සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

by editor
මැයි 14, 2022
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි ලාංකිය බෞද්ධයින්ට  අන් සෑම උත්සවයකටත්   වඩා වෙසක්  මංගල්‍ය   ඉතා වැදගත්ය. අනුරාධපුර යුගයේ පටන් අපේ ඇත්තන් වෙසක් උත්සවය මහ ඉහලින්  සැමරුහ. 

වෙසක්‌ උත්සවය ආරම්භවී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් කලක්‌ ගතවූ පසුය. දේවානම්පියතිස්‌ස රජතුමා වෙසක්‌ උත්සවය ආරම්භ කළ බව ජන වහරේ පැනේ. එහෙත් ඒ පිළිබඳ ලිඛිත සාක්‍ෂි නම් නැත. මහා වංසයේ සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමන් වෙසක්‌ පූජා විසිහතක්‌ කළ බවය. ඉන්දියාවේදී තමන් දුටු වෙසක්‌ පෙරහැරක්‌ පිළිබඳ පාහියන් නම් චීන භික්‍ෂුව සිය වාර්තාවේ සඳහන් කොට ඇත්තාහ. 

බුද්ධරූප නා නා මාදිලියේ රථවල තබාගෙන ගිය ආකාරය එම වාර්තාවේ සඳහන් වන්නේය. ෆාහියන් හිමි දුටු  මෙම පෙරහැර පවත්වා ඇත්තේ වෙසක්‌ මාසයේ අටවෙනිදාය. 

පෙර රජ සමය..

භාතිකාභය රජු ක්‍රි.ව. 38-67 වෙසක්‌ උත්සව විසි අටක්‌ කළ බව සඳහන් වේ. බුද්ධ රූප තනා රථයක තබා වීථි සංචාරය කරමින් මෙම වෙසක්‌ උත්සවය පවත්වා තිබේ. එමෙන්ම මෙකී වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට කෑම බීම දුන් බවද සඳහන් වේ.
එදා මෙන්ම අද ද වෙසක්‌ පොසොන් යන පෝයන්වලදී ලබාදෙන දන්සල් ක්‍රමය ජාතක  කතා ඇසුරිමන් අපේ සංස්කෘතික ක්‍රිකාරකමක් බවට පත් වූවකි. දන්සල් දීමේ ක්‍රමය පෙර රජ දවස පටන් ආරම්භ වී තිබිණි.

මහා විජයබා රජුගේ අඹගමු ලිපියේද නිශ්ශංක මල්ල රජුගේ ලිපි රාශියකද ගිහි පැවිදි සියල්ලන් සඳහා දන්සල් පැවැත්වූ බව සඳහන් වේ.  දන්දීම වෙසක්‌ උත්සවය සමග එකට බැඳී තිබේ. එමෙන්ම වසභ රජතුමාද ඔටුනු පලන් වර්ෂයේ සිටම පිළිවෙළින් වෙසක්‌ උත්සව 44 ක්‌ පැවැත්වූ බව සඳහන් වේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනුරාධපුර යුගයේ සිටි බොහෝ රජවරු වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සව පවත්වා තිබේ. වෝහාරික තිස්‌ස රජු වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ලක්‌දිව සියලු භික්‍ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කොට ඇති බැව් වසංකතාවල පෙනේ.  ගෝඨාභය රජතුමාද වෙසක්‌ උත්සවය මහ ඉහළින් පවත්වා භික්‍ෂූන් වහන්සේලා තිස්‌දහසකට සිවුරු පූජා කළේය. 

එකල වෙසක්‌ උත්සවයේදී චීවර පූජා කිරීම විශේෂ කරුණක්‌ වී තිබිණි. ජෙට්‌ඨතිස්‌ස රජතුමාද වෙසක්‌ උත්සවයේදී භික්‍ෂූන් වහන්සේලාට චීවර පූජාව කළ රජ කෙනෙකි. මුගලන් රජතුමා වෙසක්‌ උත්සවය චාරිත්‍රානුකූලව කළ බැව් වංශ කතාවල සඳහන් වන්නේය. 

වෙසක්‌ උත්සවය පැවැත්වීම සඳහා සම්මත නීති මාලාවක්‌ එකල තිබී ඇති බවද පැවසේ. වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සවය පැවැත්වීම, වෙසක්‌ උත්සවය ආරම්භ කළ යුතු ආකාරය, ආරම්භ කරන්නේ කුමකින්ද යනු ඒ නීති මාලාව බවද සඳහන් වේ.

දෙවන සේන රජතුමා විසින් පවත්වන ලද වෙසක්‌ උත්සවයක්‌ ගැනද මහා වංශයේ සඳහන් වේ. මෙම වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට ආහාර පාන දුන් බවද සඳහන්ය. පංචතූර්යනාද පවත්වා කොඩි කුඩ සේසත් ඔසවා මහා පරාක්‍රමබාහු රජතුමාද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ඇත.දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින්ද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා තිබේ. පූජාවලියේ දක්වන එම විස්‌තරයට අනුව පැරැණි වෙසක්‌ උත්සවයක අසිරිය විස්‌තර කොට ඇත්තේය.

“හේ ඊතලයක්‌ සේ සමකරවා පස්‌රියනකට රජ තොරණක්‌ හා දස රියනකට පිළි තොරණක්‌ හා සියක්‌ යොදුනකට තුන්මහල් පිළි මාළිගා බැගින් නිමවා මග සුදු වැල්ලෙන් තවරා දෙපස ධජ පුන් කලස්‌ තනා වෙහෙර පවුරු සිසාරා බුද්ධ පූජාවට ආ මේඝ රාජයාගේ ඉන්ද්‍රචාප සහශ්‍රයන් බඳුවූ විචිත්‍ර චිත්‍ර කර්මාන්තයන්ගෙන් හොබනා මහත්වූ තොරණ සහශ්‍රයෙන් හා බුදුන් පුදම්හ“යි පූජාවලියේ දැක්වෙයි. පැරැණි වෙසක්‌ උත්සවය පැවැත්වූ ආකාරය ගැන පූජාවලියේ දීර්ඝ වශයෙන් විස්‌තර කොට ඇත්තේය. 

කොළඹ යුගයේද උසස්‌ අන්දමින් වෙසක්‌ පිංකම් පවත්වා තිබේ. මේ යුගයේදී පැවැති වෙසක්‌ උත්සව වලදී ප්‍රධාන තැනක්‌ ගෙන ඇත්තේ වෙසක්‌ තොරණ හා දන්සල්ය. පෙර රජ දවස මෙන්ම වර්තමානයේද වෙසක්‌ උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබේ.

නුදුරු අතීතයේ වෙසක් මතක

මිට  දශක කිහිපයකට පෙර  හෙලයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත ගම්පෙරලිය නව කථාවේ නාමල් පුජාව සදහා පියල්,නන්දා ,අනුලා,මාතරහාමිනේ,බලදාස පරගොඩ රජමහා විහාරස්ථානයට ගිය අයුරු හරි අපුරුවට විස්තර කොට ඇත්තේය. ගම්සභාපාරවල් වනරොදවල් පසුකරමින් කරත්ත හා තිරික්කල වලින් වන්දනාකරුවන් පරගොඩ විහාරස්ථානයට ගිය අයුරු හරි අපුරුය. ‘

මැත කාලයේ වැඩි වශයෙන් වෙසක් තොරන් හා දන්සැල  දක්නට ලැබෙන්නේ  අග නගරයේය.   ගම්වැසියන්  විසින් 50 දශකයේ දි වෙසක් සැමරු අයුරුද හරි අපුරුය එකල ගම්මුන් වෙසක් බැලිම සඳහා ගම්වල සිට නගරවලට ගියේ බරකරත්තවලිනි. ඇතමුන් පාගමනින් ගමන් කළහ. තවත් තැනක ටිටර් මඩුවකි. සමහර තැන්වල දන්සැල් හා වෙසක්  තොරන්ය.. 

පොද්දල පහලකිඹියේ පදිංචි පොරඹ ලියනගේ පියදාස සීයාගේ දැන් වයස අවුරුදු සියයකි. සිව්දරුපියෙකු වු හේ විශ්‍රාමික වරාය සේවකයෙකි. ඒකාලයේ පැරන්නෝ වෙසක් සැමරු අයුරු  පියදාස සීයා විස්තර කළේ මේ අයුරිනි.

“ඒ කාලයේ  අපි  ගමේ අයත් එකතුකරගෙන වෙසක් බලන්න ගාලු නගරයට ගියේ බරකරත්තවලින්.  ඒ කාලයේ ගම්වල මෙන්ම නගරවලද වෙසක් තොරන් දන් සැල් දක්නට ලැබුනා. බඩවැටියේ තියෙන  බටගස් කපාගෙන ඇවිත් බටපතුරු සුද්දාකරලා අටපට්ටම් කුඩු තමයි හැදුවේ. ඔට්ටපාලු තමය වෙසක් කුඩු බැදිමට යොදාගත්තේ. 

ඒ කාලයේ මට මතකයි කහදුවවත්තේ, කිඹියේ, බද්දේගම යන ප්‍රදේශවල මාර්ගයේ  පිංතාලි  තබා තිබුනා. වෙසක් උත්සවය මාස තුනකට කලින් තමයි ගමේ ළමුන් එකතුකරගෙන කැරොල් කණ්ඩායම හදන්නේ. පස්සේ මේ   දරුවන්ට  බෞද්ධ ගිත පුරුදු කරණවා . ගිත හයක් එක්ක නැටුමක් පුරුදු කරණවා.බුද්ධා ලම්බන ප්‍රිතිය  ඇතිවන ගිත තමයි ගායනා කළේ. මෙවා කළේ සංගිත මාස්ටර්  කෙනෙක්. කැරොල් කණ්ඩායම හැම නිවසකටම වගේ යනවා. යන්න කලින් නිවැසියන් දැනුවත් කිරිමට ද  කටයුතු කරණවා. ප්‍රෙට්‍රල් ලාම්පුවෙන් තමයි ආලෝකය සැපයුවේ. පෙට්‍රල් ලාම්පුව තියන්න  බට පතුරුවලින්  කුඩයක් වැනි කවරයක් හදා ගන්නවා.ඒ වටේ විවිධ වරණයෙන් යුත්  සෙලෝපින් කොළ අලවනවා. පෙට්‍රල් ලාම්පුව ඒ මත තබා කරකවනවා.  ඒ මගින් තමයි ආලෝකයට විවිධ වර්ණ ලබා ගත්තේ ගමේ හැම ගෙදරකටම කැරොල් කණ්ඩායම යනවා. ගේ මිදුලේ තමයි මෙක රංග දක්වන්නේ .  රංග දැක්වුවාට පසුව   තෑගි භෝග පවා දෙනවා.  පියදාස සීයා කිවේය.

ටිටර් මඩු

වෙසක් උත්සව කාලයේ දි වෙසක් තොරන්,සැරසිලි, කැරොල්වලට අමතරව එකළ  විහාරස්ථාන ආශ්‍රිත ටිටර් මඩු දක්නට ලැබුණි. ටිටර් නාට්‍ය නිර්මානය කොට තිබුණේ පන්සියපනස් ජාතකකථා වස්තුවේ එන  ජාතක කථාවක් ඇසුරෙනි. ඒ කාලයේ දි ටිටර් නාට්‍ය ඉතා ජනප්‍රියව පැවතිනි.    බෞද්ධ දර්ශනය පමණක් නොව  ගුණධර්ම ජනතාව අතර සංනිවේදනය කිරිමට  ටිටර් වලින්  ලැබුණේ දැඩි පිටුවහලකි.

මිට දශක  කිහිපයකට පමණ ඉහතදි වෙසක් පෝ දිනට පමණක් නොව සැම පෝය දිනයකදිම පාහේ  විහාරස්ථාන ආශ්‍රිතව ටිටර් රඟදක්වනු ලැබිය. පන්සල් භූමියේ මඩුවක් ගසා වේදිකාවක් ඉදිකොට ටිටර් පෙන්විමට එදා අපේ ගැමිජනතාව පුරුදුව සිටියහ.  ටිටර් පෙන්විම සදහා වේදිකාව නිර්මාණය කරන්නේ පොල්කොට  වලිනි. තිරවලට ගත්තේ විවිධ වර්ණයෙන් යුත් සාරිය.  තිර එහාමේහා කිරිමට පිරිසක්ද සිටිති.. නළුවන් ගමේ කොල්ලෝ කුරුට්ටන්ය. සංගිතය සපයා ගැනිම සදහා සංගිත මාස්ටර් කෙනෙකුගේ සහාය ලබා ගන්නේය.   එකළ ගම්මානවල විදුලිය තිබුණේ නැත.. නාට්‍ය සදහා විදුලි අලෝකය ලබා ගත්තේ  ජෙනරේටර් මගිනි. එකළ ගම්වල ටිටර් පෙන්විම සඳහා වෙනම කලාකරුවෝ පිරිසක් සිටියහ. ඒ කලාංගය අද අපේ සමාජයේ නැත. 

“ ඒ කාලයේ අපි වෙසන්තර ,කාලගෝල, අංගුලිමාල, වැනි බෞද්ධ නාට්‍ය ටිටර්වල පෙන්වුවා. සමාජ නාට්‍යයත් නිර්මාණය කරලා පෙන්වුවා. ඇත්තටම ඒ කාලයේ  ගම්මුන් විශාල වශයෙන් එනවා ටිටර් බලන්න.  එකල ගම්වල වෙසක් නාට්‍යවලට අමතරව නරකාදිය විදහා දක්වන අයුරුත් ප්‍රදර්ශනය කරණු ලැබුවා. එහෙත් ඒ කාලයේ දරුවන් බය කරණ හොල්මන් ගුහා ප්‍රදරශනය කෙරුණේ නෑ… දන්සැල්  වල තිබුණේ සිංහල හාලේ බත්,වට්ටක්කා, පුහුල් හොදි, සැරට සාදනු ලැබු සම්බෝලයක්. කාලානුරූපීව සියලල් වෙනස් වෙනවා….   කලාශුරි කොට්ටව සිරිසේන රාළහාමි එදා පැරැන්නන් වෙසක් සැමරු අයුරු  විස්තර කළේය.

එහෙත් මෙදා වෙසක් ගෙවෙන්නේ  වෙන කවරදාටත් වඩා වෙනස් දුක්ඛිත විදිහටය. සමාජය ඔත්පලව ඇත. බලාපොරොත්තු නැත. සැමරුම් සඳහා ප්‍රහර්ෂවත් මානසිකත්වයක් නැත. ඉතිහාසයේ දුක්ඛිතම වෙසක් උළෙලක් ගෙවමු. එක් අතකින් මේ වෙසක් උත්සවය ලෝක ධර්මතාවයන් පිළිබඳ ගැඹුරින් සිතා බැලීමට කෙරෙන නිමිත්තක් සපයනු වැන්න.  

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලක්ෂ්මන් හුළුගල්ල දිවි ගමන නිමා කරයි…

Next Post

නවසීලන්තයෙන් දරුවන්ට කන්න දෙන්න ඩොලර් ලක්ෂ 05ක ආධාරයක්…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.