බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනධ්‍යන සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරන්නැයි අපි රජයට බල කරනවා… විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන!  

by editor
මැයි 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

සාකච්ඡාව
ශ්‍රියානි විජේසිංහ – 

විශ්ව විද්‍යාල අන්‍යධන කාර්ය මණ්ඩල  සාමාජිකයින් දින 10ක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලයන් හී අධ්‍යාපන ලබන දරුවන්ගේ ජිවිතවලට එල්ල වී ඇති බලපෑම කුමක්ද යන්න පිලිබද “ලංකාසර“ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන  පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

මහාචාර්ය බරණ ජයවර්ධන

ප්‍රශ්නය – මේ වන විට විශ්වවිද්‍යාල අන්‍යධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන්   විශ්වවිද්‍යාල ශීෂ්‍යයින්ගේ අධ්‍යාපනය එල්ල වී තිබන බාධාව කොයි වගේද කියලා පැහැදිළි කළ හැකි ද?  

පිළිතුර – මේ වැඩ වර්ජනය නිසා  අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා . ප්‍රධාන වශයෙන් දේශන පවත්වාගෙන යාමට සහ ප්‍රායෝගික පුහුණුවට සැලකිය යුතු බලපෑම් එල්ල වෙලා තියෙනවා. 

ඒ කොහොම නමුත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට බොහෝ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුවෙනවා. නමුත්  විභාග පැවැත්වීම කල් දැමීමට සිදුවෙලා තියෙනවා. මාර්ගස්ථ ක්‍රමයට යම් ප්‍රමාණයකින් දේශන පැවැත්වුවාට ප්‍රායෝගික පරික්ෂණ කරගෙන යාමට මේ තත්ත්වය තුළ හැකියාවක් නෑ. 

ප්‍රශ්නය – මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපන ලබද්දි ඇතැම් ශිෂ්‍යයින්ට එයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනව. මොකද ඇතැම් ගම්බද ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒවගේම සමහර දරුවන්ට මූල්‍ය අර්බුද  තියෙනවා. මෙවැනි දරුවන්ට අසාධාරණයක් වෙනවා නේද?

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පිළිතුර – කොවිඩ් වසංගතය පැමිණි කාලේත්  අවුරුද්දක් විතර අපි මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන්න සිදුවුණා. එතකොටත් මේ වගේ ප්‍රශ්න තිබුණා. එහිදි දරුවන් කන්ඩායම් වගේ එකතු වෙලා අධ්‍යාපනය ලබා ගත්තා. සටහන් හුවමාරු කර ගත්තා. මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් සාර්ථක නැහැ. සියයට පනහක් විතරයි සාර්ථක 

ප්‍රශ්නය – එතකොට මේ  දරුවන්ගේ අනාගතය කෙබදු වේවිද?

පිළිතුර – ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැටියට අපි වර්ජනයේ නියැලෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් අපි දරුවන්ට අධ්‍යාපන ලබා දීමට කටයුතු කරනවා.  පරික්ෂණ කටයුතු සඳහා  ආචාර්යවරුන්ගේ කාමර විවෘත කරලා තියෙනවා.  නමුත් වැඩ වර්ජනය නිසා දේශන ශාලා වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාලවල  උපකුලපතිවරුන් උත්සාහ කරයි මේ දරුවන් වෙනුවෙන් ප්‍රශ්න විසඳන්න. අපි අඛන්ඩවම අධ්‍යාපනය ලබා දෙනවා.

ප්‍රශ්නය – කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අන්‍යධන කාර්ය මණ්ඩල යෝජනවාට විසඳුමක් ලබා දීම තවත් කල් යනවා. ඒ නිසා මොවුන් කියනවා දැනට ස්වෙච්ඡාවෙන් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වෙන බව. මෙවැනි තත්තවයක් විශ්වවිද්‍යාලය තුළ උදා වුණොත් මොකද වෙන්නේ?

පිළිතුර – අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වුවොත් විශ්ව විද්‍යාලයන් තුළ  සිටින සතුන්ට කෑම වතුර නොදුන්නොත් මිය යන්න පුලුවන්. ඒ වගේම පරික්ෂණවල වටිනා නියැදි  තියනවා. විදුලිය බිදවැටීමක් කළොත් ඒ නියැදි සියල්ලම විනාශ වෙනවා. 

ඒ නිසා අපි කියන්නේ රජයට හා වෘත්තීය සමිතිවලට පොදු එකඟතාවයකට පැමිණ මේ ප්‍රශ්න  ඉක්මනින් විසදා ගන්න කියලා. අපි රජයට බලකර සිටිනවා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දෙන්න කියලා. 

අනධ්‍යන සේවකයින් පමණක් නොවේ  රටේ සියලුම දෙනා ජිවත් වීමේ අපහසුවක සිටින්නේ. අපි හිතනවා අනධ්‍යන සේවකයින්ට ආර්ථික යුක්තියක් ඉටු විය යුතුයි කියලා.   

 

                                                                                                                                                                                            

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙසක් වෙනුවෙන්  කාර්ඩ් බෝඩ්වල සිවුරු කෑලි ඔතා සැදූ අටපිරිකර 150ක් තොගේට විකුණන්න ගිය 02ක් කතරගම දී අත් අඩංගුවට…

Next Post

ශ්‍රීලනිප සිරිසේන පිලේ සභාපති විජේදාසට එරෙහිව අද දුමින්ද ඉල්ලූ වාරණ නියෝගය ගැන තීන්දුව හෙට….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.