව විකුණ ගන්න බැරිවෙලා සත්තුන්ට දුන්නා. ඒ අය වවලා අසරණ වුණා. අපි මුහුද බලාගෙන අසරණ වෙලා.

පී.චන්ද්‍රසේකරන් කියන්නේය. ඔහුට අනුව ආණ්ඩුවෙන් දෙන පන්දහසක සහනාධාරය හැමෝටම ලැබී නැත. උදව් කරන්නේ ත්‍රිවිධ හමුදාවය. ජීවත් වෙන්නේ ඔවුන් දෙන දෙයක් කමිනි.  ධීවර රක්ෂණයෙන් මෙවැනි අවස්ථා ආවරණය වෙන්නේ නැත. මේ මිනිසුන් යාචකයන් තත්වයට වැටී සිටිති.

විපත ගෙල මුලටම පැමිණ තිබේ. ධීවර කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යාමත් ඒ කර්මාන්තයේ යෙදී සිටින අහිංසක ධීවරයා ආරක්ෂා කර ගැනීමත් අත්‍යවශ්‍යයෙන්ම සිදූ කළ යුතු දෙයක් සේ මතුව තිබේ.  හුරු පුරුදු දෑතේ රැකියාවට අවසර ලැබුණත් නැවත ධීවර කර්මාන්තය ව්‍යාපාරයක් සේ යථාවත් වනු ඇතිදැයි අපට වැටහීමක් නැත.  එතෙක් මේ මිනිසුන් වෙනුවෙන් නිශ්ඡිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රටේ වගකීමය.

 

 

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

Next Post

රටේ සැලසුම් කුඩු කළ කුඩ්ඩෝ කොවිඩ් පොකුරු හදපු හැටි

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist