fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

දොඩන්දූවේ ජාඩි පුරාණය

1 වසරක් ago
in සංස්කෘතිය
459 5
0
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාඩි කර්මාන්තයත් දොඩන්දුවේ ධීවරයිනුත්  අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ සැබදියාවකි.    දොඩන්දුවේ ධීවරයින්  හා ජාඩි අතර  ඇත්තේ ඉතිහාසගත කථාන්දරයකි.  ජි.ඒ ලෙස්ලි ගාමිණි   විසින් රචිත පුරාණ ලංකාවේ වරායන් පිළිබඳ කෘතියේ ජාඩිගෙන ආ දොඩන්දුව වෙළෙන්දන්  ගැන හරි අපුරුවට විස්තරකොට ඇත්තේය.

දොඩන්දූවේ ජාඩි වරාය

එම කෘතියේ  දැක්වෙන පරිදි  එකළ දොඩන්දුව උතුරු සිමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. දොඩන්දුව වරායෙන් ගොඩබැස ජාඩි පිප්ප ඇතුළු භාණ්ඩ  තැන්පත් කරනු ලැබුවේ මෙම  රේගු ගොඩනැගිල්ලෙහිය. රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි. 1970 වර්ෂයේ දි මෙම ගොඩනැගිල්ල කොහු කර්මාන්තය සඳහා කුඩා කර්මාන්ත දේපාර්තමේන්තුවට පවරා ගැනුණි. එකවර දොළොස් දෙනෙකුට පමණ ගමන් කළ හැකි   රුවල් නැවක විශාල ජාඩි පිප්ප 320ක් පමණ ප්‍රවාහනය කළ හැකිය. කෙසේවුවද 1930 වර්ෂයේ දී ලොඩ් ක්ලයිවිදි  නැමති නෞකාව විනාශවිමත් සමග  දොඩන්දුව වරායේ ක්‍රියාකාරිත්වය නතර විය.

ජාඩි දැමූ මාළු

එහෙත් රුවල් නෞකා 1967 වර්ෂය වනතෙක් දොඩන්දුව වරායට සෙන්දුවි තිබේ.  ඉන්දියාවෙන් ගෙනඑනු ලැබු ජාඩිවලට අමතරව  පුත්තලමේ සිට දොඩන්දුවට කරවල රැගෙන එනු ලැබුවේ ද මෙම  රුවල් නෞකා මගිනි. දොඩන්දුවේ ධීවරයින්  ත්‍රිකුණාමලය, මඩකළපුව කිරින්ද, මන්නාරම යන වරායන් සමග ද ගනුදෙණ කළහ.

ඉන්දියාවේ ජාඩි

ඒ කොයිහැටිවුවද. එකළ වැල්ලකරයේ ජනතාව අතර ජාඩි මාළුවත් රතු කැකුළුහාලේ බතුත්  පොල් සම්බෝලයත් ඉතා ජනප්‍රිය ආහාර වෙලකි. එකල මුහුදුකරයේ  සැම නිවසකම පාහේ මුළුතැන්ගෙයි ජාඩි මුට්ටයක් දක්නට තිබුණි. සැබවින්ම ජාඩි මාළුව රස නහර පිනා යන කෑම විශේෂයෙකි.   එකළ ඉන්දියාවේ කොචින් නගරයේ සිට  රුවල් නෞකා මගින් රැගෙන එනු ලැබු ජාඩි  හා කරවල, කැලිකට් උළු වළං   ගොඩබානු ලැබුවේ දොඩන්දුව වරායෙනි. එකළ ඉන්දියාවේ සිට ජාඩි දොඩන්දුව  වරාය වෙත රැගෙනවිත් ඇත්තේ පිප්පවල බහා රුවල් නෞකා මගිනි. දොඩන්දුව වරාය වෙත රැගෙන එනු ලැබු ජාඩි පීප්ප නගරවලට  හා  ගම්මානවල බෙදාහැර ඇත්තේ බරකරත්ත මගිනි. මේ සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාඩි කඩද ඇතිවිය. ඒ විතරක්  නොව දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මාළු මුදලාලිලා ඉන්දීය ධිවරයන්ගෙන් මාළු මිලදිගෙන ජාඩි කාර්මානයේ නිරතව ඇත.

ජාඩි දැමිම සඳහා  මාළුගෙනවිත් දෙන අය හැදින්වුයේ  කොමිස්කාරයින්  යනුවෙනි.  ජාඩි දැමිම සඳහා යොදාගනු ලැබුවේ ඉන්දියන් වෙඩිලුණුය. නැතිනම් පොකුරු ලුණුය.   දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මුදලාලිලා  මෙරටින් ගිය ශ්‍රමිකයින් ලවා ජාඩි සකස්කොට පිප්පවලට බහා රුවල් නෞකා  මගින් දොඩන්දුව වරාය වෙත රැගෙන එනු ලැබිය.

ජාඩි දාන්න ඉන්දියාවට ගිය දොඩන්දූවේ මිනිස්සු

එමෙන්ම දොඩන්දුවේ සිටි දක්ෂ වඩුකාර්මිකයින්  ජාඩි පිප්ප සැදිම සදහා ජාඩි මුදලාලිලා විසින් ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඉන්දියාවේ මල්පේ සුවත් කැනරා ප්‍රදේශයේ  එකළ ජාඩිකර්මාන්තය ජයටම සිදුකරගෙන ගොස් ඇත. එක් කණ්ඩායමකට හතලිහක පනහක පමණ පිරිසක් ජාඩි මුදලාලිලා විසින් රැගෙන යනු ලැබිය. මෙකී වඩු කාර්මිකයින් හා ශ්‍රමිකයින් දුම්රියෙන්  තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්ලේ ප්‍රදේශයට ගොස් තිබේ. මේ ගමනට දින දෙකහමාරක් පමණ ගතවි තිබේ..

එකළ ජාඩි පිප්ප සැදිම සදහා ඉන්දියාවට යන වඩු කාර්මිකයෙකුට රජය මගින් රුපියල් තුන්සියයක සහනාධාරයක්ද ලබාදි තිබේ. මෙකී  කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යලි මෙරටට පැමිණෙති. රුවල්  නැවු මගින්  දොඩන්දුව වරායට රැගෙන එන ජාඩි පීප්ප   ජාඩි මුදලාලිලා විසින් රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනිමට කටයුතු කරණු ලැබීය.

ඒ කොයිහැටිවුවද 1970 වර්ෂයෙන් පසු  ඉන්දියන් ජාඩි දොඩන්දුවේ දි දක්නට නොලැබුණි.

ජාඩි හදන අත්ගුණය

කේ.එච් නිරෝෂා, අයේෂා සදමාලි, චන්ද්‍රිකා රෝහිණි

එහෙත් ජාඩි කර්මාන්තයේ නිරත කතුන් කිහිප දෙනෙකු  දොඩන්දුවේ දී අපට හමුවිය.  ස්වයං රැකියාවක් නැතහොත් ගෘහ කර්මාන්යක් ලෙස මෙම කතුන් ජාඩි කර්මාන්තයේ නිරතව සිටිති. දොඩන්දුව වැල්ලඅද්දර පදිංචි කේ.එච් නිරෝෂා (37)   ජාඩි කර්මාන්තයේ නිරත අයෙකි.

“හැමෝටම   ජාඩි දමන්න බැහැ. අත්ගුණයත්  තියෙන්න ඕන. නැතිනම් පණුවෝ දමනවා . මාළු කපලා බඩවැල් අයින් කරනවා. කරිජ්ජවලින්  හෝදලා ලුණු ගොරක දමලා  මුට්ටියක දමලා තියෙනවා. මාසයක් විතර ගියාට පස්සෙ ජාඩි  හැදෙනවා .

ජාඩි කිලෝවක් රුපියල් 600ක් විතර  වෙනවා. ජාඩි තියාගන්න පුළුවන් මාස දෙකක් පමණ කාලයක්.  ඊට පස්සේ කහ ගැහෙනවා. මාළු වැඩියෙන් හසුවෙනකොට  වැඩිපුර ජාඩි දමනවා. ඒත් දැන් ජාඩි විකුණාගන්න  ක්‍රමයක් නැහැ. ජාඩි දිනපතා මිලදිගන්න වැඩපිළිවෙළක් තියෙනවානම් අපිට හැමදාම ජාඩි දමන්න පුළුවන්. ඇත්තටම මේ කර්මාන්තය මේ ප්‍රදේශයේ කාන්තාවන් අතර ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා රජය මැදිහත් වෙලා වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.“ නිරෝෂා කිවාය.

එම් ඩබ්ලිව් අයේෂා සදමාලි (31) ජාඩි කර්මාන්තයේ නිරත ගෘහණියකි. “ජාඩි දමන්න අම්මාගේන් තමයි ඉගෙන ගත්තේ.  අද ජාඩි වලට  වෙළද පොළක් නැහැ. කර්මාන්තයක් විදිහට ඒක අභාවයට යන විදිහක් තියෙන්නෙ.  ලින්නා  ජාඩි අලෙවිකරගැනිමේ තියෙන ගැටළු නිසා මේ ප්‍රදේශයේ කාන්තාවන් ජාඩි දැමිමේ කර්මාන්තයෙන් ඇත්වෙලා“ අයෝෂා සඳමාලි කිවාය.

ජාඩි මාළුව හදන හැටි –

ජාඩි කරිය

චන්ද්‍රිකා රෝහිණි (45) ජාඩි දැමිමේ නිරත පළපුරුදු කාරියකි. “ජාඩි හදන්න ගන්නෙ බලයි, අල‍ගොඩුවෙ වගෙ මාළු. ජාඩි හොඳ රහ කෑමක්. එත් අපේ කාන්තාවො ගොඩ දෙනෙක් ජාඩි උයන්න දන්නෙ නෑ.   ඒ නිසා ඉල්ලුම අඩුයි.  ඇතමුන් කියනවා ජාඩිවල පණුවෝ දානවා කියලා. එවා බොරු කතා. ජාඩි හදාගන්න දන්වා නම් හරිම රසවත් ආහාරයක් . ජාඩි උයන්නත් හරි පහසුයි.

ඇය ජාඩි හදාගන්නා අයුරුත් අපට කීවාය.

“ජාඩි අරගෙන ටික වෙලාවක්  පෙගෙන්න වතුරේ දමලා තියෙනවා. ඊට පස්සේ ලුණු තක්කාලි දමලා. මිරිස් කහ ගොරකා කිරි දමලා තැබෙන්න තියනවා.  පස්සේ ‍තෙල් ටිකක් රත්කරලා තෙම්පරාදුවක් දාලා ගන්නව.  ජාඩිත් එක්ක බත් කන්න පොල් මැල්ලුම තමයි හරියන්නේ. “  චන්ද්‍රිකා සිනාසෙමින් පැවසුවාය.

ජි මානවඩු (58)  හැවිරිදි මවකි. ඇය අප හා කතාබහට එක් වූවාය. “ අපි පොඩි කාලෙත්    මේ පැත්තේ ඇත්තො   ජාඩි කර්මාන්තය ඉතා සරුවට කරගෙන ගියා.  හොඳ ආදායමක් ලැබුවා.  නමුත් දැන් ජාඩි කර්මාන්තය   අභාවයට ගිහින්.  ඒ කාලයේ ජනප්‍රියම ජාඩි තමයි කුම්බලා ජාඩි.   ජාඩි දානවා කියලා කියන්නේ මාළු කල් තබා ගැනිමේ ක්‍රමයක්. මාළු කල්තබා ගැනීමට   වර්තමානයේ නවින තාක්ෂණික මෙවලම් තියෙන නිසා ගොඩක් අය මේ කර්මාන්තයෙන් අයින්වෙලා.“ ඇය කියන්නී ඇයගේ අතීත ජීවිත සම්ප්‍රදාය ගැනය.

දොඩන් දූවේ ජාඩි කඩ 

ඒ එල් නන්දසේන  දොඩන්දුවේ  පදිංචි ධිවර කාර්මිකයෙකි.  ඔහු අතීත මතකය අවදි කළේය.

ජී මානවඩු, ඒ. එල්. නන්දසේන

“ ඒ කාලයේ දොඩන්දුව ජාඩි කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයක්.  මගේ මතකේ හැටියට දොඩන්දුව පාළම    දෙපැත්තේ ජාඩි කඩ 22ක් තිබුණා. දොඩන්දුවේ අය ඉන්දියාවට ගියා ජාඩි දමන්න. ජාඩි මුදලාලිලා තමයි පාස්පෝට් හදලා  ඒ අය ඉන්දියාවට රැගෙන ගියේ.  ඉන්දියාවේ මලිපේ ප්‍රදේශයට ගහින් ජාඩි දමලා පිප්පවල පටවලා දොඩන්දුවට එව්වා. ඒ කාලයේ ජාඩි පිප්ප විශාල සංඛ්‍යාවක් ගොඩබලා    රේගුවේ තැන්පත් කරලා තිබුනා.  ජාඩි දැමිමට ගන්නා කුම්බලා මාළුවෝ දෙන්න ශත පහයි. ඒ විතරක්  නෙවෙයි කැලිකට් උඵත් රැගෙන ආවා. ඒ කාලයේ දොඩන්දුව  ජාඩිවලට විතරක් නොවෙයි කැලිකට්  උළුවටලත් ප්‍රසිද්ධයි.   තවමත් මාළු මුදලාලිලා ගමේ කාන්තාවන්  ජාඩි කර්මාන්තයේ නිරතවෙලා ඉන්නවා“  නන්දසේන කීවේය.

එකළ   පුත්තලමේ ද ජාඩි කර්මාන්ය පවත්වාගෙන යනු ලැබීය. ලුණු අත ළඟම තිබෙන නිසා මාළු ලුණු දමා වේලීමද  ජාඩි දැමිමද  පුත්තලමේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්වූයේය.

“ ජාඩි කර්මාන්තය බොහෝ සේ දියුණු කළ හැකි කර්මාන්තයක්  මෙන්ම  මුදල් ගලාගෙන  එන මාර්ගයක් කරගත හැකිය.  නමුත් අප තවම පැරණි  නොදියුණු ක්‍රම මත යැපෙන බැවින් ඒ කර්මාන්තයේ දියුණුවක් දක්නට නැත. “ –  බ්‍රෝහියර් හඳුනාගත්  ලංකාව කෘතියේ පුත්තලමේ ජාඩි කර්මාන්තය ගැන ඔහු එසේ සඳහන් කොට ඇත. එදා බ්‍රෝහියර් කී කතාව අද දොඩන්දූවට වලංගුය පාරිභෝගිකයින්ට ප්‍රියමනාප අයුරින්  නවින උපක්‍රම භාවිතාකරමින් ජාඩි වෙළඳපොළ වෙත හඳුන්වා දුනහොත් දොඩන්දුවේ  ආර්ථිකය ගොඩනැගෙනු ඇත.

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

Next Post

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

Related Posts

වංසකතා හෙළි කරන මහින්දාගමනයේ අසිරිය…

ජූනි 20, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

මාර්තු 7, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist