බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

රාජ නියමයෙන් මංගල හස්ථිරාජයා සරසන ඇහැලමල්පේ පරපුරේ රසකතා

ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර ලංකාසරට කියයි

by Lanka Sara Editor
ජූලි 27, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

  • රාජ නියමයෙන් ලද රාජකාරියක්.. මා මුලින්ම සැරසුවෙ රාජා ඇතා… ඒ 1974දි… එතකොට වයස 18යි
  • අද ඉන්නෙ ඇතුන්ගෙන් කරඬුව තියන රන්සිවිගෙය බඳින්න පුලුවන් හොඳම ඇතා ඉන්දි රාජා… නැදුන්ගමුවේ රාජා උස වැඩියි… 
  • රන්සිවි ගෙය, වත් පුටුව, ඇඳුම, ආලෝකය දෙන බැටරි එක්ක ඇතා පිට පටවන බර කිලෝ 400ට වැඩියි
  • 1992 දි මංගල හස්ථිය කුලප්පු වෙලා කරඬුව වෙන ඇතෙකුට පිට වැඩම වූ බව කවුරුත් දන්නෙ නෑ….

උඩරට පාරම්පරික කලා ශිල්පීන් තම කලා කුසලකා එළිදක්වන තෝතැන්න මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය යැයි කීම වරදක් නොවන්නේ දහස් ගණනක් ශිල්පීන් එකවර එහි රැඟුම්,ගැයුම්,වැයුම් ඉදිරිපත් කරන බැවිනි. දවුල, තම්මැට්ටම, හොරණෑව, තාලම්පට ඔස්සේ නැගෙන හඬට පාද තබන නර්තන ශිල්පීන් වසරක් පාසා මෙයට එක්ව අපමණ බැතියෙන් පෙළහර පාන්නේ එය දළදා වහන්සේ හා සතර මහ දෙවිවරුන් වෙනුවෙන් සිදු කරන්නාවූ පූජෝපහාරයක් බැවිනි. කලාකරුවන්ගේ කුසලතා දැක සිත්පිනා යන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සිත් පහන් වන්නේ විරාජමානව මංගල හස්ති රාජයා දෑලේ ඇතුන් සමඟ සධාතුක කරඬුව වැඩම කරත්දීය. උඩුවියන් සහිතව මංගල හස්තිරාජයා පාවඩ මතින් ඉදිරියට පා තබද්දී පෙරහර නරඹන බැතිමතුන්ගේ සාධු නදින් මුළු මහනුවර නෑවී ගිය වාර අනන්තය. නර්තන ශිල්පීන් සැම මංගල හස්තිරාජයාගේ ගමනට අනුව ගජගා වන්නමට අනුව රැඟුම් දක්වද්දී ගැයුම් හා වැයුම් ඉදිරිපත් කෙරෙන්නේද බොදු බැතිය ඔප් නැන්වෙන අයුරිනි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ පෙරහර සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගතව පවතින්නේ සාධාතුක කරඬුව වටා බවයි. මේ නිසාම සධාතුක කරඬුව වඩම්මන මංගල හස්තිරාජායා අන් සියල්ලට වඩා කැපී පෙනෙන ලෙස හැඩ ගැන්වීම රජ දවස පටන් එන චාරිත්‍රයකි. මෙය සියවස් ගණනාවක් තිස්සේ ඉටු කරනු ලබන්නේ ඇහැලමල්පේ පරපුර විසිනි. ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර දැන් වසර 46ක පමණ කාලයක් තිස්සේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා සැරසීමේ භාග්‍යය ලද එම පරපුරේ වත්මන් සාමාජිකයාය.

ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර

“අපේ පරම්පරාවට මේක රාජ නියමයෙන් ලැබුණු රාජකාරියක්. මගේ පියා එම්.පී ඇහැලමල්පේ. තාත්තා 1974 මිය ගියාට පස්සේ තමයි මම මේ රාජකාරිය බාර ගත්තේ.එතකොට මට වයස අවුරුදු 18 යි. තාත්තා එක්ක ඇතා පෙරහරට අන්දලා මට පළපුරුද්ද තිබ්බා. මේක අපේ පරම්පරාවේ උරුමයක් නිසා ඊළඟට රාජකාරිය බාර ගන්න ඉන්න කෙනා ඇතා අන්දන්න එකතු කර ගන්නවා. මගේ පුතා අනුෂ්ක බණ්ඩාර ඇහැලමල්පේ දැන් මාත් එක්ක ඇතා අන්දන්න එකතු වෙනවා. දළදා පෙරහරට අමතරව මාලිගාවේ වෙසක්,පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහර වලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.

පෙරහර කරඬුව වැඩම වන ඇතා අනිත් හැම ඇතාටම වඩා ලස්සනට ඉන්න ඕන. ඒ නිසා ඇතාට අන්දන්නේ ඉස්තරම්ම ඇඳුමක්. ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක. රන්සිවිගේ තියන්න කලින් ඇතාගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා. වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිටේ බැලන්ස් කරන එක හැමෝටම කරන්න බැහැ. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ. ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ.. ජයතිස්ස බණ්ඩාර ඇහැලමල්පේ පවසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

සධාතුක කරඬුව සහිත මංගල හස්ථි රාජයා..

දළදා පෙරහරේ අඩසියවසක් අඛන්ඩව සධාතුක කරඬුව වැඩමවූ රාජා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවූ ඇතෙකි. එවන් භාග්‍යයක් ලද හස්තිරාජයෙකු පිළිබඳව දළදා පෙරහර ඉතිහාසය තුළම අසන්නට නොලැබෙයි. වර්ෂ 1974 දී රාජා පෙරහරට සරසමින් සධාතුක කරඬුව වැඩම වන මංගල හස්තිරාජයා සැරසීමේ කාර්ය භාරගත් ඇහැලමල්පේගේ අතින් ඇතුන් හැඩවුණු වාර ගණන දහස් වතාවද ඉක්මවා ඇතත් ඔහු අතින් හැඩවුණු දළදා කරඬුව වැඩම වූ ඇතුන් ගණන ඉතා අඩුය. ඒ දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය සෑම ඇතෙකුටම හිමි නොවන නිසාය.

“රාජා ඇතාගෙන් පටන් ගත්තම කන්දා, ජයරාජා, රත්නපුර සමන් දේවාළයේ ඇතා, ගංගාරාමේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දි රාජා, සිංහ රාජා, තායි රාජා, මිගාර, ඒක දන්තයා, කතරගම වාසනා, නඳුන්ගමුවේ රාජා කියන ඇතුන්ව මම සරසලා රන්සිවිගේ තැනපත් කරලා තිබෙනවා. මේ ඇත්තු කීප දෙනෙක්ම මේ වෙනකොට මෙළොව හැර ගිහිල්ලා.“ ඇහැලමල්පේ පවසන්නේ හදවතේ නැගෙන තරමක වේදනාවක්ද සමඟිනි.

“නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහර කරඬුව වැඩම කරනවා. ඒ වෙනකාට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්න ඕන. දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ. එතන්ට කරඬුව වැඩම කරවන ඇතා නාවලා තමයි ගේන්නේ. මට ඇතා සරසලා, වත පුටුව බැඳලා, රන්සිවිගේ තැන්පත් කරලා, ලයිට් සේට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය 1 1/2 ක් විතර යනවා. රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්. උඩමාලේ සිටි නිළමේ තුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළ විසිනුයි. කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා එක්ක හැමදාම පෙරහරේ යනවා. පෙරහරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්. කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇඟේ හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා. එහෙම වුණාම කැතයි…“ ඔහු පවසන්නේ තම රාජකාරියේ ඇති වගකීම් සමුදාය පැහැදිලි කරමිනි.

“ සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. වම් දළය දකුණු දළයට වඩා ටිකක ඉහළින් පිහිටලා තියෙනවා නම් ඒක මංගල සලකුණක්. පාද සමඟ හොඬය ,වල්ගය හා ලිංගය පොළොව ස්පර්ශ වීමත් එවැනි සලකුණක්. මේ සලකුණු ඔක්කොම රාජාට තිබ්බා. රන් හා රිදී අලේප කරලා තියෙන රන්සිවිගේ කිලෝ 200 ක් විතර බරයි. වත පුටුවත් කිලෝ 50 ක් විතර බරයි. ඇඳුම් කට්ටලේ බරත් කිලෝ 50 ක් විතර වෙනවා. රන්සිවිගේ හා ඇතාගේ ඇඳුමේ දැල්වෙන බල්බ් වලට කරන්ට් එක දෙන්න ලොකු බැටරි 04 ක් යොදා ගන්නවා. ඒවත් කිලෝ 100 ක් විතර බරයි. මේ සියල්ල හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන. එහෙම වුණාම මට වැඩේ කරන්න පහසුයි. රාජා ඒ වගේ ඇතෙක් … දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි. නැඳුන්ගමුවේ රාජා උස වැඩියි. කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා.“

“ඉන්දි රාජා මේ වැඩේට දැන් හොඳට පුරුදුයි. ඉස්සර රාජා පාවඩේ එලනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේ නැහැ. පාවඩේ එලන්න ප්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා. ඉන්දි රාජාත් ඒ වගේ. හරියටම පාවඩේ මතින් යනවා. ඉන්දි රාජා තමයි දැන් අවුරුදු 20 ක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහර 10 කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුව්වා. රාජා බය සතෙක් නොවෙයි. ඒත් ඇතා කරඬුව තියෙන නිසා පාර කාගෙන හිටියා. පස්සේ දෑලේ ඇත්තු නැතුව කරඬුව වඩම්මගෙන මාලිගාවටම ආවා. දැන් ඉන්දි රාජා මේ උතුම් සත්කාරයට කැපවෙලා ඉන්නේ. මම ඇතා සරසන්න ගන්න කොට ඉන්දි රාජා දන්නවා ඊට පස්සේ කරන්න ඕන දේ…“

මංගල හස්ථි රාජයා දෑලෙ යන ඇතුන් සමග

රත්නපුර සමන් දේවාළයේ ඇතා 1992 සධාතුක කරඬුව වැඩම කරන්න සූදානම් කළා. ඇතා කරඬුව වැඩමවා ගෙන පත්තිරිප්පුව ළඟට ආවා විතරයි කුලප්පු වුණා. ඇත් ගොව්වටත් ගහලා ඇතා මහ මළුව පැත්තට දුවන්න ගත්තා .ඒ වෙනකොට පෙරහර රැජිණ හෝටලයත් පහුකරලා යනවා. කරන්නම දෙයක් නැති තැන නිළමේ තුමා කිව්වා පශු වෛද්‍යවරුන්ට ඇතාව නිර්වින්දනය කරන්න කියලා. නිර්වින්දන බෙහෙත් විඳලා විනාඩි 10-15 ක් විතර යනකොට ඇතා මහ මළුවේ වැටුණා. එතකොට ජයරාජා පෙරහරේ ගමන් කරමින් හිටියේ. නිළමේ තුමා කිව්වා රන්සිවිගේ ගලවලා ඉක්මනට ජයරාජාගේ බඳින්න කියලා. මම විනාඩි 30 ක් වගේ වෙලාවකින් ජයරාජාගේ පිටේ රන්සිවිගේ බැන්දා. එදා කරඬුව වැඩම කළේ ජයරාජා. එදා පෙරහර බලපු අයගෙන් කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් මෙහෙම දෙයක් වුණා කියලා දැන ගත්තේ නැහැ.“ ඇහැලමල්පේ අතීත රහසක් එළිකරමින් එසේ පැවසුවේය.

දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන හස්ති රාජයා සරසන්න පෙර පින් තියෙන්න ඕන. මේ පූජනීය භාණ්ඩ අතපාත ගානන් වරම් තියෙන්නේ කීප දෙනාටයි. පෙරහර කියන්නේ දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කරන පූජෝපහාරයක්. ඒ නිසා අපි මේකට කැපවෙලා ඉන්නේ. මළ ගෙයක් කිළි ගෙයක් වුණත් අපි පෙරහර කාලය තුළ ඒවාට යන්නේ නැහැ. මේ රාජකාරිය අපේ පවුලේ උරුමයක් කියලා ඥාතීන් පවා දන්නවා. කරඬුව වැඩම කරන ඇතා කවුද කියලා තීරණය කරන්නේ නිළමේ තුමා. ඒ ඇතාව ලස්සනටම සරසලා කරඬුව ආරක්ෂා සහිතව වැඩම කරවීමට සැලස්වීම තමයි රාජකාරිය. ඒක මම මැරෙන කල් කරනවා… “ඇහැලමල්පේ එසේ පවසන්නේ දළදා වහන්සේ කෙරෙහි පවතින අපමණ බැතියෙනි.

 

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මුහුණ වසාගත් පිරිස් යළිත් ශ්‍රී ධරන්ගේ හා සුමන්තිරන්ගේ අනුරූවලට ගිනිතියති

Next Post

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නැති සංචාරක ව්‍යවසායකයන්ටත්  කොවිඩ් සහන ලබා ගැනීමේ අවස්ථාවක් 

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.