බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ඉතිහාසයේ කියැවෙන වෙසක් පවත

by editor
මැයි 26, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි ලාංකිය බෞද්ධයින්ට  අන් සෑම උත්සවයකටත්   වඩා වෙසක්  මංගල්‍ය   ඉතා වැදගත්ය.  කොරෝනා වසංගතයත් සමග අපේ ඇත්තන්ට  නිවසේ සිට සම්බුදු තෙමගුල සැමරිමට සිදුවි තිබේ. කෙසේ වුවද රජ කාලයේ පටන් අපේ ඇත්තන් වෙසක් උත්සවය මහ ඉහලින්  සැමරුහ. එකල රජවරු වෙසක් උත්සවය සැමරු අයුරු බෞද්ධ පොත් පත්වල හරි අපුරුවට විස්තර කොට ඇත්තේය.

වෙසක්‌ උත්සවය ආරම්භවී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් කලක්‌ ගතවූ පසු බවද පැවසේ. දේවානම්පියතිස්‌ස රජතුමා වෙසක්‌ උත්සවය ආරම්භ කළ බවද පැවසේ. එහෙත් ඒ පිළිබඳ ලිඛිත සාක්‍ෂි නම් නැත. මහාවංශයේ සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමන් වෙසක්‌ පූජා විසිහතක්‌ කළ බවය. ඉන්දියාවේදී තමන් දුටු වෙසක්‌ පෙරහැරක්‌ පිළිබඳ පාහියන් නම් චීන භික්‍ෂුව සිය වාර්තාවේ සඳහන් කොට ඇත්තාහ. 

බුද්ධරූප නා නා මාදිලියේ රථවල තබාගෙන ගිය ආකාරය එම වාර්තාවේ සඳහන් වන්නේය. මෙම පෙරහැර පවත්වා ඇත්තේ වෙසක්‌ මාසයේ අටවෙනිදාය. භාතිය රජු ක්‍රි.ව. 38-67 වෙසක්‌ උත්සව විසි අටක්‌ කළ බව සඳහන් වේ. බුද්ධ රූප තනා රථයක තබා වීථි සංචාරය කරමින් මෙම වෙසක්‌ උත්සවය පවත්වා තිබේ. එමෙන්ම මෙකී වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට කෑම බීම දුන් බවද සඳහන් වේ.

එදා මෙන්ම අද ද වෙසක්‌ පොසොන් යන පෝයන්වලදී ලබාදෙන දන්සල් ක්‍රමය ජාතක කතා පරිශීලනය කිරීමෙන් අපට ඇබ්බැහි වූවකි. දන්සල් දීමේ ක්‍රමය පෙර රජ දවස පටන් ආරම්භ වූවකි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

 මහා විජයබා රජුගේ අඹගමු ලිපියේද නිශ්ශංක මල්ල රජුගේ ලිපි රාශියකද ගිහි පැවිදි සියල්ලන් සඳහා දන්සල් පැවැත්වූ බව සඳහන් වේ. දොර දන්දීම වෙසක්‌ උත්සවය සමග එකට බැඳී තිබේ.එමෙන්ම වසභ රජතුමාද ඔටුනු පළන් වර්ෂයේ සිටම පිළිවෙළින් වෙසක්‌ උත්සව 44 ක්‌ පැවැත්වූ බව සඳහන් වේ. අනුරාධපුර යුගයේ සිටි බොහෝ රජවරු වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සව පවත්වා තිබේ. වෝහාරික තිස්‌ස රජු වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ලක්‌දිව සියලු භික්‍ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කොට ඇති බැව් බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.ගෝඨාභය රජතුමාද වෙසක්‌ උත්සවය මහ ඉහළින් පවත්වා භික්‍ෂූන් වහන්සේලා තිස්‌දහසකට සිවුරු පූජා කළේය. එකල වෙසක්‌ උත්සවයේදී චීවර පූජා කිරීම විශේෂ කරුණක්‌ වී තිබිණි. 

ජෙට්‌ඨතිස්‌ස රජතුමාද වෙසක්‌ උත්සවයේදී භික්‍ෂූන් වහන්සේලාට චීවර පූජාව කළ රජ කෙනෙකි.මුගලන් රජතුමා වෙසක්‌ උත්සවය චාරිත්‍රානුකූලව කළ බැව් වංශ කතාවල සඳහන් වන්නේය. වෙසක්‌ උත්සවය පැවැත්වීම සඳහා සම්මත නීති මාලාවක්‌ එකල තිබී ඇති බවද පැවසේ. වර්ෂයක්‌ පාසා වෙසක්‌ උත්සවය පැවැත්වීම, වෙසක්‌ උත්සවය ආරම්භ කළ යුතු ආකාරය, ආරම්භ කරන්නේ කුමකින්ද යනු ඒ නීති මාලාව බවද සඳහන් වේ.

මිහින්තලා සෙල් ලිපියේ මඟුල් ජෙටක්‌ යන පදය සඳහන් වන බව පොත්පත්වල සඳහන් වෙනවා. ඇත්තටම එකල බුද්ධාභිෂේක ආදී උත්සව සංවිධානය කිරීමට පිරිසක්‌ පත් කරලා තියෙනවා. මගුල් ජෙට්‌ තමයි එහි ප්‍රධානියා බවට පොත පතේ සඳහන් වන්නේ. මේ අනුව පෙනී යනවා වෙසක්‌ උත්සවය සංවිධානය කිරීමට පිරිසක්‌ සිටි බැව්. ගාලු කඩවත් සතර හා තල්ප පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන හිමියන් එසේ පවසන්නාහ.

දෙවන සේන රජතුමා විසින් පවත්වන ලද වෙසක්‌ උත්සවයක්‌ ගැනද මහා වංශයේ සඳහන් වේ. මෙම වෙසක්‌ උත්සවයේදී දුගී මගී යාචකයන්ට ආහාර පාන දුන් බවද සඳහන්ය. පංචතූර්යනාද පවත්වා කොඩි කුඩ සේසත් ඔසවා මහා පරාක්‍රමබාහු රජතුමාද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා ඇත.දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින්ද වෙසක්‌ උත්සවයක්‌ පවත්වා තිබේ. පූජාවලියේ ඒ සඳහා එම විස්‌තරයට අනුව පැරැණි වෙසක්‌ උත්සවයක අසිරිය විස්‌තර කොට ඇත්තේය.

හේ ඊතලයක්‌ සේ සමකරවා පස්‌රියනකට රජ තොරණක්‌ හා දස රියනකට පිළි තොරණක්‌ හා සියක්‌ යොදුනකට තුන්මහල් පිළි මාළිගා බැගින් නිමවා මග සුදු වැල්ලෙන් තවරා දෙපස ධජ පුන් කලස්‌ තනා වෙහෙර පවුරු සිසාරා බුද්ධ පූජාවට ආ මේඝ රාජයාගේ ඉන්ද්‍රචාප සහශ්‍රයන් බඳුවූ විචිත්‍ර චිත්‍ර කර්මාන්තයන්ගෙන් හොබනා මහත්වූ තොරණ සහශ්‍රයෙන් හා බුදුන් පුදම්හයි. පූජාවලියේ එක්‌තැනක මේ පැරැණි වෙසක්‌ උත්සවයක හැටි එසේ සඳහන් වන්නේය.පැරැණි වෙසක්‌ උත්සවය පැවැත්වූ ආකාරය ගැන පූජාවලියේ දීර්ඝ වශයෙන් විස්‌තර කොට ඇත්තේය. කොළඹ යුගයේද උසස්‌ අන්දමින් වෙසක්‌ පිංකම් පවත්වා තිබේ. මේ යුගයේදී පැවැති වෙසක්‌ උත්සව වලදී ප්‍රධාන තැනක්‌ ගෙන ඇත්තේ වෙසක්‌ තොරණ හා දන්සල්ය. පෙර රජ දවස මෙන්ම වර්තමානයේද වෙසක්‌ උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබේ.

 අපි මේ සදහන් කළේ රජ කාලයේ වෙසක් සැමරු අයුරුයි. ඒ විතරක් නොව  මිට  දශක කිහිපයකට පෙර  හෙලයේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත ගම්පෙරලිය නව කථාවේ නාමල් පුජාව සදහා පියල්,නන්දා ,අනුලා,මාතරහාමිනේ,බලදාස පරගොඩ රජමහා විහාරස්ථානයට ගිය අයුරු හරි අපුරුවට විස්තර කොට ඇත්තේය. ගම්සභාපාරවල් වනරොදවල් පසුකරමින් කරත්ත හා තිරික්කල වලින් වන්දනාකරුවන් පරගොඩ විහාරස්ථානයට ගිය අයුරු හරි අපුරුය. ‘

දශක කීපයකට පෙර වෙසක් සැමරූ හැටි

“ගැල පරගොඩ විහාරස්ථානයට ළගා වුයේ අටට පමණය. විහාරයට පිවිසෙන පාර  කොට්‍රින් වලින් බරවු හා ගස් දේපෙලියකින්  සෙවණ වුවකි. පාර දෙපැත්තේ එක උසට නැගුණු නා ගස්  කතුරෙන් කප්පාදු කරමින්  වවනලද කස ගස් සේ  එකම ස්වරුපයෙන් පෙණිනි. තරුමෙන් බැබෙලෙන නා වලින්  නික්මෙන මිහිරි සුවද  නිසා  මාතර හාමිනේගෙත් පියල්ගේ මවගේ ත් මල් පිදිමේ ආශාව දැඩිවිය. තියුණුවිය. උණුකැවුම් උයනු ලබනවිට  කෝපි කඩයට ළගාවන  ගැමියාගේ නැහැයට උණු කැවුම් සුවද දැණුනු වහාම  කටට කෙළ උනන්නාක් සේ  නාමල් සුවද  නැහැයට දැණුනු  මාතර හාමිනේගේ ද පියල්ගේ මවගෙ ද  සිතට නැගුණේ  ශද්ධාව හා  බුදුන් පිදිමෙහි ආශාවය . එහෙත් නාමල් සුවද ඇසු  අනුලාගෙත් නන්දාගෙත්  හිත්වලට නැගුණේ  ඊට වෙනත් හැගිම්ය. ගම්පෙරළිය නව කථාවේ නාමල් පුදන්නට මොවුන් ගිය අයුරු විස්තර කොට ඇත්තේ  මේ අයුරිනි.

මැත කාලයේ වැඩි වශයෙන් වෙසක් තොරන් හා දන්සැල  දක්නට ලැබෙන්නේ  අග නගරයේය.   ගම්වැසියන්  විසින් 50 දශකයේ දි වෙසක් සැමරු අයුරුද හරි අපුරුය එකල ගම්මුන් වෙසක් බැලිම සදහා ගම්වල සිට නගරවලට ගියේ බරකරත්තවලිනි. ඇතමුන් පාගමිනින් ගමන් කළහ. තවත් තැනක ටිටර් මඩුවකි. සමහර තැන්වල දන්සැල් හා වෙසක්  තොරන්ය. අක්මිමන හල්ගස්මුල්ලේ පදිංචි එච්.ජි ජිනපාල  මහතා  (75) දක්ෂ කලාකරුවෙකි. ඒ කාලයේ වෙසන් නාට්‍ය හා කැරොල් සංවිධානය කළ අයුරු හේ අපට විස්තර කළේය.

 වෙසක් උත්සවය මාස තුනකට කලින් තමයි ගමේ ළමුන් එකතුකරගෙන කැරොල් කණ්ඩායම හදන්නේ. පස්සේ මේ   දරුවන්ට  බෞද්ධ ගිත පුරුදු කරණවා . ගිත හයක් එක්ක නැටුමක් පුරුදු කරණවා.බුද්ධා ලම්බන ප්‍රිතිය  ඇතිවන ගිත තමයි ගායනා කළේ. ඒ කාලයේ ගම්වල වෙසක් කැරොල් තිබුනා. ප්‍රෙට්‍රල් ලාම්පුවෙන් තමයි ආලෝකය සැපයුවේ. පෙට්‍රල් ලාම්පුව තියන්න  බට පතුරුවලින්  කුඩයක් වැනි කවරයක් හදා ගන්නවා.ඒ වටේ විවිධ වරණයෙන් යුත්  සෙලෝපින් කොළ අලවනවා. පෙට්‍රල් ලාම්පුව ඒ මත තබා කරකවනවා.  ඒ මගින් තමයි ආලෝකයට විවිධ වර්ණ ලබා ගත්තේ ගමේ හැම ගෙදරකටම කැරොල් කණ්ඩායම යනවා. ගේ මිදුලේ තමයි මෙක රංග දක්වන්නේ .  රංග දැක්වුවාට පසුව  ලියුම් කවරයක දමලා  නිවෙස් හිමියා රුපියලක් දෙකක් දෙනවා.ඒ කාලයේ කැරොල් නාට්‍ය ඉදිරිපත් කළ අයුරු ජිනපාල මහතා විස්තර කළේය.

 

ඒ විතරක් නොව ජිනපාල මාමලා ඒ කාලයේ ගම්වල නාට්‍යද රග දක්වා තිබේ.  වේදිකාව නිර්මානය කරන්නේ පොල්කොට  වලිනි. තිරවලට ගත්තේ විවිධ වර්ණයෙන් යුත් සාරිය.  තිර එහාමේහා කිරිමට පිරිසක්ද සිටිති.නාට්‍ය ලියන්නේ ජිනපාල මාමාය. නළුවන් ගමේ කොල්ලෝ කුරුට්ටන්ය. සංගිතය සපයා ගැනිම සදහා සංගිත මාස්ටර් කෙනෙකුගේ සහාය ලබා ගන්නේය. දැන් මෙන් ගම්මානවල විදුලිය තිබුණේ. නාට්‍ය සදහා විදුලි අලෝකය ලබා ගත්තේ  ජෙනරේටර් මගිනි. 

 ඒ කාලයේ අපි වෙසන්තර ,කාලගෝල, අංගුලිමාල, වැනි බෞද්ධ නාට්‍ය ටිටර්වල පෙන්වුවා. සමාජ නාට්‍යයත් නිර්මානය කරලා පෙන්වුවා. ඇත්තටම ඒ කාලයේ  ගම්මුන් විශාල වශයෙන් එනවා ටිටර් බලන්න.  ඇතමුන් තිරික්කල හා බරකරත්තවලින්ද  වෙසක් බලන්න යනවා. ඒ කාලයේ බඩවැටියේ තියෙන බට ගහක් කපාගෙන විත් වෙසක් උත්සවයට දින කිහිපයකට සිට වෙසක් කුඩු හදනවා. දැන් නම් එහෙම වෙසක් කුඩු හදන්නේ නැහැ. රෙඩිමෙඩ් වෙසක් කුඩු  ඕනැතරම් දැන් කඩවල තියෙනවා. ජිනපාල මාමා කිවේය.

එකල ගම්වල වෙසක් නාට්‍යවලට අමතරව නරකාදිය විදහා දක්වන අයුරුත් ප්‍රදර්ශනය කරණු ලැබිය. එහෙත් ඒ කාලයේ දරුවන් භය කරණ හොල්මන් ගුහා ප්‍රදරශනය කෙරුණේ නැත.  ඒ කාලයේ දන්සැල් වල තිබුණේ සිංහල හාලේ බත්,වට්ටක්කා, පුහුල් හොදි, සැරට සාදනු ලැබු සම්බෝලයක්ය.  එහෙත් එදා මෙන් නොව අද වෙසක් සැරසිලිද නවිකරණය  වි තිබේ. වෙසක් සැරසිලි වර්තමානයේ වාණිජ්‍ය කරණයට ලක්ව ඇත්තේය.



Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රථම වරට රූපවාහිනී තිරයක් ඔස්සේ වෙසක් තොරණක්

Next Post

මුව ආවරණ නැතිව සිටිය දී අත්අඩංගුවට ගත් 06කට කොවිඩ්

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.