බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

සියවසකට පෙර සිංහල අලුත් අවුරුදු උත්සවයක් ගැන පුවත්පතක පලවූ පළමු වාර්තාව…

by editor
අප්‍රේල් 13, 2025
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

  • අවුරුදු 111කට පෙර වික්ටෝරියා පාර්ක් එකේ අවුරුදු උත්සවය පැවැත්වූ ආකාරය දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණු ආකාරය… ජාතික ගීයක් නැති කාලයක්… ජාතික ගීයක් හදලා ගායනා කරලා…

  • බලාපොරොත්තු වෙලා තියෙන්නේ 800යි… 15000ක් සහභාගී වෙලා…

සිංහල අළුත් අවුරුදු උත්සවයට ඇත්තේ තව හෝරා ගණනකි. අවුරුදු උදාවත් සමගම මෙරට සෑම ප්‍රදේශයකම සිංහල අළුත් අවුරුදු උත්සව පැවැත්වේ. මේ වන විට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි එම අවුරුදු උත්සව ගැන ප්‍රචාරය කරමින් තිබේ.

එහෙත් මෙරට පවත්වන ලද අවුරුදු උත්සවයක් පිළිබඳව පළමු වරට වාර්තා කර ඇත්තේ 1914 අප්‍රේල් 14 දා පල වූ දිනමිණ පුවත්පතයි. ඒ 1914 අප්‍රේල් මස 13 වන දින කොළඹ වික්ටෝරියා පාර්ක් හි පවත්වන ලද අවුරුදු උත්සවයයි.

එහි ශීර්ෂය ලෙස මෙසේ සඳහන් කර ඒ යටතේ පල කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවය මේ.

ජාතිකෝත්සවය ආරම්භ කිරීම
සිංහල මහා ජන සමාගමක්
බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සම්භෝගය

(අප වාර්තාකරු විසිනි)

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සූර්යයා මේෂ රාශියට පැමිණෙන දින නිමිත්ත කොට ගෙන පවත්නා සංවත්සරය සිංහලයන්ට නොයෙක් අතින් හිමිවූ ලෞකික මහෝත්සවයයි. මෙය පුරාතන සිටම නානා විධ නක්ෂස්ත්‍ර ක්‍රීඩා ජල ක්‍රීඩාදියෙන් සමන්විතව බෞද්ධ සිංහලයන් විසින් සම්භාවිතය. නුමුත් මේ මස 13 වන දිනය යෙදුන සූර්ය සංවත්සරය විශේෂ වශයෙන්ම ලංකා ඉතිහාසයේ ලියවෙන වැදගත් සිද්ධියක් විය. ඊට කාරණය නම් සිංහල අවුරුදු මංඟල්‍ය ආගමක් සම්බන්ධ මංඟල්‍යයකැයි තතු නොදත් ක්‍රිස්තු භක්තික සිංහල මහා සමූහයක් ඊට අවමන් කෙරෙමින් සිටි නමුත් මෙදිනයෙහි අදහස දැනගත් ඒ පක්ෂයේ බොහෝ දෙනෙක්ද සිංහල අවුරුදු මංඟල්‍යය ජාතියේ උත්සව දිනය බැවින් ක්‍රිස්තු භක්තික සිංහල ජනයා විසින් පැවැත්වීම නොමනා නොවේයැයි පිළිගැනීමය. මේ අදහස කලක සිට සිංහල ක්‍රිස්තු භක්තික මහතුන් වෙත වැඩී ගියෙන් සිංහල තරුණ සමිතියේ මහතුන් විසින් මෙදින ජාතිකෝත්සව දිනය වශයෙන් සිංහල කොයි ලබ්ධිකයන් විසිනුත් පැවැත්වීම පිණිස පසුගියදා නියම කර ගන්නා ලදින් මේ මස 13 වෙනි දින කොළඹ වික්ටෝරියා පාර්ක් පිට්ටනියේදී උත්සවය අත්‍යලංකාරයෙන් පවත්වන ලදී. හත් අට සියයක් පමණවූ පිරිසකින් පළමුව පටන් ගැන්මට යන මේ ජාතිකෝත්සවය පැවැත්වීමට පිළියෙල කරන ලද නමුත් කිසිම බලාපොරොත්තුවක් නැතුව පසළොස් දහසක් වූ ගැහැණු පිරිමි උභය පක්ෂයේ ලොකු කුඩා විශේෂ අවශේෂ සිංහල මහා පර්ශදයකින් පිට්ටිනිය පිරී ගිි⁣යේය. මෙදින උත්සවය පැවැත්වීම් වශයෙන් සිංහලයන් අතර දැනට භාවිතා වන රබන් ගැසීම, කළගෙඩි සෙල්ලම, පොල් කෙලිය, අං කෙලිය, කතුරු උන්චිල්ලා පැදීම, නයියන්ඩි නැටීම, ආදී සෙල්ලම්, කාණ්ඩ පිට්ටනියේ ඒ ඒ තැන් වල ක්‍රීඩා දක්වන ලදී. පොල් ගැසීම සහ අං ඇදීම සිංහල ක්‍රීඩා විශේෂ නොවෙත්. පිට්ටනියේ සෙල්ලම් පටන් ගන්න වෙලාවට ඝර්ම සූර්ය තාපය පැවැති හෙයින් අව්වෙන් මුවා වී සිටීමට කිසිම ආවරණයක් නොතිබුණ නමුත් දහස් ගණන් ලොකු කුඩා සෙනඟ කකියන අව්වේ මිරිකි මිරිකී සිටි ලීලාව වාර්තා කරුට මහත් පුදුම එළවන දර්ශනයක් වූයේය. විඩාවී ක්ලාන්ත වී වැටෙන තරමේ කාටත් අමාරු පැමිණ තිබුණ නමුත් සියලු දෙනාම මහත් හික්මුණු ගතියකින් සාන්ත දාන්තවම ක්‍රීඩා නිරීක්ෂණය කෙර⁣මින් ප්‍රීතියෙන් ප්‍රමුදිතව සිටියාහ. සිංහල ජාතිය සම්බන්ධව උත්සවයක් පවත්වනු ලැබේය යන රාවය ඇසූ පමණකින්ම මේසා මහත් ජන සමූහයක් මුහුද ගොඩ ගැලුවාක් මෙන් වික්ටෝරියා පාර්ක් පිට්ටනියේ පිරී සිටීම සිංහල මනුෂ්‍යයන් තුළ ජාතික මමත්වය නැවතත් වැඩෙන්නට පටන් ගෙන තිබීමේ ප්‍රශංසනීය ලක්ෂණයක් මැයි. නොයෙක් තරාතිරම් වල බාල මහළු ගෑණු පිරිමි සමූහයා අළුත් අවුරුදු වස්ත්‍ර හැඳ පැළඳගෙන ශුද්ධ පවිත්‍රවම පැමිණියේය. පිට්ටනියේ තනා තිබුණ කුඩා කූඩාරම් සතර හැර ප⁣සෙක ප්‍රධාන මහතුන්ට නැවතීම පිණිස සුළු මණ්ඩපයක් සාදා තිබුණේය. ප්‍රධාන මහතුන් පෙළක් පැමිණ සිටියේය. එනම් සර් සලමන් දියෙස් බණ්ඩාරනායක මහ මුදලි තුමා, සර් එස්.සී. උභයසේකර මන්ත්‍රීතුමා, දිස්ත්‍රික් නඩුකාර පෝල් ඊ පීරිස් මහතා, ඩී.බී.ජයතිලක අද්වකාත් තුමා, සී.බටුවන්තුඩාවේ අද්වකාත් තුමා, ජේ.පී.උභයසේකර මහතා, දොස්තර සලමන් ප්‍රනාන්දු මහතා, ඇල්.ඩබ්.ඒ.ද සොයිසා මහතා, එඩ්මන් හේවාවිතාරණ මහතා, ජේ.ඇස්.ද සිල්වා දේවගැතිතුමා, ජේ.ඇස්.ජයවර්ධන අද්වකාත් මහතා, එච්.ඇල්.ද මැල් නීතිඥ මහතා, ඇලිකේවෙල බස්නායක නිළමේ, ජේ.ඇම්.සෙනෙවිරත්න මහතා, ප්‍රැන්සිස් ද සොයිසා මහතා , ආර්.ඒ.මිරන්ද මහතා, ඊ.ඩබ්.පෙරේරා අද්වකාත් මහතා නම් මහතුන් වේ.

උත්සවය ආරම්භ කිරීම සම්බන්ධව වැඩ පටන් ගන්නා වේලාව සවස 2 ක විය.
හරියටම දෙකට සභාවේ මුලාසනය පෝල් ඊ පීරිස් දිස්ත්‍රික් නඩුකාර තුමාට පිළිගන්වන ලදින් එතුමා නැගිට මෙසේ කීවේය.

“මන්ත්‍රීවරුනි, සිංහල සහෝදරවරුනි දැනට මෙහි කතා කිරීමට බොහෝ මහතැන් සිටින බැවින් වැඩි වේලාවක් කතා කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත. මේ දවසේ මෙහි මේසා මහත් සමූහයක් පැමිණ සිටින කාරණය කවුරුත් දන්නවා ඇත.

යුරෝපියෝ පළමුවෙන් ලංකාවට පැමිණියේ මීට අවුරුදු හාර සියයකට ප්‍රථමය. කෝට්ටේ රජ කළ ධර්මපාල රජතුමා පෘතුගීසීන්ට ලංකාව තෑගි පිට දෙන ලද්දෙත් මීට අවුරුදු හාරසියයකට පෙරය. එතැන් සිට සිංහල ජාතියේ පිරිහීම පටන් ගත්තේය. ඒ පරදේශික නිලමක්කාරයන් නොයෙක් ආගම් අදහන අතරම එකී ආගම් වලට අපේ ජාතිකයන්ද ඇද ගත්තෝය. ඔව්හු ඔවුන්ගේ සිරිත් විරිත්ද පිළිගත්තෝය. ඒ නිසා සිංහලයන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන මේ ජාතීන්ගේ චාරිත්‍ර පුරුදු කර ගැන්මෙහි යෙදුනෝය. පරදේශිකයන් ගේ
චාරිත්‍ර සහ භාවිතා පිළිගැන්මෙහි කිසිදු වරදක් නැත. නමුත් ඒවා පිළිගැන්මට යාමෙන් තමන්ට අයිති වූ ස්වකීය චාරිත්‍ර වාරිත්‍ර මතක නැතිකර දැමීම අයුතුය. මේ පජාතික පුරුද්ද නිසා සිංහල මනුෂ්‍යයන්⁣ට දැනට පැමිණ තිබෙන අන්තරාය අප්‍රමාණය. මේ නිසා ජාතිය හෙමින් හෙමින් මැරී යන බවද ඇසුවෙමි. නමුත් සිංහල ජාතිය මැරෙන්නට හරින්නට බැරිය. අප සියලු දෙනාම ජාතිය නැවතත් උස්සා තැබීමට වීර්යයෙන් ක්‍රියා කට යුත්තෝය.

මීට පසු අද්වකාත් ඩී.බී.ජයතිලක, අද්වකාත් බටුවන්තුඩාවේ,දොස්තර සලමන් ප්‍රනාන්දු, එච්.ඇල්.ද මැල් යන මහතුන්ද ජේ.ඇස්.ද සිල්වා දේවගැති තුමාද මහා සමූහයාගේ සිත් ප්‍රබෝධ කරවන උද්වේග උපදවන ව්‍යක්ත කතා පැවැත්වූහ.සිංහල අළුත් අවුරුදු දිනය කිසිම ආගමක් සම්බන්ධ නොවූ නක්ෂත්‍ර සංවත්සරයක් බවත් එය කවර ලබ්ධික යෙකු වූත් තමා අදහන දෘෂ්ඨියට අවිරුද්ධවම පැවැත්විය හැකි බවත් අන්‍යයන් මවිත කරවන ඉතිහාසයක් ඇති නමුත් දැනට පහත වැටී සිටින සිංහල ජාතිය නැවතත් උසස් බලවත් කොටසක් කිරීමට ඇති එකම මාර්ගය නම් දැනට ආගම් වශයෙන් බෙදී සිටින බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේ සිංහලයන් ලෞකික කටයුතු සම්බන්ධව සමගිව ක්‍රියා කිරීම බවත් එසේ ක්‍රියා කිරීමේදී ආගම් ⁣භේද කුල භේද නොතකා සහෝදර ප්‍රේමයෙන් ඉදිරියට යා යුතු බවත් මේ ගුණය වැඩීමට සියළු භක්තික ජනයාට පොදුවේ පැවැත්විය හැකි උත්සවයක් යොදා ගැන්ම යුතුව තිබුණ බවත්, ඒ උත්සවය නම් මේ සිංහල අවුරුදු මංගල්‍යය බව දැන් ස්ථිර බවත් පසු ගිය දවසේ උගත් ක්‍රිස්තු භක්තික මහතුන් සමූහයක් එකතු වී මේ දිනය නියම කර ගත් නමුත් යම් යම් හේතු නිසා මෙය ස්ථිර නොවූවත් සිංහල තරුණ සමිතියේ මහතුන් ජාතිකෝත්සවය ආරම්භ කොට පැවැත්වීමට පිළිවන් වීම ප්‍රීතියට කරුණක් බවත් එම සමිතියට බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂයේම කවුරුත් ස්තූති කටයුතු බවත් යනාදී කරුණු රැසක් ගෙන හැර දැක්වූහ. මෙම උත්සවය බුද්ධාගම හෝ හින්දු ආගම සම්බන්ධ යැයි වැරදි කල්පනා ඇතුව සිටින ස්වකීය ලබ්ධික එනම් රෝමානු කතෝලික බොහෝ දෙනා මීට නොබැඳුන නමුත් කාරණය හොඳින් දන්නා කතෝලික වරුන් ඊට විපක්ෂ නැති බවත් ලංකාවේ රෝමානු කතෝලික සභාවේ අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සිංහල අවුරුද්ද රෝමානු කතෝලික ජනයා විසින්ද ආගමක් සම්බන්ධ නොවන සේ ජාතියේ දියුණුව පිණිස ජාතිකෝත්සව වශයෙන් පවත්වන්නෝ නම් ඊට අප්‍රසන්න නොවන බවද එසේ පවත්වන උත්සවය සර්ව ප්‍රකාරයෙන් දියුණු වේවායි ආශීර්වාද කරන බවද එතුමා දන්වා වදාළ බවත් ප්‍රකාශ කරමින් ප්‍රයෝජනවත් කතාවක් කළේය.

සංගීත සමාචාර වර්ධන සමිතිය විසින් ගොතවන ලද සිංහල ජාතික ගීයක් එම සමිතියේ තරුණ මහතුන් කාණ්ඩයක් විසින් සිත් කන් පිනවන වෘත්තයෙන් ගායනා කරන ලදුව මේ උත්සවය සමාප්ත කරන ලදී. පැමිණ සිටි බොහෝ දෙනාට සිංහල කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කළා දැක්ම සතුටෙකි. යුරෝපීය කෑම වර්ග කිසිත් මේ අවස්ථාවට නොගන්නා ලදී.

කැවුම්,කිරිබත්,කෙසෙල්ගෙඩි ආදී සිංහල කැවිලි වර්ගද තේ සහ කෝපි පැන්ද පිළිගන්වා සංග්‍රහ කරන ලදී. තරුණ සමිතියේ මහතුන් දාඩියෙන් තෙමී ගිය සුදු කලිසන් කෝට් ඇඳ පැළඳගෙන මහ අව්වේ කැවිලි පෙවිලි භාජන උස්සාගෙන ඈත මෑත යමින් වුවමනා අය බල බලා සංග්‍රහ කළාහ.

එම අවුරුදු උත්සවයේදී ගායනා කරන ලද සිංහල ජාතික ගීතිකාව මෙසේ වේ.

රාගය-කල්‍යාණි- තාලය -ත්‍රිතාල්

සැමා-සිරිලක-සුන්දර-ශ්‍රී-යසෝ-නිධාන
විඝන-හරණ-ශැත්‍ර-මථන-ප්‍රභූ
තේජ-ධනණ-ශාස්ත්‍ර-සතඟ-විභූ
පුන්‍ය-ධනය-සුමෘධි-ගුණ-භුරී-සුබ-පරමී

කීර්ති -ධරණී-පාල-ලොල//
ශ්‍රීමති-නරපති-ධීයා-කලීතා-
මහා-ප්‍රභවා-ජයෝ-භවතූ
හෙළදිව්-සුජනා-පරම-විලාස-//

මේ සමග පස්වෙනි ජෝර්ජ් රාජයානන්ට ස්තෝත්‍ර ගීතයක්ද ගායනා කරන ලදී

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුපියල් බිලියන 2කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය කිලෝ 120ක් සමග බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත් අඩංගුවට..

Next Post

ගැබිණි කාන්තාවක් ඇතුළු කාන්තාවන් 02ක් සමග පැහැරගෙන ගිය මෝටර් රථයක් පොලිසිය වෙඩි තබා නවත්වා ගනී… කාන්තාවන් දෙදෙනාට අනතුරක් නෑ….

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.